Sunday 25 February 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 4


තුන්වන කරුණ

රැකියා යෙදිමේදි, නීති සම්පාදනයේදි, බදු කරණයේදි කකුලෙන් ඇදීම් නැතිවීම.

මේ කාරණය සම්බන්ධයෙන් බොහෝදේවල් නැතත් සාමාන්‍ය ජීවිතයේදී අපේ පෞද්ගලික අත්දැකිම් බවට පත්වන්නේ මේවා යැයි කිවහැකි මට්ටමක ඇත. වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ එපාම වෙන තැනට කටයුතු කිරීම, රැකියාව කරන්න ගියාම රැකියාව එපාවෙන තැනටම කටයුතු කිරීමට, ආයතනයේ වැඩක් කරන්න ගියාම රෙගුලාසි, චක්‍ර ලේඛණ කන්දක් ඇද බෑම (අත්දැකීම් ඇති), ඒ සමගම පෙස්සම් ගැසීම, කේළම් කීම, වැනි දේවල්ද මෙයටම ඇතුලත් වේ.

නිතිය සැමට සමානව හා සාධාරණව ක්‍රියාත්මක වීම. නීති සම්පාදනය ගත් විට මට පුළුවන් අනිත් උන්ට බෑ තියරිය, නැතිනම් මට විතරයි අනිත් උන්ට නෑ තියරිය, තමාගේ පෝෂණ වර්ධනයට පමණක් නීති රිති ගෙන ඒම සේම වැඩක් නොකෙරෙන තැනටම නිති රීති නිෂ්පාදනය මෙන්ම එක එක දවසට එක එක නීතිය ක්‍රියාත්මක වීම/කිරිම වැනි කාරණා අදාළය, හොදම උදාහරණය ත්‍රිවිල් එකක් තියෙන මිනිහට ට්‍රැෆික් සලකන හැටියි කාර් එකක් ඇති මිනිහට සලකන හැටියි. එසේම නිතියෙන් රිංගා යැමට ඇති සිදුරු නැතිවෙන ලෙස නිති සම්පාදනය.

බදුකරණයේදී එක එක පුද්ගලයාට එක එක විදියට බදු ගැසීම හා බදු නිලධාරි අදුනන නැතිනම් පිදේණියක් දුන් පුද්ගලයාම එක බදු තියරියක් හා එසේ නොවන පුද්ගලයාට තවත් බදු තියරියක් ක්‍රියාත්මක වීම. බදු ගෙවීම් පැහැර හැරීම හා පැහැර හැරීමේදි නිතියෙන් රිංගා යාහැකි අවස්තා නැතිවීම, බදු පැහැර හරින්නන් එලවා අල්ලා ගැනීම හා සැමට සමානව හා සාධාරණව බදු නිතිය ක්‍රියාත්මක වීම, මෙහිදි බදු අඩු කිරීම ගැන ද කිවයුතුය, බදු අඩු කිරීමෙන් ධනවත් පුද්ගලයාගේ සල්ලි ඉතිරිවන අතර දුප්පත් පුද්ගලයාට සල්ලි නැති වේ යැයි ප්‍රකාශ කරණු ඇත. නමුත් ඇත්තම කතාව බදු අඩු කිරිමෙන් මුදල් ඉතිරිවෙන්නේ ධනවත් පුද්ගලයා සල්ලි හම්බ කරන නිසාය දුප්පත් පුද්ගලයා සල්ලි හම්බකරන්නේ නැති නිසා බදු අඩුකලත් වැඩි කලත් ඔහුට ප්‍රශ්ණයක් නැත.

මේ කරුණු වල ක්‍රියාකාරිත්වය නිසා දියුණු රටවල නිෂ්පාදන කරණය ඉහල තත්වයක පවතිනු ඇත. අපේ රටේ මේ කරණු පිලිබද ඇති තත්ත්වය මත අපි හිගන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්.

Friday 23 February 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 3


දෙවන කරුණ

ආයතන හා දෙපාර්තමේන්තු වල වංචා, දූෂණ හා අල්ලස්/පගාව වැනි ක්‍රියාකාරකම් අවම වීම

මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ වැඩක් කර ගන්න පිදේනියක් දෙන්න ඕනි කියලා තමයි අපේ අයනම් කියන්නේ. මේක අපේ රටේ විතරක් තියෙන දෙයක් නොවෙයි රුසියාව වැනි යුරෝපීය දියුණු රටකත් වැසියන් ගෙන් බහුතරයක් පිලිගන්නා දෙයක් තමයි වැඩක් කර ගන්න පගාව දෙන්න ඕනි කියන එක. නමුත් ජපානය කොරියාව වැනි ආසියාතික දියුණු රටවල දූෂණ හෝ වංචා චෝදනාවක් එල්ල වීමම හේතුවෙන් ඇමතිවරුන් සියදිවි නසාගත් පුවත් අපේ රටේ ප්‍රධාන ජනමාධ්‍ය වලත් ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය විය. එසේම වර්ථමාන ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාද මේ ආකාරයේ පුද්ගලයන් ලබන ආත්මයේ බල්ලන් හා කපුටන්ව ඉපදෙන බව ප්‍රකාශ කළහ.

ඒ වගේම තවත් දෙයක් තමයි මේ පගාව වශයෙන් ගන්නා මුදල් වලට වන්නේ කුමක්ද යන්න ? බොහෝවිට මේ මුදල් බෝතලයට හෝ සිගරට් පැකැට්ටුවට විනාශවී යනු ඇත. අනිත් කරුණ නම් මේ ගන්නා මුදල් අවම වශයෙන්වත් තමාගේ හෝ දියුණුවට යොදවා නොගැනීමය. මම එයින් අදහස් කරණුයේ ගත්ත පිදේණියෙන් කියවන්න හොද පොතක්, පත්තරයක් ගන්න එක, ඊ බී විභාගයට තොරතුරු ටිකක් හොයාගන්න එක නැතිනම් තමාගේ දියුණුවට ආයෝජනයක් වශයෙන්වත් යෙදවීමක් සිදුවීමය. මම නම් එවැනි දෙයක් මාගේ ජීවිත කාලයටම අසා නැත. බොහෝවිට සිදුවන්නේ මෙම මුදල් නිකන් බොරුවට නාස්ති කර දැමීම විතරයි. (අරක්කු සිගරට් වලට නැතිනම් සුදු අලියකුට හෝ යටකර දමයි.)

අවසාන වශයෙන් තවත් කරණක් තමයි මෙම පිදේණියක් (වංචා, දූෂණ වලින් උපයන මුදල් හෝ භාණ්ඩ අල්ලස්/පගාව) ගන්නා මනුස්සයාට මේවා දෙන්නේ ඔකාගේ/ඕකිගේ දරුවන්ගේ දරුවොත් කඹුරාපිය කියලා සාපකරමින් බව.

Thursday 22 February 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක්


පළමු කරුණ

නීතිය හා සාමයේ සුරක්ෂිත භාවය හා භෞමිකඅඛණ්ඩතාවය

ටිකක් හිතන්න දියුණු යැයි සම්මත රටක අපරාධකාරයක් උනාම අපරාධකාරයා අල්ලලා උසාවිදාලා නඩු අහලා මරලා දාන්න ගතවන කාලයත් අපේ රටේ ගතවන කාලයත් ? දියුණු රටක ඒ සදහා වසර 1-3ත් අතර කාලයක් ගතවන අතර අපේ රටේ වසර 12-20ත් අතර කාලයක් ගතවනු ඇත. අපේ රටේ අද මරණ දඩුවම ලබා දීපු නඩු තීන්දුවක් අරන් බැලුවොත් ඔබට දැක ගන්න හැකිවේවි ඒ අපරාධකරවා අපරාධය කර ඇත්තේ අවම වශයෙන් මීට වසර 12වත් පෙර බව. ඒ වගේම තමයි ජනගහනයට අනුපාත කරලා බැලුවොත් අපිට පැහැදිලිවම පෙනි යන කාරණයක් වන්නේ දියුණු රටවල පුද්ගලයන් අපරාධ කිරීමට පෙඹීම ඉතා අඩු බව.

භෞමිකඅඛණ්ඩතාවය යන්නේන් අදහස් වනුයේ දියුණු රටක රාජ්‍ය විරෝධි ව්‍යාපාර, පවතින රජයට විරුද්ධව නැගීසිටීම්, ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්, අවිගැටුම්, පාතාලය, කැරලි කෝළහල, ජාති, ආගම්, වර්ගවාදී ගැටුම් යන ක්‍රියාකාරකම් වලින් එකක් හෝ කිහිපයක් දියුණු රටක තිබීම හෝ පැවතීම නොදියුණූ රටකට වඩා අතිශයින්ම අඩු බවයි. ඒ හේතුව නිසා දියුණු රටක මුදල් මේ ආකාරයේ ගැටුම් වලට යොදවන්නේ නැතිව සිය රටේ දියුණුව වෙනුවෙන් යෙදවිය හැකිය.

Wednesday 21 February 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක්


ලංකාව දියුණු වෙමින් පවතින් රටක්, එක්දාස් නවසිය බර ගනන් වල ඉදන්, අපි උපන් දා ඉදන් අපි දන්නේ එහෙම තමයි. අපේ රට දියුණු කිරීමට ශ්‍රම සුරැකුම, තිරසාර සංවරධනය වගේ තද තද ටෝක් දුන්නට දියුණු රටක් බවට පත්වෙන්න රටේ දියුණු කරන්න ඕනි මොනාද කියලා වත් අපේ රටේ බහුතරයක් දන්නේ නැහැ. (රට දියුණු කරනවා යැයි කියන් පුද්ගලයන් වත් ඒක දන්නේ නැ යැයි හිතන්න පුළුවන්) ඇත්තම කතාව මමත් ඒකට උත්තරේ දන්නේ නැ ඒත් බටහිර අධිරාජ්‍යවාදී රටවල් (සමහරු කියන විදියට) හා අපේ වගේ ආසියාවේ තියෙන හිගන රටවල් (මොනා උනත් ඇත්ත ඒකනේ?) සංසන්දනය කලාම අපේ රටවල නැති ඒ රටවල තියෙන කරුණු කාරණා අටක් නැතිනම් නවයක් ඔවු නවයක් කියන්න පුළුවන් මට දැකගන්න ලැබුනා. ඉතිං මම තීරණය කලා මේ කරුණු නවය ගැන ලියන්න. මේ පෝස්ට් එකෙන් කරන්නේ ඒ ලිපි මාලාවේ ආරම්භය ගැන කියන එක විතරයි. ඊළග පොස්ට් එකේ ඉදන් කරුණු නවය පිලිවෙලට ඉදිරිපත් කරන්නම්.

Saturday 3 February 2018

ප්‍රේමදාස චින්තනය


ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ජනතාව කොටස් දෙකකට බෙදිය හැකි බව ලංකාවේ අවිවාදයෙන්ම ඕනෑම කෙනෙක් පිලිගන්නා ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම අප රටේ ජීවත් වෙන දුප්පත් පුද්ගලයන් වෙනුවෙන් හා ඔවුන්ව නගා සිටුවීම සදහා මෙහෙවරක් කල ජනාධිපති වරයෙක් ලෙස ප්‍රේමදාස ජනාධිපතිතුමා හදුන්වා දිය හැකිය. මෙම දුප්පත් හා පොහොසත් පන්ති දෙක අතර වෙනස හදුනාගත් ජනාධිපතිතුමා දුප්පත් පුද්ගලයන් දුප්පත් වීමටත් පොහොසත් පුද්ගලයන් පොහොසත් වීමටත් හේතුව ඔවුනගේ මුවටම ලබාදුනි. එතුමා එය කලේ ජනසවිය (නැතිනම් වර්ථමානයේ සමෘද්ධිය) නමන් හදුන්වන වැඩසටහනෙනි.

ජනසවියේ තේමා පාඨය වූයේ නැති බැරි පවුල් ඇති හැකි පවුල් බවට පත් කරමු කියාය. මෙම තේමා පාඨයෙන් සරලව දුප්පත් පවුල් පොහොසත් පවුල් බවට පත්කරමු යැයි කියා කීවද සැබැ අරුත ගත් කල ජනාධිපතිතුමා දුප්පත් පුද්ගලයන් දුප්පත් වීමට හේතුව හා පොහොසත් පුද්ගලයන් පොහොසත් වීමට හේතුව මෙහි දක්වා ඇත.

එය තේරුම් ගැනීම ඉතා සරළ දෙයකි නැති බැරි හා ඇති හැකි යන වචන කිහිපය අපි වෙනත් ආකාරයකට පෙළ ගැස්වීම පමණයි සිදුකල යුත්තේ මම එය කර පෙන්වන්නම්.

බැරි තැනි --- හැකි ඇති

බලන්න හරිම සරළයි මම උදාහරණයටකට කියන්නම් ඔබට පාඩම් කරන්න බැරි නිසා විභාගයේ ප්‍රතිඵල නැතිවිය ඔබට පාඩම් කරන්නට හැකි නිසා විභාග ප්‍රතිඵල විශිෂ්ඨ ලෙස ලබාගත හැකි විය.

ජනසවිය මගින් ජනාධිපතිතුමා අපේ රටේ ජනතාවට උගන්වන්න හැදුවේ එබ මොනයම් හෝ හේතුවක් මත වැඩ කරන්නට බැරිනම් ඔබ නැති පුද්ගලයකු වේ යන්න හා ඔබට කුමන හෝ හේතුවක් මත බුද්ධිමත්ව කාර්යශූරව වැඩකල හැකිනම් ඔබ ඇති පුද්ගලයකු වන බවය.

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...