Thursday, 31 August 2017
අපේ හරක්
අපේ පැත්තේ වෙච්ච වැඩක් අපේ ගමේ හිටියා හරක් ඇති කරපු කිරිගොවි පවුලක්, කොහොම කොහොම හරි හරක් ටික වයසට ගියාට පස්සේ මේ ගොල්ලෝ කලේ තම්බි දෙන්නේකුට කථා කරකලා හරක් දෙන්නව රුපියල් හැට දහසකට විකුණුවා.
මේ තම්බිලාත් එක්ක ආවා කොල්ලෙක් උෟ ඇවිත් ගේ දිහා බලනවා වත්ත දිහා බලනවා ඉවරයක් නෑ. කොහොම හරි ගෙදර ගෑණු මනුස්සයාට ටිකක් කැහිල්ල ගහලා මූ ගෙන් ඇහුවා ඇයි කියලා. කොමොහ හරි මේ කොල්ලා කිවුවා ගේ දොර දියුණුවක් නැත්තේ කවුරුහරි හූනියමක් කරල මම ගුරුන්නාස්සේ කෙනෙක් ගේ ගෝලයෙක් විදියට වැඩ කරලා තියෙනවා හුණියම කපන්න පුළුවන් කියලා කථා කලා. මේ ගෑනිත් ඉතිං හා කියලා ඊට පහුවෙනිදාම ගුරාව ගෙන්නලා පේන බලලා, ඉරි ඇදලා කොහොම හරි එදා විසි දහක් වියදම් කරවලා. ඊටපස්සේ කියලා ගුරුකම කපන්න පුළුවන් තිස්පන්දහසක් ඕනි කියලා.
කොහොම හරි මේ ගැණිගේ බල කිරීමට ගුරුකම කැපුවා, කැපුවේ අඩි හතරයි පහේ වලක් කපලා ගෙදර අයට හොදට නිදාගන්න කියලා කොහොම හරි උදේට ගුරයි ගෝලයයි තිස්පන්දාහ අරගෙන යන්න ගියා. අන්තිමේදි ගත්ත හැටදාහෙන් සත පහක් වත් ඉතිරි නෑ.
අපේ හරක් පවු නේද?
පුළුවන්නම් කොරපංකෝ
වචනය යනු ඉතා
බලවත් දෙයකි, ඇත්තටම ඔබ එකඟ නොවුනත් නැතත් එය එසේමය. මම වචනයට ගරු කරමි එයට හේතුව වචනය
ජීවිතය හෝ මරණය ලබා දෙන දෙයක් නිසාය. මම අද ලියන දේ කලකට පසුව ඉතිහාසය වනු ඇත.
ඉතිං ඔබට ඉතිහාසය වෙනස් කල නොහැකි (If you cannot beat them, then join
them) නමුත් ඉතිහාසයේ පරික්ෂණයට මුහුණ දෙමින් ඉතිහාසය
මත ජයග්‍රහනය හෝ පරාජය ලබාගත හැකිය (Tested by history) ජයග්‍රහනය ලබා ගැනිමට ඔබේ දැක්ම, අදහස්, වචන,
හේතු තිබිය යුතුය සේම ඒවා අනාගතයට ලබා දිය යුතුය. එසේ ලබාදිය හකි එකම ක්‍රමය වන්නේ
වචන පමණි. ඇත්තටම කිවුවොත් නොනැසි තිබෙන වචන පමණි. ඔබ ඔබේ වචන රදවාගන්න නොනැසි
පවත්වාගන්න ජයග්‍රහනය ඔබේ වනු ඇත.
ඉතිහාසය ඔබට
ආදරය කරනු ඇත. ඔබේ දැක්ම ඉතිහාසය වනු ඇත. අනාගතය ඔබේ මතය මත තීරණ ගන්නවා ඇත. ඔබේ
වචන සත්‍ය වනු ඇත වඩා වැදගත්ම දේ නම් ඔබ ඉතිහාස ගත වනවා ඇත.
නැතිවීම
බම්බුව කියලා වැඩක් නෑ පොස්ට් තිබුනා හැට ගානක් මේ කරුමක් කාර මැස්සෙක් ඔළුව වටේ කැරකෙනවා ඉවරයක් නැ. අන්තිමේදී අවුරුද්දක් විතර මහන්සි වෙලා ලියපු පොස්ට් 50ක් ඩිලිට් කරලා මොන කරුමයක්ද යකෝ.... කියලා වැඩක් නෑ. මට නිකං දැනෙන්නේ මම නිකම්ම නිකං නිකමෙක් වගේ දැන්.
Subscribe to:
Posts (Atom)
ගෙයක් හදමුද?
ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...
-
ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...
-
Mouse Utopia Experiments යනු 1960 ගණන්වල සහ 1970 ගණන්වල සදාචාර විද්‍යාඥ John B. Calhoun විසින් සිදු කරන ලද අධ්‍යයන මාලාවකි. මෙම අත්හදා බැ...
-
චන්ද්‍රමොගන් උපන්දාසිට හැදි වැඩුනේ තම මව සමගය. ඔහුගේ දෙමාපියන් කොළඹ දිවි ගෙවුවද 1983 කලබල සමග යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔ...
-
යුරෝපීයයන් යටත් විජිත සමයට එලබෙන විට ඔවුන් සිතා සිටියේ තමන් ලෝකයෙන්ම දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න, සදාචාරාත්මක පුද්ගලයන් බවත්, එසේම ලොව අ...
-
මා දකින ආකාරය, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීමක් සමග ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් වසර 20කට පසු තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගන...
-
අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට ...
-
නානකාමර උපකරණ යන්නෙන් අදහස් කරන්නේ නානකාමරයක භාවිතා කරන විවිධ අයිතම සහ සවිකිරීම් ය. මෙම අයිතම සැලසුම් කර ඇත්තේ නාන කාමරයේ අපගේ දෛනික චර්යාව ...
-
මල් යනු ස්වභාව ධර්මයේ වඩාත්ම ලස්සන හා ආකර්ශනීය ආකාරයකි. ඒවා හුදෙක් සෞන්දර්යාත්මක නොවන නමුත් අපගේ හැඟීම්, සංවේදනයන් සහ යහපැවැත්ම කෙරෙහි ගැඹුර...