Friday 30 November 2018

සමානාත්මතාවය


කාන්තාව හා පිරිමියා වෙනස් වෙන්නේ හේතු දෙකක් මත පමණි
01.   සමාජමය හේතු
02.   ජීව විද්‍යාත්ම හේතු
මෙහිදී ඔබ සමාජමය හේතු අවම කිරීම සිදුකරන තරමටම ජීව විද්‍යාත්මක හේතු උපරීම වීම සිදුවේ.
එසේම මනෝ විද්‍යාත්මකව කාන්තාව හා පිරිමියා වෙනස්වෙන්නේ
01.  පිරිමියා ද්‍රව්‍යන්ට කැමැත්ත දක්වයි
02.  ගැහැණිය පුද්ගලයන්ට කැමැත්ත දක්වයි
(බොහෝ දුරට)
සමානාත්මතාවය උපරිම සමාජයක් බිහි කිරීමට නම් සිදුකලයුත්තේ සමාජයේ සිටින පුද්ගලයන්ට තෝරාගැනීමේ අවස්ථාව උපරිමව ලබා දීමය. නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්ණය නම් තෝරාගැනීමේ අවස්ථාව උපරිම වන විට ඒක පුද්ගල වෙනස්කම් ද උපරිම වීමය. එසේ වූවද තෝරා ගැනීම් සීමා කිරිම තුලින් සමානාත්මතාවය උපරිම සමාජයක් බිහිවන්නේ නැත.
මෙහිදී ඔබට තෝරා ගැනීමට ඇත්තේ සමානාත්මතාවය උපරිම සමාජයක් හෝ ඒක පුද්ගල විවිධත්වය උපරිම සමාජයක් පමණි. මෙම අවස්ථා දෙකම එකවර ලගාකර ගත නොහැකිය. මන්ද යත් මිනිසාගේ ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම් සමාජ ඉංජිනේරු විද්‍යාවෙන් වෙනස්කල නොහැකි නිසාය.
මෙහිදී ඇතිවන ජනප්‍රිය මාතෘකාවක් වනුයේ කාන්තා විමුක්තියයි.
කාන්තා විමුක්තිය ලැබෙන්නේ සමාජ ප්‍රතිපත්ති හෝ සමාජ ඉංජිනේරු විද්‍යාව නිසා නොව, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව නිසාය.
උදාහරණ
01.   උපත්පාලක කොපු හෝ පෙති      -           කාන්තාවන්ට ලිංගික ඇසුර ලබා ගැනීමේදි පිරිමියාට මෙන් අවශ්‍ය මොහොතේ හෝ දිනයේ දී සිදුකිරිමට නොහැකිය, මන්දයත් ජීව විද්‍යාත්මකව ඒ සදහා සීමා පැනවී ඇති නිසාය. කාන්තාව හා පිරිමියා අතර ඇති මෙම අසමානතාවය පරිනාමනයේදි කාන්තාව හා පිරිමියා හැසිරිම් රටා දෙකක් (මූලික වශයෙන්) දක්නට ලැබේ. නමුත් උපත්පාලක කොපු හෝ පෙති සමාජ ගතවීමෙන් පසු කාන්තාවටද පිරිමියාට මෙන්ම ජීව විද්‍යාත්මක බාදකය බිද දමා පිරිමියා හා සමාන නිදහසක් භුක්ති විදිමය.
02.   පිරිසිදුකම          -           මම මේ කියන්නේ කාන්තාවක් ඇදේ තියලා බලන පිරිසිදුකම නොවෙයි. සැබැ පිරිසිදුකම සනිපාරක්ෂක පහසුකම්, අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම්, ගේදොර හා අවට පරිසරය පිරිසිදු කිරීමේ පහසුකම් ආදියයි. වැසිකිලි පහසුකම් පෙර පැවතියේම නැති තරම්ය එනම් අවශ්‍යතාවය මතු වූ වහාම කැළයට දිවීමද, පසුකාලීනව ගෙදර අහල පහල පිහිටි වැසිකිලියට යැම හා ඊටත් පසුව නිවසතුලදීම (වොෂ්රූම්/බාත්රූම්) එම පහසුකම් සලසාගැනීමට හැකිවන ලෙස තාක්ෂණය දියුණුවීම, අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙරනම් කලේ ගෙදර තිබෙන කුණු ගෙදර වලකට දමා පිලිස්සීමට, (මෙය දැන්ද දකිය හැක.) අපද්‍රව්‍ය බැහැරකිරීමට කාණුපද්ධති, ගලිබවුසර් සේවා, කුණු රැගෙන යෑමේ සේවා ආදිය මෙන්ම වොෂින් මැෂින්, පිගන් සෝදන මැෂින්, වැකුම් ක්ලීනර් හා වර්ථමානයේ අළුතින්ම එකතුවූ වැකුම් රෝබෝ වරු නිසා කාන්තාවන්ට අත්ව ඇති සැනසිල්ල අතිමහත්ය.
03.   විදුලිය
04.   අන්තර්ජාලය
05.   ගමනාගමන පහසුම්
06.   ජල නල පහසුම්
විස්තර නොකරද කාන්තාවන් මෙම උදාහරණ තුලින් ලබා ඇති පහසුකම් අති මහත්ය.

අවසානයේ සාරාංශයක් ලෙස ඉදිරිපත් කරනුයෙමි.
01.   පුද්ගල සමානාත්මතාවය නොමැති වීමට හේතු දෙකකි. 1. සමාජමය හේතු 2. ජීවවිද්‍යාත්මක හේතු.
02.   මනෝ විද්‍යාත්මකව ගත්කල පිරිමියා ද්‍රව්‍ය වලට කැමතිවීමත් කාන්තාව පුද්ගලයන්ට කැමතීවීම හා උපරිම සාමානාත්මතාවය ලගාකර ගැනීමේදී ඒක පුද්ගල විවිධත්වය උපරිම වීම දැකිය හැක.
03.   කාන්තා විමුක්තිය ලැබුණේ හා ලැබෙනුයේ සමාජ ප්‍රතිපත්ති මත හෝ සමාජ ඉංජිනේරු විද්‍යාව නිසා නොව, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව නිසාය.

Saturday 27 October 2018

Golden boy syndrome

Golden boy syndrome යන මානසික රෝගය වැඩිහිටි යන්ගේ ළමා කාලයේ දී ඔවුන්ට සිදුවූ අපචාරයන් නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම අපචාරාත්මක ක්‍රියාවලිය නැතිනම් ක්‍රියාව වනුයේ වැඩි සෙනෙහෙ පෑම හා වැඩි ආරක්ෂාව සැපයීම තුලිනි. ඔබ බලනවා ඇති මේ මොකක්ද කියා, සාමාන්‍යයෙන් වැඩිහිටියකුගේ මනෝ මට්ටම පිරිහෙනුයේ ඔහු ළමා කාලයේ ශාරීරික මානසික ව ඉතා දැඩි පීඩනයට පත්වූ විටය. එය අපි දන්නා දෙයක් වේ, නමුත් ළමයෙකුට කුඩාම අවදියේ පටන් දැඩි ලෙස ආදරය හා දැඩි රැකවරණය ලබා දීමෙන් දරුවා වැඩිහිටියකු වූ පසු ඔහුට වැලඳෙන රෝගයක් පිළිබඳවයි මා මෙහි සඳහන් කරන්නේ. අපි ළමයි හදද්දි උගන්වන්නේ ළමයාගේ හිත රිද්දන්න එපා කියා ඒ නිසා දෙමාපියන් වශයෙන් අපි ළමයාට සියල් සම්පත් ලබාදෙන අතර ඔහුට වඩා කෙරුමෙක් නැතැයි ප්‍රකාශ කරනු ඇත.

යම් අවස්ථාවක ඔහුගේ වාර විභාග ලකුණු අඩු වුවහොත් දෙමව්පියන් ගුරුවරයා හමුවට ගොස් ගුරුවරයාගෙන්  පිළිබඳ ප්‍රශ්න කරනු ඇත. ජය පරාජය නොවේ සහභාගී වීමයි වැදගත් කියා ඔහුට සහතිකයක් ලබා දෙවනු ඇත. ළමයින් අතර රණ්ඩුවක් ඇති වුවහොත් එය ළමයින්ට විසඳා ගැනීමට ඉඩ නොදී දෙමව්පියන් මැදිහත්වී වැරැද්ද කෙසේ වෙතත් තමාගේ ළමයාට ජයග්‍රහණය ලබා දෙනු ඇත. මෙම දෙමව්පියන්ගේ වැරදි හැසිරීම නිසා ළමයා වැඩිවියට පැමිණෙන විට ඔහුට අනවශ්‍ය අවධානයක් හා අනවශ්‍ය ඔලුව ඉදිමීමකට ලක් ව ඇත. සමාජයට ඔවුන් පැමිණි විට පළමුව ප්‍රකාශ කරනුයේ ‘‘තමුසේ දන්නවද මම කවුද කියලා?‘‘ මෙහිදී සමාජය විසින් ඔහුට නිවෙසේ දී ලැබෙන ඉතාමත් දැඩි හා අනවශ්‍ය අවධානයක් නො ලැබෙනු ඇත. මෙහිදී වැඩිහිටියන් බවට පත් වූ මෙම ළමයින් දැඩි ලෙස කෝපයට පත්වෙයි. යම් අවධානයක් ලැබුණ ද එම අවධානය ඔහුට නොසෑහෙන ඇත.

මම තමයි පොර ලෙස සිතා ගෙදරින් එලියට බහින ඔහු මගදී පොරක් නොවනු ඇත. මෙහිදී ඇතිවන විපර්යාසයක් වනුයේ ඔහු විසින් සමාජයෙන් තමාට අවධානයක් ලැබෙන ලෙස තම චරිතය මාරු කිරීමට උත්සාහ කිරීමය, එනම් මැරයෙක්, ඒකාලයේ සිට ම පොරක්, සල්ලි විසිකර න ඩයල් එකක්, ලිංග මාරු වූ ශ්‍රේෂ්ඨ පොරක්, නිරාගමිකයෙක්, සමලිංගිකයෙක්, සිස්ටම් එක වෙනස් කරන කෑගහන විප්ලවවාදීයෙක් යන ආදී චරිත වීමට උත්සාහ කරනු ඇත.

අනිත් කරුණ වනුයේ මෙම රෝගය වැළඳුණු පුද්ගලයන් ගේ දැකිය හැකි ගති පැවතුම් ලක්ෂණ අතර දැඩි මුරණ්ඩු කම, බුද්ධිමය සංවාදයකට තමාගේ දැනුම ප්‍රමාණවත් නොවේ නම් අතින් පයින් සංවාදයට යෑම, තමාට සිදුවන ඇනුම් බැනුම් සිත් රිදවීම් වලට පළි ගැනීමට උත්සාහ කිරීම, තම මතයට විරුද්ධ වන්නන් හා තම මතයට විරුද්ධ මතයක් ඇසුණු විගස කෝපයට පත්වීම, රැවටීම, වංචා කිරීම, මෙන්ම බොරු පැමිණිලි කිරීම, චරිත ඝාතන, මඩ ප්‍රහාර එල්ල කිරීම වැනි පෞද්ගලික හැසිරීම් රටා දැකිය හැකිය, හිතාමතා සිදුකරන කුමන්ත්‍රණ මගින් සමාජයේ ස්ථාවරය විනාශයට පත් කිරීම යනාදිය ද උදාහරණ වේ.


මෙම රෝගී තත්වය අනාගතයේදී තම දරුවාට වැළඳීම වැළැක්වීම වර්තමාන දෙමව්පියන් හා භාරකරුවන් වගබලාගත යුතුය. මන්ද මානසික රෝග වලදි ක්‍රියාව වර්තමානයේ වුවද ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයේ නිසාය. වඩාත් සරලව කිවහොත් මෙහිදී ලබාගත හැකි හොඳම ක්‍රියාමාර්ගය නම් දරුවාට තම වැඩ කිරීමට භාරදීමය. (මා මෙහිදී ප්‍රකාශ කරනුයේ සමාජානු කූලවය.) සීමා රහිත වීම හෝ දැඩි සීමා සහිත වීම මානසික රෝග වල දීමට හේතුවක් වනු ඇත මධ්‍යම ප්‍රතිපදාව ඉතා අගනේය. අතීත මුතුන්මිත්තන් ප්‍රකාශ කරන ලද හැදි නොගා හදන හොද්දේ ගන්න හොඳම උදාහරණයයි. එමෙන්ම ජයග්‍රහණය හා පරාජය රස විඳීමට ඉඩ දීම ජයග්‍රහණයට උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය, පුහුණුව අවශ්‍ය බවත්. මෙවැනි දේවල් තමන්ට වඩා වැඩියෙන් ප්‍රතිවාදියා කැප කර ඇත්නම් ප්‍රතිවාදියා දිණන බවද, ප්‍රතිවාදියාට වඩා තමන් කැප කර ඇත්නම් තමන් දිණන බව ද පහදා දෙන්න. දරුවාට සමාජය තැලෙන පොඩිවෙන ඉඩදෙන්න, නමුත් ඕනවට වඩා හෝ ඕනෑවට වඩා අඩුවෙන් එය සිදුවීමට ඉඩ ලබා නොදෙන. ඒ පිලිබඳ පරීක්ෂාකාරී වන්න. තමා විශේෂ නොවන බව තමාගේ විශේෂත්වය තමා විසින් කැපකිරීමෙන්, මහන්සියෙන් උපයා ගත යුත්තක් බවත් දරුවාට වටහා දිය යුතුය.


Monday 24 September 2018

ඵලක් නෑ


වර්ථමාන සමාජයට හා සමාජ දැණුමට අනුව අතීතයේ ලියවූ ආගමික පොත් වල සත්‍යක් නැතැයි ප්‍රකාශයක් ඇසුනු විට ඔබ එයට ලබා දෙන පිලිතුර කුමක්ද? මන්ද යත් අතීතයේ සිටියාට වඩා අපි දැන් ඉතා විශාල වශයෙන් දැනුමෙන් හා තාක්ෂණයෙන් දියුණු වී ඇති නිසා.

එම ආගම් පොත් වල වාක්‍යයෙන් වාක්‍යට ගත් විට නැත, ඡේදයෙන් ඡේදයට ගත් විට සමහර විට, මුළු ලේඛණයම ගත් විට නැත. යන්න පිලිතුරයි. මන්ද යත් මෙය තමයි සංකීර්ණ වල ලේඛණ වල ඇති අනන්‍යතාවය හා අනම්‍යතාවය.

උදාහරණයකට ගන්න චිත්‍රපටියක් මෙම චිත්‍රපටියේ යම් යම් තැන් අපැහැදිලි උනත් අපි චිත්‍රපටිය රස විදිනවා මේ චිත්‍රපටිය අපිව යම් චින්තන රටාවකට හුරු කරණවා නමුත් මෙම චිත්‍රපටියේ පෙරලියක් (Twist) ඇති චිත්‍රපටියක් වූවහොත් එතෙක් වේලා චිත්‍රපටිය ගොඩ නැගූ අපේ චින්තන රටාව හා රසවිදිම  සම්පූර්ණයෙන්ම වෙනස් වනවා ඇත. මෙහිදි පෙරලියකට (Twist) පෙර යම් අවස්ථාවක් හෝ පෙරලියට පෙර චිත්‍රපටියේ කතාව යොදාගෙන චිත්‍රපටිය විවේචනය කිරීම මෝඩ කමකි.

එසේම යම් වචනයක් හෝ වාක්‍යක් යොදාගෙන සංකීර්ණ ලේඛණයක් විවේචනය කරණ කරන විට එමගින් ඔබගේ මන්ද බුද්ධික භාවය පෙන්වීමට උත්සහ කරන බව පිලිගත් න්‍යාය වේ. (ආගම් හා ආගම් ලේඛණ විවෙචනය කරණ විට සැම විටම සිදුවන්නේ මෙයය) මන්දයත් වචන, වාක්‍ය, ඡේද දහස් ගණනක් සහිත සංකීර්ණ ලේඛණයක් ඉදිරිපත් නොකර වචනයක් හෝ වාක්‍යක් ඉදිරිපත් කරණ නිසාය.

කල යුත්තේ සංකීර්ණ ලේඛනය කියවා තේරුම් ගෙන එහි පණිවිඩය ලබා ගැනීමය. එය නිකම්ම නිකං ලැබෙන්නක් නොව උත්සහයෙන්, මහන්සියෙන්, කැපවීමෙන් ලබාගත යුතු දෙයක්ය, ඒ සදහා කැපකිරීමක් කල යුතුය. ඒ සදහා ඔබට හැකියාවක් නැතිනම් මෙම සංකීර්ණ ලේඛණ වලින් ඔබට ප්‍රයෝජනයක් නැත. එමෙන්ම මේ ලේඛණ වලට ඔබෙන්ද ප්‍රයෝජනයක් නොමැත.

නමුත් මෙම ලේඛන වලින් ඵලක් ප්‍රයෝජනයක් ගන්නා පුද්ගලයන්ද ඇත. අනිවාරයෙන්ම ඔබ ඔවුනට බාධා නොකල යුතුය, බාධාවක් නොවන ලෙසට හැසිරිය යුතුය, මන්ද යත් ඔබට එසේ කල නොහැකි නම් ඔබ නිකම්ම නිකං අපතයෙක් වන නිසාය.

රුසියාව


රුසියාව සිය තරුණ ජනතාව වසර හතරක් හෝ හයක් යුධ හමුදා සේවයේ යොදවා එම කාලය අවසන් වූ පසු වසර නවයක කාලයක් ඔවුන් අතිරේක හමුදා පිරිස් (Reserves) ලෙස යොදවා තබා ගනී. මෙම ක්‍රමය රුසියාව ඉතා විශාල කාලයක් තිස්සේ සම්ප්‍රධායක් ලෙස කරගෙන යන සිද්ධාන්තයකි.

මෙය සෙවනැලි හමුදා ගොඩ නැගීම ලෙසද හැදින්වේ. මෙහි ඉතා වැදගත් අවස්ථාවක් ලෙස දෙවන ලෝක යුද්ධයේදි රුසියාව ජර්මනිය සමග යුධ කිරීමට ඇති තරම් සෙබලුන් සිටිමට හේතුව ලෙස පෙන්වා දිය හැකිය. රුසියාව මෙම ක්‍රමය වර්තමානයේ දි පවත්වාගෙන යනවා මෙන්ම අනාගතයටද පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත.

රුසියාව පමණක් නොව චීනය, ජපානය, ඇමරිකාව, ඊශ්‍රයලය, යුරෝපයේ සෑම රටක්ම සරළව කියුව හොත් ලෝකයේ දියුණු හා බලවත් සෑම රටක්ම මෙම ක්‍රමය අනුගමනය කරනවා ඇත. මෙතුලින් එම රටේ සටන්කාමි ජනතාවක් හා දේශප්‍රමින්ට තම දේශය වෙනුවෙන් නැගි සිටිමට අවශ්‍ය පුහුණුව හා ශක්තිය ලැබෙනු ඇත. එමෙන්ම විනයක්, පුහුණුවක් හා හික්මීමක් සහිත තරණ ජනතාවක් රටට ලැබිම අමතර වාසියක් වනු ඇත.



Thursday 13 September 2018

විශ්වාසය


ආගම විශ්වාස කිරීම නැවතු වහාම මිනිසා වෙන යමක් විශ්වාස කිරිම ආරම්භ කරණු ඇත. 1800 සියවස අවසානයේදි රුසියානුවන් ආගම විශ්වාසි කිරිම අතහැර කොමියුණිස්ට් වාදය විශ්වාස කිරීමට පටන් ගත්හ. නාසි ජර්මනිය ආගමින් පසු ජාතිකත්වය විශ්වාස කිරිමට පටන් ගත්හ. 1960 දශකයේ කැනඩාවේ කොබැක් ප්‍රාන්තයේද මෙය මෙය සිදුවිය. එමගින් කොබැක් බෙදුම් වාදි ගැටුම් කැනඩාව තුල ඇතිවිය.

ලංකාව තුලද නිරාගමික රැල්ලක් ඇත. මෙම නිරාගමික රැල්ල ඉහල යන්න යන්න ලංකාව තුල ජාතිවාදි ගැටුම් උත්සන්න වු බව මාගේ මතයයි. එමෙන්ම ලංකාව තුල ඇති ජාතිවාදි හා වර්ගවාදි ගැටුම් වලට හේතුව ආගම අතහැර ජාතිකත්වය විශ්වාස කිරීම බව මාගේ විශ්වාසයයි. එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වරක ප්‍රකාශ කර සිටියා ශ්‍රී ලාංකිකත්වය පරයා ජාතිත්වය හා ප්‍රාදේශීත්වය ඉහල යන බව. (එනම් ශ්‍රී ලාංකිකත්වය පරයා අපි දකුණේ, උඩරට, වෙල්ලස්සේ, නැගෙනහිර, මම දෙමලෙක් වැනි අදහස් ව්‍යාප්ත වීමය. )

මාගේ අදහස නම් වර්ථමාන ලාංකිකයා ආගම අතහැර යන අතර හෝ යැවීමට උත්සහ කරවීමෙන් සිදුවන්නේ ලංකාව තවදුරටත් අගාධයට යෑමය.



Thursday 30 August 2018

මාස්ටර් ඈෂ්

මාස්ටර් ඇෂ් හමුවීමට පැමිණි අමුත්තා ඔහුට මෙසේ කීය.

‘‘ මාස්ටර් මේ ලෝකේ මාගේ ජාතියේ නරක මිනිස්සු ඉන්න් 0.05% විතරයි. ඒ නිසා අනිත් 99.95% ට බැනි වැදීම වැරදී“

මාස්ටර් ඈෂ ඹහුට පේන්නට කිරි ජෝගුවක් ගෙන එයින් මිලිමිටර් 995 ක් පෙරාගෙන විදුරුවකට දැමුවේය. ඉන් පසු තම මුත්‍රා රැගෙන මිලිමිටර් 5ක් පෙරා අර කිරි විදුරුවට දැමුහ. කිරිවිදුරුව අමුත්තා පිලි ගන්නා

“රසවිදින්න“ යැයි ප්‍රකාශ කලහ.

ඉතා කෝපයට පත් අමුත්තා ‘‘තමුසේ මට මුත්‍රා පොවන්නද හදන්නේ ?‘‘ යැයි ප්‍රතාශ කලහ.

“මෙහි 99.95%  ඇත්තේ ඉතා යහපත් වූත් පිරිසිදු වූත් කිරිය, 0.05% ඇත්තේ මාගේ මූත්‍රාය. නමුත් ඒ 0.05% නිසා යහපත් වූ 99.95% අවලංගුව වියැකී ගොස් ඇති අයුරු මා හට ඔබෙන්ම බලා ගත හැකි“ යැයි මාස්ටර් ඈෂ් ප්‍රකාශ කලහ.

අමුත්තාට ණැනස පැහැදිනි, ඔහු මාස්ටර් ඈෂ්ගේ දෙපා නැමද සමාව ඉල්ලා සිටියහ.


Monday 13 August 2018

පංච කල්යාණියනි


සියුමැළියන් දහසක් පැමිණි මා ලොව ඔබත් ඒ අතර සිටි කෙනෙක් පමණි

ඔබගේ වියෝවේ විරහ වේදනාව මා හද බුර බුරා දවාලයි

නීල නයන, සිනා මුව මඩල, කිංකිණි රාවයේ මිහිර, ඒ සොදුරු නාරි ලාලිත

මාගේ දෑස් දෙසවන් තුල රැව්පිලි රැව් දේ….

මාගේ විරහ ගින්න ලොවට නොපෙනු කල ඔබට මා එය පෙන්වන්නේ මන්ද?

ඔබ යනු විටන රැජිනකි, විටක කුමාරියකි, විටක මිතුරියකි, මනුසත් කමේ උතුම් දායාදයකි, නීල මැනිකක් බදු පිරිසිදු අහිංසකාවකි, සයුරු තරණයෙහි හුන් කාපිතාන් වරයා දුටු චන්න කින්නරාවියකි

හඳ ඉල්ලා අඩන බොලඳ ළමුන් කිසිදින හඳ නොලබන බැව් නොදන්නා බව මා දනිමි

සියුමැලියේ ඔබ වෙනුවෙන් මා යදිමි වරක් දෙවරක් නොව සිය දහස් වරක්, ඔබ පැතු ඒ ලොව සොදුරු වන්නට.

Thursday 9 August 2018

Sortition : Random Selection

Sortition මෙම ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වාදයේ නව මුහුණුවරයි. මැතිවරණ හා වෘත්තිය දෙශපාලඥයින් ගෙන් තොරව, අහඹු ලෙස ජනතාව පාර්ලිමේන්තුවට යැවීම මෙහි මුලික අදහස වේ. මෙම ක්‍රමය දැනට පවතින මැතිවරණ ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයකි. 

මෙය නව ක්‍රමයක් යැයි සිතුවද ඇත්තටම ග්‍රිකයන් විසින් මෙම ක්‍රමය භාවිතා කර ඇත. මොකද අතීතයෛ් ග්‍රිකයන් හොදින් දැන සිටි කාරනයක් වනුයේ ඡන්දය යනු කුලවතුන්ගේ උපකරණයක් බවත් වෘත්තීය දේශපාලකයන් අනිවාරයෙන්ම ඉවත් කල යුතු කොට්ඨසයක් වන බවයි. 

අතීතයේ ග්‍රික ජාතිකයන් තම පාර්ලිමේන්තුවට අහඹු ලෙස පුරවැසියන් පත්කර යැවීමට Kleroteria  නම් යන්ත්‍රය භාවිතා කලහ. මෙමගින් ඔවුන් දූෂිත/වංචනික මැතිවරණ හා වෘත්තීය දේශපාලකයන් පත්වීම වලක්වන ලදී. 

Monday 18 June 2018

දේශපාලනය මත්ද්‍රවය හා අපි

කරුණු දෙකක් ගැන මම ලියන්න හිතුවා පලවෙනි කරුණ තමයි මත්ද්‍රව්‍ය දෙවැනි කරුණ තමයි දේශපාලනය

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නැවැත්වීමට නොහැකි දෙයක් නමුත් අපිට පුළුවන් දේ තමයි එක පාලනය කරන්න
එක උදාහරණයක් වශයෙන් අපිට පුලුවනි නිශ්චිත වයස් සීමාවක් පනවන්න, මත්ද්‍රව්‍ය භාවිතයට නිශ්චිත
ස්ථානයක් පනවන්නට එන්නත් කටු පිරිසිදු හා අලුත් දේවල් ලබා දෙන්න, අධි මාත්‍රා ගැනිම වැලැක්විමට
සුපරීක්ෂකයෙක් යටතේ මත්ද්‍රව්‍ය එන්නත් කිරිම වැනි දේවල් වලට යෙදෙන පුළුවනි. නමුත් ඔබ හිතුවොත්
මේ කරන දේ වැරදි මේ කරන්න යන්නෙ මත්ද්‍රව්‍ය භාවිතයට උඩගෙඩි දෙන එකක් කියලා, ඒවගේම තමයි
අපි කරන්න ඕනේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් එයින් වළක්වන එක කියලා ඇත්තටම ඒක තමයි
වෙන්න ඕනේ. ඒ උනාට ඒ දේ කරන්නත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා පණපිටින් ඉන්න ඕනෙ නේද?
මොකද වැරදීමකින් හෝ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගත්තොත් ඒ පුද්ගලයා මිය යනවා එතකොට කවුද අපි
පුනරුත්ථාපනය කරන්නේ, කවුද මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කරලා නිවැරදි මාර්ගයට යවන්නේ?
මළ මිණියද?

ඒ වගේම තවත් දෙයක් තමයි ඒ මත්ද්‍රව්‍ය වලින් අපේ ළමයි ආරක්ෂා කරගන්න ඕන කියන එක, නමුත්
අපි හැමෝටම අමතක වෙන දෙයක් තමයි අද මත්ද්‍රව්‍ය භාවිතා කරන වැඩිහිටියා මීට වසර 5කට කලින්
ළමයෙක් කියන එක, ඉතිං අපි සාර්ථකද? අනිත් කාරණය තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් හම්බ
වෙච්ච ගමන් අපි අහන්නේ තමුසේ හිරේ ගියාද? හිරේ ගිය නැද්ද?  කොහොමද මෙච්චර කල් මේ දේවල්
හොරෙන් කරගෙන ගියේ වැනි පෞද්ගලික ප්‍රශ්න. ඒ වගේම තමයි ඒ හැම පුද්ගලයාම උත්සාහ කරන්නේ
ඕක එපා යකෝ කියලා කෑ ගහන්න විතරයි. ඒ උනාට කවුරුවත් අහන්නේ නෑ ඇයි උඹ ඕක ගන්නේ
කියලා, ඕක ගන්න තරම් මොකක්ද වෙච්ච ප්‍රශ්නේ කියලා කවුරුත් දන්නෙ නෑ අහන්නේත් නෑ මත්ද්‍රව්‍ය
යන කාරනයේ දී වඩාත්ම හොඳ ක්‍රමය විදිහට මම නම් දකින්නේ වැලැක්වීමය. නමුත් එය බැරිනම් පාලනය
කරන එක තමයි

*********************************************************************************************************

දෙවෙනි කාරණය තමයි දේශපාලනය, දේශපාලඥයන් සංවර්ධනයට යොදා ගන්නේ කොහොමද කියන එක
ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇවිල්ලා ලෝකයේ දූෂිතම රටවල් 20 අතරින් එක රටක්
ලෝකයේ දූෂිතම රටවල් වලින් ඉහළින්ම ඉන්න රටක්. ඉතිං මම මේ ගැන හොයද්දි කරුණු තුනක් දැනගන්නට
ලැබුනා අපි ඒ ගැන බලමු.

පළවෙනි කාරණය තමයි දේශපාලනඥයන්ට වැටුපක් ලබා නොදී ඔවුන්ට දීමනාවක් ලබාදෙන එක. ඒ වගේම
මෙහිදී දේශපාලඥයන් වෙනුවෙන් ලබාදෙන පහසුකම් නිවාස වාහනයේ හැමදෙයක්ම ඔවුන්ට දෙන්න ඕනි
දීමනාවක් විදිහට. (එනම් පෞද්ගලික සේවා අංශයේ මෙන් ඔවුනගේ ප්‍රතිඵල වලට ගෙවීම සිදුකිරීම) මේ ක්‍රමය
යොදාගන්න රටක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවේ මැතිඇමතිවරුන්ට වැටුප් ගෙවන්නේ ඔවුන්ගේ ප්‍රතිඵලවලට
ඒ කියන්නේ සිංගප්පූරු වැසියන්ගේ ආයු අපේක්ෂාව, සිංගප්පූරුවේ යටිතල පහසුකම් වර්ධනය, අධ්‍යාපනය,
සෞඛ්‍යය, උද්ධමනය, GDP මේ වගේ දේවල් අඩු වැඩි වෙනකොට සිංගප්පූරු දේශපාලනඥයන්ගේ වැටුප් අඩු
වැඩි වෙනවා

ඊගාව කරුණ තමයි දේශපාලනයට අවම ගුණාත්මක භාවයක් ගෙන එන එක. මං මේ කියන්නෙ දේශපාලඥයන්
අඩු තරමේ සාමන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ එහෙම නැත්නම් උපාධියක් තියෙන ඕනි වගේ කතා නෙවෙයි.
ලංකාවේ වගේ නෙවෙයි පාකිස්තානයේ සියලූ දේශපාලනඥයන්ට උපාධියක් තියෙනවා නමුත් පාකිස්ථානය
ශ්‍රී ලංකාවට වඩා දූෂිත රටක්. මෙතන උදාහරණය තමයි ඒ දහස් නවසිය පනහ - හැට දශකය තුළ බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුවට හිටිය සියලුම මැති ඇමතිවරු වයස අවුරුදු 60ට වැඩි, වගේම ඔවුන් විවිධ පසුබිම් වලින්
දේශලානයට පැමිණි අය වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු, ගොවියෝ, නීතිඥයෝ ලෙසට දේශපාලනයට
ආවේ රැකියාවක් කරලා විශ්‍රාම ගියාට පසුවයි. නමුත් වර්ථමානයේ බොහොමයක් ඇමතිවරුන්ට ඔවුන්ගේ
එකම රක්ෂාවෙන් දේශපාලනය විතරයි. වෙනස් රැකියා අත්දැකීමක් නැහැ.

තුන්වන කරුණ තමයි දේශපාලනඥයකුගේ දේශපාලන ජීවිත කාලය සීමා කිරීම. උදාහරණයකට මෙක්සිකෝවේ
ජනාධිපතිවරයෙකු වසර හයකට එක්වරක් වරක් තමයි පත් වෙන්නේ. ඒ වගේම තමයි බ්‍රසීලයේ පාර්ලිමේන්තුවට
පත්වෙන මැති ඇමති ඇමතිවරයෙක් තමන්ගේ දේශපාලන ජීවිතය වසර අටක් නමයක් එක දිගටම පවත්වාගෙන
පැමිණියහොත් එම වසර අට හෝ නවයට පසුව නැවත දේශපාලනයට එන්න බැහැ. මේ රටවල් තමන් ගේ රටේ
දේශපාලනඥයන්ට උපතේ සිට මරණය දක්වාම දේශපාලඥයන් ලෙසට රැදී සිටීම නවත්තලයි තියෙන්නේ.

මෙම දේශපාලනය පිළිබඳ අදහස් (දෙවන කොටස) ‘‘Edge of Chaos“ පොත රචනා කල
“ලෝක ආර්ථික විශේඥවරියක්“ වන “Dambisa Moyo“ නම් මහත්මියගේ අදහස් වේ.

Sunday 29 April 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 10


ආධ්‍යාත්මය හා මානසික මට්ටම

ඉහත පෝසට් වලින් මම දැක්වු ඕනැම කාරණයක් ඉටුකරගත හැකිවන්නේ මේ දෙක තිබුනොත් තමයි. රටේ ඉන්න මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕනි යන අදහස නැතිනම් රට දියුණු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ තමයි.  (ඔළුවට තුවක්කුවක් තියලා කරවනවා හැර. නමුත් ඒ ක්‍රමයට මම කැමති නෑ) ඒවගේම තමයි දියුණු රටවල් මොනවා කිවුවත් තමන්ගේ ආගමික අනන්‍යතාවය නැතිකරගන්නේ නැනැ. නිරාගමිකයන් මාත් එක්ක විරුද්ධවෙයි නමුත් ලෝකයේ සියයට හතලිහකට වඩා වැඩි නිරාගමිකයන් ඉන්නා රටක් දැකගන්නට නැහැ. 

ඒ වගේම තමයි ලෝකයේ දියුණු රටවල දියුනු පුද්ගලයන් බොහෝම ආගමානුකුලයි. අසල්වැසියාට ප්‍රේම කිරීම, තමාලග වැඩියෙන් ඇති සළුව නැති තැනැත්තාට ලබා දීම වැනි කතෝලික ආගමික වටිනාකම් බිල්ගෙස්ට් තුලින් අපිට දැකිය හැකිය. (උදා බිල් හා මෙලින්ඩා ගේට් පදනම --- දන්නවාද දන්නේ නෑ)
ඒවගේම තමයි අපේ ඇයෝ බහුතරයක් කියන කතාව තමයි ලෝකේ තියෙනවා රටවල් වර්ග තුනක් දියුනු රටවල් දියුණුකල හැකි රටවල් හා කවදාවත් දියුණු කල නොහැකි රටවල් ලෙසට. අදාල පුද්ගලයන්ට අනුව මගේ රට වැටෙන්නේ කවදාවත් දියුණු කල නොහැකි රටවල් ගණයටය. එයින් අදහස් වෙන්නේ අපේ රටේ ජිවත් වෙන මේ පුද්ගලයන් රට දියුනු කිරීමට ඇති උනන්දුව උත්සහය අතහැර ඇති බවයි. එසේම අපේ රටට ඇති තවත් ප්‍රශ්ණයක් තමයි යැපුම් මානසිකත්වය. 

ඒ තමයි රජය විසින් හැම දෙයක්ම පිනට දියයුතු බව. සෞඛය, අධ්‍යාපනය, රැකියා, ඒ මදිවට  තමන් පෞද්ගලිකව කරන ආයෝජනයකට හෙණ ගැහුවොත් ඒකත් ලබාදිය යුතුයි කියලයි හිතන්නේ. ලංකාව කවදාවත් දියුණු කල නොහැකි රටක් යැයි කියන ඔස්තාර්ලා එක්කෙනෙක් වත් රජයෙන් පිනට දෙන සේවාවන් නවත්තන්න කැමති වෙන්නේ නෑ. මොකද ඉන්පසු ඒවා ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙන නිසා.

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 09


ඒක පුද්ගල හා ආයතන සදහා වන බදු ප්‍රමානය අඩු කිරීම/අඩුවීම

බදු ගැන මොනාහරි කිවුවොත් කියන්නේ අපිත් පැනක් පැන්සලක් ගන්න කොට ආණ්ඩුවට බදු ගෙවනවා තමයි යකෝ කියලා. මම මෙතන කතා කරන්නේ ඒ ගොන් බදු කාරයෝ ගැන නෙවෙයි, ඇත්තම බදු ගෙවන මිනිස්සු මම මේ කියන්නේ මොකක්ද කියා දන්නවා . 

මේ දවස්වල අපිට ස්තුතියි කියලා රුපවාහිනියේ දැන්වීම් යනවා ඇගටනම් මාර චිල්එකක් දැනෙනවා තමයි. නමුත් ඊට වඩා චිල් ටැක්ස් රිපෝට් එක දැක්කම. නමුත් ටැක්ස් ගෙවිය යුතු ප්‍රමානය සියයට 10 හෝ 15 දක්වා අඩුකර දැමුවිට බදු ගෙවන පුද්ගලයන්ට (ඇත්තටම රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට) සල්ලි හම්බකරන්න තවත් අවස්ථා ලැබෙනවා ඒ තුලින් රටේ ආදායම් ලබන ප්‍රමාණය වැඩි කරන්නට පුළුවන් (උදා නව ව්‍යාපාර - නව රැකියා) වැඩි බදු ප්‍රමාණයක් ගහලා ගන්න මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අඩු බදු මුදලක් යෝජනා කර පීදෙන්නට අවස්ථාව ලබා දුන්නොත් ලබාගන්න පුළුවන්

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...