Sunday, 28 August 2016

අපේ හරක්

අපේ පැත්තේ වෙච්ච වැඩක් ගමේ හිටියා කිරි ගොවි පවුලක් බොහොම මහන්සියෙන් වැඩ කරන කට්ටියක් ඉතිං ටික කාලයක් ගිහින් අර ගෙදර හිටිය හරක් දෙන්නෙක් විකුනන්න මේ අය කට්ටියකට කථාකලා මේ ආපු අය අතර හිටිය ඉතිං ගනං කථා කරලා රුපියල් හැට දාහක් හරක් දෙන්නට  දෙන්න තීරණය කලා

ඔය අස්සේ හිටිය පොරක් මේ ගෙදර ගැනු මනුස්සයට කථාකරලා විස්ත අහන්න පටං අරං ඔහොම කොහොම හරි ගිහින් අර මනුස්සා කියලා මම දන්න විදියට නං මේ ඔගොල්ලන්ට හරියන්නේ නැත්තේ මම දන්න විදියට හුනියමක් කරලා හුනියම කපන්න මම දන්න ගුරුන්නාන්සේ කෙනක් ඉන්නවා මම එක්කන් එන්නද? කියලා මෙ මනුස්සයා අහලා තියෙනවා ගැනු මනුස්සයා හා කියලා ඊට පස්සේ දවසේ මේ මනුස්සයා අර ගුරුන්නාන්සේව එක්කන් ආවා ගුරුන්නාන්සේත් අදුන් බලලා අනං මනං කරලා තොවිලයක් කරලා ගුරුකම කපන්න තිරණය කරලා

ඉතිං කොහොම හරි ගුරුන්නාන්සේ කිවුවේ අඩි තුනක වලක් කපලා ඒවගේ දපලා තමයි ගුරුකම කපන්න වෙන්නේ කියලා කොහොම කොහොම හරි තොවිලෙයි හුනියම කැපිල්ලයි ඔක්කොම වෙලා ඊට පස්සේ දවසේ මේ මනුස්සයා එහෙම ගිහිල්ලා තියෙනවා පස්සේ වියදං ඇහුම රුපියල් හැටදහම වියදං වෙලා තියෙන්නේ මේ තොවිලෙට තමයි, 

මට නං හිතෙන්නේ අර ආපු මනුස්සයෝ ටික කථාවෙලා ඇවිත් දිපු සල්ලි ටික ආපහු අර හරක් අයිති කරයොන්ගෙන් අරගෙන කියලයි, මොකද හරක් විකුනලා දවස් හතරකින් පහකින්වගේ තමයි මේ ඔක්කොම වෙලා ඉවර උනේ හැබැයි අර පවුල නං තාමත් එහෙම්මමයි හිටිය තැනින් තවම අඩියක්වත් උඩටනං ඇවිත් නෑ

Saturday, 20 August 2016

සභාවෙන් අවසරයි ඒ යෝජනාව මම ස්ථිර කරමි



අළුතෙන් බදවාගැනීම් වලට දවස්දකක් ඉන්ටර්වීව් තිබුනා මේ දවස් දෙකෙම ඉදිරිපත් උන අපේක්ෂකයන්ගෙන් වැඩි බහුතරයක් ගැනු ළමයි, කෙල්ලොත් ආවා නැත්තේ නෑ දන්න කියන දෙතුන්දෙනෙක්ගේ ළමයි තමයි ඉතින් ඒ ආවේ හැබැයි ආවේ පහකටත් අඩුවෙන් දවස් දෙකම ගනන් කලත් අටක් විතර ඉදියි, හැත්තෑවකින් අටක් කියන්ගේ මගේ හැටියටනං ආයතනයට දෙයියන්ගේම පිහිටයි, වඩා ප්‍රසිද්ධ විදියට කියනවානම් අබ සරණයි!

වඩා වැදගත් දේවෙන්නේ ඉදිරිපත් උන කෙල්ලොන්ට තිබුනේ උප්පැන්නෙයි, ග්‍රාමසේවා සහතිකෙයි, ඕලෙවල් ඒලෙවල්, චරිතසහතිකයකුයි විතරයි හැබැයි කෙල්ලොන්ට අඩුම ගානේ සහතික පහලවක් වත් තිබුනා, ඉන්ටර්විව් එක ඉවරවෙලා මම ජි.එම්.ගෙන ඇහුවා මොකද සර් තත්ත්වේ කියලා ජි.එම් කියපි අප්පා මේක කරන්න බැ බං සුදුසුකම් අහසටත් උඩින් තියෙනවා මම ඇහුවා ඒ එක්කම වගේ ජි.එම්. මහත්තයා කොල්ලෝටික කොහොමද කියලා උන්ට තියෙනවා ඇ* දෙක ගත්කටටම ජි.එම්. මහත්තයා කියපි,

ඕක අහං හිටපු අපේ ක.ක.ස. ඇවිත් කිවුවා මේකනේ කථාව කෙල්ලෝ ගෙදරට වෙලා ඉන්නේ ඉතිං උන් මොනා කරන්නද ඉගෙනගන්නවා හැර කොල්ලෝ වගේ අඩියක් ගහන්නද?, බ*වක් ගහන්නද?, වලියක් දාගන්නද?, නෑ නේ උන්ට ඉතිං ඔච්චර තමයි, ආ….. ඒකනං එහෙම තමයි කියලා ජි.එම්. මුත් කථාව අනුමත කරගෙන කැබින් එකට ගියා

Sunday, 14 August 2016

අනේ …. අපි නොදන්න පත්තිනි අම්මා



රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ඒත් ඉරිසියාව ඇති වෙන්නේ තමන්ගේ නොහැකියාව පදනම් කරගෙන කියන එක තමයි මගේ පුද්ගලික අදහස. උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු ගමක පවුල් දෙකක් තියෙනවා එක පවුලක් දුප්පත් අනිත් පවුල පෝසත් පොසත් පවුල තමන්ගේ ගමන් පහසුවට කාර් එකක් භාවිතා කරනවා දුප්පත් පවුල පයින් තමයි ගාටන්නේ ඉතිං අර දුප්පත් පවුලේ අයට ඉරිසියාව ඇති වෙනවා මොකද තමන්ට කාර් ඒකක් ගන්න බැරිනිසා තමන්ට කාර්එකක් නැති නිසා ඉතිං මෙන්න මෙහෙම තමයි ඒ ඉරිසියාව පිටවෙන්නේ, ඔය කාර්එක වැඩක් නෑ පරණ ලඩයක් මග යනකොට කැලි හැලෙනවා, ඔකුන් ඔයිට ඉස්සර අපේ ගෙවල් වලමයි හිටියේ උදේ වෙනකොට ගෙට රිංගනවා මහ රෑ තමයි අපේ ගෙදරින් යන්නේ මට ඒ දවස් වල ගෙවල් දෙකකට උයලා අත්වල කරගැට ඇවිල්ලා තිබුනේ, ඔවු මම කියන්නේ ඇත්තමයි අනේ ඔකුන්ට ඔය හිටියට කන්නවත් නැ නිකං ලෝකෙට පේන්න කාර් අරන් තියෙන්නේ, නැත්තං ආයි කියන ප්‍රසිද්ධම එකක් තමයි ඔය කාර් තියාගෙන හිටියට ඔය මිනිහට යන යන තැන ගැනු මහ වලත්තයෙක්, නැත්තන් ඔය කාර් තිබුනට වැඩක් තියෙනවයැ මිනිහා ගිය ගමන් තව මිනිස්සු ඔය ගෙට රිංගන හැටි දන්නේ අපිනේ, වැරදිලා හරි කවුද එන්නේ කියලා ඇහුවොත්, එකෙක් කියලා නෑ ඔය ඕනිතරං එන්නේ එක එක දවසට එක එකා,

ඔය වටේ පිටේ අයට කියන විදිය ගෙදර අයට කියන විදිය මෙහෙමයි, අපිනං ඔය වාහන ගන්නේ නෑ නේ ඒ වගේ මාකට් බැහැලනේ, අනේ අපරාදේ නේ අයවැයෙන් ගාන වැඩිකරානේ ඊට කලින් වාහනයක් ගන්න බැරිඋනානේ,

මේ දෙවල් වලින් තව තවත් මිරිකෙමින් හිටියම ඊට පස්සේ පටන්ගන්නේ ඕපේ අරින්නයි චරිත ඝාතනයයි ඒක නං හරිම භයානක දෙයක් වෙන මොකවත් නෙවෙයි ගොඩක් මිනිස්සු ඒවගේ දේවල් ඉවසන්නේ නෑ, මම වගේනං එකෙක් දෙන්නේක් මරලා මං හිරේ දරුපවුල අනාථවෙලා යැයි එක වතාවක් මට මේ ගැන කථාකරන කොට මගේ මිත්‍රයෙක් මට කිවුවේ, ඇත්තටම ඔපේ අරින ගෑනු මටත් පේන්න බැ සමහරු ඉන්නවා පවුල් පිටින් ඔපේ අරින්නේ අම්මලා දුලා පුතාලා තරගෙට ඕපේ දෙසනවා නැත්තං චරිත සහතික දෙනවා තමන්ගේ කුසින් වදාපු දරුවට වඩා අල්ලපු ගෙදර දරුව ගැන මේ මිනිස්සු හොදට දන්නවා අල්ලපු ගෙදර ළමයා යන ක්ලාස්, අල්ලපු ගෙදර ළමයාගේ බොයි ෆෙරෙන්ඩ් / ගර්ල් ෆෙරෙන්ඩ්, නැගිටින වෙලාව කන බොන වෙලාව නිදියන වෙලාව විතරක් නෙවෙයි යට ඇදුමේ පාට පවා දන්න අම්මණ්ඩිලා තමයි ඉන්නේ, ඒත් තමන්ගේ දරුවා ඕලෙවල් ෆෙල්.

මේ හැම දෙයක්ම වෙන්නේ අල්පු ගෙදර එකා හෝ උන් තමන්ට වඩා හොදට ඉන්නකොට එතකොට තමන් තුල නිකම්ම ගොඩනැගෙන හීන මානයෙන් ගොඩයන්න විදියක් ලෙසට තමයි මට දකින්න ලැබෙන්නේ ඒ නිසා තමයි, ඔය කාර්බාර් වලට ගියාට එයාගේ පැටිකිරිය අපි නොදන්නවායෑ වගේ දේවල් අපිට අහන්න ලැබෙන්නේ නමුත් ඒක ඇවිල්ලා සෑම දෙනා ලගම තියෙන දුර්වල තාවයක් මේ මගේ ලගත් ඒක තියෙනවා ඇත්තම කියනවා නම් අඩු වැඩි වශයෙන් අපි හැමෝම ලග විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් ඕක තියෙනවා

ප්‍රේමදාස ජනාධිපතිතුමා කිවුව කථාවකින් අවසන් කරන්නම් (මතක හැටියට) “ඔබට අවශ්‍යනම් මාව ඝාතනය කරන්න නමුත් මාගේ චරිතය ඝාතානය නොකරන්න, මා ඝාතනය කරන පුද්ගලයාට මා සමාව දෙමි නමුත් මාගේ චරිතය ඝාතනයකරන පුද්ගලයාට මා සමාව නොදෙමි“


Tuesday, 9 August 2016

මල පැනීම



රාජකාරිය සිදුකරන්නේ රාජකාරි පරිචය පිලිබදව පත්වීමේ ලිපියත් එක්ක දෙන නිසාම විතරයි ? ඔවු ඔහොම හිතෙන වාර අනන්තයි ඔෆිස් එකේ කම්කරුවා නැති දවසට තේ එකක් බිලා හමාරයි, ඉන්න තරමක් ඉන්නේ ගැණු උනත් තේ එකක් හදන්න එක වේ**ක් නෑ ඒ විතරක් මදැයි තමන් ඉන්න තැනවත් අතුගාගන්නේ නෑ මේසේ පිහිදාගන්නේ නෑ පුටුවට බැදිලා තියෙන මකුළු දැල් පිහින්නේ නෑ ආවෙලේ ඉදන් කම්කරුවට බැන බැන පුටුව රත් කර කර ඉන්නවා මේක පුදුම වදයක්නේ අඩුම තරමින් මුන්ට තමන් ඉන්න තැනවත් ඩිංගිත්තක් පිරිසිදු කරගන්න බෑ. ගෙදරදිත් මෙහෙමද? හරිහමං මිනිහෙක් හම්බ උනොත් ගුටිකාලා තමයි කසාදේ කැඩෙන්නේ කියලා කියන වාර අනන්තයි ඒත් උන් නං එහෙම්මමයි ඉෂු කුෂු රෂු කිය කිය හුරතල් වෙවි රතු ඉර ගහන නිසා යංතං අටහමාරට ඇවිත් ආපුවෙලේ ඉදන් කාපුවා බිපුවා නාට්ටි ඇදුම් පැලදුම් ගැන කිය කිය ඉදන් උදේ කෑවේ නෑ කියලා නමය හමාරට දහයට බත්ගුලි අරං ගිල ගිල මුළු උදේ වරුවම නාස්ති කරනඑක තමයි මුන්ට තියෙන එකම රාජකාරීය. 

වැරදිලා හර අපි තමන් ඉන්න තැන අතුගැවොත් මේ මේ ඕවා කරන්න එපා ඒකට තමයි ***ඉන්නේ, කියලයි ඉස්සල්ලම පටං ගන්නේ ඊට පස්සේ අනේ … මේතනත් අතුගාන්නකො අතනත් අතුගාන්නකො කිය කිය මුළු ඔෆිස් එකම අතුගානකං බලං ඉන්න එක තමයි කරන්නේ තේ හැදුවොත් එකෙක්ට කහට අඩුවෙන් තවඑකෙක්ට කහට වැඩියෙන් තව එකෙක් කහට නං බොන්නේ නෑ කිරි නැද්ද? සිනි අඩු වැඩි මගේ කෝප්පේ නැතිංන මට තේ එපා මල සමයං බෝල සබං හැට හයම. ඔෆිස් එකට දාගෙන එන්න එක සෙරෙප්පු කුට්ටමක් ඔෆිස්එකේ වැඩකරන්න තව සෙරෙප්පු කුට්ටමක් වොෂ්රූම් එකට තව සෙරෙප්පු කුට්ටමක් දාන හවස හතරේ ඉදන් ගෙදර යන්න මේකප් උලන පවුඩර් බබාලා තමයි ඉන්නේ ඒත් තමන්ගේ ඔළුවට උඩින් තියෙන මකුළු දැල කඩලාදාන්න අත උඩට උස්සගන්න පන නැ. එහෙවු උන් ටිකක් තමයි ඔෆිස්වල ඉන්නේ

හැමෝම නෙවෙයි එකෙක් දෙන්නෙක් හැර අනිත් අන් ඔක්කාම එහෙම තමයි වැඩ කරන ටික දෙනාගේ පිහිටෙන් ඕනි ලෙඩකදි ජාමේ බේරාගන්න එක තමයි තියරිය අර  වැඩකරන උන්ගෙවල් දොරවල් ගැනි දරුවෝ මොකවත් නැතිව ගෙවල් වලින් බැනුම් අහ අහ රැ දවල් දෙකෙම වැඩ ඒත් අන්තිමේදි ඒ වැඩකරන උන්ට මොකවත් නෑ උන්ට වෙන්නේ අර කොට අදින අලින්ට වෙන දේම තමයි කවදාවත් පෙරහැරේයන්න වෙන්නේ නෑ

Thursday, 4 August 2016

හැදිමිටයි



වෛද්‍ය සායනයට ගිහින් ඇස් දෙක පෙන්නලා ඔෆිස් එකෙයි ගෙදරයි දවස තිස්සසෙම මොනිටරේට ඔළුවදාගෙන ඉන්නවා කියලා දොස්තරට කිවුවම ඇස් දෙකට කූලින්  ග්ලාස් දෙකක් දුන්නා හැම ආයතනකම තිබිය යුතු නිසා අපේ ආයතනයෙත් නමට වගේ තියෙන වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් ප්‍රතිලාභ ඉල්ලුවා, මාත් එක්ක අපේ එච් ආර් ගේ ටයිපිස්ට් ඇවිත් කණ්නාඩිගත්තා දැන් මාර අවුල වෛද්‍ය රක්ෂණයෙන් දෙන්නේ තුන්දහක් නිසා තුන්දහක් ඉල්ලමු කියලයි මේ අම්මන්ඩි කියන්නේ, වැඩියෙන් ඉල්ලලා වැඩක් නෑළු

ඒ වෙලාවේ මම කිවුවා තව කාලයකින් වෛද්‍ය රක්ෂණයෙන් දෙන ප්‍රතිලාභ වැඩි කරන්න ඕනි නිසා ඒ වැඩි කරනකොට ගනන් හිලවු දැන්ගන්නත් එකක වියදම් උන ගාන දාලා දෙමු. ඊට පස්සේ දෙන ගානක් දැන් ගනිමු කියලා (මම දැම්මේ සරලව කෙටියෙන්) ඒත් මේ අම්මන්ඩි ඒක පිලිගන්නේම නෑ තුන්දාහට ඉල්ලීම දාමු කියලා මැරෙන්න හදනවා 

උපාධිධාරිනියක් තමයි ඒත් මුන්ට උපාධිය දුන්නට මොලේ දෙන්න බෑනේ? ඒත් පස්සේ හිතුනා ගෑණු මාලේ හැදිමිටයි කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවේ බොරුවටැ කියලා

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...