Sunday, 23 July 2017

කඩේ යන්න පටන් ගත්තද?



නිකලෝ මැකියෝවැලි, නීරෝ, හිට්ලර් වැනි පුද්ගලයන් ගැන සලකන විට ඔවුන් වැටෙන්නේ ලෝකයේ නරක මිනිස්සු කියන කුලකයට, නමුත් මේ හැමෝම ඔබට මට වඩා ඉස්සරහින් ඉන්න අය මොකද මේ අය ඉතිහාසයේ නම තියලා ප්‍රසිද්ධ වෙලා ඉවරයි වගේම ඔබ මේ ලෝකයේ නම තියපු ප්‍රසිද්ධ කෙනෙක් නම් ඔවුන් ඔබට කලින් තමන්ගේ නම තියලා ඉවරයි ඒ අතින් බලන විට ඔවුන් මේ ලෝකයේ බහුතරයක් පරද්දලා ඉවරයි.

මම හිතන්නේ නීරෝ ගැන ඔබ දන්නවා මමත් ඔහු ගැන ලිපියක් ලියුවා මෙතනින් ඒක බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි හිට්ලර් ගැන ඉතිං මම කියන්න ඕනි නෑනේ. පලමු ලෝක යුද්ධයෙන් පසු තමන්ගේ රටේ ජීවත් වෙන කම්කරුවන් වෙත් රටවල ජීවත් වෙන ධනවත් පුද්ගලයන් වගේ නොයෙක් රටවලට නිවාඩු කාලයට නිවාඩුව ගත කරන්න යන්න පුළුවන් වෙන තරමට තමන්ගේ රටේ ආර්ථිකය දියුණු කරපු පුද්ලයෙක්. (ඇ..හ්... ඔබට ඕනි දෙයක් කියන්න පුළුවන් ඒ නිදහස තියෙනවා ඒත මම කියන්නේ ඇත්ත ටිකක් හිතලා බලන්න මම දන්නවා ඒක ඔබට අමාරුයි කියලා මොකද ඒක කරන්න බැරි නිසා.) 

ඇත්තටම මම මේ ලිපිය ලියන්නේ නීරෝට වත් හිට්ලර්ට වත් නෙවෙයි. නිකලෝ මැකියෝවැලි වෙනුවෙන් ඇයිද කියලා මම කියන්නම්කෝ. අපි එකටම යමුකෝ, දන්නැති අයට දැනගන්නත් එක්ක කවුද මේ මැකියෝවැලි කියලා නිකලෝ මැකියෝවැලි කියන්නේ ෆෝලෝරන්ස් වල හිටිය සිවිල් පරිපාලන නිලධාරියෙක්. ජන රජ නිලධාරියෙක් කොහොම හරි ලොරේන්සෝ ද මෙඩිචී ෆෝලෝරන්ස් වල පාලන බලය ගත්තට පස්සේ ඔහුව ගම්බද ප්‍රදේශයට පිටිවහල් කලා ඒ කාලය තුලදී ඔහු විසින් ඔහුගේ ඉතාමත් ජනප්‍රිය පොතක් උනු ද ප්‍රින්ස් නැතිනම් කුමාරයා කියන් පොත ලියුවා. නමුත් එහි පල කිරිම සිදු උනේ ඔහුගේ මරණයෙන් අවුරුද පහකට පස්සේ (උගේ කරුමේ අපේ වාසනාව කියලා හිත හදාගනින්, නිවුටන්ට වගේ) කොහොම හරි මේ කුමාරයා කියන් පොතේ තමයි තියෙන්නේ මුළු ලෝකයේම මිනිස්සු අහලා තියෙන ජනතාවගේ ආදරයට පාත්‍ර වීමට වඩා ඔවුන්ගේ බියට හේතුව වීම වටිනවා එසේම සියල්ලේහිම වඩා වැදගත් වෙන්නේ අවසානයයි (අපේ රටේ විදියට කියනවානම් ඉතිහාසය විසින් මා නිවැරදි කරාවි) යන අපි විසින් වැරදියට වටහාගත් කරුණු දෙක.

නමුත් අපි හැමෝම දන්නවා වැඩක් කරන්න උපදෙස් දෙනවට වඩා වැඩක් කරන එක මාර අමාරුයි කියලා ඒ වගේ ම සමහර විට අපි වැඩක් කරනකොට සමහරු අපිට මහ ගොන් උපදෙස් දෙනවා කියන එකත් නමුත් අපි අනාගත්තට පස්සේ අපිට මතක් වෙනවා ඇත්තටම අපි අර ගොන් උදේශය කියලා අහක් කරපු එක පිලිගත්තා නම් මෙච්චර ඇන ගන්නේ නෑ කියලා, ඒ වගේම ඒ උපදේශය දීලා තියෙන්නේ පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක් කියන එකත්. ඇත්තටම මැකියෝවැලි තමන්ගේ කුමාරයා පොතෙන් කරලා තියෙන්නෙත් ඒ වගේ වැඩක් අනාගන්න කලින් අනාගන්නේ නැතිව වැඩ කරන හැටි තමයි උපදෙස් දිලා තියෙන්නේ. අපි හැමෝම කැමති හරිම කාරුණික අනන්තයෙන් ආපු තරු කුමාරයා වගේ පොරක් අපේ රටේ පාලකයා වෙලා අපි ගැන හැම වෙලාවකම හොයලා බලනවට, ඒ වගේම අපි කැමති කවුරුහරි අපිට කෙලෙවුවොත් මේ අනන්තයෙන් ආපු තරු කුමාරයා වගේ ඉන්න පාලකයා ඇවිත් ඌට කෙලවනවට ඒත් ඇත්තටම ඒක කරන්න බෑ පාලකයෙක් පොලොවේ පයගහලා ඉන්න ඕනි. එහෙම ඉදගෙන පාලනය කරන්න, මොනාද කරන්න ඕනි කියලා පොලොවේ පය ගහලා ඉන්න මිනිහෙක් විදියටයි ඔහු උපදෙස් දිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි රාජ්‍ය පාලනය ලේසි වගේ පෙනුනට ඒක පට්ට අමාරුයි කියලා ඔහු දන්න නිසා.

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...