Wednesday, 28 December 2016

එහෙමළු කථාව



අනේ පවු අනේ සචිනි අක්කට කැම්පස් යන්න දෙන්නේ නෑල්ලු
      
      -කවුද?

යාළුවෙලා ඉන්න කොල්ලා, රැන්ක් එක 18 ඌ යන්න දෙන්නේ නෑල්ලු
-         
              -අයියෝ පවු නේද?

ඒක තමයි ඌ කියනවා කැම්පස් ගියාම ඒකේ ඉන්න උන් කෙල්ලෝ කොල්ලෝ සෙට් කරනවලු එහෙම උනාම ඌට කවුරුත් නෑල්ලු
-           
       -ඒ උනාට

ඒක තමයි අනේ කැම්පස් ගියානම් ඩොක්ටර් කෙනෙක්නේ
-           
       -ඒක තමයි අපේ අනුලා අක්කටත් නර්සිං යන්න ඇවිත් යන්න දුන්නේ නෑනේ ඒ අයියා හමුදාවෙ ඉන්නේ ඒත් යන්න දුන්නේ නෑ

පිරිමි ඔහොම්මමයි උන්ට තියෙන්නේ සැකේ, හරි නරකයි, අපරාදේ නේද?
-           
      -ඒක තමයි උන් හිතන් ඉන්නේ අපි ආදරේ කරන්නේ නෑ වගේ

ඒකනේ උන්ට මොනා කිවුවත් වැඩක් නෑ
-         
            -සචිනි අක්කට කියන්න ඌව බැදලා යන්න කියලා උත්සවයක් ඕනි නෑ රෙජිස්ටර් කරලා යන්න කියන්න

බස් එකේ අන්තිම පේලියට ගියාම ලැබෙන වාසියක් තමයි අනුන්ගේ කථාවලට හොම්බ දාන්න ලැබන එක ටියුෂන් ගිහින් ආපු කෙල්ලො රොත්තක් කියපු කථාවක් තමයි ඔය තියෙන්නේ සමහර විට මේ අය මේ තරම් කැගැහුවේ ඒ වෙලාවේ බස් එකේ පිරිමි කියලා හිටියේ මායි කොන්දොස්තරයි ඩ්‍රැයිවරුයි විතරක් නිසා අපිට ඇහෙන්නද  දන්නේ නෑ කියලයි මට මුලින්ම හිතුනේ

ඒත් මට එකපාරටම මට ආයිත් හිතුනේ පාසල් කාලේ ඉගෙන ගන්නේ නැතිව ඕනවට වඩා ලව් කලාම මෙහෙම වෙනවා නේද කියලා, එත් ආයිත් හිතුනා රෙජිස්ටර් කථාව, ඇත්තටම එහෙම උනොත් ඒ පවුල පවතිද? දොස්තර කෙනෙක් තමන්ගේ සැමියා කියලා තමන්ට වඩා පහත් තත්ත්වයකින් ඉන්න පුද්ගලයෙක්ව හදුන්වලා දෙයිද?

මගේ හිතේ එහෙම ප්‍රශ්ණ තොගයක් ගලාගෙන එන්න පටන්ගත්තත් මම ඒ ගැන ආයිත් නොහිතා හිටියේ මට කරන්න පුළුවන් එකට දෙය මගේ හිතත් සමග මමම වාද කරගැනිම පමනක් නේද? කියලා හිතුනහමයි.

දැන්වීම්

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?

ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක...