Sunday, 26 March 2017

නාථ අනාථ සනාථ

ජීවිතයේ පලමු අවුරුදු 20-30 සාමානයෙන් අපේ කාලයේ නම් පුද්ගලයෙකුගේ ඉතිරි අවුරුදු 100 ට දාන ෆවුන්ඩේෂන් එකයි. කොහොම හරි මේ පලමු අවුරුදු 30 තුල අනිවාරයෙන්ම මිනිහෙක් තමන්ගේ ජිවිතය හදාගන්න ඕනි නැතිනම් අවුරුදු 30 පැන්නම ජිවිතයේ අම්බ වහක් කන්න ඕනි. ඇයිද කියනවානම් ජිවත් වෙන්න සල්ලි ඕනි ඉන්න හිටින්න ගෙයක් ගත්ත ගැනිට හදපු දරුවන්ට කන්න අදින්න දෙන්න ඕනි අවුරුදු 30ක් විතර වෙනකොට මේ දේවල් නැතින්ම් නැත්නම් මේ දේවල් තියාගෙන බැලන්ස් කරගන්න බැරිනම් කෙලින්ම සරලව කියනවානම් තමන්ගේ බර තමන්ගේ අත් දෙකින් උස්සගන්න බැරිනම් ඒ මිනිහගෙන් පලක් නැ මේ රටට බරක් විතරයි රටට ලෝකෙට විතරක් නෙවෙයි මුළු සමාජයටම ඉතිං එහෙම උනාම මිනිස්සු කරන් දෙයක් තමයි හම්බන්තොට වැල්ලේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන යොමු වෙන එක. 

මේ විදියට හරි සල්ලි හොයන්න පටන්න කොට මේ මිනිස්සු ඉස්සල්ලම බයින් පටන් ගන්නේ රජයට. රජය තමයි තමන්ගේ නොහැකියාවට නොහැකියාවට පලි කියලා, ඊලඟ අම්මා, තාත්තා, සහෝදරයෝ, නැදැයෝ අවසානයේ ආගම ජාතිය රට දේශපාලනය මේ හැමදේටම බයිනවා. හැමදේම වනස්කරන්න හදනවා පවු පන්සලේ බං ඉස්සල්ලා කාලා ඉමු. නැත්තං පිං කරලා පිං ගුත්තර වෙන්නද කියලා අහනවා තමන්ගේ කියලා මොරාල් එකක් ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති තැනකට වැටෙනවා. සල්ලි වලට අම්මත් දෙන ජාතියේ එකෙක් කියලා රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් කයි කතන්දර අහනවා ඉතිං මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි ඒ වෙනස් කරන්න තියෙන ක්‍රම මොනවද? නැතිනම් වෙනස් කරන්න ඕනි කොහොමද  මොන මොන පැති වලින්ද වෙනස් වෙන් ඕනි කියලා සමහර විට ඔබ අසයි. හොදයි මම කියන්නම් ආසාවනේ.

අපි වෙනස් කරගන්න ඕනි නැත්නම් හදාගන්න ඕනි පැති කිහිපයක් මම දකිනවා එක. තමයි විශ්වාසවන්ත භාවය, ඒක නැත්නම් එක්මකො ඉවරයි මිනිහෙක් කවදාවත් මුනවත් බලන්නේ නැති තැනට පත් වෙනවා මේ විශ්වාසය රැකගත්තේ නැතිනම්. අනිත් කාරනය තමයි කරන්න පටන්ගත්ත වැඩේ ඉවර කරන එක. අපේ උන් කවදාවත් ඒක කරන්නේ නැ හරියට නිකං සෝඩා බෝතලේ වගේයි අපේ උන්ගේ වැඩ. අපේ උන්ට උගන්නන්න ඕනි හෙට කලයුතු දේ අදම කරන්නත් අද කලයුතු දේ දැන්නම කරන්නත්.අනිත් එක තමයි හම්බකරන් කාලේ හම්බකරන්නත් ඒ වගේම ඉතිරි කරන්නත්. ඒවගේම තමයි පිට රටින් බැරනම් පිට සක්වලින් ආවත් කමක් නෑ අපිට ගැලපෙන අපිට යහපත් අයහපත් උනත් අපේ යහපතට යොදවා ගන්න පුළුවන් දේවල් ගන්න හරියට ජපානේ කලා වගේ.

මම හිතන්නේ අපි මේ ටික කලොත් අන්ථා වෙන්නේ නැතිව අනාථ නාථලාගේ සරණ පතන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුවවන් වෙයි කියලා ඇති අප්පා නවතින්නම්

Monday, 20 March 2017

ඉතුරුවක් නෑ බං

අපේ උන් හැමදාම අඩන්නේ කොච්චර හම්බ කරත් ඉතිරියක් නැ කියලයි, ඉතිරියක් නැ කියන්නේ වියදම් කරපු දෙයකුත් නෑ ම තමයි කියන්නේ මොනට වියදම් උනාද දන්නේ නෑ, ඇදුමක් සපත්තුදෙකක්, ට්‍රිප් එකක් වගේ මොකවත් කරන්නෙත් නැතිව සල්ලි ගත්ත ගමන් වාෂ්ප වෙනව තමයි කියන්නේ මුන් ඉතිං මගේ මහා ග්‍රේට් නොලේජ් එක ගැන දන්න නිසා මේ අය මගෙන් ඇහුවා කොහොමද සල්ලි ඉතිරි කරගන්න් කියලා, ඇත්තටම පොර වගේ හිටියට මමත් ප්‍රශ්නේ අහපු ගමන් ටිකක් කොරවෙලා ගියා ඒත් වාසනාවට වගේ මගේ බැංකින් නොලේජිය පිහිටට ආවා. මම උපදෙස්ටිකක් දුන්නා මෙන්න මේටික තමයි දුන්නේ

01. කරන වියදම් සතයක් නැතිව ලියන්න. ගෙදර ගිහින් පාඩුවේ ඇදට වෙලා ලියන්න හිතන්නවත් එපා පොඩි රුපියල් 20 නොට් පොතක් අරගෙන්න 10 පෑනකුත් එක්ක අරගෙන වියදම් උන වෙලාවෙම වගේ ලියන්න උදාහරණයකට කඩේකට ගිහින් බඩුටිකක් ගත්තම බඩු ටික අරන් එලියට බැස්සම වියදම් උන ගාන සම්පුර්නයෙන්ම ලියන්න වෙන වෙනම ලියන්න යන්න එපා එක පාර අට දාහයි නම් අටදාහයි කියලා ලියාගන්න.

02. ‍දෙවෙනි එක තමයි තමන් ඉතුරුකරන්න ටාගට් එකක් තියාගන්න. ඒ කියන්නේ අවුරුද්දකට තිස්හයදාහක් නැතිනම් හැත්තැදෙදාහක් ඒවගේ ගානක් ඊට පස්සේ එක බෙදාගන්න අවුරුද්දට හැත්තැදෙදාහක් කියන්නේ මාසෙකට හයදාහක් නැතිනම් දවසකට දෙසියක් කියන එකයි.

03. ඊළග වැඩේ තමයි තමන්ගේ ගනුදෙනු කරන එකවුන්ට් එකෙන් ඉතිරිකරන්න යන්න එපා ඒක කවදාවත් කරන්න බැරි වැඩක් නිතරම ඉතිරිකරන්න වෙනම එකවුන්ට් එකකුයි ගණුදෙණු වලට වෙනම් එකවුන්ට් එකකුයි තියාගන්න ඕනි.

04. වැදගත්ම සිද්දිය තමයි ඉතිරිකරන එක ටාගට් එක ගන්න දවසට දෙසියයි කියමු ඒත් හැමදාම දෙසියක් ඉතිරිකරන්න බැරිවෙයි ඒත ඉතිරිකරන්න පුළුවන් රුපියල් දහයද ඒ දහය ඉතිරි කරන්න ඕනි එතකොට ඊගාව දවසට ඊයේ ටාගට් එක් හිග ගානයි අද ටාගට් එකයි රුපියල් තුන්සිය අනුව දාන්න ඕනි.
මේ ක්‍රමේට සල්ලි ඉතිරිකරගෙන යන්න අවුරුද්දකින් අනිවාරයෙන් හැත්තැදෙදහක් ඉතිරි වෙනවාමයි. කොහෙම හරි මෙහෙම ගිහින් ලක්ෂයක් දෙකක් වගේ ගානක් ඉතිරිකර ගත්තම කරන්න තියෙනවා හොද වැඩක් තියෙනවා 

ඒතමයි ස්ථාවර තැන්පතක් දාන එක දාලා ඒ ස්ථාවර තැන්පත ඇපයට තියෙලා ණයක් ගන්න ස්ථාවර තැන්පත් මුදලින් සීයට අසුවක්වගේ තමයි දෙන්නේ ඒ උනාට පොලිය සීය දෙකක් වගේ ගානක් තමයි වෙන්නේ හැබැයි ඒ ගත්ත ණය කාබාසිනියා කරන්න් නැතිව ඒකත් ස්ථාවර තැන්පතක් දාන්න ඕනි එතකොට ණය මුදල ගෙවලා ඉවර වෙනකොට ස්ථාවර තැන්පත් දෙකකට පොලිය ලැබෙනවා

Sunday, 5 March 2017

අනිච්චේ දුක්කේ



කොපමණ ගුණ කලත් - දුදනො නොවෙති යහපත්
කිරිදියෙන් තේමුවත් - අගුරුසුදුවන කලක් නම් නැත

මේ කිවියෙන් කියන්නේ අපි විසින් දුර්ජනයන්ට කොපමණ උදවු උපකාර අවස්ථා ලබා දුන්නත් ඔවුන්ගේ දුර්ජන ගති පහව යන්න් නැති බවත් අපහට ඔවුන් ලබාදෙන වදයන් දුක් කරදර නිමා නොවන බවත්ය. ඇත්තටම මෙය සැබැ කාරනයක් වන බව අපි ටිකක් කල්පනා කරොත් අපිටම තේරුම් යනවා මොනතරම් සැලකුවත් කුනු බැනුම් අසන්නට ලැබුනු අවස්ථා ඕනි තරම් ඔබට ඇති මොනතරම් කලත් හොදක් කියන්නේ නැතිව කල වැඩේ හෝ වෙන වැඩක් ගැන කියමින් ඔබව අපහසු තාවයට පත්කල අවස්ථා ඕනි තරම් ඇති. නැතිනම් ඔබ ඔබ හොද කර්තවයක් (නිර්මානයක්, වාර්ථාවක්, කථාවක්, පොතක්) කල වහාම එය තමන්ගේ නිර්මානයක් එකක් යැයි වෙන එකෙක් ලකුනු දමාගත්ත අවස්ථාත් ඇති. මෙවැනි දුර්ජනයන් ඇතැම්විට ඔබේ අම්මා තාත්තා සහෝදරයෝ සහෝදරියෝ නෑදැයන් යාළුවන් දන්න අදුනන අය අසල්වැසියන් විය හැකිය. ඉතිං එවැන අයත් සමග ජීවත් වන විට කම්මලේ බල්ලා මෙන් ජීවත් විය යුතුය. නමුත් සෑම විටම තමන්ගේ නිරවද්‍ය තාවය හෝ තම අයිතිය සලසා ගත යුතුය එසේ නැතිනම් තමන්ගේ හෝ නැතිනම් තමන්ගේ අයිතිය පෙන්නුම් කල යුතුය. නැතිනම් එම දුර්ජනයන් විසින් තමන්ගේ දුර්ජන කම් වල ඵල විපාක ඔබේ පිටින් දමා අත පිහිදාගනු ඇත. අද සමාජයේ සැබැ යථාර්ථය මෙයයි.

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...