Wednesday, 7 December 2016

කලවන් කථාවක් නොහොත් අප්‍රභංෂයක්

ජිවිතේ සමහර දේවල් අපිට තේරෙනකොට අපි පරක්කු වැඩි කියලා හිතෙන අවස්ථා ඕනිතරම් තිබෙනවා නමුත් ඒ වැරදි හදාගන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැ නේද? එහෙමත් නැතිනම් අපි එවැනි අවස්ථාවක් ඉල්ලා සිටින්නේ නැති වෙන්න පුළුවන් මොකද කියනවා නම් අපිට ඒ සදහා සම්බන්ධ වෙන්න විවිධාකරයේ භාධාවන් හා බැරිකම් තිබෙන්නට පුළුවන් වන නිසා

නමුත් ඇතැම් පුද්ගලයන් අපි අතර සිටිනවා ඔවුන් විසින් තමන් කරන ලද වැරදි හෝ තමන්ගේ අතින් සිදුවු අඩුපාඩු කෙලින්ම අනුන්ගේ පිටට දානවා කිසිම හෙවිල්ක් බැලිල්ලක් නැතිව නිකම්ම නිකං කියනවා තෝ හින්දා තමයි මෙහෙම උ‍නේ කියලා, සමහර විට ඇතැම් පුද්ගලයන් විසින් අපහට කරන හෝ අපි විසින් ඇතැම් පුද්ගලයන්ට කරන කැප කිරිම් පිලිබදව ඔබට හෝ අන් අයට ඒවා නැතිවන තුරු කිසිදු අගයක් හෝ වටිනාකමක් නැතිවෙන්න පුළුවන් නමුත් ඇතැම් අවස්ථාවල ඔබ කොතරම් කලත් හොදක් අහන්න නොලැබෙන අවස්ථාද පවතිනවා. ඒවගේ වෙලාවකට කරුමේ තමයි කියලා උඩ බලං ඉන්න එක තමයි කරන්න වෙන්නේ නැත්නම් වෙන මොනා කරන්නද? 

සමහර අවස්තාවක අපිට ජිවිතයේ කිසිම ආකාරයකින් නොකල කැප කිරිමක් කරන්නට සිදුවෙනවා උදාහරණයක් කියන්නම් අපේ එකෙක්ගේ තාත්තා කෙනෙක් හොස්පිටල් එකේ නවත්තලා හිටිය කාලේක උ පුදුම විදියට කැපවිමකින් තාත්තව බලාගත්ත්තා ඒත් උගේ සහෝදර සහෝදරියෝ ටික හිමිට ෂේප් උනා අන්තිමේදී නිවාඩු දාන්න එක දවසක් හොස්පිටල් එකෙන් යන්න ඕනි කියලා අම්මට කිවුවම අම්මා කිවුවේ හරි හමන් දරුවෙක්නම් රස්සාවෙන් අස්වෙනවා මේ වගේ මුසලයෙක් හැදුවට වඩා හොදයි හරකෙක් හැදුවනම් එහෙනං දැන් ඌව විකුනලා සල්ලි ගන්නවා කියල

ඌ කිවුවේ මොනකරුමයක්ද බං මං මේ කරනවා ඇස්දෙකට පෙනි පෙනි ඇයි මටම හෙම කියන්නේ කියලායි මට ඒ වෙලාවේ මතක් උනේ සමහර විට අපේ ගමේ ගොඩේ කියන් විදියට පෙර ආත්මවල වෛරක්කාරයෝ මේ ආත්මෙදි දෙමාපියන් වෙලා ඇති කියලයි

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...