Thursday, 31 August 2017

අපේ හරක්

අපේ පැත්තේ වෙච්ච වැඩක් අපේ ගමේ හිටියා හරක් ඇති කරපු කිරිගොවි පවුලක්, කොහොම කොහොම හරි හරක් ටික වයසට ගියාට පස්සේ මේ ගොල්ලෝ කලේ තම්බි දෙන්නේකුට කථා කරකලා හරක් දෙන්නව රුපියල් හැට දහසකට විකුණුවා. 

මේ තම්බිලාත් එක්ක ආවා කොල්ලෙක් උෟ ඇවිත් ගේ දිහා බලනවා වත්ත දිහා බලනවා ඉවරයක් නෑ. කොහොම හරි ගෙදර ගෑණු මනුස්සයාට ටිකක් කැහිල්ල ගහලා මූ ගෙන් ඇහුවා ඇයි කියලා. කොමොහ හරි මේ කොල්ලා කිවුවා ගේ දොර දියුණුවක් නැත්තේ කවුරුහරි හූනියමක් කරල මම ගුරුන්නාස්සේ කෙනෙක් ගේ ගෝලයෙක් විදියට වැඩ කරලා තියෙනවා හුණියම කපන්න පුළුවන් කියලා කථා කලා. මේ ගෑනිත් ඉතිං හා කියලා ඊට පහුවෙනිදාම ගුරාව ගෙන්නලා පේන බලලා, ඉරි ඇදලා කොහොම හරි එදා විසි දහක් වියදම් කරවලා. ඊටපස්සේ කියලා ගුරුකම කපන්න පුළුවන් තිස්පන්දහසක් ඕනි කියලා. 

කොහොම හරි මේ ගැණිගේ බල කිරීමට  ගුරුකම කැපුවා, කැපුවේ අඩි හතරයි පහේ වලක් කපලා ගෙදර අයට හොදට නිදාගන්න කියලා කොහොම හරි උදේට ගුරයි ගෝලයයි තිස්පන්දාහ අරගෙන යන්න ගියා. අන්තිමේදි ගත්ත හැටදාහෙන් සත පහක් වත් ඉතිරි නෑ. 

අපේ හරක් පවු නේද?

No comments:

Post a Comment

මහන්සි වෙලා ඉගෙන ගෙන කාටද හරිගියේ?

මෙම ලිපිය අධ්‍යාපන අරමුණින් පමණක් පලකරන ලද්දකි. මෙහි තොරතුරු ඇසුරින් ඔබට සිදුවන හානි සදහා ලිපියේ රචකයා විසින් කිසිදු වගකීමක් නොදරන බවට අවධාර...