ඔබේ අයිතිය මගේ වගකීමයඑය ගැන කතා කිරීම ඉතා හොදය,නමුත් ඔබ කවදාද ඔබේ වගකීම් ගැන කතා කිරීමට පටන් ගන්නේ ?මන්ද යත් ඔබේ වගකිම කාගේ හෝ අයිතියක් වන නිසාය.........
Thursday, 16 January 2020
Monday, 2 September 2019
චන්ද්‍රමොගන්
චන්ද්‍රමොගන් උපන්දාසිට හැදි වැඩුනේ තම මව සමගය. ඔහුගේ දෙමාපියන් කොළඹ දිවි ගෙවුවද 1983 කලබල සමග
යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔහු ගේ පියා බැදුනු දිනයේ සිට ඔහු ගේ මවත් පියාත් නිතරම
රණ්ඩු වු අතර අවසානෙය්දි ඇය චන්ද්‍රමොගන් රැගන කඩවත පදිංචියට පැමිණි යේය.
යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔහු ගේ පියා බැදුනු දිනයේ සිට ඔහු ගේ මවත් පියාත් නිතරම
රණ්ඩු වු අතර අවසානෙය්දි ඇය චන්ද්‍රමොගන් රැගන කඩවත පදිංචියට පැමිණි යේය.
චන්ද්‍රමොගන්ට තම පියා වන සුබ්‍රමනියම් ගැන ලොකු මතකයක් නැතත් තමා ඔහුගෙන් පියා වෙන්කළේ
කොටි සංවිධානය බව හා මව ගේ නිතර නිතර වූ අඩා වැටීම් මත ඔහු කොටිසංවිධානය ගැන වෛරයකින් පසුවිය.
චන්ද්‍රමොගන් උසය නමුත් ඊට සරිලන ලෙස මහත නැති නිසා කෙට්ටු පුද්ගලයකි. ඔහු ගේ දකුණු උරහිසේ පිළිස්සුම්
පැල්ලමක් මෙන් ඇති උපන් ලපය නිසා ඔහු කඩාකළ අවට ළමයින් කිවේ ලපයා කියාය. ස්වභාවෙයන්ම තළෙලු
පැහැ වූ ඔහුගේ මුහුණ සිහින් හා දිගැටි ආකාරයක් ගැනීය. කෙස් නමුත් ඔහු ශක්ති සම්පන්නය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනෙයන් පසු චන්ද්‍රමොගන් කෙළින්ම ගියේ හමුදා මුලස්ථානයටය. එහි දී හමුදාවට ඒකතු වු ඔහු
තම දමිළ භාෂා දැණුම මත කොටි සංවිධානයේ හුවමාරුවන පණිවිඩ සිංහළට පරිවර්ථනය කරන්නට විය. නමුත් ඔහු
රාජකාරියට බැදුනු දිනයේ සිටම ඉල්ලා සිටියේ ක්‍රියාන්විත රාජකාරි වලට යෑම සදහාය. කොළඹ සිට පුටුවක වාඩිවී
යුද්ධ කිරීම ඔහුට ප්‍රිය නොවීය.

කෙසේ නමුත් අද දින රාජකාරියට වාර්තා කරනවිට ඔහුට “රහසිගතයි” සදහන් ලිපියක් අණ දෙන නිලධාරි තුමා ගෙන්
ලැබී තිබුණි.
ලැබී තිබුණි.
* * * * * * * * * * * * *
මනිබාලන් කොටිසංවිධානයේ ඉහල මධ්‍යම මට්ටෙම් තනතුරක් හොඹවන නායකයෙකි. බොහෝ නායකයන්ට
මෙන් මනිබාලන්ද භාවිතා කරන මෙම නාමය ව්‍යාජ එකක් විය. කොටි සංවිධානයේ ආරම්භයේ සිටම එහි සිටි
සාමාජිකයෙකි. එම සංවිධානයේ මෙහෙයුම් රාශියකට සහභාගී වී ඇති ඔහු දැන් මහළු වියට පා තබා ඇතත් තවමත්
තරුණයන් දෙදෙනෙකු උවත් පොරබදා බිම දැමීමට සමත් කම් ඇති ශක්තිමත් පුද්ගලයකි.

මනිබාලන් හා ඔහුගේ සගයන් පිරිසක් අත්තඩංගුවට පත්ව ජිවිතාන්තය තෙක් සිර දඩුවම් නියමව සිටියදි හදිසියේ
ආ සුනාමි රළ පහර නිසා සිපිරි ගෙයි හි බිත්ති විනාශව ගිය අයුරුත්, මුහුදු ජලය සමග පිහිනමින් දිවි ගලවා ගෙන දින
ගනනාවක් තිස්සේ කැළය තුළින් ගමන් කරමින් අඩනිරැවතින් හා අප්‍රාණිකව කදවුර වෙත ලගා වු ආකාරය කොටි
සංවිධානයේ කා අතරත් ප්‍රසිද්ධය. මේ නිසා මනිබාලන් සංවිධානයේ ජනප්‍රිය තරුවක් බවට පත්වී සිටියහ.

නමුත් දැන් ඔහු ඇවිත් සිටින්නේ මෙහෙයුමකටය. තම සංවිධානයේ හදවත් බදු මුලතිව් කැළයට විත් තම ඉහල පෙලේ
නායකයන් මරා දමන භුතයන් පිරිසක් සැරිසැරීම තම සංවිධානයේ නායකයන් නැට්ට කකුල් දෙකේ ගසාගාත් නරි
මෙන් බියෙන් දිවිගලවා ගැනීමට පැන යාමට සලස්වා ඇත. සංවිධානයේ බාෙහෝ පිරිස් මේ භූතයන් චීනයේ හෝ
ඉන්දියානු හමුදාවේ සෙබළුන් යැයි කීවද මනිබාලන් විශ්වාසයෙන්ම කියා සිටියේ මෙලෙස පහර දෙන්නේ ලංකාවේ
හමුදාව බවයි. එකෙක් හෝ පණ පිටින් අල්ලා ගත්තානම් තමා නිවරදි බව පෙන්විිය හැකි බව ඔහු සෑම විටම
විශ්වාස කළහ. නමුත් දැන් මාසය දෙකක් පමණ ඔවුන් මුලතිව් කැළය පීරමින් මෙම භූතයින් සෙවුවද මෙම භුතයන්ගේ
ඒක මයිල්ගහක් වත් සොයාගැනීමට නොහැකි විය.

ඇතැම් නායකයන් මරා දමාතිබු ආකාරය මතක් වන විට මනිබාලන්ගේ පිට කොන්ද දිගේ සීතල විදුලියක් ගමන් කරන
ආකාරයක් දැනී ඔහු දාඩියෙන් තෙත්ව යයි. මනිබාලන්ව දන්නා කියන සංවිධානෙය් ඉහල පෙළේ නායකයන් පවා මේ
ගැන කථා කලේ ඉතාමත් රහසිගතව හා භය භීතවයි. ඒ් නිසාම මනිබාලන් වැනි අත්දැකීම් සපිරි දක්ෂ පුද්ගලයෙක් මෙම
කර්තව්‍යට යෙදවීමට සංවිධානයේ නායකත්ව තීරණය කර තිබුණි.

දැණුනු විඩාව සංසිදුවා ගැනීමට මනිබාලන් අසල තිබු ගසකට නැග ගස උඩ නිදාගන්නට උත්සහ දැරීය.
තමා මේ මෙහෙයුමට පැමිණිමේදි බල්ලෙකු කණ්පොට ගැහිම පිළිබද මදක් චකිතයකින් ඔහු සිටියද දැන් ඔහුට
සිතෙනුයේ එතුලින් මෙම මෙහෙයු මේ අසාර්ථකත්වය කියා පැ බවයි.
තමා මේ මෙහෙයුමට පැමිණිමේදි බල්ලෙකු කණ්පොට ගැහිම පිළිබද මදක් චකිතයකින් ඔහු සිටියද දැන් ඔහුට
සිතෙනුයේ එතුලින් මෙම මෙහෙයු මේ අසාර්ථකත්වය කියා පැ බවයි.
* * * * * * * * * * * * *
‘’චන්දේ අර බලපං’’, චන්ද්‍රමොගන් තම සගයා පෙන්වු දිශාව දෙස බැලුහ. ගඟින් ඒ තෙර පෙනෙන්නේ ආලෝකයකි.
හොදින් අවාරණය කර දැල් වු ගිනි ගොඩකි එය ආලෝකයක් බව කීමට හැක්කේ පුරුදු වූ දෙනෙතකට පමණි.
හොදින් අවාරණය කර දැල් වු ගිනි ගොඩකි එය ආලෝකයක් බව කීමට හැක්කේ පුරුදු වූ දෙනෙතකට පමණි.
‘’ඒතන විස්සක් තිහක් වගේ ඉන්නවා, හොද ටාගට් ඒකක්”
“කොහොමද ඇටෑක් කරන්නේ?”
“අපි ක්ලේමෝ දෙකක් දෙපැත්තෙන් තියමු. පස්සේ ඉතිරි වෙන උන්ව ඉවර කරමු”
චන්ද්‍රමොගන් හා ඔහු ගේ සගයන් ගඟ අසබස කුඹුක් ගහ පල්ලේ තිබු මඩ වලෙන් එළියට කෙමෙන් කෙමෙන් පැමිණ
ගඟ හරහා ගොස් පහර දීමට සුදානම් විය.
ගඟ හරහා ගොස් පහර දීමට සුදානම් විය.
* * * * * * * * * * * * *
උදෑසන හිරු එළිය පොලොව සිප ගනිද්දි මහා හඩක් නගමින් එක් බොම්බයක් පුපරා ගිය අතර ඊට සුලු වේලාවකට
පසු තවත් බෝම්බයක් පුපුරා ගියහ. මරලතෝනි හා වෙඩි වරුෂා මැද සතර අත පිලිස්සි වැටුනු මස් හා රුධිරය
පොලොව තෙත් කිරිමට සමත්විය.
පසු තවත් බෝම්බයක් පුපුරා ගියහ. මරලතෝනි හා වෙඩි වරුෂා මැද සතර අත පිලිස්සි වැටුනු මස් හා රුධිරය
පොලොව තෙත් කිරිමට සමත්විය.
හදිසියේම එල්ලවු ප්‍රහාරය නිසා මනිබාලන් කලබල වුවත් තමා දෙසට දිමියෙකු මෙන් දණ ගාමින් ඒන තම සගයෙකු
දුටු ඔහුට මද අස්වැසිල්ලක් විය. නමුත් වල්හාවෙක් මෙන් ඒක වරම වම් පැත්තෙන් පැන ආ සතුරා ඔහුට වෙඩි තැබීය.
මනිබාලන් තම පිස්තෝලය රැගෙන ගසින් බිමට පැන්නේ සතුරාට පයින් පහරක් දෙමිනි.
දුටු ඔහුට මද අස්වැසිල්ලක් විය. නමුත් වල්හාවෙක් මෙන් ඒක වරම වම් පැත්තෙන් පැන ආ සතුරා ඔහුට වෙඩි තැබීය.
මනිබාලන් තම පිස්තෝලය රැගෙන ගසින් බිමට පැන්නේ සතුරාට පයින් පහරක් දෙමිනි.
හදිසි ප්‍රහාරය වලක්වාගත නොහැකි වු සතුරා බිම ඇද වැටුණි ඒ් අවසරෙයන් මනිබාලන් ඔහු ගේ මුහුණට වෙඩි තැබීය.
සටන අවසන් වීමට මිනිත්තු තුනක් පමණ ගත විය. මනිබාලන්ගේ පිරිසෙන් අට දෙනෙක් ජිවත්ව සිටි අතර
තිදෙනෙකුට තුවාල වී ඇත. සතුරන් හතර දෙනාගේ ඇදුම් හා තුවක්කු ගැලවිමට මනිබාලන්ට මෙවර ද ඉදිරිපත්වීමට
සිදුවිය.
සටන අවසන් වීමට මිනිත්තු තුනක් පමණ ගත විය. මනිබාලන්ගේ පිරිසෙන් අට දෙනෙක් ජිවත්ව සිටි අතර
තිදෙනෙකුට තුවාල වී ඇත. සතුරන් හතර දෙනාගේ ඇදුම් හා තුවක්කු ගැලවිමට මනිබාලන්ට මෙවර ද ඉදිරිපත්වීමට
සිදුවිය.
හදිසියේම ඔහු දුටු දෙයින් ඔහුව ඉද්ද ගැසුවාමෙන් පැත්තකට විසි වී ගියේය. තමා විසින් ෂර්ට් එක ගැලවූ සතුරා ගේ
දකුණු උරහිසේ පිලිස්සුනු පැල්ලමක්සේ ඇති ලපයකි. මනිබාලන්ගේ ඉහ මොළ රත් විය. ඔළුව ගිනිගන්නට විය.
වසර ගණනා වකට පෙර තම බිරිඳ තමාගෙන් වෙන්කර රැගෙන ගිය තම දරුවා මරාදැමු ආකාරය ඔහුට මැවි මැවි
පෙනෙන්නට විය. දෙනෙතින් කදුළු රූරා යද්දි මනිබාලන් තම පිස්තෝලය සිය මුවට ඔබාගත්තේය.

Tuesday, 12 March 2019
Sunday, 10 March 2019
අපේ හැටි, වර්තමාන හා අනාගත
අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට වත් හිතුවාද යම් දෙයක් නිකං ගන්නවා කියන්නේ එම නිෂ්පාදනය කල පුද්ගලයාට සිදුකරණ අසාධාරණයක් බව?
මෙහෙම හිතමු අපි හාල් කිලෝ 10ක් ගත්තම කිලෝ දෙකක් නිකං දෙනවා කියලා ඒ නිකං ලැබෙන කිලෝ දෙක වෙනුවෙන් ගොවියා, හාල් සකසන්නා, වෙළෙන්දා වුන මහන්සිය වෙනුවෙන් අපි කිසිම මුදලක් ගෙවන්නේ නෑ. එතකොට ඒ සදහා වැය වුන කාලය, ශ්‍රමය, ධනය වැනි දෙවල් නිකංම නාස්ති වෙනවා එක ඇත්තටම බල පාන්නේ අපිටමයි මොකද නිකං දෙන දේටත් අපි සල්ලි දෙන කොටසට අල්ලලා සල්ලි දෙන්න ඕනි නිසා.
ඒ වගේම තමයි ඔබ ජීවිතේට කිසිම දෙයක් නිකං ගන්න එපා මොකද, ලාබ බඩුවේ හිලක් තියෙනවා නම් නිකං දෙන බඩුවේ කොහොමට ඇත්ද? ඒ වගේම කිසිම සෙයක් ණයට ගන්න එපා, නිසි වටිනාකම තමන්ගේ මහන්සියෙන් නොගෙවා කිසිම දෙයක් ගන්න එපා.
අපේ රටේ තව තියෙන ප්‍රශ්ණයක් තමයි පුද්ගලයකුගේ වෙනස්වීම පිළිගැනීමට අකමැති බව, අපේ සමාජයේ පුද්ගලයකුට වෙනස් වීමට ඇති අවකාශය ඉතාමත් සීමිතය.
ඉදිරි අනාගත වසර 50ක කාලය තුල ලංකාව වෙලාගන්නා ප්‍රධාන ගැටළු තුනක් වන්නේ මානසික ඒකාග්‍රතාවය ඇති පිරිසක් බිහිකිරීම, ළමා රැකවරණය සැලසීම, හා ලෙඩ වූ හා වැඩිහිටි රැකවරණය සැලසිමය. ළමා රැකවරණය සැලසීමට ඇති ඩේ කෙයාර් වල ඇති ප්‍රශස්තභාවය හා දරුවෙක් හදා වඩා ගැනීමට දෙමව්පියන්ට ඇති අවිවේකය (දෙමාපියන් දෙදෙනාම රැකියාවට යෑම, විදේශගත විම වැනි) කරුණු සරළව දැක්විය හැකිය.
එමෙන්ම මේ හේතු නිසාම තම දෙමාපියන් හෝ දරුවන් රෝගී වූ විට රෝහලේ නැවැත්වීමට උපස්ථායකයන් සෙවීමට සිදුවිම හා දින වැටුපට මුදල් පදනම මත ඔවුන්ව සේවයට යොදා ගැනීමට සිදුවීම දැකිය හැක. විශේෂයෙන් දරුවන් රෝහල් ගත වූ විට රැක බලා ගැනීමට දෙමාපියන් ඉදිරිපත් වූවද දෙමාපියන් රෝහල් ගතවූවිට ඔවුන් ලග නැවතීමට දරුවන් ඉදිරිපත් නොවීම සාධාරණව පෙනෙන කාරණයකි. එයට හේතුව වනුයේ දරුවන් රැකියාව ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන බැවිනි.
Friday, 4 January 2019
Friday, 30 November 2018
සමානාත්මතාවය
කාන්තාව හා
පිරිමියා වෙනස් වෙන්නේ හේතු දෙකක් මත පමණි
01.
සමාජමය හේතු
02.
ජීව විද්‍යාත්ම
හේතු
මෙහිදී ඔබ සමාජමය හේතු අවම කිරීම සිදුකරන තරමටම ජීව විද්‍යාත්මක
හේතු උපරීම වීම සිදුවේ.
එසේම මනෝ විද්‍යාත්මකව කාන්තාව හා පිරිමියා වෙනස්වෙන්නේ
01. පිරිමියා ද්‍රව්‍යන්ට
කැමැත්ත දක්වයි
02. ගැහැණිය පුද්ගලයන්ට
කැමැත්ත දක්වයි
(බොහෝ දුරට)
සමානාත්මතාවය
උපරිම සමාජයක් බිහි කිරීමට නම් සිදුකලයුත්තේ සමාජයේ සිටින පුද්ගලයන්ට තෝරාගැනීමේ
අවස්ථාව උපරිමව ලබා දීමය. නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්ණය නම් තෝරාගැනීමේ අවස්ථාව
උපරිම වන විට ඒක පුද්ගල වෙනස්කම් ද උපරිම වීමය. එසේ වූවද තෝරා ගැනීම් සීමා කිරිම
තුලින් සමානාත්මතාවය උපරිම සමාජයක් බිහිවන්නේ නැත.
මෙහිදී ඔබට
තෝරා ගැනීමට ඇත්තේ සමානාත්මතාවය උපරිම සමාජයක් හෝ ඒක පුද්ගල විවිධත්වය උපරිම
සමාජයක් පමණි. මෙම අවස්ථා දෙකම එකවර ලගාකර ගත නොහැකිය. මන්ද යත් මිනිසාගේ ඇති ජීව
විද්‍යාත්මක වෙනස්කම් සමාජ ඉංජිනේරු විද්‍යාවෙන් වෙනස්කල නොහැකි නිසාය.
මෙහිදී ඇතිවන
ජනප්‍රිය මාතෘකාවක් වනුයේ කාන්තා විමුක්තියයි.
කාන්තා
විමුක්තිය ලැබෙන්නේ සමාජ ප්‍රතිපත්ති හෝ සමාජ ඉංජිනේරු විද්‍යාව නිසා නොව, විද්‍යාව
හා තාක්ෂණයේ දියුණුව නිසාය.
උදාහරණ
01.
උපත්පාලක කොපු
හෝ පෙති - කාන්තාවන්ට ලිංගික ඇසුර ලබා ගැනීමේදි පිරිමියාට මෙන් අවශ්‍ය
මොහොතේ හෝ දිනයේ දී සිදුකිරිමට නොහැකිය, මන්දයත් ජීව විද්‍යාත්මකව ඒ සදහා සීමා
පැනවී ඇති නිසාය. කාන්තාව හා පිරිමියා අතර ඇති මෙම අසමානතාවය පරිනාමනයේදි කාන්තාව
හා පිරිමියා හැසිරිම් රටා දෙකක් (මූලික වශයෙන්) දක්නට ලැබේ. නමුත් උපත්පාලක කොපු
හෝ පෙති සමාජ ගතවීමෙන් පසු කාන්තාවටද පිරිමියාට මෙන්ම ජීව විද්‍යාත්මක බාදකය බිද
දමා පිරිමියා හා සමාන නිදහසක් භුක්ති විදිමය.
02.
පිරිසිදුකම - මම
මේ කියන්නේ කාන්තාවක් ඇදේ තියලා බලන පිරිසිදුකම නොවෙයි. සැබැ පිරිසිදුකම
සනිපාරක්ෂක පහසුකම්, අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම්, ගේදොර හා අවට පරිසරය
පිරිසිදු කිරීමේ පහසුකම් ආදියයි. වැසිකිලි පහසුකම් පෙර පැවතියේම නැති තරම්ය එනම්
අවශ්‍යතාවය මතු වූ වහාම කැළයට දිවීමද, පසුකාලීනව ගෙදර අහල පහල පිහිටි වැසිකිලියට
යැම හා ඊටත් පසුව නිවසතුලදීම (වොෂ්රූම්/බාත්රූම්) එම පහසුකම් සලසාගැනීමට හැකිවන
ලෙස තාක්ෂණය දියුණුවීම, අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙරනම් කලේ ගෙදර තිබෙන කුණු ගෙදර
වලකට දමා පිලිස්සීමට, (මෙය දැන්ද දකිය හැක.) අපද්‍රව්‍ය බැහැරකිරීමට කාණුපද්ධති,
ගලිබවුසර් සේවා, කුණු රැගෙන යෑමේ සේවා ආදිය මෙන්ම වොෂින් මැෂින්, පිගන් සෝදන
මැෂින්, වැකුම් ක්ලීනර් හා වර්ථමානයේ අළුතින්ම එකතුවූ වැකුම් රෝබෝ වරු නිසා
කාන්තාවන්ට අත්ව ඇති සැනසිල්ල අතිමහත්ය.
03.
විදුලිය
04.
අන්තර්ජාලය
05.
ගමනාගමන
පහසුම්
06.
ජල නල පහසුම්
විස්තර නොකරද
කාන්තාවන් මෙම උදාහරණ තුලින් ලබා ඇති පහසුකම් අති මහත්ය.
අවසානයේ
සාරාංශයක් ලෙස ඉදිරිපත් කරනුයෙමි.
01.
පුද්ගල
සමානාත්මතාවය නොමැති වීමට හේතු දෙකකි. 1. සමාජමය හේතු 2. ජීවවිද්‍යාත්මක හේතු.
02.
මනෝ විද්‍යාත්මකව
ගත්කල පිරිමියා ද්‍රව්‍ය වලට කැමතිවීමත් කාන්තාව පුද්ගලයන්ට කැමතීවීම හා උපරිම
සාමානාත්මතාවය ලගාකර ගැනීමේදී ඒක පුද්ගල විවිධත්වය උපරිම වීම දැකිය හැක.
03.
කාන්තා
විමුක්තිය ලැබුණේ හා ලැබෙනුයේ සමාජ ප්‍රතිපත්ති මත හෝ සමාජ ඉංජිනේරු විද්‍යාව නිසා
නොව, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව නිසාය.
Saturday, 27 October 2018
Golden boy syndrome
Golden boy syndrome යන මානසික රෝගය වැඩිහිටි යන්ගේ ළමා කාලයේ දී ඔවුන්ට සිදුවූ අපචාරයන් නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම අපචාරාත්මක ක්‍රියාවලිය නැතිනම් ක්‍රියාව වනුයේ වැඩි සෙනෙහෙ පෑම හා වැඩි ආරක්ෂාව සැපයීම තුලිනි. ඔබ බලනවා ඇති මේ මොකක්ද කියා, සාමාන්‍යයෙන් වැඩිහිටියකුගේ මනෝ මට්ටම පිරිහෙනුයේ ඔහු ළමා කාලයේ ශාරීරික මානසික ව ඉතා දැඩි පීඩනයට පත්වූ විටය. එය අපි දන්නා දෙයක් වේ, නමුත් ළමයෙකුට කුඩාම අවදියේ පටන් දැඩි ලෙස ආදරය හා දැඩි රැකවරණය ලබා දීමෙන් දරුවා වැඩිහිටියකු වූ පසු ඔහුට වැලඳෙන රෝගයක් පිළිබඳවයි මා මෙහි සඳහන් කරන්නේ. අපි ළමයි හදද්දි උගන්වන්නේ ළමයාගේ හිත රිද්දන්න එපා කියා ඒ නිසා දෙමාපියන් වශයෙන් අපි ළමයාට සියල් සම්පත් ලබාදෙන අතර ඔහුට වඩා කෙරුමෙක් නැතැයි ප්‍රකාශ කරනු ඇත.
යම් අවස්ථාවක ඔහුගේ වාර විභාග ලකුණු අඩු වුවහොත් දෙමව්පියන් ගුරුවරයා හමුවට ගොස් ගුරුවරයාගෙන් පිළිබඳ ප්‍රශ්න කරනු ඇත. ජය පරාජය නොවේ සහභාගී වීමයි වැදගත් කියා ඔහුට සහතිකයක් ලබා දෙවනු ඇත. ළමයින් අතර රණ්ඩුවක් ඇති වුවහොත් එය ළමයින්ට විසඳා ගැනීමට ඉඩ නොදී දෙමව්පියන් මැදිහත්වී වැරැද්ද කෙසේ වෙතත් තමාගේ ළමයාට ජයග්‍රහණය ලබා දෙනු ඇත. මෙම දෙමව්පියන්ගේ වැරදි හැසිරීම නිසා ළමයා වැඩිවියට පැමිණෙන විට ඔහුට අනවශ්‍ය අවධානයක් හා අනවශ්‍ය ඔලුව ඉදිමීමකට ලක් ව ඇත. සමාජයට ඔවුන් පැමිණි විට පළමුව ප්‍රකාශ කරනුයේ ‘‘තමුසේ දන්නවද මම කවුද කියලා?‘‘ මෙහිදී සමාජය විසින් ඔහුට නිවෙසේ දී ලැබෙන ඉතාමත් දැඩි හා අනවශ්‍ය අවධානයක් නො ලැබෙනු ඇත. මෙහිදී වැඩිහිටියන් බවට පත් වූ මෙම ළමයින් දැඩි ලෙස කෝපයට පත්වෙයි. යම් අවධානයක් ලැබුණ ද එම අවධානය ඔහුට නොසෑහෙන ඇත.
මම තමයි පොර ලෙස සිතා ගෙදරින් එලියට බහින ඔහු මගදී පොරක් නොවනු ඇත. මෙහිදී ඇතිවන විපර්යාසයක් වනුයේ ඔහු විසින් සමාජයෙන් තමාට අවධානයක් ලැබෙන ලෙස තම චරිතය මාරු කිරීමට උත්සාහ කිරීමය, එනම් මැරයෙක්, ඒකාලයේ සිට ම පොරක්, සල්ලි විසිකර න ඩයල් එකක්, ලිංග මාරු වූ ශ්‍රේෂ්ඨ පොරක්, නිරාගමිකයෙක්, සමලිංගිකයෙක්, සිස්ටම් එක වෙනස් කරන කෑගහන විප්ලවවාදීයෙක් යන ආදී චරිත වීමට උත්සාහ කරනු ඇත.
අනිත් කරුණ වනුයේ මෙම රෝගය වැළඳුණු පුද්ගලයන් ගේ දැකිය හැකි ගති පැවතුම් ලක්ෂණ අතර දැඩි මුරණ්ඩු කම, බුද්ධිමය සංවාදයකට තමාගේ දැනුම ප්‍රමාණවත් නොවේ නම් අතින් පයින් සංවාදයට යෑම, තමාට සිදුවන ඇනුම් බැනුම් සිත් රිදවීම් වලට පළි ගැනීමට උත්සාහ කිරීම, තම මතයට විරුද්ධ වන්නන් හා තම මතයට විරුද්ධ මතයක් ඇසුණු විගස කෝපයට පත්වීම, රැවටීම, වංචා කිරීම, මෙන්ම බොරු පැමිණිලි කිරීම, චරිත ඝාතන, මඩ ප්‍රහාර එල්ල කිරීම වැනි පෞද්ගලික හැසිරීම් රටා දැකිය හැකිය, හිතාමතා සිදුකරන කුමන්ත්‍රණ මගින් සමාජයේ ස්ථාවරය විනාශයට පත් කිරීම යනාදිය ද උදාහරණ වේ.
මෙම රෝගී තත්වය අනාගතයේදී තම දරුවාට වැළඳීම වැළැක්වීම වර්තමාන දෙමව්පියන් හා භාරකරුවන් වගබලාගත යුතුය. මන්ද මානසික රෝග වලදි ක්‍රියාව වර්තමානයේ වුවද ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයේ නිසාය. වඩාත් සරලව කිවහොත් මෙහිදී ලබාගත හැකි හොඳම ක්‍රියාමාර්ගය නම් දරුවාට තම වැඩ කිරීමට භාරදීමය. (මා මෙහිදී ප්‍රකාශ කරනුයේ සමාජානු කූලවය.) සීමා රහිත වීම හෝ දැඩි සීමා සහිත වීම මානසික රෝග වල දීමට හේතුවක් වනු ඇත මධ්‍යම ප්‍රතිපදාව ඉතා අගනේය. අතීත මුතුන්මිත්තන් ප්‍රකාශ කරන ලද හැදි නොගා හදන හොද්දේ ගන්න හොඳම උදාහරණයයි. එමෙන්ම ජයග්‍රහණය හා පරාජය රස විඳීමට ඉඩ දීම ජයග්‍රහණයට උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය, පුහුණුව අවශ්‍ය බවත්. මෙවැනි දේවල් තමන්ට වඩා වැඩියෙන් ප්‍රතිවාදියා කැප කර ඇත්නම් ප්‍රතිවාදියා දිණන බවද, ප්‍රතිවාදියාට වඩා තමන් කැප කර ඇත්නම් තමන් දිණන බව ද පහදා දෙන්න. දරුවාට සමාජය තැලෙන පොඩිවෙන ඉඩදෙන්න, නමුත් ඕනවට වඩා හෝ ඕනෑවට වඩා අඩුවෙන් එය සිදුවීමට ඉඩ ලබා නොදෙන. ඒ පිලිබඳ පරීක්ෂාකාරී වන්න. තමා විශේෂ නොවන බව තමාගේ විශේෂත්වය තමා විසින් කැපකිරීමෙන්, මහන්සියෙන් උපයා ගත යුත්තක් බවත් දරුවාට වටහා දිය යුතුය.
Monday, 24 September 2018
ඵලක් නෑ
වර්ථමාන
සමාජයට හා සමාජ දැණුමට අනුව අතීතයේ ලියවූ ආගමික පොත් වල සත්‍යක් නැතැයි ප්‍රකාශයක්
ඇසුනු විට ඔබ එයට ලබා දෙන පිලිතුර කුමක්ද? මන්ද යත් අතීතයේ සිටියාට වඩා අපි දැන්
ඉතා විශාල වශයෙන් දැනුමෙන් හා තාක්ෂණයෙන් දියුණු වී ඇති නිසා.
එම ආගම්
පොත් වල වාක්‍යයෙන් වාක්‍යට ගත් විට නැත, ඡේදයෙන් ඡේදයට ගත් විට සමහර විට, මුළු
ලේඛණයම ගත් විට නැත. යන්න පිලිතුරයි. මන්ද යත් මෙය තමයි සංකීර්ණ වල ලේඛණ වල ඇති
අනන්‍යතාවය හා අනම්‍යතාවය.
උදාහරණයකට
ගන්න චිත්‍රපටියක් මෙම චිත්‍රපටියේ යම් යම් තැන් අපැහැදිලි උනත් අපි චිත්‍රපටිය රස
විදිනවා මේ චිත්‍රපටිය අපිව යම් චින්තන රටාවකට හුරු කරණවා නමුත් මෙම චිත්‍රපටියේ
පෙරලියක් (Twist) ඇති
චිත්‍රපටියක් වූවහොත් එතෙක් වේලා චිත්‍රපටිය ගොඩ නැගූ අපේ චින්තන රටාව හා
රසවිදිම සම්පූර්ණයෙන්ම වෙනස් වනවා ඇත.
මෙහිදි පෙරලියකට (Twist) පෙර යම් අවස්ථාවක් හෝ පෙරලියට
පෙර චිත්‍රපටියේ කතාව යොදාගෙන චිත්‍රපටිය විවේචනය කිරීම මෝඩ කමකි.
එසේම යම්
වචනයක් හෝ වාක්‍යක් යොදාගෙන සංකීර්ණ ලේඛණයක් විවේචනය කරණ කරන විට එමගින් ඔබගේ මන්ද
බුද්ධික භාවය පෙන්වීමට උත්සහ කරන බව පිලිගත් න්‍යාය වේ. (ආගම් හා ආගම් ලේඛණ
විවෙචනය කරණ විට සැම විටම සිදුවන්නේ මෙයය) මන්දයත් වචන, වාක්‍ය, ඡේද දහස් ගණනක්
සහිත සංකීර්ණ ලේඛණයක් ඉදිරිපත් නොකර වචනයක් හෝ වාක්‍යක් ඉදිරිපත් කරණ නිසාය.
කල යුත්තේ
සංකීර්ණ ලේඛනය කියවා තේරුම් ගෙන එහි පණිවිඩය ලබා ගැනීමය. එය නිකම්ම නිකං ලැබෙන්නක්
නොව උත්සහයෙන්, මහන්සියෙන්, කැපවීමෙන් ලබාගත යුතු දෙයක්ය, ඒ සදහා කැපකිරීමක් කල
යුතුය. ඒ සදහා ඔබට හැකියාවක් නැතිනම් මෙම සංකීර්ණ ලේඛණ වලින් ඔබට ප්‍රයෝජනයක් නැත.
එමෙන්ම මේ ලේඛණ වලට ඔබෙන්ද ප්‍රයෝජනයක් නොමැත.
නමුත් මෙම
ලේඛන වලින් ඵලක් ප්‍රයෝජනයක් ගන්නා පුද්ගලයන්ද ඇත. අනිවාරයෙන්ම ඔබ ඔවුනට බාධා නොකල
යුතුය, බාධාවක් නොවන ලෙසට හැසිරිය යුතුය, මන්ද යත් ඔබට එසේ කල නොහැකි නම් ඔබ
නිකම්ම නිකං අපතයෙක් වන නිසාය.
රුසියාව
රුසියාව සිය
තරුණ ජනතාව වසර හතරක් හෝ හයක් යුධ හමුදා සේවයේ යොදවා එම කාලය අවසන් වූ පසු වසර
නවයක කාලයක් ඔවුන් අතිරේක හමුදා පිරිස් (Reserves) ලෙස යොදවා තබා ගනී. මෙම ක්‍රමය රුසියාව
ඉතා විශාල කාලයක් තිස්සේ සම්ප්‍රධායක් ලෙස කරගෙන යන සිද්ධාන්තයකි.
මෙය සෙවනැලි
හමුදා ගොඩ නැගීම ලෙසද හැදින්වේ. මෙහි ඉතා වැදගත් අවස්ථාවක් ලෙස දෙවන ලෝක යුද්ධයේදි
රුසියාව ජර්මනිය සමග යුධ කිරීමට ඇති තරම් සෙබලුන් සිටිමට හේතුව ලෙස පෙන්වා දිය
හැකිය. රුසියාව මෙම ක්‍රමය වර්තමානයේ දි පවත්වාගෙන යනවා මෙන්ම අනාගතයටද පවත්වාගෙන
යෑමට සැලසුම් කර ඇත.
රුසියාව පමණක්
නොව චීනය, ජපානය, ඇමරිකාව, ඊශ්‍රයලය, යුරෝපයේ සෑම රටක්ම සරළව කියුව හොත් ලෝකයේ
දියුණු හා බලවත් සෑම රටක්ම මෙම ක්‍රමය අනුගමනය කරනවා ඇත. මෙතුලින් එම රටේ සටන්කාමි
ජනතාවක් හා දේශප්‍රමින්ට තම දේශය වෙනුවෙන් නැගි සිටිමට අවශ්‍ය පුහුණුව හා ශක්තිය
ලැබෙනු ඇත. එමෙන්ම විනයක්, පුහුණුවක් හා හික්මීමක් සහිත තරණ ජනතාවක් රටට ලැබිම
අමතර වාසියක් වනු ඇත.
Thursday, 13 September 2018
විශ්වාසය
ආගම විශ්වාස
කිරීම නැවතු වහාම මිනිසා වෙන යමක් විශ්වාස කිරිම ආරම්භ කරණු ඇත. 1800 සියවස
අවසානයේදි රුසියානුවන් ආගම විශ්වාසි කිරිම අතහැර කොමියුණිස්ට් වාදය විශ්වාස කිරීමට
පටන් ගත්හ. නාසි ජර්මනිය ආගමින් පසු ජාතිකත්වය විශ්වාස කිරිමට පටන් ගත්හ. 1960
දශකයේ කැනඩාවේ කොබැක් ප්‍රාන්තයේද මෙය මෙය සිදුවිය. එමගින් කොබැක් බෙදුම් වාදි
ගැටුම් කැනඩාව තුල ඇතිවිය.
ලංකාව තුලද
නිරාගමික රැල්ලක් ඇත. මෙම නිරාගමික රැල්ල ඉහල යන්න යන්න ලංකාව තුල ජාතිවාදි ගැටුම්
උත්සන්න වු බව මාගේ මතයයි. එමෙන්ම ලංකාව තුල ඇති ජාතිවාදි හා වර්ගවාදි ගැටුම් වලට
හේතුව ආගම අතහැර ජාතිකත්වය විශ්වාස කිරීම බව මාගේ විශ්වාසයයි. එසේම ජනාධිපති මෛත්‍රිපාල
සිරිසේන මැතිතුමා වරක ප්‍රකාශ කර සිටියා ශ්‍රී ලාංකිකත්වය පරයා ජාතිත්වය හා ප්‍රාදේශීත්වය
ඉහල යන බව. (එනම් ශ්‍රී ලාංකිකත්වය පරයා අපි දකුණේ, උඩරට, වෙල්ලස්සේ, නැගෙනහිර, මම
දෙමලෙක් වැනි අදහස් ව්‍යාප්ත වීමය. )
මාගේ අදහස නම්
වර්ථමාන ලාංකිකයා ආගම අතහැර යන අතර හෝ යැවීමට උත්සහ කරවීමෙන් සිදුවන්නේ ලංකාව
තවදුරටත් අගාධයට යෑමය.
Thursday, 30 August 2018
මාස්ටර් ඈෂ්
මාස්ටර් ඇෂ් හමුවීමට පැමිණි අමුත්තා ඔහුට මෙසේ කීය.
‘‘ මාස්ටර් මේ ලෝකේ මාගේ ජාතියේ නරක මිනිස්සු ඉන්න් 0.05% විතරයි. ඒ නිසා අනිත් 99.95% ට බැනි වැදීම වැරදී“
මාස්ටර් ඈෂ ඹහුට පේන්නට කිරි ජෝගුවක් ගෙන එයින් මිලිමිටර් 995 ක් පෙරාගෙන විදුරුවකට දැමුවේය. ඉන් පසු තම මුත්‍රා රැගෙන මිලිමිටර් 5ක් පෙරා අර කිරි විදුරුවට දැමුහ. කිරිවිදුරුව අමුත්තා පිලි ගන්නා
“රසවිදින්න“ යැයි ප්‍රකාශ කලහ.
ඉතා කෝපයට පත් අමුත්තා ‘‘තමුසේ මට මුත්‍රා පොවන්නද හදන්නේ ?‘‘ යැයි ප්‍රතාශ කලහ.
“මෙහි 99.95% ඇත්තේ ඉතා යහපත් වූත් පිරිසිදු වූත් කිරිය, 0.05% ඇත්තේ මාගේ මූත්‍රාය. නමුත් ඒ 0.05% නිසා යහපත් වූ 99.95% අවලංගුව වියැකී ගොස් ඇති අයුරු මා හට ඔබෙන්ම බලා ගත හැකි“ යැයි මාස්ටර් ඈෂ් ප්‍රකාශ කලහ.
අමුත්තාට ණැනස පැහැදිනි, ඔහු මාස්ටර් ඈෂ්ගේ දෙපා නැමද සමාව ඉල්ලා සිටියහ.

Subscribe to:
Posts (Atom)
නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...
-
ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...
-
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...