Thursday, 13 July 2017

මිත්‍යා දෘෂ්ඨික මෝඩයෝ ...... විද්‍යාවේ නාමයක් දන්නේ නෑ



පෘථිවිය ඉර වටේ කැරකුනත් එකයි නැතත් එකයි මොකද මට සාපේක්ෂව මේ මුළු විශ්වයම කේන්ද්‍රවෙලා තියෙන්නේ මගේ වටේ නිසා. (සම්මුති අර්ථයෙන් ගත්තම) ඔබට අනුව මේ මුළු ලෝකයම කැරකෙන්නේ ඔබ වටේ මට අනුව මේ ලෝකයම කැරකෙන්නේ මගේ වටේ කවරදාකමවත් මගේ ලෝකය ඔබ වටා වත් ඔබේ ලෝකය මගේ වටාවත් කැරකෙන්නේ නෑ. මම මොනවා කරත් ඔබට මම පිට කෙනෙක් විතරයි. ඔබ මොනවා කලත් මට ඔබ පිට කෙනෙක් විතරයි. පරමාර්ථයෙන් ගත්කල අපි ඉරවටේ කැරකෙනවා තමයි ඒත් හැමදාම ඉරපායන්නේ මට මිසක් ඉරට පෘථිවිය පායන්නේ නෑ නේ ......

ඉතිං පෘථිවිය මේ විශ්වයේ මධ්‍ය යැයි කවුරු හරි කිවුවොත් ඌ මහ ගොනෙක් යැයි ඔබ කියාවි. නමුත් ඊලග පාර ඊට කලින් දෙපාරක් හිතන්න විශ්වයේ කෙන්ද්‍රය වෙන කොහේ හරි තිබුනයි කියලා ඔබේ ජිවිතයට මොකක්හරි දෙයක් උනාද? ඇත්තටම නෑ නේද? අපි ඉන්නේ අපට අවශ්‍ය විදියට අපිට සාපේක්ෂව මේ ලෝකය දුවනවා  නැතිව ලෝකයට සාපේක්ෂව අපි දුවනවා නෙවෙයි. 

මගේ වෙනස් විම මගේ වට පිටාව වෙනස් කරනවා මිසක් වටපිටාවේ වෙනස් වීම මාව වෙනස් කරන්නේ නෑ. (නමුත් වරදවා වටහාගන්න එපා ඇතැම් විට වෙනත් කෙනෙකුගේ වෙනස් විම නිසා වෙනස් වෙන පරිසරයට අනුව අකමැති උනත් අපිට වෙනස් වෙන්න සිදුවෙනවා) සමහර විට අපි දැණුමෙන් අන්ධ වෙන්න කලින් මෝඩකමන් ලෝකය දැකලා ඉන්න ඕනි මට මේ කතාව හිතුනේ පෘථිවිය ඉරවටා කැරකෙනවා, ඉර පෘථිවිය වටා කැරකෙනවා කියන කතාව ඇහුනට පස්සේ. නමුත් ඇත්තමට වෙන්නේ සෑම දෙයක්ම අපිට අනුව අපි අත්දකින් එකයි ඒ කියන්නේ හැම දෙයක්ම අපි වටේ කැරකෙනවා කියන එක. මට හිතාගන්න අමාරුයි ඇයි ගොඩක් අයට මේ ගැන හිතාගන්න අමාරු කියලා. මොකද අපි ඉර වටේ යනවා කියලා දැනගත්තා කියලා අපිට බිජු ලැබෙනවා යැ. 

සරළවම කිවුවොත් කවුරුහරි අපිට කිවුවම මේ ලෝකයේ මධ්‍ය අපි කියලා ඇත්තමට ඒකේ බොරුවක් වත් වැරැද්දක්වත් නෑ. ඇත්තටම ආගම් ඇත්ත කියපු විද්‍යාව බොරු කියපු දෙයක් තමයි අපි වටා ලෝකය කෑරකීම



කඩේ යන්න පටන් ගත්තද?

නිකලෝ මැකියෝවැලි, නීරෝ, හිට්ලර් වැනි පුද්ගලයන් ගැන සලකන විට ඔවුන් වැටෙන්නේ ලෝකයේ නරක මිනිස්සු කියන කුලකයට, නමුත් මේ හැමෝම ඔබට මට වඩා ඉස...