Friday, 15 January 2021

මැතිවරණය

හරි උණුසුම් මාතෘකාවක් ඒ උනාට හොදින් මතක තබා ගත යුත්තක් තමයි රැල්ලට නොගිහින් හිතා මතා තීන්දු තීරණ ගන්න එක. පසුගිය කාලේ අප්‍රසාදයට පත්වූවන් ඡන්දයක් කිට්ටු වන කොට ජන ප්‍රසාදයකට පත්වෙන්නේ මැතිවරණයේ ආනුභාවයෙන් මිසක් ඔබට මට ඇති ආදරයකට නොවන බව, ජයග්‍රහණය වෙනුවෙන් ඕම දෙයක් කිරීමට පාලකයන් සූදානම් බව කාගේ කාගෙත් කල්කිරියාවෙන් අපිට පෙනෙන දෙයකි. 

දේශප්‍රේමය, පපවේ කටු ඇනිලි, ජන දුක නිවන ජනහමු, දේශිය දෙපාර්තමේන්තු රැකගැනීම් වැනි හැම දේම කරන්නේ අපට ඇන්දීමට මිස ආදරේකට නොවන වග සිහි තබාගන්න. 

අවසානයේ දේශපාලකයාට වඩා ඔබට කල්ල කපටි වෙට්ටපිත්තල නුවණ පහල වේවා යැයි පතමි. ඔබට ඇති ආදරේකට නෙවෙයි අපේ ආනාගත දරු පරපුර වෙනුවෙන්. 



ගෙයක් හදමුද?

ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...