Monday, 8 January 2018

බටහිර ඇමරිකානු සුදු යටත් විජිත වාදය හා ආසියාතික අපි



යුරෝපීයයන් යටත් විජිත සමයට එලබෙන විට ඔවුන් සිතා සිටියේ තමන් ලෝකයෙන්ම දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න, සදාචාරාත්මක පුද්ගලයන් බවත්, එසේම ලොව අනික්ත් රටවල් එසේ නොවන හෙයින් එය යුරෝපීය සුදු මිනිසාගේ යුතුකමක් හා වගකීමක් වනුයේ ලොව සෑම මිනිසාම තමන් මෙන් දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න පුද්ගලයන් බවට පත් කල යුතු බවය. මෙය සුදු මිනාසගේ දුක් ගැනවිල්ල (white man’s burden) ලෙස හැදින්විය.

නමුත් ශිෂ්ඨසම්පන්න වන්නාවු ආසියාතිකයන්ගේ මනෝ මට්ටම එයට වඩා වෙනස්ය. ඔවුන් සිතා සිටියේ තමන් අනිත් ජාතීන්ට වඩා ශිෂ්ඨසම්පන්න බැවින් තමන්ට වඩා පහල ජාතීන් තමන්ගේ ඇසුරින් ඉවත් කොට, ඔවුන් වෙනමම වෙන තැනකට කොටුකර තැබිය යුතු බවයි. ඔවුන් සමග සබදතා පැවැත්වීම අවම කල යුතු අතර හැකි සෑම විටම ඔවුන් මග හැර සිටීම ඉතා වටිනා කරණයක් බවත්ය.

මෙම මනෝ භාවයන් දෙකෙහි වෙනස්කම ඉතිහාසය පුරා දැකිය හැකි දෙයකි. යුරෝපීයයන් අනිත් රටවල් යටත් කරමින් තමන්ගේ භාරයට ගත් අතර තමන්ගේ ආගම සංස්කෘතිය සිරිත් විරිත් ආදිය එම රටවලට පුරුදු කරන්නට විය. ඔවුහු සෘජුවම අනිත් රටවල් තමන්ගේ භාරයට ගත්හ. නමුත් ආසියාතිකයන් අනිකුත් රටවල් යටත් නොකර ගත්තත් සෑම වසරකට වරක් තමන්ට පඩුරු පාක්කුඩම් එවීමට වැඩ සිද්ධ වෙන තැනට තමන්ගේ අසල්වැසි රටවල් වග බලා ගන්නා තැනට කටයුතු කිරීමට ඔවුහු කටයුතු කලහ. අප රටේද රුහුණු හා මායා රටවල පාලකයන් රජරට සිටි රජුට පඩුරු පාක්කුඩම් යැවීම උදාහරණයකට ගත හැකිය. ආසියාතිකයන් තමන්ගේ ආගම සංස්කෘතිය සිරිත් විරිත් (සරළව කිවහොත් අගයන් හා වටිනාකම්) සෘජුවට වෙනත් රටකට නොදුන් අතර නොරටුන් තම රටට පැමිණ තමන්ගේ අගයන් හා වටිනාකම් රැගෙන යන තැනට වැඩ කටයුතු සිද්ධ කලහ. (බුදුදහම ලංකාවට ලබාදීම)

අද වර්ථමානයේද මෙම මනෝභාවයන් දෙක අප හට දැකිය හැකිය ඇමරිකාව හා චීනය තමන් ලෝකයේ බලවතා වීමට උත්සහ කරණ ආකාරයන් මෙයට හොදම උදාහරණය යැයි මාහට හැගේ.

ඵලක් නෑ

වර්ථමාන සමාජයට හා සමාජ දැණුමට අනුව අතීතයේ ලියවූ ආගමික පොත් වල සත්‍යක් නැතැයි ප්‍රකාශයක් ඇසුනු විට ඔබ එයට ලබා දෙන පිලිතුර කුමක්ද? මන්ද යත...