Saturday, 17 September 2016

මගේ එකක් නෙවෙයි කිවුවට පිලිගන්නේ නැ නේ? ඒ නිසා මගේ එකක් කියලාම හිතාගනිං

ඔෆිස් එකට අළුතෙන් ආපු කොල්ලෝ කෙල්ලො සෙට් එකේ කපල් එකක්හිටියා අවුරුද්දක් විතර ඉදලා තියෙනවා පස්සේ කෙල්ල ගෙදරින් හොයලා දිපු එකෙක් බැදලා, දැන් මූ උලමා වගේ අඩනවා ඉවරයක් නෑ කියලා වැඩක් නැ, සිද්ධිය මට කිවුවේ ඩී.ජි.එම් කෙනෙක් මු කෙල්ලව අරන් පැනලා යන්න හදනවා කියලා, ඔවු ඔවු අර බැදපු ගැනිව අරන් පැනලා යන්න තමයි හදන්නේ මේ ගැන මායි ඩි.ජි.එම්මුයි කථාකරලා මුව එක්කගෙන පැත්තකට ගිහින් කථා කලා මුට පැහැදිලි කරලා දෙන්න උත්සහ කලාට වැඩේ හරියන්නේ නෑ.


කොල්ලා ගොඩක් දක්ෂයි උගේ පවුල වුනත් ගමේ හොද වැදගත් පවුලක් කොහොම හරි කතාකර කර ඉන්න කොට ආවා ගණදෙවි නුවනක් මම ඌත් එක්ක ගියා පුස්තකාලයට ගිහින් සාමාජිකත්වය ගන්න ඇප්ලිකේෂන් එකක් අරන් මුගේ නමට පුරවලා ඇපේට අත්සන් කරවන්න අර කෙල්ලව ගනින් කිවුවා, මේකේ වැදගත් දෙයක් තියෙනවා මොකක්ද කියනවානම් ඇපේ අත්සන් කරන කෙනා අයිඩින්ටියේ ෆොටෝ කොපියක් දෙන්නත් ඕනි.

සතියක් ගියා දෙකක් ගියා මූ නෙවෙයි පලාතේ ආවේ ආයි මම කොල් එකක් දීලා ඇහුවා කෝ ෆෝම් එක කියලා? තියෙනවා බං කිවුවා මම ඇහුවා ඇයි සාමාජික නොවුනේ කියලා නෑ ඇපේට විස්තර පුරවලා අයිඩින්ටියේ කොපියක් ගන්න බැරි උනා කිවුවා. මම ඇහුවා ඇයි කියලා නෑ අයිඩින්ටිය අද දෙන්නම් හෙට දෙන්නම් කියලා පරක්කු කරනවා ඒකයි කියලා.

මම ඇහුවා බං උඹ දැන් පැනලා යන්න හැදුවේ මෙයත් එක්ක නේද? ෆොටෝ කොපියක් ගහන්න අයිඩින්ටිය නොදිපු එකී උඹත් එක්ක පැනලා ඇවිත් උඹට ජීවිතේ දෙයිද? කියලා ඇහුවා. ටික දවසකට පස්සේ අර ඩි.ජි.එම් මට කිවුවා අන්න අරු වෙන කෙල්ලෙකුට ට්‍රයි කියලා

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...