Saturday, 8 July 2017

මගේ ප්‍රථම ආදරය



ආදරය ගැන මම දන්නේ බොහොම ටිකයි. මොකද මම තාම ආදර කරලා සාර්ථක උනේ නැති නිසා. ඒත් ආදරය ගැන දන්න ඇයෝ ගොඩක් ඉන්නවා ටෙලි නාටකයක, චිත්‍රපටියක ලංකාවේ / ඉන්දියාවේ බොහෝ දුරට කතාව පටන් ගන්නම හේතුව ආදරය. ආදරය නිසා කොල්ලා අවුරුදු ගානක් කරාටි ගහන අවුරුදු ගානක අත්දැකිම් තියෙන පුද්ගලයෙක්ව දවස් දෙකෙන් බල්ලෙක්ට වගේ ගහලා පන්නනවා, නැති නම් කෙල්ලත් එක්ක බාධක කරදර මැදින් පැනලා ගිහින් කසාද බදිනවා. නමුත් ආදරය කරපු අත්දැකිම් තියෙන අයට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන් කොච්චර ට්‍රයිකලත් තමන් මොනවා කලත් ඇතැම් විට තමා කැමති ගැණු ළමයා තමන්ට කැමති වෙන්නේ නෑ. ඒ වගේම තමයි, තමා එක්ක යාළු වෙලා ඉදලා අනිතිමේදි වෙන්වෙන ගැණු ළමයා දාසියක් වගේ වෙන කෙනෙක්ට වහල් වැඩ කරනවා, ගුටිකනවා, බැනුම් අහනවා, තමන් එක්ක යාළුවෙලා ඉද්දි වැරදීමකින් අත වැදුනත් පැය ගාණක් අඩන, වචනේ වැරදුනොත් මට සමාවෙන්න කියනකම් බුම්මගෙන හිටපු, නැති නම් වාහනේ නැතිව පයින් අඩියක්වත් තියලා එළියට බැහැපු නැති ළමයා ම තමයි මේ.

දැන් සමහරු හිතයි මූට මේ මොනාද වෙලා තියෙන්නේ කියලා? ඒ එක්කම හිතයි හොද වර්ගයේ බූට් එකක් සැරට කාලා ඇති කියලා, ඒත් ඇත්තටම මම මේ කිවුව කතා මගේ හිතට ආවේ ඉවාන් තුර්ගේනිව් මහතාගේ පළමු ආදරය කියන පොත කියවුවට පස්සේ. තකාවේ කතා නායකයා දුප්පත් නමුත් රූමත් වංශවත් තරුණ කෙල්ලක්ට ආදරය කරනවා, නමුත් ඇය ‍මොහුට වඩා අවුරුදු පහක් වැඩිමල් (අපේ අය පහුගිය කාලේ ඇහුවානේ මල්ලි කෙනෙක් අක්කා කෙනෙක්ට ආදරය කලාම මොකද කියලා) නමුත් අවාසනාවට ඔහු පමනක් නොවෙයි මැයගේ අත ගන්න බලාගෙන ඉන්නේ, ප්‍රභු පැලැන්තියට අයත් වෙන දොස්තර, කපිතාන්, ආදිපාද වරයෙක්, ව්‍යාපාරිකයෙක් වගේ චරිත හමුඋනත් අපේ කතා නායකයා එක සැරයක් ඇය වෙනුවෙන් කොතරම් ආදරෙයිද කියලා ඇට පෙන්වන්න ඔහු අඩි විස්සක් (මතක විදියට) උඩ ඉදන් බිමට පනිනවා, ඒ ඇය කියන නිසා. කෙසේ නමුත් ඇය අවසානයේ කැමති වෙන්නේ අපේ කතානායකයාගේ පියා හා අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීමටයි. නමුත් එහිදී ද එය ප්‍රසිද්ධියට පත්වීම නිසා පවුලේ අඩදබර ඇතිවීම් ඔහු ගේ සිත ගත් තරුණියගේ කුටියෙන් තම පියා එන සැටි, තම පියාගෙන් ඇය කස පාර කන හැටිත් එහිදී ඇය කිසිම අයුරකින් කෙදිරියක්වත් නොගා ඉවසාගෙන දරාගෙන ඉන්න හැටි, ඒ වගේම සත්‍ය ආදරය තුලින් ඔහුගේත් ඇයගේත් අවසාන හමුවීම හා ඇයගේ අවසන් තීරණය, මේ වගේ වර්ථමානයේ අපේ  කාලයට අයත් අපි විසින් අත්විදින සැබැ අත්දැකීම් රාශියක් එම කතාව තුල සමන්විතයි. ඒ වගේම ගැහැණු ළමයෙක්ම අපි ඉමහත්ඩලෙස ආදරය, කැපකිරීම්, පරිත්‍යාග කිරීම් කරද්දීත්, වෙන කෙනෙක් ලගට ගොස් ඇණුම් බැණුම් අහගෙන ගුටි කාගෙන ජීවත්වෙන්නේ ඇයි කියන එකටත් එයට හේතුවත්, පිලිතුරත්, පැහැදිලි කිරීමත් මෙම පොතේ (First love) තිබෙනවා, මම හිතන්නේ ආදරය කරනවා නම් නැතිනම් ආදරය කරන්න හිතාගෙන් ඉන්නවා නම් අනිවාරයෙන්ම මේ පොත කියවන්න ඕනි. 

හැම දේටම හේතුව සැබැ ආදරයයි. එය හිමිවීම හෝ නොවීම ඔබ විසින් ආදරය ඉල්ලන කෙනාගේ තීරණයයි. යන්නා වූ පදනම මත සිට ලියු මෙම නවකතාව රුසියානු සාහිත්‍ය යුගයේ ස්වර්ණමය යුගයේදී ලියවුනු ඉතාමත් ලස්සන ප්‍රේමණීය නවකතාවක්, ආදරය ගැන මගෙත් තිබුනු හුගක් ගැටළු වලට පිලිතුරු මේ කතාවෙන් මට ලැබුනා.

කඩේ යන්න පටන් ගත්තද?

නිකලෝ මැකියෝවැලි, නීරෝ, හිට්ලර් වැනි පුද්ගලයන් ගැන සලකන විට ඔවුන් වැටෙන්නේ ලෝකයේ නරක මිනිස්සු කියන කුලකයට, නමුත් මේ හැමෝම ඔබට මට වඩා ඉස...