Thursday 12 August 2021

ඇෆ්ගනියේ යුද්ධය

මා දකින ආකාරය,

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීමක් සමග ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් වසර 20කට පසු තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගනිමින් සිටි. මේ වන විට ඇෆ්ගනිස්ථානයෙන් 65% පමණ බලය තහවුරුකර ගැනීමට ඔවුන් සමත්ව ඇත.

 

ත්‍රස්ථවාදය පරාජය කිරීමේ නාමයෙන් ඇමරිකාව විසින් ගෙන ගිය යුද්ධ ව්‍යාපාරය වසර 20ක් පුරාවට සිදු කරන ලද මෙම යුධ ව්‍යාපාරය 2021 සැප්තැම්බර මස 11 වන දින සම්පුර්ණයෙන් නවතා දමන බව ඇමරිකාණු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කර ඇත.

 

නමුත් මෙම යුද්ධයේ අප නොදුට පැත්තක් ඇති බව දැන් දැන් පෙනී යමින් පවතී. එනම් ඇෆ්ගනිස්ථානය පුරා පැතිර ඇති ඛණිජ සම්පත් වේ. ඒවා නම්  barite , chromite , ගල් අඟුරු , තඹ , රන් , යපස් , ඊයම් , ස්වභාවික ගෑස් , ඛනිජ තෙල් , වටිනා සහ අර්ධ-වටිනා මැණික් ගල් , ලුණු , සල්ෆර් , ටැල්ක් , හාසින්ක් , මැණික් ගල් වලට උසස් තත්වයේ එමරල්ඩ් , ලැපිස් ලාසුලි , රතු ගාර්නට් සහ රූබි ඇතුළත් වේ වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන එකක් යැයි ගණන් බලා ඇත.

 

ඇමරිකාව විසින් මෙම ධනය සොරා ගැනීම සදහා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කල බවට චෝදනා එල්ලවී ඇත. මෙම තොරතුර සත්‍යක් නම් මෙම සම්පත් ඇමරිකාව විසින් සොරාකෑම සිදුවීම වැලැක්වීමට තලෙයිබාන් වරුන් විසින් ගත් උත්සහය අනභිබවනීයයි.

 

යුද්ධයක් කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත ලාභය නොලැබෙන්නේ නම් එම යුද්ධය පාඩු ලබන යුද්ධයකි. මෙහිදී ඇමරිකාව විසින් වසර 20ක් පුරාවට මෙම ඛණිජ සම්පත් වලින් ලබා ගැනීමට බලාපොරොත්තු වූ ලාභය ලබා ගැනීමට නොහැකි වීම නිසා හා එසේ ලබා ගත්තත් ඒ වෙනුවෙනු කරන්නා වූ වියදම ඉතා අධික වන නිසා මෙසේ ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමට කටයුතු සුදානම් කර ඇතැයි මතයක් ගොඩ නැගිය හැකිය.

 

ලෝක ඉතිහාසය පුරාවටම යුද්ධ කිරිම සිදු වූයේ ධනය, බලය, ලිංගිකත්වය යන කරුණු මත පදනම්ව වූ අතර ඒම අපේක්ෂිත කරුණු ලගා කර ගැනීම සදහා බල අරගලයේ යෙදෙන පුද්ගලයින් ගත හැකි පහසුම, ඉක්මන්ම හා ලාභදායීම ක්‍රියාමාර්ගයන් ගනු ඇත. නමුත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් ලැබෙන්නා වූ ලාභය යුද්ධය/පාලනය වෙනුවෙන් වැය කරන්නා වූ වියදමට වඩා අඩු වූව හොත් වහාම එම යුද්ධය අවසන් කර දැමීම ද දැකිය හැකි ලක්ෂණයකි.

Friday 15 January 2021

මැතිවරණය

හරි උණුසුම් මාතෘකාවක් ඒ උනාට හොදින් මතක තබා ගත යුත්තක් තමයි රැල්ලට නොගිහින් හිතා මතා තීන්දු තීරණ ගන්න එක. පසුගිය කාලේ අප්‍රසාදයට පත්වූවන් ඡන්දයක් කිට්ටු වන කොට ජන ප්‍රසාදයකට පත්වෙන්නේ මැතිවරණයේ ආනුභාවයෙන් මිසක් ඔබට මට ඇති ආදරයකට නොවන බව, ජයග්‍රහණය වෙනුවෙන් ඕම දෙයක් කිරීමට පාලකයන් සූදානම් බව කාගේ කාගෙත් කල්කිරියාවෙන් අපිට පෙනෙන දෙයකි. 

දේශප්‍රේමය, පපවේ කටු ඇනිලි, ජන දුක නිවන ජනහමු, දේශිය දෙපාර්තමේන්තු රැකගැනීම් වැනි හැම දේම කරන්නේ අපට ඇන්දීමට මිස ආදරේකට නොවන වග සිහි තබාගන්න. 

අවසානයේ දේශපාලකයාට වඩා ඔබට කල්ල කපටි වෙට්ටපිත්තල නුවණ පහල වේවා යැයි පතමි. ඔබට ඇති ආදරේකට නෙවෙයි අපේ ආනාගත දරු පරපුර වෙනුවෙන්. 



මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...