Saturday, 15 April 2017

අපි වවයි රට නගයි සිස්ටම් හරස් වෙයි

ඇයි මගේ රට දුප්පත් ඇත්තටම ඒක මගේ වරදක්ද? නැතිනම් සිස්ටම් එකේ වරදක්ද? ඇත්තටම මම හිතන්නේ ඒක සිස්ටම් එකේ වරද අපි බොහොම අභිමානයෙන් කියනවා අපේ රටේ විතරයි හෙම්බිරිස්සාවේ ඉදන් මොළේ සැත්කමක් වෙනුවෙන් උනත් නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මොන්ටිසෝරියේ ඉදන් උපාධිය වෙනකම් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් කියලා. ඔවු ඒක එහෙම තමයි ඒත් වෙලාවකට හිතෙනවා ඇත්තටම ඒක වටිනවාද කියලා? උදාහරණයකට විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ටික පාර වහගෙන ඉන්න කොට මුන්ට පිනට උගන්නන එකේ වරද තමයි මේ කියලා හිතෙන්නේ මට විතරද? ගුරුවරයෙක් නම් මම මේ කියන එක ඔබ හොදටම අත් දකිනවා ඇති ඉස්කොලේ ඉන්න එපාම කරපු එකා/එකි ටියුෂන් එකට ආවම ටියුෂන් එකේ ඉන්න අනිත් උන් වගේම ඉතා හොද ශාන්ත දාන්ත එකෙක්/එකියක් වගේ ඉගෙන ගන්න අපුරුව ? ඒ වගේම තමයි සෞඛ්‍යත් හැම දාම 1100ය ගානේ දිලා බොතලේ ගන්න පුළුවන් මිනිහා අසනීප උනාම 8500ගානේ (දන්න තරමින්) රජයේ හොස්පිටල්වල සල්ලි පුච්චනවා, ඇත්තටම 1100ක් දිලා අසනිප ගන්න එකාට 8500ක් දිලා සනිප වෙන්න බැරිද? ඌට ඒකට සල්ලි නැද්ද? බෝතලේ ගන්න විතරද සල්ලි තියෙන්නේ ? ඇයි අසනිප වෙන්න තමන්ගේ සල්ලි වියදම් කරන එකා සනිප වෙන්න අපි හැමොගෙම සල්ලි වියදම් කරන්නේ ඇයි? මොකක්ද සදාචාරය ? මොකක්ද සාධාරණත්වය? ඇත්තටම මෙහෙම හැම දේම පිනට දෙන එක දේශපාලන දර්ශණයක් නේද? (නැතිනම් පොදු දේපල උඩ තියාගෙන ඉන්න එක ) ඔවු ඒකට කියන්නේ සමාජවාදය/කොමියුනිස්ට්වාදය කියලා නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, නොමිලේ කන්න, අදින්න, මේ හැම දෙයක්ම සමාජවාදි අදහස් නේද? සමහර විට ඔබට හිතෙනවා ඇති ඉතිං ඒක එහෙමනම් සමාජවාදය කොච්චර හොද ද කියලා ඒත් සමාජවාදයට පැවැත්මක් නැ මම බොරු නෙවෙයි කියන්නේ ඇයි 1991 සොවියට් රුසියාව කඩාගෙන වැටුනේ? ඇයි කියුබාව, උතුරු කොරියාව ජිවත් වෙන්න සුදුසු රටවල් වල අන්තිමටම ඉන්නේ, නැතිනම් ජිවත් වෙන්න අහිතකර රටවල් ලිස්ට් එකේ මුල් තැන ගන්නේ ? ඒ ගැන පොඩ්ඩක් හිතුවද? අවංකව කියන්න නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍යට අපේ රටේ කොච්චර සල්ලි වියදම් කරනවාද? සමෘද්ධිය, සීසන්, පාස් එක, නිල ඇදුම්, කොච්චර නම් දේවල් නිකං දෙනවද? (මේකට පිලියමක් මම නිකං දුන්නම නිකම්මු වෙනවා මහත්තයෝ කියන පොස්ට් එකේ දාලා තියෙනවා කැමති අය මෙතනින් බලන්න)

ඒවගේම දැන් දැන් යන තවත් කථාවක් තමයි ගෑනිටයි මිනිහටයි දෙන්නටම රස්සාවල් නැතිනම් අද රටේ ජිවත් වෙන්න බැ කියලා, අනේ අම්මපා අපේ තාත්තා ළමයි තුන්දෙනෙක් හැදුවා මගේ ගෑනිගේ අප්පා ළමයි තුන්දෙනෙක් හැදුවා අපේ යාළුවන්ගේ තාත්තලා ළමයි තුනක්-පහක් හැදුවා ඒත් ඒ එකෙක්ගේ වත් මගේත් ඇතුලත්ව අම්මලා ජොබ් කරන්නේ නෑ (මගේ ගෑනිත් නෑ, නැත්නම් මුන්ට එන ලොකුම ප්‍රශ්නේ ඕකනේ) දැන් කාලේ වගේම තමයි ඒකාලෙත් අපේ කාලෙට සාපෙක්ෂව ගනන් අඩුයි වගේ අපිට පෙනුනට ඇත්තටම ඒ අඩු ගාන හම්බ කරන්න සැහෙන මහන්සි වෙන්න වෙනවා, ගනන් හිලවු අඩු වැඩි උනාට ආදායම් වියදම් අනුපාතය අඩු හෝ වැඩි උනේ නෑ අනුපාතය ඒ ගානම තමයි. ගත්ත ගෑනිට කන්න, අදින්න, ඉන්න හිටින්න දිලා හදාපු ළමයිටත් කන්න, අදින්න දිලා, හොදට ඉගැන්නුවා ගෑනිගෙන කන්න බලාගෙන කසාද බැන්දේ නෑ, දෑවැදි බලාගෙන ගැනු ගත්තේ නෑ, තෝ එනකොට මොනාද ගෙනාවේ මේ ඔක්කොම මම හම්බ කරපුවා කියලා කවදාවත් කිවුවේ නෑ, මේක බලන බහුතරයකගේ තාත්තලා එහෙම තමයි මොකද ඒ අය නියම පිරිමි නිසා කවදාවත් ගත්ත නැතිනම් ගෙදරින් පන්නගෙන ආපු ගෑනිගෙන මොකවත් බලා පොරොත්තු උනේ නෑ, ඇත්තටම තමන්ගේ ඇගට අසනිපයක් උනාම ඒ අසනිපෙට බෙහෙත් ගන්න තමන්ලග හම්බකරපු සල්ලි නැති නැතිනම් හම්බකරගන්න බැරි මිනිහගෙන් මේ රටට වැඩක් තියෙනවාද? ඇත්තටම එහෙවු පුද්ගලයා රටට ලෝකෙට බරක් නේද? තමන් හදාපු දරුවන්ට උගන්නන්න තමන්ට සල්ලි හම්බකරන්න බැරිනම් එහෙවු දෙමාපියන්ගෙන් ඇති ඵලේ මොකක්ද? එහෙවු දෙමාපියන් හදාපු දරුවන් මේ රටට බරක් නේද? නැතිනම් තමන්ට ගමනක් යන්න ඕනි උනාම ඒ ගමන යන්න සල්ලි තමන්ට හම්බකරගන්න බැරි ගෑනියෙක්ගෙන් මිනිහෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද? මේ දේවල් වලට මම හම්බකරාපු සල්ලි දෙන්න ඕනිද?  

සයිතම් ප්‍රශ්නෙදි ආපු කතාවක් කියන්නම් කෝ සයිතම් ළමයෙක්ගේ දෙමාපියෙක් කිවුව කතාවක් මගේ සල්ලි වලින් ඉගෙන ගන්න හිගන්නු මගේ සල්ලි වලින් මගේම ළමයට උගන්නවට විරුද්ධව පෙලපාලි යනවා. ඇත්තටම ඒකෙත් ඇත්තක් තියෙනවා නේද? තමන්ගේ බර තමන්ගේ අත්වලින් උස්සන්න බැරි මිනිහෙක්ගෙන් වැඩක් නෑ

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...