Thursday, 20 October 2016

මට අදාල නෑ නේ.....



මහ පණ්ඩිත ටෝක් දෙන්නේ, මහ පණ්ඩිතයා කියලා හිතාගෙන වෙන්න ඇති.  ඔවු නිකං රගන්නේ හරිය සියල්ල දත් වගේ. අනේ ඌගේ බොරුව විතරයි,

මට ඇහුණ කථා ටිකක්, අපරාදේ කියන්න බෑ මොනාගෙන් අඩුපාඩු උනත් අපේ උන්ට ඉරිසියාවෙන් අඩුවක් පාඩුවක් නෑ නොවැ. මේ ඇහුන කථා වට මම හිතුවා උත්තරයක් දෙන්න ඕනි හැමොගෙම රෙදි ගැලවෙන්න, ඒත් එහෙම උත්තරයක් මම ගාව තිබුන්නෑ. මොකද කියන්නේ කියලා හිතාගෙන ඉන්නකොට පරණ ඩොකියුමෙන්ටරියක් හම්බඋනා, ඒකේ තිබ්බ මුල් කැල්ල (පලවෙනි විනාඩිය හොදේ...) චුට්ටක් එඩිට් කලානම් මුන්ට රෙදිගැලවෙන්න උත්තරයක් දෙන්න පුළුවන් කියලා තේරුනා. වෙලාවක් බලලා හැමෝම ඉන්න තැන මම ඉතිං දෙසුවා මගේ දේශණය.

අයිසැක් නිවුටන් කවදාවත් ඇපල් අයිෆෝන් එකක් පාවිච්චිකරලා නෑ, අර්නස්ට් රදර්ෆර්ඩ් කවදාවත් කම්පියුටර් එකක් යුස්කරලා නැ, ජෝන් නේපියර් කවදාවත් ඉන්ටර්නෙට් එකෙන් බ්ලොග් (වියළු) ලිවුවේ නෑ, ඒ වගේම තමයි චාල්ස් ඩාවින් ජිපිඑස් නැවිගේෂන් කලෙනෑ, හැබැයි මේ දේවල් නොකලායි කියලා මේ මිනිස්සු හරි මෝඩ පහේ මිනිස්සු කියලා මොකෙක් වත් කියන්නේ නෑ වගේම මේ දේවල් කලා කියලා අපි මේ මිනිස්සුන්ට වඩා මහා ශ්‍රේෂ්ඨ උගතුන් කියලා මොකෙක්වත් කියන්නේත් නෑ.

හරියටම කියනවා නම් මිට අවුරුදු ලක්ෂ දෙකකට කලින් හිටිය අපේ මුතුන් මිත්තට තිබුනු මොලයම විතරයි අපිට තියෙන්නේ, එක දශමයක් වත් ප්‍රමාණය හෝ ඝණත්වය වර්ධනය වෙලා නැ. මෙතන ඉන්න අපි හැමෝටම තියෙන්නේ මිට වසර ලක්ෂ දෙකට කලින් හිටිය අපේ මුතුන් මිත්තන්ට තිබුනු මොලේම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා මොකක්ද දන්නවද? අපි ඒක පාවිච්ච කරන විදිය.

මෙහෙම කියද්දි කට්ටියකගේ මුණු ඇදවෙලා තව කට්ටියකගේ මූණු කළුවෙලා ගියා බලාගෙන ඉද්දි, කියලා වැඩක් නෑ ඒ ආතල් එක සල්ලි කීයක් දුන්නත් ගන්න බෑ. හරි පවු ඉතිං මං මොනා කරන්නද? ඉල්ලා දාගන්න තොප්පිනේ කියලා මම හිත හදා ගත්තා.

Wednesday, 12 October 2016

සල්ලි ද මිනිස්සු ද සල්ලිතියෙන මිනිස්සු ද



සම්පත් නැතිනම් අමුද්‍රව්‍ය සෑම අතකින්ම ඉතාමත් වටිනවා, ඔව් රත්‍රං, මුතු, මැණික්, ඊට වඩා වටිනවා තමයි නමුත් අපි අවස්තාවක් සලකා බලමු, ඔබට හමුවෙනවා තෝරාගැනීමක් කරන්න ඝණ මීටර් එකක රත්‍රං තොගයක් හෝ මුළු ජීවිත කාලේටම එලවළු පහක් එකක්ක බත් පිගානක්?  මොකක්ද ඔබ තෝරාගන්නේ? අනිවාරයෙන්ම ඔබ කියි රත්‍රං කියලා ඒත් මම කියනව වඩා බුද්ධිමත් තීරණය වෙන්නේ බත් පිගාන තෝරාගැනීම කියලා මොකද දවස් දෙක තුනකින් රත්‍රං ගත්ත මිනිහා කන්න ඉල්ලනකොට ඔබට පුළුවන් මුළු බත් පිගානක් අර රත්‍රං තොගයටම මිල කරන්න.

ඕනැම රකට නැතිනම් සමාජයක දිගු කාලීන පැවැත්ම රදා පවතින්නේ රත්‍රජ හෝ මුතු මාණික් මත නෙවෙයි සපයාගත හැකි වන්නා වූ අමුද්‍රව්‍ය මතයි. සරලව කිවහොත් ආහාර, ලී, ගල්, බලශක්තිය, යකඩ ආදිය උදාහරණයකට ගන්න පුළුවන් මේ මූලික අමුද්‍රව්‍ය නිසි පරිපාලනයක් ගෙන යැම හෝ නොයෑම තුලින් රටක හෝ ශිෂ්ඨාචාරයක දියුණුව නැතිනම් පරිහානිය අපිට දකින්න පුළුවන් වෙනවා,

මම මෙහිදි ප්‍රකාශ කරන්න බලා පොරොත්තු වෙන්නේ අපේ මූලික අමුද්‍රව්‍යයන් අපි පරිස්සමට භාවිතා කල යුතු බවයි උදාහරණයකින් කිවුවොත් සල්ලි තිබුනට වැඩක් නෑ මොකද ඒවා කන්න බෑ  හැබැයි හාල් තිබුනෙත් වේලක් හැර වේලක් හරි කන්න පුළුවන් මොකද සල්ලිකාර මිනිස්සුන්ටත් බඩගින් වෙන නිසා.

Wednesday, 5 October 2016

මහත්තයා ?? මහත්මයා .......?

අරකි දැන් බැදලා  අවුරුදු ගානක් වෙනවා, අරුත් එක්ක යාළුවෙලත් ඒවගේම කාලයක් වෙනවා ඒත් ඒකි මූව අතහරින්නේත් නැ කසාද මිනිහව අතහරින්නේත් නෑ පට්ට වේ**ක්. 

කියලා වැඩක් නෑ . එහෙම කිවුවට මම කිවුවේ හිතකින් නෙවෙයි මුනිච්චා වට මිසක් වෙන දේකට නෙවෙයි මොකද ඒ කෙල්ලගේ හොර මිනිහා මගේ හොද යාළුවෙක් හොර මිනිහා කියන්නත් බෑ ඒත් මම වෙන වචනයක් දන්නේත් නෑ මම කථාව කියන්නම්කො

ඒක දවසක් අපි අඩියක් ගහනකොට කොහොම හරි ඔය කෙල්ලව ඇදිලා ආවා මම ඇහුවා බං දැන් උඹ ඒකිව බදිනවාද?

ඔව් බං මාව බදින් චාන්ස් එකක් අවොත් අපි දෙන්නා අනිවාරයෙන්ම බදිනවා

අම්මා...... උබටත් පච අරින්න දන්නේම නෑ නේ?
 
ඇයි බං?

උඔ දැන් ඕකිව අදිනවා නේද? ඒ ඇදලා බදින්න?? අනේ පලයං බං යන්න මම බබා නේ

මචං මම බිලා තමයි ඒත් බිලා කියවනවා කියලා හිතන්න එපා ෴ ගැනියෙක්ගේ නිරුවත කියන්නේ ඒ ගැනීගේ මිනිහගේ ගෞරවය උන් දෙන්නා අතර වැරදි අඩුපාඩු නොගැලිපිම් ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි එහෙමයි කියලා මට ඒ මිනිහගේ ගෞරවය නැති කරන්න බෑ මොකද ඒක වැරදි  just simply it is wrong .  මම ඒ මිනිහගේ ගෞරවය නැතිකරන්නේත් නෑ.෴

අනේ පලයං බං යන්න

ඔව් උබ ඕනි විදියකට හිතා ගනින් ඒත උඹ හිතන විදියට මම ඒකිව අදින්නේ නෑ මොකද දන්නවාද මට එහෙම පහත් මොරාල් එකක් නෑ

දැන්වීම්

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?

ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක...