Tuesday, 12 March 2019
Sunday, 10 March 2019
අපේ හැටි, වර්තමාන හා අනාගත
අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට වත් හිතුවාද යම් දෙයක් නිකං ගන්නවා කියන්නේ එම නිෂ්පාදනය කල පුද්ගලයාට සිදුකරණ අසාධාරණයක් බව?
මෙහෙම හිතමු අපි හාල් කිලෝ 10ක් ගත්තම කිලෝ දෙකක් නිකං දෙනවා කියලා ඒ නිකං ලැබෙන කිලෝ දෙක වෙනුවෙන් ගොවියා, හාල් සකසන්නා, වෙළෙන්දා වුන මහන්සිය වෙනුවෙන් අපි කිසිම මුදලක් ගෙවන්නේ නෑ. එතකොට ඒ සදහා වැය වුන කාලය, ශ්‍රමය, ධනය වැනි දෙවල් නිකංම නාස්ති වෙනවා එක ඇත්තටම බල පාන්නේ අපිටමයි මොකද නිකං දෙන දේටත් අපි සල්ලි දෙන කොටසට අල්ලලා සල්ලි දෙන්න ඕනි නිසා.
ඒ වගේම තමයි ඔබ ජීවිතේට කිසිම දෙයක් නිකං ගන්න එපා මොකද, ලාබ බඩුවේ හිලක් තියෙනවා නම් නිකං දෙන බඩුවේ කොහොමට ඇත්ද? ඒ වගේම කිසිම සෙයක් ණයට ගන්න එපා, නිසි වටිනාකම තමන්ගේ මහන්සියෙන් නොගෙවා කිසිම දෙයක් ගන්න එපා.
අපේ රටේ තව තියෙන ප්‍රශ්ණයක් තමයි පුද්ගලයකුගේ වෙනස්වීම පිළිගැනීමට අකමැති බව, අපේ සමාජයේ පුද්ගලයකුට වෙනස් වීමට ඇති අවකාශය ඉතාමත් සීමිතය.
ඉදිරි අනාගත වසර 50ක කාලය තුල ලංකාව වෙලාගන්නා ප්‍රධාන ගැටළු තුනක් වන්නේ මානසික ඒකාග්‍රතාවය ඇති පිරිසක් බිහිකිරීම, ළමා රැකවරණය සැලසීම, හා ලෙඩ වූ හා වැඩිහිටි රැකවරණය සැලසිමය. ළමා රැකවරණය සැලසීමට ඇති ඩේ කෙයාර් වල ඇති ප්‍රශස්තභාවය හා දරුවෙක් හදා වඩා ගැනීමට දෙමව්පියන්ට ඇති අවිවේකය (දෙමාපියන් දෙදෙනාම රැකියාවට යෑම, විදේශගත විම වැනි) කරුණු සරළව දැක්විය හැකිය.
එමෙන්ම මේ හේතු නිසාම තම දෙමාපියන් හෝ දරුවන් රෝගී වූ විට රෝහලේ නැවැත්වීමට උපස්ථායකයන් සෙවීමට සිදුවිම හා දින වැටුපට මුදල් පදනම මත ඔවුන්ව සේවයට යොදා ගැනීමට සිදුවීම දැකිය හැක. විශේෂයෙන් දරුවන් රෝහල් ගත වූ විට රැක බලා ගැනීමට දෙමාපියන් ඉදිරිපත් වූවද දෙමාපියන් රෝහල් ගතවූවිට ඔවුන් ලග නැවතීමට දරුවන් ඉදිරිපත් නොවීම සාධාරණව පෙනෙන කාරණයකි. එයට හේතුව වනුයේ දරුවන් රැකියාව ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන බැවිනි.
Subscribe to:
Posts (Atom)
ගෙයක් හදමුද?
ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...
-
ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...
-
Mouse Utopia Experiments යනු 1960 ගණන්වල සහ 1970 ගණන්වල සදාචාර විද්‍යාඥ John B. Calhoun විසින් සිදු කරන ලද අධ්‍යයන මාලාවකි. මෙම අත්හදා බැ...
-
චන්ද්‍රමොගන් උපන්දාසිට හැදි වැඩුනේ තම මව සමගය. ඔහුගේ දෙමාපියන් කොළඹ දිවි ගෙවුවද 1983 කලබල සමග යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔ...
-
යුරෝපීයයන් යටත් විජිත සමයට එලබෙන විට ඔවුන් සිතා සිටියේ තමන් ලෝකයෙන්ම දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න, සදාචාරාත්මක පුද්ගලයන් බවත්, එසේම ලොව අ...
-
මා දකින ආකාරය, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීමක් සමග ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් වසර 20කට පසු තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගන...
-
අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට ...
-
නානකාමර උපකරණ යන්නෙන් අදහස් කරන්නේ නානකාමරයක භාවිතා කරන විවිධ අයිතම සහ සවිකිරීම් ය. මෙම අයිතම සැලසුම් කර ඇත්තේ නාන කාමරයේ අපගේ දෛනික චර්යාව ...
-
මල් යනු ස්වභාව ධර්මයේ වඩාත්ම ලස්සන හා ආකර්ශනීය ආකාරයකි. ඒවා හුදෙක් සෞන්දර්යාත්මක නොවන නමුත් අපගේ හැඟීම්, සංවේදනයන් සහ යහපැවැත්ම කෙරෙහි ගැඹුර...