Sunday 25 February 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 4


තුන්වන කරුණ

රැකියා යෙදිමේදි, නීති සම්පාදනයේදි, බදු කරණයේදි කකුලෙන් ඇදීම් නැතිවීම.

මේ කාරණය සම්බන්ධයෙන් බොහෝදේවල් නැතත් සාමාන්‍ය ජීවිතයේදී අපේ පෞද්ගලික අත්දැකිම් බවට පත්වන්නේ මේවා යැයි කිවහැකි මට්ටමක ඇත. වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ එපාම වෙන තැනට කටයුතු කිරීම, රැකියාව කරන්න ගියාම රැකියාව එපාවෙන තැනටම කටයුතු කිරීමට, ආයතනයේ වැඩක් කරන්න ගියාම රෙගුලාසි, චක්‍ර ලේඛණ කන්දක් ඇද බෑම (අත්දැකීම් ඇති), ඒ සමගම පෙස්සම් ගැසීම, කේළම් කීම, වැනි දේවල්ද මෙයටම ඇතුලත් වේ.

නිතිය සැමට සමානව හා සාධාරණව ක්‍රියාත්මක වීම. නීති සම්පාදනය ගත් විට මට පුළුවන් අනිත් උන්ට බෑ තියරිය, නැතිනම් මට විතරයි අනිත් උන්ට නෑ තියරිය, තමාගේ පෝෂණ වර්ධනයට පමණක් නීති රිති ගෙන ඒම සේම වැඩක් නොකෙරෙන තැනටම නිති රීති නිෂ්පාදනය මෙන්ම එක එක දවසට එක එක නීතිය ක්‍රියාත්මක වීම/කිරිම වැනි කාරණා අදාළය, හොදම උදාහරණය ත්‍රිවිල් එකක් තියෙන මිනිහට ට්‍රැෆික් සලකන හැටියි කාර් එකක් ඇති මිනිහට සලකන හැටියි. එසේම නිතියෙන් රිංගා යැමට ඇති සිදුරු නැතිවෙන ලෙස නිති සම්පාදනය.

බදුකරණයේදී එක එක පුද්ගලයාට එක එක විදියට බදු ගැසීම හා බදු නිලධාරි අදුනන නැතිනම් පිදේණියක් දුන් පුද්ගලයාම එක බදු තියරියක් හා එසේ නොවන පුද්ගලයාට තවත් බදු තියරියක් ක්‍රියාත්මක වීම. බදු ගෙවීම් පැහැර හැරීම හා පැහැර හැරීමේදි නිතියෙන් රිංගා යාහැකි අවස්තා නැතිවීම, බදු පැහැර හරින්නන් එලවා අල්ලා ගැනීම හා සැමට සමානව හා සාධාරණව බදු නිතිය ක්‍රියාත්මක වීම, මෙහිදි බදු අඩු කිරීම ගැන ද කිවයුතුය, බදු අඩු කිරීමෙන් ධනවත් පුද්ගලයාගේ සල්ලි ඉතිරිවන අතර දුප්පත් පුද්ගලයාට සල්ලි නැති වේ යැයි ප්‍රකාශ කරණු ඇත. නමුත් ඇත්තම කතාව බදු අඩු කිරිමෙන් මුදල් ඉතිරිවෙන්නේ ධනවත් පුද්ගලයා සල්ලි හම්බ කරන නිසාය දුප්පත් පුද්ගලයා සල්ලි හම්බකරන්නේ නැති නිසා බදු අඩුකලත් වැඩි කලත් ඔහුට ප්‍රශ්ණයක් නැත.

මේ කරුණු වල ක්‍රියාකාරිත්වය නිසා දියුණු රටවල නිෂ්පාදන කරණය ඉහල තත්වයක පවතිනු ඇත. අපේ රටේ මේ කරණු පිලිබද ඇති තත්ත්වය මත අපි හිගන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්.

No comments:

Post a Comment

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...