Monday, 13 August 2018

පංච කල්යාණියනි


සියුමැළියන් දහසක් පැමිණි මා ලොව ඔබත් ඒ අතර සිටි කෙනෙක් පමණි

ඔබගේ වියෝවේ විරහ වේදනාව මා හද බුර බුරා දවාලයි

නීල නයන, සිනා මුව මඩල, කිංකිණි රාවයේ මිහිර, ඒ සොදුරු නාරි ලාලිත

මාගේ දෑස් දෙසවන් තුල රැව්පිලි රැව් දේ….

මාගේ විරහ ගින්න ලොවට නොපෙනු කල ඔබට මා එය පෙන්වන්නේ මන්ද?

ඔබ යනු විටන රැජිනකි, විටක කුමාරියකි, විටක මිතුරියකි, මනුසත් කමේ උතුම් දායාදයකි, නීල මැනිකක් බදු පිරිසිදු අහිංසකාවකි, සයුරු තරණයෙහි හුන් කාපිතාන් වරයා දුටු චන්න කින්නරාවියකි

හඳ ඉල්ලා අඩන බොලඳ ළමුන් කිසිදින හඳ නොලබන බැව් නොදන්නා බව මා දනිමි

සියුමැලියේ ඔබ වෙනුවෙන් මා යදිමි වරක් දෙවරක් නොව සිය දහස් වරක්, ඔබ පැතු ඒ ලොව සොදුරු වන්නට.

No comments:

Post a Comment

නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි

මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...