Monday, 20 February 2017

අම්මපා...... හුලං තමයි



අපි ජීවිතයේ අත් දකින අත්දැකීම් වලින් එකක් තමයි වංචා දුෂණ හා අල්ලස් මේ මාතෘකාව අද අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙන දෙයක් කෙලින්ම කියනවානම් හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරනවා යැයි විපක්ෂය කියද්දි ආණ්ඩුව කියනවා හොරු ටික කටින් ගහලා දිනන්න බලනවා කියලා නමුත් වංචාව හා දුෂණය හරියට බඩේ බත්වගේ කවදාවත් වෙනස්වෙන්නේ නැති දෙයක් (අපිට හිතෙන්නේ) උදාහරණයකට පොලිසියෙන් අපිව නැවැත්තුවොත් 500/=ක් 1000/=ක් දිලා ෂේප් වෙන්න තමයි අපි බලන්නේ ඒත් සමහර රාලහාමිලා 500/=ක් 1000/=ක් ගන්නම බලන් ඉන්නවා කියන එකත් නොදන්න දෙයක් නෙවෙයි. පොලිසියේ වගේම තමයි සෞඛ්‍ය සේවයත් නර්ස්ලට ඇටන්ඩන්ලට 500/=  1000/= දුන්නම පොලිමේ ඉන්න ඕනි නැ දන්න දෙයක් ඒත් කවුරුවත් ප්‍රසිද්ධියේ පිලිනොගන්න දෙයක් . තවත් තියෙනවා පොලිස් වාර්ථාවක් ගන්න බෝතලයක්, ලියුම් එන්නේ නැති පැත්තක තමාගේ ලියුම ගෙන්වා ගැනිමට බෝතලයක්, පාසලේ නිති රිති තමාගේ දරුවට යම් සහනයක් ලබා ගැනිම පාසලේ විනය භාර ගුරුවරයාට නැ නැ බෝතලයක් නෙවෙයි ටියුෂන් එකට පොස්ටර් 1000ක් පාසලේ වෙත්බාහිර වැඩ කටයුතු වලින් දරුවාට කැපි පෙනෙන්න ප්‍රධාන තැනක් හෝ ස්ථානයක් ගන්න ඒත් අර පොස්ටර් කථාවම තමයි ඇ... වැලි ලෝඩ් එකක් ගෙනියන්න ගස්ලෝඩ් එකක් ගෙනියන්න බෝතලයක් ඒත් සමහර තැන්වල කාන්තාවන් තමයි ඉන්නේ ඒඅයට දෙන්නේ මොනවාද කියලා මම දන්නේ නැ දන්න කෙනෙක් කියන්න. 

තවත් අවස්ථාවල ටෙන්ඩර් එකෙන් කුට්ටියක් අවශ්‍යයි, තවත් විටක තමන්ට අවශ්‍ය දේවල් තමන්ගේ තැනකින් අරගෙන හොර කොටෙෂන් හදලා දානවා (ඒ ගැනනම් කියලා වැඩක් නැ කියලා දන්නෝ දන්නවා) මාමා කඩෙන් බැනා කඩෙන් ඩෝටර්ස් ඇන්ට් සන්ස් කඩෙන් බඩු ගන්න එක පොදුවේ උසස් නිලධාරින් අතර සාමාන්‍ය දෙයක් මාරම සිද්ධිය කියන්නේ එතකොට එන කොටේෂන් ප්‍රයිස් වලට සමහර විට කොම්පැනියෙන් ඩිරෙක් කෝල් කරලා ගත්තත් ගන්න බැ. (අම්මපා ඔවු)

ඒවගේම තමයි එහෙම කාර්යාලයකට ගියාම අපි සලකන විදියට තමයි අපිට සලකන්නේත් අපි අඩුවෙන් සැලකුවොත් නිති රිති රෙගුලාසි චක්‍රලේඛන අම්බානක් තියෙනවා හැබැයි අපි සැලකුවොත් ඒ නිති රිති රෙගුලාසි චක්‍ර ලේඛන නිකං වාෂ්ප වෙනවා බලන් ඉද්දි.

දැන් කෙනෙක් කියයි උඹ පණ්ඩිතයා වගේ කියුවට කොහොමද යකෝ ඕවා නවත්තන්නේ කියලා මෙහෙමයි අපි මුලිකවම අවධානය යොමු කරන්න ඕනි අධ්‍යාපනයට (ඕං කිවුවා යකෝ කරන්න පුළුවන් දෙයක් කියපන් කියලා ඔබ කියයි) මුලින්ම ඔබ කියයි මම දරුවා දාන්න ස්කොලෙට 50ක් 60ක් වියදම් කලා කියලා එතන තමයි අපිට වැරදුනේ වැරදි හදාගන්න ළමයි යොදවන තැනටම ළමයි යොදවන්නේ වැරදි විදියට ඉතිං රට හැදෙයිද? මෙහෙමයි අපේ මිතුරු ජපානයේ පලමු වසර 3 තුල ළමයින්ට ලබාදෙන්නේ සිරිත් විරිත් ගුණධර්ම දේශාභිමානය ජාතිකත්වය ජාතික චින්තනය  තම සමාජයේ වටිනාකම් ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් හා ස්වරණමය වීරයන් වැනි දේවල්ය. (මේ වගේ දේවල් කියනකොට කැහිල්ල ගහන උන් කියයි උඔ කොහොමද යකෝ ඕවා දන්නේ, නැතිනම් රටක් දියුණු කරන්න ඔය රෙද්දවල් අයින් කරන්න ඕනි කියලා - මට දෙන්න තියෙන උත්තරේ තමයි මම මේදේවල් ගත්තේ දියුණු රටකින් තමයි උලමෝ) ජපානයේ විතරක් නෙවෙයි ස්විස්ටර්ලන්තය, ෆින්ලන්තය, කැනඩාව වැනි මේලෝකයේ දියුණු රටවල් 26ම කරන්නේ අඩු වැඩි වශයෙන් පාසලෙන් ඉවත්වනතුරු ක්‍රමානුකුලව හා පිලිවෙලකට ළමා මනසට දෙන්නේ මේ දේ තමයි. එතකොට පාසලෙන් ඉවත් වෙන්නේ දුෂණය හා වංචාව හෙලාදකින් රටට ආදරේ ඇති තම රටේ අනන්‍ය තාවය ඇති පුද්ගලයෙක්, නැකියලාද කියන්නේ උදාහරණයක් දෙන්නම් කෝ දන්න එකක් නවසිලන්තයේ ඕල්බැලැක් රග්බි කණ්ඩායම තම සැම තරගයකටම පෙර තම ස්ව‍දේශිය හකා නර්ථනය ඉදිරිපත් කරනවා, නවසිලන්ත ස්වදේශියෝ ජනගහනයෙන් 5% ක ටත් අඩු උනත් යුරෝපයෙන් ආපු නවසිලින්තයේ නවසිලන්ත වැසියන් තම ජාතිකත්වය අන්‍යන්ට පෙන්වන්න තමන්ගේ අනන්‍ය තාවය පෙන්වන්න හකා නටනවා, හැබැයි සමහරක්ට උන් එවා කලාම පකින් ඕසම් වන අතර අපේ උන් ඒ වගේ මොකක් හරි කලොත් පජාතය (අම්මපා ඔවු, මොන ලොජික්ද දන්නේ නැ) ඒත් ඒ රටේ අවාසානාවටය අනිත් උන්ගේ කුණු ගන්නේ නැතිව යහපත් දේවල් නොගන්නා තාක් අපිට හුලං තමයි

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...