Tuesday, 22 November 2016

සල්ලි ද මිනිස්සු ද සල්ලිතියෙන මිනිස්සු ද



සම්පත් නැතිනම් අමුද්‍රව්‍ය සෑම අතකින්ම ඉතාමත් වටිනවා, ඔව් රත්‍රං, මුතු, මැණික්, ඊට වඩා වටිනවා තමයි නමුත් අපි අවස්තාවක් සලකා බලමු, ඔබට හමුවෙනවා තෝරාගැනීමක් කරන්න ඝණ මීටර් එකක රත්‍රං තොගයක් හෝ මුළු ජීවිත කාලේටම එලවළු පහක් එකක්ක බත් පිගානක්?  මොකක්ද ඔබ තෝරාගන්නේ? අනිවාරයෙන්ම ඔබ කියයි රත්‍රං කියලා ඒත් මම කියනව වඩා බුද්ධිමත් තීරණය වෙන්නේ බත් පිගාන තෝරාගැනීම කියලා මොකද දවස් දෙක තුනකින් රත්‍රං ගත්ත මිනිහා කන්න ඉල්ලනකොට ඔබට පුළුවන් මුළු බත් පිගානක් අර රත්‍රං තොගයටම මිල කරන්න.

ඕනැම රකට නැතිනම් සමාජයක දිගු කාලීන පැවැත්ම රදා පවතින්නේ රත්‍රං හෝ මුතු මැණික් මත නෙවෙයි සපයාගත හැකි වන්නා වූ අමුද්‍රව්‍ය මතයි. සරලව කිවහොත් ආහාර, ලී, ගල්, බලශක්තිය, යකඩ ආදිය උදාහරණයකට ගන්න පුළුවන් මේ මූලික අමුද්‍රව්‍ය නිසි පරිපාලනයක් ගෙන යැම හෝ නොයෑම තුලින් රටක හෝ ශිෂ්ඨාචාරයක දියුණුව නැතිනම් පරිහානිය අපිට දකින්න පුළුවන් වෙනවා,

මම මෙහිදි ප්‍රකාශ කරන්න බලා පොරොත්තු වෙන්නේ අපේ මූලික අමුද්‍රව්‍යයන් අපි පරිස්සමට භාවිතා කල යුතු බවයි උදාහරණයකින් කිවුවොත් සල්ලි තිබුනට වැඩක් නෑ මොකද ඒවා කන්න බෑ  හැබැයි හාල් තිබුනෙත් වේලක් හැර වේලක් හරි කන්න පුළුවන් මොකද සල්ලිකාර මිනිස්සුන්ටත් බඩගින් වෙන නිසා.

Wednesday, 2 November 2016

ලොකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි

ඇමරිකන්කාරයෙකුයි, එංගලන්ත සුද්දෙකුයි, ජපනෙකුයි තුන්දෙනා එකතුවෙලා ලංකාවේ පොරක් බයිට් කරන්න පටන්ගත්තළු 

ඇමරිකන් කාරයා -  බලපං උඹලගේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හිගන්නා පවා යන්නේ අඩුම ගානේ රෝද දෙකක් වත් උඩින්, උඔලගේ රටේ මොනාද තියෙන්නේ?

එංගලන්ත සුද්දා - බලපං උඹලගේ ර‍ටේ වගේ නෙවයි අපේ රටේ ටොයිලට් හොදන එකා පවා කථාකරන්නේ ඉංග්‍රිසියෙන්, උඔලගේ රටේ මොනාද තියෙන්නේ?

ජපනා - අයියෝ බලපං උඹලගේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හැමදෙයක්ම වෙන්නේ ඔටෝ මැටික් සිස්ටම් වලින් උඔලගේ රටේ මොනාද තියෙන්නේ?

අපේ එකා - අනේ පලයං යන්න තොපි හිතන්නේ හිගන්නු වාහනවල ගියාම ටොයිලට් හොදන උන් ඉංග්‍රිසි කථාකලාම අතින් කරන දේවල් ඔටෝ උනාම තොපි අපිට වඩා පොරවල් කියලද? අනේ බං තොපි නොදන්න දෙයක් මම කියන්ද? අපේ රටේ පායනකොට තියෙන මහා මාර්ග වහිනකොට වාරි මාර්ග වෙනවා හැ .. ඇ.... තොපේ එක රටකවත් එහෙම වෙනවද?

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...