Friday 10 November 2017

වහල්ලු

ඔබ ලංකාවේ මනෝ විද්‍යාඥ කෙනෙකුවම ඔයාගේ ඔලුව ඇතුලෙ ශබ්ද ඇහෙනවා නැතිනම් ඔයාට කවුරු හරි කතා කරනවා වගේ ඇහෙනවා කියලා අනිවාර්යයෙන්ම ඒ ලංකාවේ මනෝ විද්‍යාඥයා ඔබව හිස්ටීරියාව කියන රෝගය වැළඳිලා තියෙනවා කියලා කියයි. නමුත් ලංකාවෙන් එලියට ගිහිල්ල යුරෝපය හරි ඇමරිකාවේ හරි මනෝවිද්‍යාඥයන් ඇහුවොත් ඔහු කියන්නේ මේක සාමාන්‍ය දෙයක් ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා ඔයාගේ මනස ඇතුලේ ගැඹුරටම තැන්පත්වෙලා තියෙන අදහස් හා සංකල්ප තමයි ඔය විදියට කෙනෙක් කතාකරණවා වගේ ඇහෙන්නේ කියලා.

ප්‍රශ්නය තමයි ලංකාවේ අය එහෙම කියද්දී බටහිර යුරෝපය අය තවත් විදියකට එකම ලෙඩේ ගැන කියන්න හේතුව මොකද?
හේතුව විදියට මම දකින්නේ බටහිර ආගම් විශ්වාස කරනවා දෙවිවරුන්ට කතා කරා අපිට ඒක වැහෙනවා කියලා (බටහිර ආගම් වනුයේ ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම්) ඔවුන්ගේ ආගම් හා විශ්වාසයන්ට අනුව මේ කතා කරන එක සාමාන්‍ය දෙයක්. ඒක ඔවුන්ට මානසික රෝගයක් නෙවෙයි, නමුත් ලංකාවේ ඉන්නේ යුරෝපීයන් වගේ රඟපාන කට්ටිය ඒ නිසා තමයි මෙහෙම කතා කරනවා ඇහෙන්නේ, මොකද අර සිද්දිය බටහිර යුරෝපියියන්ට සාමාන්‍ය දෙයක් උනාට අපිට ඒක අසාමාන්‍ය දෙයක් ඒ වෙනස සම්පූර්ණයෙන්ම පෙනෙනවා මේ වගේ අවස්ථාවකදී.
මේ සිද්ධියෙන් මට තහවුරු වුණා අපේ ලංකාවෙ තාමත් තියෙන යටත් විජිත මානසිකත්වයේ තවත් පැතිකඩක්, සුද්දා අපිව දාලා ගිහිල්ලා අවුරුදු 70ක් උනත් අපි තාමත් සුද්දාට වහල්කම් කරණවා.

No comments:

Post a Comment

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...