Tuesday, 14 February 2017

කොපියක් ගැහුවා



සත්ත්ව පාලනය  නැත්තනම් සත්තු ඇතිකිරීම අපි හැමෝම දන්න දෙයක් ඒ වෙනුවෙන් එඩේර යුගය කියලා යුගයක්පවා වෙන්වෙලා තියෙනවා. ඇත්තටම අපේ පිගානට එන කුකුලා, උදේට බොන බිත්තර කොපි එක පවා එන්නේ මේ සත්ත්ව පාලනය නිසයි. නමුත් මේ ලෝකයේ මිලියන ගනනාවක් සත්තු ඉන්නවා මේ සත්තු අතරින් ඇයි අපි කුකුලම කන්නේ නැතිනම් ඌරා නැතිනම් හරකම කන්නේ ඇයි කියලා ඔබට හිතුනද? නැතිනම් ඇයි අපි කොටි වලස්සු කන්නේ නැත්තේ ඇයි කියලා හිතුවද? අනිවාරයෙන්ම ඔබ කියයි කොටි වලස්සු අපි කන නිසා අපි කොටිවලස්සු නොක ඌරෝ කුකුල්ලු කනවා කියලා හොදයි එහෙම නම් ඇයි ගොන් කරත්ත නැත්නම් අස්ස කරත්ත විතරක් තියෙන්නේ අලිකරත්ත නැතිනම් වලස්කරත්ත හිපපොටේමස් කරත්ත සිබ්‍රා කරත්ත නැත්තේ ඇයි කියලා එකට බල පාන්නේ සත්ත්ව පාලනයට තියෙන මුලිකාංග නිසයි නිකමට හිතන්න දහස් ගනනක් ඉන්නා වු ක්ෂිරපායි සත්ත්වයන් අතරින් මිනිසා තමන්ගේ ප්‍රයෝජනයට ඇති කරන්නේ 14ක් විතරයි. ඉතිං මම කියන්නම් මොනවද මේ සත්ත්වපාලන මුලිකාංග කියලා

01.   මිත්‍රශීලිත්වය
ඒ කියන්නේ අපි ඇති කරන සත්තු රවුද්‍ර නොවෙන්න ඕනි පොඩ්ඩ වැරදුනොත් අපිව කන නැත්නම් අපිව පොඩිකරන සත්ත්ව වර්ගයක් නොවෙන්න ඕනි අපිට පාලනය කරගන්න පුළුවන් අපිට හානියක් නොවෙන සත්ත්ව වර්ගයන් වෙන්න ඕනි බොහො දුරට ක්ෂිරපායි ශාඛ භක්ෂකයන් තුල මම කියන මිතු ශීලිත්වය හුගක් තියෙනවා ඒ නිසා තමයි මිනිසාගේ හොදම මිත්‍රයා සුනඛයා වෙන්නේ දිවියා හෝ කොටියා නොවි.

02.   පහසුවෙන් පෝෂණය කල හැකි බව
අපි ඇති කරන සත්තුන්ට අපිට පාඩුවක් නොවෙන ආකාරයට කන්න දෙන්න පුළුවන් වෙන්න ඕනි ඒ කියන්නේ ලේසියෙන් ඕනි දෙයක් කන්න දෙන්න පුළුවන් වෙන්න ඕනි. උදාහරණයකට අපි හිතමු අපි එළුවන් වෙනුවය කොටියන්ව කන්න තීරණය කලා කියලා එතකොට කොටියා කියන්නේ මාංශ භක්ෂක සත්ත්වයෙක් එතකොට කොටියට කන්න දෙන්න අපි එළුවන් ඇති කරන්න ඕනි එළුවන්ට කන්න දෙන්න අපි තණකොළ වවන්නත් ඕනි එතකොට තණකොල කිලෝ සියයකින් කිලෝ දහයක එළුවෙක් හදාගෙන කිලෝ දහයක එළුවගෙන් කිලෝ එකක් බර කොටියෙක්ව හදාගෙන තමයි අපිට කන්න වෙන්නේ මම හිතනවා මේ උදාහරණයෙන් ඔබට පහැදිලි වෙනවා ඇති කොටියන්ව නොකා එළුවන්ව කන්න තීරණය කරන එකෙන් කාලය ශ්‍රමය හා ධනය විශාල වශයෙන් ඉතිරිකර ගත හැකි බව. 

03.   සිඝ්‍ර නැතිනම් වේගවත් ප්‍රජනන හැකියාව
අපි සත්ත්ව පාලනය සිදුකරන්නේ අපිට ආහාර ඇදුම් වැනි දේවල් සපායාගන්නයි එතකොට අපිට හැම දාම කන්න මස් බිත්තර තියෙන්න ඕනි එතකොට ඒ සත්ත්වයන් සිඝ්‍ර යෙන් ප්‍රජනනය කරන්න හැකි සත්තවන් වෙන්න ඕනි උදාහරණයකට අපි ඌරෙක් ගත්තොත් ඉපදිලා අවුරුදු තුනක් වගේ ඇතුලත පැටවු දාන්න පුළුවන් වෙනවා ඒවගේම එක පැටියෙන් දෙන්නෙක් නෙවෙයි දානකොට පැටවු හත අටක් දාන්නත් පුළුවන් වෙනවා එතකොට අවුරුදු කිහිපයකින් සත්තු රාශියක් ඇති කරගන්න පුළුවන්. සාමානයෙන් මිනිසෙක්ගේ ආයු කාලය අවුරුදු හැටක් නම් අවුරුදු තුනකින් පැටවු දාන ඌරු රංචුවක් තුලින් අවුරුදු හැටක් ඇතුලත ඌරු පරම්පරා විස්සක් විතර අර තනි පුද්ගලයට දැක ගන්න පුළුවන් වෙනවා ඒ කියන්නේ එක පරම්පරාවක පැටවු හයක් හිටියත් ඌරන් දෙසිය හතලිහක් හ්ම්.... ඒ කියන්නේ ගොඩක් කෑම

04.   සමාජ ශීලි බව
ගොඩක් සත්තු සමාජ ශීලී නෑ උදාහරණයකට සිබ්‍රාව ගනිමු උන් රංචුවශයෙන් හිටියට ඒ ඉන්නේ ආරක්ශාවට විතරයි උන්ට රංචුවෙ නායකයෙන් නැ ඒත් අශ්වයන්ට ඉන්න අශ්ව රංචුවක් දුවනකොට ඉස්සරහින්ම යන්නේ නායක පිරිමි සතා ඊලගට නායක ‍දෙවන පිරිමි සතා ඊලගට ප්‍රධාන ගැනු සතා හා ඇයගේ පැටවු මේ විදියට අපි ඉස්සරහින් යන නායක පිරිමි සතා අල්ලගත්තොත් අශ්ව රංචුවම අපිට ඕනි දිහාවකට දක්කගන්න පුළුවන් වෙනවා ඒ වගේම අපි ඇති කරන සත්තුන්ට තමන්ගේ නායකයා යැයි කියන ආකාරයෙන් සතෙක් තෝරාගන්න පුවවන් වෙන්න ඕනි ඒ කියන්නේ අපිව ඒ රංචුවේ නායකයා වශයෙන් ඔවුත් තොරාගත යුතුයි. මේ කාරණය ටිකක් පැටලිලි සහිතයි ඒ නිසා සරල උදාහරණයක් කියන්නම් ඒ තමයි අපි සමහර සත්තු කැලෙන් ගෙනාවම උන් කන්නෙත් නෑ බොන්නේත් නෑ සාංකාවෙන් වගේ ඉදලා මැරිලා යනවා ඒත් සමහර සත්තු එහෙම නෑ අපිත් එක්ක මුසුවෙලා ඉක්මනින්ම අපේ නිවසට හෝ කුඩුවට හුරුවෙනවා අන්න ඒක තමයි මේ කියන්නේ.

මම මේ ලිපිය ලියන්න කරුණු කාරනා වුනේ ඒ කියන්නේ බර වචනයක් දැම්මොත් ඉම්ප්‍රශන් එක ගත්තේ ජෙරල්ඩ් ඩයමන්ඩ් මහචාර්යතුමාගේ guns germs and steel කියන පොතිනුයි CGP Grey  කියන් යුටියුබ් චැනෙල් එකෙනුයි

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...