Monday, 13 August 2018

පංච කල්යාණියනි


සියුමැළියන් දහසක් පැමිණි මා ලොව ඔබත් ඒ අතර සිටි කෙනෙක් පමණි

ඔබගේ වියෝවේ විරහ වේදනාව මා හද බුර බුරා දවාලයි

නීල නයන, සිනා මුව මඩල, කිංකිණි රාවයේ මිහිර, ඒ සොදුරු නාරි ලාලිත

මාගේ දෑස් දෙසවන් තුල රැව්පිලි රැව් දේ….

මාගේ විරහ ගින්න ලොවට නොපෙනු කල ඔබට මා එය පෙන්වන්නේ මන්ද?

ඔබ යනු විටන රැජිනකි, විටක කුමාරියකි, විටක මිතුරියකි, මනුසත් කමේ උතුම් දායාදයකි, නීල මැනිකක් බදු පිරිසිදු අහිංසකාවකි, සයුරු තරණයෙහි හුන් කාපිතාන් වරයා දුටු චන්න කින්නරාවියකි

හඳ ඉල්ලා අඩන බොලඳ ළමුන් කිසිදින හඳ නොලබන බැව් නොදන්නා බව මා දනිමි

සියුමැලියේ ඔබ වෙනුවෙන් මා යදිමි වරක් දෙවරක් නොව සිය දහස් වරක්, ඔබ පැතු ඒ ලොව සොදුරු වන්නට.

Thursday, 9 August 2018

Sortition : Random Selection

Sortition මෙම ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වාදයේ නව මුහුණුවරයි. මැතිවරණ හා වෘත්තිය දෙශපාලඥයින් ගෙන් තොරව, අහඹු ලෙස ජනතාව පාර්ලිමේන්තුවට යැවීම මෙහි මුලික අදහස වේ. මෙම ක්‍රමය දැනට පවතින මැතිවරණ ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයකි. 

මෙය නව ක්‍රමයක් යැයි සිතුවද ඇත්තටම ග්‍රිකයන් විසින් මෙම ක්‍රමය භාවිතා කර ඇත. මොකද අතීතයෛ් ග්‍රිකයන් හොදින් දැන සිටි කාරනයක් වනුයේ ඡන්දය යනු කුලවතුන්ගේ උපකරණයක් බවත් වෘත්තීය දේශපාලකයන් අනිවාරයෙන්ම ඉවත් කල යුතු කොට්ඨසයක් වන බවයි. 

අතීතයේ ග්‍රික ජාතිකයන් තම පාර්ලිමේන්තුවට අහඹු ලෙස පුරවැසියන් පත්කර යැවීමට Kleroteria  නම් යන්ත්‍රය භාවිතා කලහ. මෙමගින් ඔවුන් දූෂිත/වංචනික මැතිවරණ හා වෘත්තීය දේශපාලකයන් පත්වීම වලක්වන ලදී. 

Monday, 18 June 2018

දේශපාලනය මත්ද්‍රවය හා අපි

කරුණු දෙකක් ගැන මම ලියන්න හිතුවා පලවෙනි කරුණ තමයි මත්ද්‍රව්‍ය දෙවැනි කරුණ තමයි දේශපාලනය

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නැවැත්වීමට නොහැකි දෙයක් නමුත් අපිට පුළුවන් දේ තමයි එක පාලනය කරන්න
එක උදාහරණයක් වශයෙන් අපිට පුලුවනි නිශ්චිත වයස් සීමාවක් පනවන්න, මත්ද්‍රව්‍ය භාවිතයට නිශ්චිත
ස්ථානයක් පනවන්නට එන්නත් කටු පිරිසිදු හා අලුත් දේවල් ලබා දෙන්න, අධි මාත්‍රා ගැනිම වැලැක්විමට
සුපරීක්ෂකයෙක් යටතේ මත්ද්‍රව්‍ය එන්නත් කිරිම වැනි දේවල් වලට යෙදෙන පුළුවනි. නමුත් ඔබ හිතුවොත්
මේ කරන දේ වැරදි මේ කරන්න යන්නෙ මත්ද්‍රව්‍ය භාවිතයට උඩගෙඩි දෙන එකක් කියලා, ඒවගේම තමයි
අපි කරන්න ඕනේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් එයින් වළක්වන එක කියලා ඇත්තටම ඒක තමයි
වෙන්න ඕනේ. ඒ උනාට ඒ දේ කරන්නත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා පණපිටින් ඉන්න ඕනෙ නේද?
මොකද වැරදීමකින් හෝ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගත්තොත් ඒ පුද්ගලයා මිය යනවා එතකොට කවුද අපි
පුනරුත්ථාපනය කරන්නේ, කවුද මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කරලා නිවැරදි මාර්ගයට යවන්නේ?
මළ මිණියද?

ඒ වගේම තවත් දෙයක් තමයි ඒ මත්ද්‍රව්‍ය වලින් අපේ ළමයි ආරක්ෂා කරගන්න ඕන කියන එක, නමුත්
අපි හැමෝටම අමතක වෙන දෙයක් තමයි අද මත්ද්‍රව්‍ය භාවිතා කරන වැඩිහිටියා මීට වසර 5කට කලින්
ළමයෙක් කියන එක, ඉතිං අපි සාර්ථකද? අනිත් කාරණය තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් හම්බ
වෙච්ච ගමන් අපි අහන්නේ තමුසේ හිරේ ගියාද? හිරේ ගිය නැද්ද?  කොහොමද මෙච්චර කල් මේ දේවල්
හොරෙන් කරගෙන ගියේ වැනි පෞද්ගලික ප්‍රශ්න. ඒ වගේම තමයි ඒ හැම පුද්ගලයාම උත්සාහ කරන්නේ
ඕක එපා යකෝ කියලා කෑ ගහන්න විතරයි. ඒ උනාට කවුරුවත් අහන්නේ නෑ ඇයි උඹ ඕක ගන්නේ
කියලා, ඕක ගන්න තරම් මොකක්ද වෙච්ච ප්‍රශ්නේ කියලා කවුරුත් දන්නෙ නෑ අහන්නේත් නෑ මත්ද්‍රව්‍ය
යන කාරනයේ දී වඩාත්ම හොඳ ක්‍රමය විදිහට මම නම් දකින්නේ වැලැක්වීමය. නමුත් එය බැරිනම් පාලනය
කරන එක තමයි

*********************************************************************************************************

දෙවෙනි කාරණය තමයි දේශපාලනය, දේශපාලඥයන් සංවර්ධනයට යොදා ගන්නේ කොහොමද කියන එක
ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇවිල්ලා ලෝකයේ දූෂිතම රටවල් 20 අතරින් එක රටක්
ලෝකයේ දූෂිතම රටවල් වලින් ඉහළින්ම ඉන්න රටක්. ඉතිං මම මේ ගැන හොයද්දි කරුණු තුනක් දැනගන්නට
ලැබුනා අපි ඒ ගැන බලමු.

පළවෙනි කාරණය තමයි දේශපාලනඥයන්ට වැටුපක් ලබා නොදී ඔවුන්ට දීමනාවක් ලබාදෙන එක. ඒ වගේම
මෙහිදී දේශපාලඥයන් වෙනුවෙන් ලබාදෙන පහසුකම් නිවාස වාහනයේ හැමදෙයක්ම ඔවුන්ට දෙන්න ඕනි
දීමනාවක් විදිහට. (එනම් පෞද්ගලික සේවා අංශයේ මෙන් ඔවුනගේ ප්‍රතිඵල වලට ගෙවීම සිදුකිරීම) මේ ක්‍රමය
යොදාගන්න රටක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවේ මැතිඇමතිවරුන්ට වැටුප් ගෙවන්නේ ඔවුන්ගේ ප්‍රතිඵලවලට
ඒ කියන්නේ සිංගප්පූරු වැසියන්ගේ ආයු අපේක්ෂාව, සිංගප්පූරුවේ යටිතල පහසුකම් වර්ධනය, අධ්‍යාපනය,
සෞඛ්‍යය, උද්ධමනය, GDP මේ වගේ දේවල් අඩු වැඩි වෙනකොට සිංගප්පූරු දේශපාලනඥයන්ගේ වැටුප් අඩු
වැඩි වෙනවා

ඊගාව කරුණ තමයි දේශපාලනයට අවම ගුණාත්මක භාවයක් ගෙන එන එක. මං මේ කියන්නෙ දේශපාලඥයන්
අඩු තරමේ සාමන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ එහෙම නැත්නම් උපාධියක් තියෙන ඕනි වගේ කතා නෙවෙයි.
ලංකාවේ වගේ නෙවෙයි පාකිස්තානයේ සියලූ දේශපාලනඥයන්ට උපාධියක් තියෙනවා නමුත් පාකිස්ථානය
ශ්‍රී ලංකාවට වඩා දූෂිත රටක්. මෙතන උදාහරණය තමයි ඒ දහස් නවසිය පනහ - හැට දශකය තුළ බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුවට හිටිය සියලුම මැති ඇමතිවරු වයස අවුරුදු 60ට වැඩි, වගේම ඔවුන් විවිධ පසුබිම් වලින්
දේශලානයට පැමිණි අය වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු, ගොවියෝ, නීතිඥයෝ ලෙසට දේශපාලනයට
ආවේ රැකියාවක් කරලා විශ්‍රාම ගියාට පසුවයි. නමුත් වර්ථමානයේ බොහොමයක් ඇමතිවරුන්ට ඔවුන්ගේ
එකම රක්ෂාවෙන් දේශපාලනය විතරයි. වෙනස් රැකියා අත්දැකීමක් නැහැ.

තුන්වන කරුණ තමයි දේශපාලනඥයකුගේ දේශපාලන ජීවිත කාලය සීමා කිරීම. උදාහරණයකට මෙක්සිකෝවේ
ජනාධිපතිවරයෙකු වසර හයකට එක්වරක් වරක් තමයි පත් වෙන්නේ. ඒ වගේම තමයි බ්‍රසීලයේ පාර්ලිමේන්තුවට
පත්වෙන මැති ඇමති ඇමතිවරයෙක් තමන්ගේ දේශපාලන ජීවිතය වසර අටක් නමයක් එක දිගටම පවත්වාගෙන
පැමිණියහොත් එම වසර අට හෝ නවයට පසුව නැවත දේශපාලනයට එන්න බැහැ. මේ රටවල් තමන් ගේ රටේ
දේශපාලනඥයන්ට උපතේ සිට මරණය දක්වාම දේශපාලඥයන් ලෙසට රැදී සිටීම නවත්තලයි තියෙන්නේ.

මෙම දේශපාලනය පිළිබඳ අදහස් (දෙවන කොටස) ‘‘Edge of Chaos“ පොත රචනා කල
“ලෝක ආර්ථික විශේඥවරියක්“ වන “Dambisa Moyo“ නම් මහත්මියගේ අදහස් වේ.

Sunday, 29 April 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 10


ආධ්‍යාත්මය හා මානසික මට්ටම

ඉහත පෝසට් වලින් මම දැක්වු ඕනැම කාරණයක් ඉටුකරගත හැකිවන්නේ මේ දෙක තිබුනොත් තමයි. රටේ ඉන්න මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕනි යන අදහස නැතිනම් රට දියුණු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ තමයි.  (ඔළුවට තුවක්කුවක් තියලා කරවනවා හැර. නමුත් ඒ ක්‍රමයට මම කැමති නෑ) ඒවගේම තමයි දියුණු රටවල් මොනවා කිවුවත් තමන්ගේ ආගමික අනන්‍යතාවය නැතිකරගන්නේ නැනැ. නිරාගමිකයන් මාත් එක්ක විරුද්ධවෙයි නමුත් ලෝකයේ සියයට හතලිහකට වඩා වැඩි නිරාගමිකයන් ඉන්නා රටක් දැකගන්නට නැහැ. 

ඒ වගේම තමයි ලෝකයේ දියුණු රටවල දියුනු පුද්ගලයන් බොහෝම ආගමානුකුලයි. අසල්වැසියාට ප්‍රේම කිරීම, තමාලග වැඩියෙන් ඇති සළුව නැති තැනැත්තාට ලබා දීම වැනි කතෝලික ආගමික වටිනාකම් බිල්ගෙස්ට් තුලින් අපිට දැකිය හැකිය. (උදා බිල් හා මෙලින්ඩා ගේට් පදනම --- දන්නවාද දන්නේ නෑ)
ඒවගේම තමයි අපේ ඇයෝ බහුතරයක් කියන කතාව තමයි ලෝකේ තියෙනවා රටවල් වර්ග තුනක් දියුනු රටවල් දියුණුකල හැකි රටවල් හා කවදාවත් දියුණු කල නොහැකි රටවල් ලෙසට. අදාල පුද්ගලයන්ට අනුව මගේ රට වැටෙන්නේ කවදාවත් දියුණු කල නොහැකි රටවල් ගණයටය. එයින් අදහස් වෙන්නේ අපේ රටේ ජිවත් වෙන මේ පුද්ගලයන් රට දියුනු කිරීමට ඇති උනන්දුව උත්සහය අතහැර ඇති බවයි. එසේම අපේ රටට ඇති තවත් ප්‍රශ්ණයක් තමයි යැපුම් මානසිකත්වය. 

ඒ තමයි රජය විසින් හැම දෙයක්ම පිනට දියයුතු බව. සෞඛය, අධ්‍යාපනය, රැකියා, ඒ මදිවට  තමන් පෞද්ගලිකව කරන ආයෝජනයකට හෙණ ගැහුවොත් ඒකත් ලබාදිය යුතුයි කියලයි හිතන්නේ. ලංකාව කවදාවත් දියුණු කල නොහැකි රටක් යැයි කියන ඔස්තාර්ලා එක්කෙනෙක් වත් රජයෙන් පිනට දෙන සේවාවන් නවත්තන්න කැමති වෙන්නේ නෑ. මොකද ඉන්පසු ඒවා ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙන නිසා.

පංච කල්යාණියනි

සියුමැළියන් දහසක් පැමිණි මා ලොව ඔබත් ඒ අතර සිටි කෙනෙක් පමණි ඔබගේ වියෝවේ විරහ වේදනාව මා හද බුර බුරා දවාලයි නීල නයන, සිනා මුව මඩල, ක...