Thursday, 15 June 2017

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘පොඩි මාමා මට ලස්සන පොතක් පොඩි මාමා ගානේ තැගි දෙන්න කෝ ‘‘ඇයි ඒ අමිල සර්‘‘ ‘‘මගේ හිතට එන ලස්සන අදහස් ලියලා තියන්න‘‘ ඒ අතර මම ඇහුවා අමිල සර් ඒවා විතරද කියලා සර් කිවුවා ‘‘ නැ නැ තව මොනවා හරි වැදගත් හොද අදහසක් අහන්න ලැබුනොත් ඒවත් ලියනවා‘‘  කොහොම හරි අමිල සර්ට හොද පොතක් නම් ලැබුනේ නැ මොකද දෙන්න තරම් හොද පොතක් තිබුනේ නැ. කොහොම හරි ඔය කතාවේ එක තැනකදි අමිල සර් කිවුවා ‘‘පොඩි මාමා, මම නැති දවසක කවදා හරි මගේ දරුවන්ට නැතිනම් මගේ මුණුබුරන්නට බලන්න පුළුවන් මගේ අදහස් මොනවද කියලා මගේ පොත පෙන්නලා දරුවන්ට මනුබුරන්ට කියන්න පුළුවන් මෙන්න සීයාගේ වැඩ‘‘ කියලා

කොහොම හරි මමත් පොතක් හෙවුවත් මට හම්බ උනෙත් නැ, ඒ නිසා මම ඒ 4 බන්ඩලයක් අරගෙන ආවා ෆයිල් එකක් එක්ක, කොහොම හරි මම මගේ දහස් ලියන්න පටන්ගත්තා ඇත්තටම අර ඒ 4 බන්ඩලයේ බාගයක් විත දැන් ඉවරයි. කොහොම හරි ඔය අතර මට හිතුනා ඇයි මම මේ ටික බ්ලෝග් එකක දාන්නේ නැත්නේ කියලා. කොහොම හරි ඔහොම තමයි මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ.

Thursday, 8 June 2017

කාල් මාක්ස් ගේ ඥාතිනේ ..... අප්පගේ පැත්තෙන්



මම මගේ ව්‍යාපාරය ටිකක් අප් කරලා ගන්න හිතාගෙන පොරොජේක්ට් එකක් හදලා බැංකුවට දුන්නා ආදායම ටිකක් වැඩිකරගන්න කියලා හිතාගෙන. ඒත් ඒ එක්කම හැරෙන තැපැලෙන් නොවුනත් ආදායම් බදු එකෙන් ආපි කොල් එකක් බිස්නස් එක නග්ගනවා නම් මේ මේ විදියට පොත් සෙට් එක හැදෙන්න ඕනි කියාගෙන..? විකාරයක් ඇත්තටම වෙලාවකට වාතයක් ඒත් ඉතිං මම කිවුවා තාම මම පොරොජේක්ට් එක දුන්නා විතරයි ටිකක් ඉන්න ලොන් එක ලැබුනේ නැතිනම් මොකද කරන්නේ? කියලා ඇහුවා.. ඒවා එතකොට බැරියැ කියලා ඇගට නොදැනි කියපු හැටියට අම්මපා ලග හිටියානම් දෙකක් අයින්න පුළුවන් මූණට. ඇයි යකෝ අමාරුවෙන් හම්බ කරපුවා නිකං දෙන වෙනවා කියනකොට කොට ඇග හිරි වැටිලා යනවා. වෙන එකක් ඕනි නෑ ආදයම් කියන වචනේ ඇහෙනකොටත් ඇග නිකං සීතල වෙලා යනවා. 

කොහොම උනත් මම නිකං පාරට බැස්සා, ටිකක් එලියේ ඉන්න කියලා හිතාගෙන පාක් එක පැත්තේ යන කොට කොල්ලො කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා එකට කදේ දාගෙන, වෙන ඉන්න තැනක් නැති නිසා ඒ ලග තිබුනු බංකුවක මාත් හිටියා, ඉතිං මේ උන් ටික කතා කරන දේවල් මට හොදට ඇහෙනවා. මොනාවත් උනා නැතා මුන්ගේ ඕප ටික හරි බ්ලොගයට දාන්න බැරියැ කියලා හිතාගෙන මමත් මට නෙවෙයි වගේ කතාව අහන්න පටං ගත්තා

‘‘ඔවු බං ඌ අළුත් කාර් එකක් අරගෙන, කොහොමද හිටිය හැටි? කියලා වැඩක් නෑ මුන්ගේ අම්මා අප්පාගේ බූදලේ නෙ ඉතිං, මුං බං සල්ලි ගස්වලින් කඩනවද? බිස්නස් කරනවා නේ කියන්නේ? තනිකරම වැඩ කරන උන්ගේ මහන්සිය නේ ඔය, අපි ගියත් ඔච්චර තමයි.‘‘

“ඒක තමයි මම කියන්නේ, තමන්ට කියලා වාහනයක් ගන්න පුළුවන් ආදායමක් තියෙන හැමෝටම අර ඉන්දියාවේ කලා වගේ ගහන්න ඕනි 20% ආදායම් බද්දක්.“

අම්මා........ මම කිවුවා නෙවෙයි මට කියවුනා. මාව නිකං කරකවලා අත හැරියා වගේ ! බඩ පපුව හෝස් ගාලා ගියා!! ඒ අස්සෙන් අර උන්ගේ කතා තාමත් ඇහෙනවා

“ඔව් මේ සල්ලි කාරයෝ තමයි මේ රටේ හෙණෙ උන් නිකං ඉදං අපිව හූරගෙන කනවා“

බොරු කියන්න ඕනි නෑනේ මම මං ගැන හිතාගෙන ඉන්නේ මහ ඉහලින්, ඉතිං සල්ලිකාරයෝ කිවුවම මටත් ටිකක් රිදුනා, ටිකක් නෙවෙයි ඇත්තටම හුගක් රිදුනා, ඇත්තටම අපි තමයි මේ රටේ රුධිරය අපි තමයි මේ රටේ ජීවය ඇත්තටම ආදායම් බදු වලට මම කැමති නෑ තමයි ඒත් ඒ ගන්න ආදායම් බදු වලින් රටේ මිනිස්සුන්ට කොච්චර සෙතක් සැලසෙනවද? 

නිකං දෙන බෙහෙත් ටික දෙන්නේ ඒ නිසා, නිංක දෙන අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා, රටේ ලක්ෂ ගානක් ඉන්න රජයේ සේවකයින්ට පඩි දෙන්නේ ඒ නිසා, කැම්පස් වල අපිට ධනවාදියෝ කියන් උන් ඉගෙන ගන්නේ අපෙන් උදුරගන්න ආදායමට ගහන බද්දෙන්, ධනවාදනිගේ බදු මුදලින් ඉගෙන ගෙන ධනවාදින්ටම කෙලින්න එක කුහකයෝ, ආත්මාර්ථකාමියෝ මම ඒ වෙලාවේ මුන්ට අම්මා මුත්තා මතක් කරලා බැන්නා මගේ හිතින්, ඇත්තටම වලිදාගන්න බෑනේ මේ නාකි මට උන් අල්ලා කෙලින්න ගත්තම මට බුදුසරණයි ! තමයි කියාගන්න වෙන්නේ.

ඇත්තටම අපි (සල්ලි කාරයෝ) කියන්නේ රටේ හෙණය නෙවෙයි, මේ රටේ සැගවුන ආශිර්වාදය. දැනටත් සෞඛ්‍ය, අධ්‍යාපනය දුර්වලයි කියලා කෑගහන රටක බඩු මිල, කරන්ට්,වතුර බිල්, ටෙලිෆොන්බිල් වැඩි කියලා අඩා වැලපෙන රටක තමයි අපි ඉන්නේ, මේ දේවල් වල දුර්වලතා තිබුනට මේවා දෙන්නේ නිකං නැතිනම් පාඩුපිට, ඒ කියන්නේ පිනට, අපෙන් ගරාගන්න සල්ලි ටික නැතිව මේවට රජයට ගෙවන්න විදියක් නැතිව පුද්ගලීකරණය කරලා මේ නිංක දෙන ටික සල්ලිවලට ගනිං කියලා කිවුවොත් මේ වගේ ඇට කොල්ලන්ට දුවන්න පාරමදි. (ඇයි හැමදේම සල්ලි වලට ගන්න එපැයි)

කොහොම හරි මම ඉක්මනට ඉක්මනට එතනින් ආවා මොකද තව ටිකක් මම එතන හිටියා නම් මට ඇටෑක් හාට් හැදෙන නිසා.

Monday, 5 June 2017

අනේ අම්මපා........



අද මගේ යාළුවෙක් කතා කලා ගොඩක් අමාරුයි කියලා, මම ඇහුවා ඇයි කියලා ඇගේ තෙල් ඇවිත් ඇග මහත් වෙලා නිසා කියලා තමයි කිවුවේ, දොස්තර කිවුවලු අඩුම කිලෝ පහක් වත් බර අඩු කරගන්න කියලා ඒ කතාව ඉවර උනාම මට මතක් උනා නෙගෙටිවු කැලරි ෆූඩ්ස් ගැන සැල්දිරි, ඇපල්, පිපිඤ්ඤා, තක්කාලි, ගොවාමල් එහෙම කියන්නේ ඔය නෙගෙටිවු කැලරි ෆූඩ්ස් තමයි. 

ඒත් ඇත්තටම නෙගෙටිවු කැලරි ෆූඩ්ස් කියලා කිවුවම ගොඩක් අය හිතන්නේ අපේ ඇගේ තියෙන ශක්තිය උරාගන්න කෑම ජාති කියලා ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මේ නෙගෙටවු කැලරි ෆූඩ්ස් වල තියෙනවා පොඩි විශේෂයක් ඒ තමයි මේවා බොහෝ දුරට තන්තු සහිත කෑම, නැතිනම් සීයයට අසුවක් විතර වගේ තියෙන්නේ ජලය විතරයි. ඒවගේම මේවායේ කැලරි තියෙනවා අනිවාරයෙන්ම. නමුත් පොඩි විශෙෂයක් තියෙනවා අපි කෑම ගන්නකොට අපේ ශරිරය යම් කැලරි ප්‍රමාණයක් වැය කරලා තමයි අපේ ආහාර වල තියෙන කැලරි ටික ශරිරයට අවශෝෂණය කරවා ගන්නේ. ඒ කියන්නේ උදාහරණයකට අපි කෑමක් ගත්තොත් ඒක හපන්න, ගිලින්න, ආමාශයේ ඇසිඩ් වලින් දියකරන්න, මහාඅන්ත්‍රය, කුඩා අන්ත්‍රය මගින් ජලය, පෝෂණ ද්‍රව්‍ය උරාගන්න ශරිරය යම් කැලරි ප්‍රමාණයක් වැය කරන්න වෙනවා ගොඩක් වෙලාවට අපි ගන්න කෑම වල මේ වැය වෙන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් තියෙන නිසාත් වැයවෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරිරයට අවශෝෂණය වන නිසාත් ඇගේ මේ කැලරි ග්ලයිකෝජන්, ග්ලුකොස්, ලිපිඩ් විදියට තැම්පත් වෙලා අපි මහත්වෙනවා, ඒත් මම කලින් කිවුව සැල්දිරි, පිපිඤ්ඤා වගේ කෑම වල තියෙන කැලරි ප්‍රමාණය අපි කටින් කාපු කෑම ගුදයෙන් පිටකරන තෙක් වැයවෙන කැලරි ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. සරළව කිවුවොත් ඒ කෑම කෑවම දිරවන්න යන ශක්තිය ලැබෙන ශක්තියට වඩා වැඩි. 

ඒවගේම තමයි නිතර නිතර පාරේ කරත්තයේ, පෙට්ටියේ තියෙන කඩ කෑම වගේම කෙටි කෑම වගේ දේවල් කන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවක හොදට බඩ පිරෙන්න බොන්න වතුර බෝතලක් ලග තියාගන්න එක ඇත්තටම ඇගට ගොඩක් ගුණයි. කඩ කෑම කෙටි කෑම කන්න හිතෙන හැම වෙලාවකම හොදට බඩ ෆුල් පිරෙන්න අර වතුර බෝතලේ බොන්න පුළුවන්නම් ගොඩ. ඒ වට‍ගේම තමයි තමන්ගේ එක කෑම වේලක් සැල්දිරි, තක්කාලි, ඇපල්, පිපිඤ්ඤා, ගොවාමල් වලින් විතරක් පිරිමහ ගන්න පුළුවන්නම් බර අඩු කරගන්න ඒකත් ලොකු උපකාරයක් වෙනවා. 

කොහොම හරි මගේ උපදෙස් ටික අහගෙන ඉදලා අන්නිමේදි කියපි හා හා කමක් නෑ ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා..... මුන්ට හොද හිතින් නොමිලේ උපදෙස් දෙන්න ගියාම ඕක තමයි වෙන්නේ. ආයි අහපන්කෝ එක වාක්‍යකට රුපියල් 100 ගානේ ගන්නවා මුන්ට උපදෙස් දෙන්න.

ගුරු පඩුරු

ඇත්තටම මම බ්ලෝග් එක ලියන්න මුලිකවම හේතුව උනේ මගේ කැහැල්ලවත් ගායවත් නෙවෙයි. එක දවසක් අමිල සර් පොඩි මාමාගේ කඩේට ඇවිත් කිවුවා ‘‘ පොඩි මා...