මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ
දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ
ගිය ගිය තැනදී ජාතික හෙණ හඩම තලව්
සිත ගත රිහිරි ලක් බිම තෙම තෙමා හෙලව්
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්
මිතුරුව එතොත් දුවිලි උව වැළද ගණු
සතුරුව එතොත් මෙරගිරමුව පසිදු ලණු
හිතුවක්කාර කමකැයි මෙය නො අදහණු
යුතුකම එයයි එහෙයින් එහි පුරුදු වණු
මෙරමා අයත් පැවතුම ඇති අයට කැත
නිරයේ පවා මද අවකාශයක් නැත
පරමෝදාර නිදහස ගැන ඇතෝත් හිත
හිර ගේ මැදින් එහි යන මග වැටි ඇත
තර සර බවට සිය ජාතික ජීව පොවා
මැරනොත් රුපුන් නිදහස රණ බිමේ හොවා
සුර සුන්දරින් සුරතින් සුර සුවඳ කවා
සරසනු නියති ඔබගේ මළ සිරුර පවා
වැද වෙඩි පහර එකි නෙක ඉන් නැගෙන ගිනි
මැද ඇද වැටෙන බිහිසුණු මළ කඳන් පෙනි
ඇද නොව සිටිනු හැක නම් එහි උවත් තනි
නිදහස සිරිය දුවැවිත් ඔබ වැඳළ ගනි
ගමරාලගේ අර මහ වං ගෙඩිය වගේ
හැම එක කටම යටහත් වනු හොද ද සගේ
සමහරු එහි අගය වනතත් දිගට දිගේ
මම එහි ඇතැයි නොසිතමි ඒ තරම් අගේ
උස් නිදහසේ මාරක සතුරාගේ දිරි
නස්නට සටන් සටන් බිම වදිතොත් කෙදින හරි
පස්සට නොයනු යලි එතනම සිටිනු මැරි
ගස් ගල් පවා නමදිඉ ඔබ දෙසට හැරි
No comments:
Post a Comment