Wednesday, 2 November 2016

ලොකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි

ඇමරිකන්කාරයෙකුයි, එංගලන්ත සුද්දෙකුයි, ජපනෙකුයි තුන්දෙනා එකතුවෙලා ලංකාවේ පොරක් බයිට් කරන්න පටන්ගත්තළු 

ඇමරිකන් කාරයා -  බලපං උඹලගේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හිගන්නා පවා යන්නේ අඩුම ගානේ රෝද දෙකක් වත් උඩින්, උඔලගේ රටේ මොනාද තියෙන්නේ?

එංගලන්ත සුද්දා - බලපං උඹලගේ ර‍ටේ වගේ නෙවයි අපේ රටේ ටොයිලට් හොදන එකා පවා කථාකරන්නේ ඉංග්‍රිසියෙන්, උඔලගේ රටේ මොනාද තියෙන්නේ?

ජපනා - අයියෝ බලපං උඹලගේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හැමදෙයක්ම වෙන්නේ ඔටෝ මැටික් සිස්ටම් වලින් උඔලගේ රටේ මොනාද තියෙන්නේ?

අපේ එකා - අනේ පලයං යන්න තොපි හිතන්නේ හිගන්නු වාහනවල ගියාම ටොයිලට් හොදන උන් ඉංග්‍රිසි කථාකලාම අතින් කරන දේවල් ඔටෝ උනාම තොපි අපිට වඩා පොරවල් කියලද? අනේ බං තොපි නොදන්න දෙයක් මම කියන්ද? අපේ රටේ පායනකොට තියෙන මහා මාර්ග වහිනකොට වාරි මාර්ග වෙනවා හැ .. ඇ.... තොපේ එක රටකවත් එහෙම වෙනවද?

දැන්වීම්

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?

ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක...