Tuesday, 30 May 2017

ලගින් හිටිය නැති ටික කාලෙට ඔයා හුගක් වෙනස් වෙලා

අපේ රටේ පෙම්වතුන්ට තාමත් තියෙන්නේ සාමානයෙන් අඩු පිලි ගැනීමක්. ඔවුන්ට ඔවුන්ට නිදහසේ කථාකරන්න විදියක් හොයාගන්න හරි අමාරුයි, එක්කො කොහේ හරි අකුලකට රිංගන්න ඕනි නැතිනම් රූම් එකකට යන්න ඕනි, එතකොට වෙන්නේ දෙන්නා දෙන්නව අදුනගන්න එක පැත්තකින් තියලා දෙන්නා වෙන වෙන දේවල් කරන එකයි. ගොඩක් වෙලාවට අපේ පෙම්වතුන් ඉන්නේ පාරේ, නැතිනම් අපි කියන්නේ මහ මග කියලා අන්න ඒකේ තමයි. මෙහෙම ඉන්න කොට පොඩි ප්‍රශ්ණයක් එනවා, මම මේ කියන්නේ සාරධර්ම, සදාචාරය වගේ ලොකු ප්‍රශ්ණ නෙවෙයි මේක බොහොම පොඩි දෙයක් මේ මග නැතිනම් පාරේ එහෙමත් නැතිනම් අකුලක හම්බවෙන පෙම්වතුන් හම්බ වෙන්නේ සති දෙක තුනක් නැතිනම් මාසයක් හමාරක් පෙරුම් පුරලා, කල් අල්ලා. මුන් දෙන්න හම්බ උන ගමන් ඉස්සල්ලම කරන්නේ ඊළග පාර හම්බවෙන්නේ කොහොම ද, කියට ද, කොතැන ද, කියන එක. ඊට පසසේ කථා වෙන්නේ තමන්ගේ ගෙවල් වලින් කැමැත්ත ගන්න ගහන දහං ගැට ගැන, සරලව කියනවා නම්  කොහොමද ගෙදර ඇයොන්ව අන්දන්නේ කියන එක. 

කොහොම මේ දෙන්නගේ ප්‍රේමය ඵල දරලා, දෙන්නා බැදලා, හනිමුන් එකට ගිහින් සතියක් විතර ගියාම තමයි වැඩේ පටන් ගන්නේ, එත කොට දෙන්නම මුලින් මුලින් අගවන්නේ නැති උනත් නිතර නිතර කියන දෙයක් තමා මෙයා ලව් කරන කාලේ නම් මෙහෙම නැ කියන එක. බැන්දට පස්සේ ගොඩක් වෙනස් වෙලා කියලා. පහු පහු වෙකොට කොහු කොහු වෙලා දික්කසාදෙටත් මේ වෙනස් වීම තමයි බලපාන්නේ. ඒත් ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැ, අපි ඒ වෙලාවේ දෙන්නගේ තියෙන ගැටුම්, වැටුම් සහ කොඩිවින කලා යැයි කියලා හිතාගෙන, නැතිනම් දෙන්නව වෙන් කරන්න එක එකා ඊරිසියාවෙන් ට්‍රයි කරනවා කියලා හිතාගෙන එක එක ප්‍රතිකර්ම කරන එක උනාට ඇත්තටම උනේ මුන් දෙන්නා ලව් කරන කාලේ දෙන්නව ඇත්තටම අදුනන්නේ නැති එකයි. ලව් කරන කාලේ මුන් දෙන්නා මුන් දෙන්නව අදුනගන්න එක පැත්තකින් තියලා කලේ හම්බවෙන්න ට්‍රයි කරන එක. ගෙවල් වලින් කැමැත්ත ගන්න ට්‍රයි කරන එක වගේ වැඩ, ඇත්තටම මේ වැඩ ලව් කරන කාලේ දෙන්නට දෙන්නා දැන අදුනගන්නවට වඩා වැදගත් වැඩ තමයි මේවා. ඉතිං තමන් ලව් කරන කාලේ මෙහෙමයි කියලා හිතාගෙන හිටිය කෙනාගේ ඇත්ත තත්වය මතුවෙන්නේ නැතිනම්, ඇත්ත තත්වය තමන් දැන ගන්නේ බැන්දට පස්සේ, මොකද එතකොට නේ නිදහසේ තමන් මොකාද මේ ගත්තේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ හැබැයි එතකොට පරක්කු වැඩි. 

ඉතිං සැබැවටම තමන්ගෙ සහකාරයා / සහකාරියගේ තත්වේ දැනගත්තට පස්සේ කියන්න තියෙන්නේ ලගින් හිටිය කාලෙට වඩා බැන්දට පස්සේ ඔයා හුගක් වෙනස් වෙලා කියලා තමයි.

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...