Sunday, 5 March 2017

අනිච්චේ දුක්කේ



කොපමණ ගුණ කලත් - දුදනො නොවෙති යහපත්
කිරිදියෙන් තේමුවත් - අගුරුසුදුවන කලක් නම් නැත

මේ කිවියෙන් කියන්නේ අපි විසින් දුර්ජනයන්ට කොපමණ උදවු උපකාර අවස්ථා ලබා දුන්නත් ඔවුන්ගේ දුර්ජන ගති පහව යන්න් නැති බවත් අපහට ඔවුන් ලබාදෙන වදයන් දුක් කරදර නිමා නොවන බවත්ය. ඇත්තටම මෙය සැබැ කාරනයක් වන බව අපි ටිකක් කල්පනා කරොත් අපිටම තේරුම් යනවා මොනතරම් සැලකුවත් කුනු බැනුම් අසන්නට ලැබුනු අවස්ථා ඕනි තරම් ඔබට ඇති මොනතරම් කලත් හොදක් කියන්නේ නැතිව කල වැඩේ හෝ වෙන වැඩක් ගැන කියමින් ඔබව අපහසු තාවයට පත්කල අවස්ථා ඕනි තරම් ඇති. නැතිනම් ඔබ ඔබ හොද කර්තවයක් (නිර්මානයක්, වාර්ථාවක්, කථාවක්, පොතක්) කල වහාම එය තමන්ගේ නිර්මානයක් එකක් යැයි වෙන එකෙක් ලකුනු දමාගත්ත අවස්ථාත් ඇති. මෙවැනි දුර්ජනයන් ඇතැම්විට ඔබේ අම්මා තාත්තා සහෝදරයෝ සහෝදරියෝ නෑදැයන් යාළුවන් දන්න අදුනන අය අසල්වැසියන් විය හැකිය. ඉතිං එවැන අයත් සමග ජීවත් වන විට කම්මලේ බල්ලා මෙන් ජීවත් විය යුතුය. නමුත් සෑම විටම තමන්ගේ නිරවද්‍ය තාවය හෝ තම අයිතිය සලසා ගත යුතුය එසේ නැතිනම් තමන්ගේ හෝ නැතිනම් තමන්ගේ අයිතිය පෙන්නුම් කල යුතුය. නැතිනම් එම දුර්ජනයන් විසින් තමන්ගේ දුර්ජන කම් වල ඵල විපාක ඔබේ පිටින් දමා අත පිහිදාගනු ඇත. අද සමාජයේ සැබැ යථාර්ථය මෙයයි.

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...