Sunday, 4 September 2016

‘‘වැඩක් ගන්න පුළුවන් වගේ‘‘



සැම විටම පොත් කියවන්න මේ කියන්නේ අතට අහුවෙන හැම මගුලේ පොතක්ම තියෙන තියෙන හැම වෙලාවෙම කියවන්න කියන එක නෙවෙයි, තමන්ගේ අවශ්‍යතාවයට අනුව ගැලපෙන පොත් කියවන්න. ඔබට ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනි නම් ඒගැන ලියවුන පොත් කියවන්න ඔබට කළමණාකරුවෙක් වෙන්න ඕනි නම් ඒගැන ලියවුන පොත් කියවන්න,

අනිත් කාරණය තමයි ඔබ බහුලව ආශ්‍රය කලයුත්තේ ඔබේ අවශ්‍යතාවයට නැතිනම් ඔබේ අරමුණම තියෙන එකම මට්ටමේ පුද්ගලය ඒ කියන්නේ ඔබට ගණකාධිකාරී වරයෙක් වෙන්න ඕනි නම් ඔබ ආශ්‍රය කල යුත්තේ ගණකාධිකාරීවරයන් නැතිනම් ගණකාධීකාරී වරයෙක් වෙන්න උවමනාව උත්සහය තියෙන පුද්ගලයන් නීතිඥයෙක් වෙන්න ඕනි නම් ආශ්‍රයකල යුත්තේ නීතිඥයන් නැතිනම් නීතිඥයෙක් වෙන්න ඔබට වගේම අවශ්‍යතාවය තියෙන කෙනෙක් කියන එකයි මේ කියන්නේ.

ඊලග කාරණය වෙන්නේ වැදගත්ම දේ ඒ තමයි ඔබට අවශ්‍යතාවයක් නැතිනම් අරමුණක් ගොඩනගා ගැනිමය. ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේදී ලක්ෂ පතියෙක් වෙනවා නැතිනම් මේ අවුරුද්ද අවසානයේදි ගෙයක් හදනවා ඒ වගේ තමන්ට නිෂ්චිත අරමුණක් ගොඩනගා ගැනිමයි, සමහර විට ඔබේ අරමුණ ඒක අවුරුද්දකින් ගොඩනගා ගැනීමට අපහසු දෙයක් වෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවක කලයුත්තේ ඔබේ අරමුණට ගතවන කාලය සාමනයෙන් ගණන් බලලා ඒක අවුරුද්දකට කලයුත්ත ඒ අවුරුද්ද තුල කරන එක. කොහොම උනත් ගොඩක් වැදගත් වෙන්නේ ස්ථිර අරමුණක් හදාගන්න එක.

දැන්වීම්

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?

ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක...