Thursday, 20 October 2016

මට අදාල නෑ නේ.....



මහ පණ්ඩිත ටෝක් දෙන්නේ, මහ පණ්ඩිතයා කියලා හිතාගෙන වෙන්න ඇති.  ඔවු නිකං රගන්නේ හරිය සියල්ල දත් වගේ. අනේ ඌගේ බොරුව විතරයි,

මට ඇහුණ කථා ටිකක්, අපරාදේ කියන්න බෑ මොනාගෙන් අඩුපාඩු උනත් අපේ උන්ට ඉරිසියාවෙන් අඩුවක් පාඩුවක් නෑ නොවැ. මේ ඇහුන කථා වට මම හිතුවා උත්තරයක් දෙන්න ඕනි හැමොගෙම රෙදි ගැලවෙන්න, ඒත් එහෙම උත්තරයක් මම ගාව තිබුන්නෑ. මොකද කියන්නේ කියලා හිතාගෙන ඉන්නකොට පරණ ඩොකියුමෙන්ටරියක් හම්බඋනා, ඒකේ තිබ්බ මුල් කැල්ල (පලවෙනි විනාඩිය හොදේ...) චුට්ටක් එඩිට් කලානම් මුන්ට රෙදිගැලවෙන්න උත්තරයක් දෙන්න පුළුවන් කියලා තේරුනා. වෙලාවක් බලලා හැමෝම ඉන්න තැන මම ඉතිං දෙසුවා මගේ දේශණය.

අයිසැක් නිවුටන් කවදාවත් ඇපල් අයිෆෝන් එකක් පාවිච්චිකරලා නෑ, අර්නස්ට් රදර්ෆර්ඩ් කවදාවත් කම්පියුටර් එකක් යුස්කරලා නැ, ජෝන් නේපියර් කවදාවත් ඉන්ටර්නෙට් එකෙන් බ්ලොග් (වියළු) ලිවුවේ නෑ, ඒ වගේම තමයි චාල්ස් ඩාවින් ජිපිඑස් නැවිගේෂන් කලෙනෑ, හැබැයි මේ දේවල් නොකලායි කියලා මේ මිනිස්සු හරි මෝඩ පහේ මිනිස්සු කියලා මොකෙක් වත් කියන්නේ නෑ වගේම මේ දේවල් කලා කියලා අපි මේ මිනිස්සුන්ට වඩා මහා ශ්‍රේෂ්ඨ උගතුන් කියලා මොකෙක්වත් කියන්නේත් නෑ.

හරියටම කියනවා නම් මිට අවුරුදු ලක්ෂ දෙකකට කලින් හිටිය අපේ මුතුන් මිත්තට තිබුනු මොලයම විතරයි අපිට තියෙන්නේ, එක දශමයක් වත් ප්‍රමාණය හෝ ඝණත්වය වර්ධනය වෙලා නැ. මෙතන ඉන්න අපි හැමෝටම තියෙන්නේ මිට වසර ලක්ෂ දෙකට කලින් හිටිය අපේ මුතුන් මිත්තන්ට තිබුනු මොලේම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා මොකක්ද දන්නවද? අපි ඒක පාවිච්ච කරන විදිය.

මෙහෙම කියද්දි කට්ටියකගේ මුණු ඇදවෙලා තව කට්ටියකගේ මූණු කළුවෙලා ගියා බලාගෙන ඉද්දි, කියලා වැඩක් නෑ ඒ ආතල් එක සල්ලි කීයක් දුන්නත් ගන්න බෑ. හරි පවු ඉතිං මං මොනා කරන්නද? ඉල්ලා දාගන්න තොප්පිනේ කියලා මම හිත හදා ගත්තා.

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...