Sunday, 2 July 2017

රෝමය ගිණිගෙන අළු වෙනවා ..... නීරෝ වීනාව වයනවා



රෝමය ගිණි ගෙන අළුවෙද්දි නිරෝ වීනාව වැයුබව අපි ආසා ඇත්තෙමු. නමුත් ඇත්තටම ඔහු විනාව වැයුවද? යන්න ප්‍රශ්නාත්මකයි මන්ද යත් එම තොරතුරු සදහන් වන්නේ නීරෝගේ මරණයෙන් අවුරැදු දෙසියකට පසු නිසාය. නමුත් ඇත්තටම අපි හැමෝම නිරෝ ගැන දන්නේ ඔහු බොහොම විනෝදයෙන් රාජ්‍ය ගැන කිසිදු තැකිමක් තොරව රට පාලනය කල පාලකයකු ලෙසටය. එහෙත් ඇත්තටම ඔහු එහෙම පුද්ගලයකුනම් ඔහු තමන්ගේ රට අවුරුදු දහතුනක් පාලනය කලේ කෙසේද යන්න මා හට නිතැතින්ම නැගුණු ප්‍රශ්ණයකි. ඔහුගේ පාලන සමයෙහි එංගලන්තයේ බුඩිකානම් කාන්තාවක් රෝම පාලනයට විරුද්ධව කැරළි කොළහාල කරන්නට පටන්ගත්හ. එහිදි කැරළි කොළහල ඇතිවීමට පෙර ඔහු විසින් ගායස් සෙන්ටනියස් පලුනිස් නම් රෝම ජෙනරාල් වරයා එංගලන්තයට පිටත්කර හරින ලදී. එය ඔහු විසින් ගන්නා ලද ඉතාමත් ප්‍රශංසනාත්මක දේශපාලන තීරණයක්වේ. එසේම ඔහුවිසින් එංගලන්තයේ ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය ගායස් සෙන්ටනියස් පලුනිස් හට ලබා දුන්නේ ඔහු යුධකාමියෙක් හෝ අනුන්ගේ පහනින් එළිය බලන අවස්ථාවාදියෙක් නොවන බව පෙන්වමිනි.

ඇත්තටම නීරෝ වනාහි ඉංජිනේරු‍වෙකි. මුළු රෝමය පුරාම රෝමය පාලනය කර ඇත්තේ ධනවත් ව්‍යාපාරිකයින්, යුධ විරුවන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් වැනි ඉතාමත් බුද්ධිමත් පුද්ගලයන්ය, සමාජ වටිනාකමක් ඇති දැණුමක් තේරුමක් ඇති පුද්ගලයන් විසිනි. එම නිසා තමයි 1453දී රෝමය බිදවැටුනත් තවමත් අපි රෝමය ගැන කථාකරන්නේ, කෙසේ හෝ නිරෝ  හා ඔහුගේ ඉංජිනේරු සගයින් විසින් කොන්ක්‍රීට් යොදාගනිමින් ගොඩනැගිලි නිවාස ගොඩනැගිය හැකි ක්‍රමයක් සොයාගන්නා ලදී. මේ කාලය වන විට රෝමයේ ගොඩනැගිනි ගොහොමයක් ඉදිකර ඇත්තේ දැව වලිනි ඇත්තටම රෝම අධිරාජය තමයි වර්ථමාන ගිනිනිවිමේ හමුදාව වැනි භට පිරිසක් යොදාගත්තේ තමන්ගේ නගරයේ ඇති වන ගිනි නිවීම සදහා. එයට හේතුව වන්නේ රෝමගේ දැව ගොඩ නැගිලි නිරන්තරයෙන්ම ගිනිගැනීම් වලට හසුවිමයි. නමුත් නීරෝගේ මේ අළුත් සැලැස්ම ක්‍රියාත්මක කිරිමට අවස්ථාවක් ලැබුනේ නැ.

කෙසේ නමුත් ඔහුගේ යෝජනාව සෙනෙට් සභාව විසින් ප්‍රතික්ෂේක කල පසු ගතවූයේ දින කිහිපයකි නව කැරළිකාර ආගමක් වූ ක්‍රිස්තියානීන් පිරිසක් විසින් ඇතිකල ගින්නකින් රෝමය ගිණිගන්නට පටන් ගැනිනි. නිරෝ අධිරාජ්‍යා විසින් පුද්ගලිකවම තමන්ගේ පරිවාර සෙබලුන් සමග ගිනිගන්නා ස්ථානයන්ට ගොස් ගින්න නිවිමට පෞද්ගලිකවම සහභාගිවිය. ගින්නෙන් ගිනිගන්නා නිවාස ගොඩනැගිලි ඇතුලට නිර්භිතවගොස් එහි කොටුවී සිටි වැසියන්ව බේරාගන්නා ලදී. නමුත් අවසානයේදී ගින්න විසින් රෝමය අලුකර අවසන්ය. නමුත් දැන් සෙනෙට් සභාවට නිරෝ විසින් ඉදිරිපත් කල නව කොන්ක්‍රිට් නිවාස ව්‍යාපෘතිය ප්‍රතික්ශේප කිරීමට නොහැකිවිය. නැවත කවරදාකවත් රෝමය ගිනිගැනීමේන් ඇතිවන්නාවූ විපත්වල ගොදුරක් නෙවිමට මේ ශ්‍රේෂ්ඨ රාජකීය රජු විසින් කොන්ක්‍රීට් නිවාස ඉදිකරන්නට විය. අදටත් නටබුන් වශයෙන් රෝමයට ගියවිට අපි දකින්නේ නිරෝ හා ඔහුගේ පසුකාලීනයන් කොන්ක්‍රිට් වලින් කල නිවාස ගොඩනැගිලි ආදියය.

ඔහුගේ රාජකීයත්වයට හා ඉංජිනේරු විස්කම් වලට ඊරිෂියාකලා වූ පිරිස් ඔහු විසින් රෝමයේ ගින්න ඇති කල බවට කටකතා පතුරවන්නට විය. එසේම පසු කාලීනව රෝමය ගනිගනිද්දි නීරෝ නම් වූ මහා ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යා වීනා වැයු බවට ඔහුට අපහාස කරන්නට විය. නමුත් අපි විසින් එය නිවැරදි කලයුතුය, එය අපගේ යුතුකමකට වඩා වගකිමක් වන්නේය.

කඩේ යන්න පටන් ගත්තද?

නිකලෝ මැකියෝවැලි, නීරෝ, හිට්ලර් වැනි පුද්ගලයන් ගැන සලකන විට ඔවුන් වැටෙන්නේ ලෝකයේ නරක මිනිස්සු කියන කුලකයට, නමුත් මේ හැමෝම ඔබට මට වඩා ඉස...