Wednesday, 5 October 2016

මහත්තයා ?? මහත්මයා .......?

අරකි දැන් බැදලා  අවුරුදු ගානක් වෙනවා, අරුත් එක්ක යාළුවෙලත් ඒවගේම කාලයක් වෙනවා ඒත් ඒකි මූව අතහරින්නේත් නැ කසාද මිනිහව අතහරින්නේත් නෑ පට්ට වේ**ක්. 

කියලා වැඩක් නෑ . එහෙම කිවුවට මම කිවුවේ හිතකින් නෙවෙයි මුනිච්චා වට මිසක් වෙන දේකට නෙවෙයි මොකද ඒ කෙල්ලගේ හොර මිනිහා මගේ හොද යාළුවෙක් හොර මිනිහා කියන්නත් බෑ ඒත් මම වෙන වචනයක් දන්නේත් නෑ මම කථාව කියන්නම්කො

ඒක දවසක් අපි අඩියක් ගහනකොට කොහොම හරි ඔය කෙල්ලව ඇදිලා ආවා මම ඇහුවා බං දැන් උඹ ඒකිව බදිනවාද?

ඔව් බං මාව බදින් චාන්ස් එකක් අවොත් අපි දෙන්නා අනිවාරයෙන්ම බදිනවා

අම්මා...... උබටත් පච අරින්න දන්නේම නෑ නේ?
 
ඇයි බං?

උඔ දැන් ඕකිව අදිනවා නේද? ඒ ඇදලා බදින්න?? අනේ පලයං බං යන්න මම බබා නේ

මචං මම බිලා තමයි ඒත් බිලා කියවනවා කියලා හිතන්න එපා ෴ ගැනියෙක්ගේ නිරුවත කියන්නේ ඒ ගැනීගේ මිනිහගේ ගෞරවය උන් දෙන්නා අතර වැරදි අඩුපාඩු නොගැලිපිම් ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි එහෙමයි කියලා මට ඒ මිනිහගේ ගෞරවය නැති කරන්න බෑ මොකද ඒක වැරදි  just simply it is wrong .  මම ඒ මිනිහගේ ගෞරවය නැතිකරන්නේත් නෑ.෴

අනේ පලයං බං යන්න

ඔව් උබ ඕනි විදියකට හිතා ගනින් ඒත උඹ හිතන විදියට මම ඒකිව අදින්නේ නෑ මොකද දන්නවාද මට එහෙම පහත් මොරාල් එකක් නෑ

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...