Saturday, 18 February 2017

සිරියස් තමයි කියන්නේ බං



වැලන්ටයින් ඩේ එකට මාර කථා අසන්නට ලැබෙයිපුද්ගලයාගෙන් පුද්ගලයාට මේ වැලන්ටයින් කථාව වෙනස් උනත් සමහරු මේ වැලන් ටයින් එකත් සිංගල් කියලා නාහෙන් අඩයි සමහරුන් මේ වැලන්ටයින් එකට මෙච්චරක් ලොස් යැයි නාහෙන් අඩන අතර තවත් අය තවත් අය මේ දිනය නිසා ලව් කරන්නට ලැබුනු යුනිවර්සල් රෙකිග්නිශන් එක ගැන බම්බු ගසයි (මට අනුව ඇ...) එත් සමහරුනම් ... මම ඒ ගැන කියන්න ඕනි නෑනේ උන් තමයි ෆන් එකේ ඉන්න එකම සෙට් එක. කොහොම හරි ගොඩක් අය කියන දෙයක් තමයි මේ වැලන්ටයින් ලං වෙද්දි  සිංගල් උන්ගේ කන්දොස් කිරියාව තමයි ඉවස ගන්න බැරි කියලා මට හිතෙන විදියට එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා සමහර විට වැරදි අස්සයාට ඔට්ටු දාන නිසා වෙන්නත් පුළුවන්  නැතිනම් ගොඩක් වෙලාවට වෙනවා වගේ තමන්ගේ තියෙන අඩු පාඩුවක් හෝ ප්‍රශ්ණයක් නිසා එහෙම වෙන්න පුළුවන් මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව මම හේතුව කියන්නම්.  ලොකුම හේතුව තමයි වැන්ටයින් එක ගැන මට පණ්ඩිත ටොක් එකක් දෙන්න තියෙන උවමනාව. හි හි හි....

හරි හරි නයෙක් ඇරියේ මුලින්ම අදාල නැති උනත් අදාල දෙයකින් පටන් ගන්නම් කෝ, පාසල් ප්‍රේමය හරිම සුන්දරයි ඒවගේ පාසල් ප්‍රේමයක් කසාදයකින් කෙලවර වෙනවානම් පට්ට වාසනාවන්තයි මොකද පාසල් ප්‍රේමය තමයි බොහෝදුරට පස්ට් ලව වෙන්නේ කොහොම හරි මගේ බොක්කේ පොරක් ඉන්නවා මේ වගේ පට්ට වාසනාවන්තයෙක් කෙල්ලව බැදගෙන ගැනිත් එක්ක අවු 4-5ක් පවුල් කාපු එකෙක් කොහොම හරි දවසක් මු මට කොල් කලා අඩියක් ගහන්න මාත් ගියා මොකද ඉතිං නිකං දෙනවානම් පිහිපාරක් උනත් ගන්න ජාතියේ පොරක් නේ මාත්..! කොහොම හරි එක බෝතලයක් ඉවර කරලා දෙවනි බෝතලය යනකොට මු ගැනියෙක් වගේ අඩන්න පටන් ගනිපි... මම ඇහුවා “මොකද යකෝ“  කියලා මු දුන්නු උත්තරෙන් මම හොල්මන් වෙලා ගියා දැන් අවුරුද්දක විතර ඉදන් උගේ ගැනිට හොර මිනිහෙක් ඉන්නවලු, වැඩෙට මටත් අප්සට් මොකද මේ ලව ඉස්කොලේ ෆේමස් එකක් නිසා අනික මට හිතුනා යකෝ ඉස්කොලේ ඉදන් ලව් කලාම කොහොමද මෙහෙම වෙන්නේ කියලා කොහොම හරි මම හිතුවා මුගෙන් බිපු බෝතල් දෙකයි බියර් එකයි ගහපු සිගරටි පහටයි මේ ගැන ටිකක් හොයලා බලන්න. මම ගැනි ගැන ටිකක් ඇලට් එකේ හිටියා යකෝ මෙන්න වැඩේ ඇත්ත, මගේ අතටම අහුඋනාත් මම මේ ගැන කාටවත් කිවුවේ නැ මොකද කියනවානම් මගේ ඇකඩැමික් බෙරේන් එක මට බල කලා ඇයි මෙහෙම උනේ කියලා හොයපිය කියලා, කොහොම හරි ගැනි ආණ්ඩුවේ ජොබක් කරන තිහ හතලිහක් වගේ පඩිගන්න මධ්‍යම මට්ටමේ විධායක ශ්‍රේණියක තනතුරක් දරන කෙනෙක් නිසා මේවගේ දෙයක් ෆේමස් කරන එකත් කැත වැඩක් කියලා මගේ හාට් එකත් තමන්ගේ විරුද්ධත්වය පැවා. (මය හිතේ මය හාට් එකයි බේරේන් එකයි දෙයකට එකග උන පලවෙනි වතාව, අම්මපා ඔවු..)  

ඉතිං වෙලාවක් බලලා මම ගියා මේකිව හම්බවෙන්න මම දැක්ක ගමන් මේකි කියපි “මම හිතුවා ඔයා මාව හම්බවෙන් එයි කියලා ඇෂ්“ (ඒක නෙවෙයි ඇ.. ඇෂ් නිපෝන් තමයි මගේ නම) වැඩේ අහුඋනාට පස්සේ මාසෙකින් විතර තමයි මම ගියේ, ගෙදරටත් ගින්න පත්තු කරපු නැති නිසා මේකි අනිවාරයෙන් දැනගෙන ඉදලා තියෙනවා මම කොහොම හරි එයි කියලා (ඕක ඉතිං අහන්නත් දෙයක් යැ නේද?...) කොහොම හරි දෙන්නම කාරනාව දන්න නිසා කෙලින්ම කථාවට බැස්සා මම ඇහුවේ මුකුත් නෙවෙයි “ඇයි“ කියලයි දිපු උත්තරේ නිකන් කණට ගහන්නා වගේ “මට ඌ එපා වෙලා තියෙන්නේ“ මම ඇහුවා එපාවෙන් හේතව මොකක්ද කියලා එයාගේ හබියා කිවුව නිසයි මම මේ ගැන හෙවුවේ ඒත් දැනගත්ත වෙලේ ඉදන් මට මට හේතුව දැන ගන්න ඕනි නිසයි මුකුත් නොකියා හිටියේ කියලා. මේකි කියපි “ හා මට හිතුනේ වෙන දෙයක්. මම හේතුව කියන්නම්, හැබැයි මේ ගැන මුකුත් අයියාට (ගැනිගේ හස්බන්ට) කියන්න බෑ“ කියලා ඩීල් එකට එකග උනාට පස්සේ.

“ඇෂ් ඔයා දන්නවානේ මගේ පොස්ට් එක මොකක්ද කියලා, ඔයාට ඒක කියන්න පුළුවන්ද?“

“ඔවු ඒක ********“

“ඔවු මම ඉගෙන ගත්තා එත් ආදරේට පිටුපැවේ නැ“

“ඔවු මම ඒක දන්නවානේ (අම්මපා හැමදේටම මැද්දෙන් පයින මගේ පුරුද්ද නවත්තගන්න තාම බෑනේ)

“අයියා ඉගෙන ගත්තේ නෑ, එයාට රස්සාවකුත් නෑ ඔයා දන්නවානේ“

“ඔවු ඒත් ****ට හොද ආදායමක් තියෙනවානේ එයාට රස්සාවක් කරන්න ඕනි නෑනේ “

“බම්බුව තමයි ආදායම කුඹරුවැඩ කාලේට කුඹුරුවැඩ, හේන් වැඩ කාලේට හේන් වැඩ මොකවත් නැති දවස්වලට ගෙදර බුදි“

“හරි ඉතින්.....“

“නෑ අහන්න, බදින කොට ගෙදර හදන්න ලෝන් එක ගත්තේ මම අනික ගෙදර එයා හදපු එකකුත් නෙවෙයි එයාට ලැබුනු මහගෙදර ලෝන් එක අරන් ගෙදර රෙපෙයාර් කලා විතරයි ඉතිරිවා ඔක්කොම බිලා නාස්ති කලා, කසාදෙටත් වැඩි ගානක් වියදම් කලේ මම ඒ මට වෙඩින් එකක් ගන්න තියෙන ආසාවට, මෙතනට ඇවිත් මේ පුටුවේ ඉදගෙන ඉන්නවා මම වැඩකරන්නේ නැද්ද? හරි හමන් රස්සාවක් නෑ මේකෙ වැඩ කරන අනිත් අයගේ හස්බන්ඩ්ලට රස්සාවක් තියෙනවා මොකක් හරි, නැත්නම් බිස්නස් කරනවා මගේ මිනිහා ගැන අහනකොට මම මොනවා කියන්නද? මට කට උත්තර නැ, අධ්‍යාපනය ගැන අහනකොට මම මොනවා කියන්නද? අටපාස් කියන්ද? ඔයා මම ගැන හෙවුවනේ ඇෂ් ඔයා දන්නවානේ මේකේ ඉන්න මිනිස්සු, මෙතනට වැඩක් කරගන්න එන මිනිස්සු මට මැඩම් මිස් කියලා කතා කලාට මගේ මිනිහා ගැන කියලා මට හිනාවෙනවා“

“හරි ඉතින් *** ඔයාට කියන් පුළුවන්නේ මොනා වුනත් ඔයා සතුටින් ඉන්නේ කියලා“

“බම්බුව තමයි, මිනිස්සුන්ට එහෙම කිවුවට මම ඇත්තටම මගේ හිත ගැන දන්නවානේ අනිත් එක මිනිස්සු කියන්නේ බොරු නෙවෙයිනේ ලෝකෙට මම මොන බොරුව කිවුවත් මගේ හිත දන්නවානේ මොක්ද ඇත්ත කියලා. මම කසාද බැන්දේ මගේ මිනිහගේ පඩියෙන් කන්න මිසක් මගේ මිනිහට මගේ පඩියෙන් කන්න දෙන්න නෙවෙයි, නිකන් හිතලා බලන්න ඌ මාව බැදලා තියෙන්නේ මගෙන් කන්න බලාගෙන නේ මම ඉගෙන ගෙන මේ රස්සාව වත් කලේ නැත්නම් වෙන්නේ හිගාකන්න නැත්නම් අරාබියට ගිහින් වලං හෝදන්න“

“එහෙම නෙවෙයි *** මම ඌව දන්නවානේ“

“ ඔවු ඔයා ඌව දන්නවා ඒත් මම ඌත් එක්ක ජීවත් වෙනවා ඒ දෙක දෙකක් එකිනෙකට වෙනස් ඔයා හොදට ඉගෙන ගත්ත කෙනෙක්නේ ටිකක් හිතන්න ඇෂ්“

“ හ්ම්.. මට තේරෙනවා ඒත් විසදුම මේකමද? වෙන තීරණයක් ගන්න බැරිද? “

“මගේ *** මගේ කසාද මිනිහා නෙවෙයි ඒත් මට ගැලපෙන්නේ මගේ *** මම ඇස්දෙක පියාගෙන මගේ *** මගේ කසාද මිනිහා කියලා හිතාගෙන මගේ මනෝ ලොකේක මම ඉන්නකොට මගේ හිතට දැනේන සැනසීම ඔයා දන්නවද? මම මගේ මනෝ ලෝකෙන් මගේ මිනිහා *** කියලා මගේ බොස්ට කියනකොට මගේ ඔෆිස්එකේ උන්ට කියනකොට මම ගාවට එන මිනිස්සු මැඩම්ගේ මහත්තයා *** සර් නේද? කියලා අහනකොට මම මගේම මනෝ ලෝකෙක තනිවෙනවා ඇෂ් ඒ සතුට ඔයා දන්නේ නෑ ඇෂ්, ඇත්තටම මම මගේ හින ලෝකේ මම මගේ *** එක්ක පවුල් කනවා ඇෂ්“

“ මම ඒ සතුට ගැන දන්නවා *** ඔයා ඒගැන මට කියන්න ඕනි නෑ මොකද මම ඒ වැඩේ කරලා තියෙනවා“

“ කියන්න ඇෂ් මම වැරදිද? අසාධාරණයිද?“

“මට දෙන්න උත්තරයක් නැ *** ඒත් මට කරන්න තියෙන හොදම වැඩේ තමයි මම මේ ගැන අමතක කරන එක කියලයි ම හිතන්නේ, මම යන්නම් ඔයාගේ වැඩත් පාඩු වෙනවානේ“

මේ සිද්ධියෙන් පස්සේ ලවක් නැ කියලා නහයෙන් අඩන අය අඩුම ගානේ තේරුම් ගන්න ඕනි ලවක් නැති වෙන්න හේතුවක් තියෙනවා ඒක තමන්ගේ අඩුපාඩු හෝ වැරැද්දක් නම් ඒක හදාගෙන ඊලග කැල්ලට ට්‍රයි කරන්න. අනික ලව් කරන අයට කියන්න තියෙන්නේ ලව් කරන කොට ආගම් ජාති වයස උස මහත දුප්පත් පෝසත් කියන්නේ වචන විතරක් උනාට ආදරෙන් පස්සේ තමන්ගේ ජිවිතේ වැදගත් සාධක බවට ඒ වචන සෙට් එක පරිවර්තනය වෙන බව.

හරි දැන් යමුකො වැලන්ටයින් සිද්ධියට දන්න විදියට වැලන්ටයින් මැරුවේ ක්ලෝඩියස් අධිරාජ්‍යා විසින් ක්ලෝඩියස් කියන්නේ රෝමයේ හිටිය පට්ට පවර්ෆුල් පොරක් ඌ තමයි එංගලන්තය අල්ලා ගත්තේ ජුලියස් සිසර්ටවත් කරන්න බැරි උන වැඩක් කරපු පොරක් තමයි ක්ලෝඩියස් කියන්නේ ....! ඒක නිකන් හරියට 1960 දශකයේ මිනිහෙක් හදට යවනවා වගේ වැඩක්. කොහොම හරි මේ කාලේ වෙනකොට රෝමය පට්ට පවර්ෆුල් රෝම අධිරාජයේ උච්චතම සමය, සාමය ආරක්ෂාව ආර්ථිකය ඉතා ඉහලයි. රෝම හමුදාව තමයි ලෝකයේ හොදම ජොබ් එක වැටුප්, වෛද්‍ය පහසකම්, සමාජ පිලිගැනීම, විශ්‍රාම වැටුප් මේ හැම දෙයක්ම නිකම්ම මදි නොකියන්න ලැබෙනවා. ඒත් අධිරාජ්‍ය දියුණුවෙන් දියුණුවට යනකොට සාමාන්‍ය ජනතාවටත් රෝම සොල්දාදුවෙකුට වගේම සැප පහසුකම් බිස්නස් එකක් කරලා හරි සිවිල් රස්සාවක් කරලා හරි උපයා ගන්න පුළුවන් තත්ත්වයකට රෝමය දියුණු වෙලා තිබුනා. මේ දෙකෙන්ම වඩා හොදම දේ උනේ සොල්දාදුවෙකුට තියෙන ජිවිත අවධානම නැතිව මේ දේවල් ලගා කරගත හැකිවීමයි..! මොකද සොල්දාදුවෙක් කොයි වෙලේ මැරෙයිද කියලා කියන්න බැ විශේෂයෙන්ම රෝම සොල්දාදුවෙක් ඉතිං සොල්දාදුවෙකුට සාමාන්‍ය ජනතාවට වඩා හොද ජිවිතයක් ගත කරන්න පුළුවන් උනාම සාමාන්‍ය ජනතාව වැඩිවශයෙන් හමුදාවට බැදෙනවා ඒත් සොල්දාදුවත් සාමාන්‍ය වැසියත් එක හා සමාන මට්ටමක වගේ ඉන්න කොට සාමාන්‍ය ජනතාව හැමවිටම හමුදාව මගහරිනවා. (අහන් දෙයක්යැ කාටද අකාලයේ මැරෙන්න ඕනි) එහෙම උනාම ජනතාව වැඩියෙන්ම උත්සහ කරන්නේ සිවිල් රස්සාවක් හොයාගන්න නැතිනම් බිස්නස් එකක් කරලා ගොඩයන එක, මේ තත්ත්වය මගහරවා ගන්න රෝම හමුදාව උත්සහ නොගත්ම නෙවෙයි උදාහරණයකට රෝම හමුදාවට බැදෙන සුදුසු කමක් වෙච්ච උස අඩි 5 අගල් 10ක් වෙච්ච එක අඩි 5 අගල් 6 දක්වා අඩුකිරිම වගේ, එත් ගහන්න තියෙන ඔක්කොම ගැට ගහලා පෙරලන්න තියෙන ඔක්කොම පොත් පෙරලලා අන්තිමේදි තිරණය කලා මතක විදියට අවු 45 හෝ 50 වෙනකම් පිරිමින්ට බදින් බැ කියලා නිතියක් දාන්න. ඒත් මේ නිතිය ගෙන්න හේතු උනේ මේ හේතුමද කියලා සැකයක් හිතෙන අයට මම තවත් උදාහරණයක් කියන්නම් ඒ චීන අධිරාජයේ මින් රාජ සමයයි. අපි හැමෝම දන්නවා චීනයේ ස්වර්නමය යුගය මින් කියලා චීනයේ මිනිස්සුත් හමුදාව අතහැරලා සිවිල් සේවයට හා බිස්සනස් වලට යොමු වෙන්න පටන් ගත්තා හමුදාව දුර්වල උනා මොන්ගොලියන්වරු ජපන් මුහුදු මංකොල්ලකාරයෝ චීනයට පහර දෙන්න පටන් ගත්තා ඒකට විසදුමක් විදියට මින් පාලකයෝ මහා ප්‍රාකාර හැදුවා චිනයේ වැඩිම ප්‍රාකාර ප්‍රමාණයක් හැදුවේ මින් රජවරු වැඩිම විතරක් නෙවෙයි දිගම හා හොදම ඒවා හැදුවේ මින් පාලකයෝ තමයි. මම කියනවාට නිකං හොයලා බලන්න ...කොහෙම හරි ක්ලෝඩියස්ට තිබුනෙත් චිනෙට තිබුනු ප්‍රශ්නෙම තමයි එත් ක්ලෝඩියස් ගෙනාවේ මින් පාලකයෝ ගෙනවෙ විසදුම නෙවෙයි ඒකට හේතුව රෝමය විශ්වාසකලේ මුළු පොලවට දෙවියන් ඔවුනට ලබාදී ඇති නිසා ඔවුන් එය ලබා ගතයුතුයි එහි සිමාවක් නැත යන්නයි. ඒනිසා රෝමය තාප්ප ගහන එක හේඩ්රියන්ගේ පාලන කාලය වෙනකම් පරක්කු උනා. ඉතින් ක්ලෝඩියස්ට දෙවියන් දිපු අයිතිය ගන්න හමුදාව ඕනි උනා ඒකට හොද කොල්ලො හමුදාවට ඕනි ඒත් කොල්ලෝ හමුදාවට එන්නෙ නෑ උන් 13-14 වෙච්ච ගමන් ගැනියෙක් අරන් බිස්නස් එකක් කරලා නැතිනම් සිවිල් සේවා රැකියවක් කරලා පවුල් කන්න පටන් ගත්තා ක්ලෝඩියස් කොච්චර දහංගැට දැම්මත් වැඩක් උනේ නෑ මොදක උන්ට රටට වඩා පවුල් වැදගත් උනා. දැන් ඉතින් රෝමේ කොල්ලන්ට අවු 50ක් වෙනකම් බදින්න බැරි නිසා හමුදාවට බැදෙන ප්‍රමාණය වැඩි උනා, ඉතින් ක්ලෝඩියස්ට බ්‍රිතානයේ ඇති උන කැරලි මැඩපවත්වන්නට අධිරාජයේ ආරක්ෂාවට යොදවන්න ඇති තරම් සෙබළු ලැබෙන්න පටන් ගත්තා. කොහොම හරි මේ කාලේ වෙනකොට රෝමයේ ආගමක් තිබුනා ඒක බොහොම පොඩි ආගමක් හරියට මේ දවස්වල අපේ රටේ තියෙන සායිබබා ආගම වගේ පොඩි ආගමක් ඒ තමයි කතෝලික ආගම, කොහොම හරි මේකේ හිටිය පුජකයෝ තමන්ගේ ආගමිකයන් හොරෙන් කසාද බන්දන්න පටන්ගත්තා හැබැයි මුන් බන්දනන්නේ තමන්ගේ ආගමේ අය විතරක් නිසා රෝමයේ තරුණ තරුණියන් තමන්ගේ දෙවියන්ට පොඩ්ඩක් පැත්තකට වෙන්න කියලා කතෝලික දෙවියන්ව අදහන්න පටන් ගත්තා මොකද බදින්න ඕනි නිසා. මම පුජකයන් කියලා කියන්නේ තනි පුජකයෙක් නිසා අධිරාජ්‍යාට දැනෙන් තරම් වෙනසක් වෙන්න තියෙන අවස්ථාව අඩු සම්භාවිතාවයක් නිසයි. හැබැයි අන්තිමේදි අහු උනේ වැලන්ටයින් කියන ජුජකයා, පවු අසරණයා...! හැබැයි ක්ලෝඩියස් අනිත් උන්ටත් උන ගැනෙන්නත් එක්ක වැලන්ටයින්ට ෂොට්එක දුන්නා ඒක කොච්චර සැරයිද කියනවානම් රෝම අධිරාජ්‍ය දෙකට කැඩිලා නැගෙනහිර අධිරාජයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය වෙනකම්ම ඉන්න උනා කතොලික ආගම රෝමයේ ජනප්‍රිය ආගම වෙන්න බටහිර කොටසට තවත් කල් ගියා මතක විදියට වයිකිං වරුන්ටත් පස්සේ තමයි රාජ්‍ය ආගමක් වශයෙන් බටහිර යුරෝපයේ ස්ථාපිත උනේ.

හොදයි වැලන්ටයින් එක ගැන මගේ පණ්ඩිත  ටොක් එක ඉවරයි.

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...