Friday 1 December 2017

ඉක්මනින් කිවුවා

2014 උතුරු කොරියාව ඇමරිකාවේ සෝනි සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ලකල වහාම රුසියානු කේමිලනය සිය පරිඝණක ඉවත් කර ඒ වෙනුවට යතුරුලියන භාවිතයට යෙදෙවුවා. නමුත් ඇමරිකානුවන් විසින් මෙම ක්‍රියාවලිව හෙලා දකිමින් ප්‍රකාශ කලේ ඇමරිකානු ද්විත්ව නියෝජිතයන්ට එම ලිපි ගොනු ලබා ගැනිමට හැකි බවයි. නමුත් ඔවුන් නොදන්න කාරනාව වූයේ රුසියානුවන් යතුරුලියනයන් සමගම ෆැක්ස් යන්ත්‍රයද යෙදවූ බවයි. මන්දයත් වර්තමානයේ හැක් කිරීමට සයිබර් ප්‍රහාරය එල්ල කිරීමට නොහැකි එකම සන්නිවේදන ක්‍රමය වනුයේ ෆැක්ස් පණිවිඩ ක්‍රමය පමණයි. ඒ නිසා එය සියයට සීයක් ආරක්ෂාකාරී පණිවුඩ යැවීමේ ක්‍රමයකි.
2014 සයිබර් ප්‍රහාරයෙන් පසු සෝනි සමාගම තම ඉහළ විධායක නිලධාරීන් අතර පණිවුඩ හුවමාරුව ෆැක්ස් යන්ත්‍ර යොදා ගැනිනි.

ඇලෙක්ස්සැන්ඩ්‍රියාවේ හෙරෝද් විසින් වාෂ්ප යන්ත්‍රයක් නිපදවා කම්කරුවන් 20ක් කළ හැකි වැඩ රාජකාරියක් වාෂ්ප යන්ත්‍රය හා එක් යන්ත්‍ර ක්‍රියාකරුවකු ගෙන් කළ හැකි බව පෙන්වූවිට අධිරාජ්‍යාගේ හෙරෝද්ගෙන් ඇසුවේ ඉතිරි කම්කරුවන් දහනම දෙනාට හා ඔවුන්ගේ පවුලේ අයට කන්න දෙන්නේ තමුසෙද? කියාය. (විශ්වාස කල හැකි නොහැකි බව ඔබට භාරයි) ඇත්තටම මේ යන්ත්‍රය දියුණුවේ ලක්ෂණයක් වුවත් අධිරාජයා විසින් එය ප්‍රතික්ෂේප කළා, අපේ රටේ හැමෝම රට දියුණු වෙන්නේ නෑ කියල කෑ ගැහුවට මිනිසුන් සියයක් වැඩ කරන කර්මාන්ත ශාලාවක් මිනිසුන් අනුනවයකගේ වැඩ කළ හැකි යන්ත්‍රයක් ගෙනාවහොත් එම අනුනවදෙනාට හා ඔවුනගේ පවුලේ අයට ආදායම් මාර්ගයක් නැතව යනු ඇත. ඇතැම් විට අපි දියුණු නොවි පරණ ක්‍රමයටම රට තබාගෙන සිටිනුයේ දියුණු විමට බැරි කමට නොවූවත් රටේ ජනගහණයට ආදායම් ලබා දියයුතු නිසාය (සරළව කීවුහොත් කන්න දෙන්න ඕනි නිසාය). ජනගහනය  ක්‍රමානුකූලව අඩුවූ පසු (ජපානය වගේ) රට දියුණු තාක්ෂණික ක්‍රම වලට යා හැකිය යන්න මගේ අදහසයි.

ජනගහනය අඩු කළ හැකි පහසු ක්‍රමයක් වන්නේ කාන්තාවන් සඳහා උසස් අධ්‍යාපනය සහ විධායක හෝ ඉහළ මට්ටමේ රැකියාවල  යෑමට අවස්ථාව සලසා දීමය. එවිට ඔවුන් තම මට්ටමට වඩා ඉහළ මට්ටමක පිරිමින් තමයි බඳින්න හොයන්නේ, එවැනි පිරිමි අඩු නිසා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් බඳින්නේ නැහැ, එවිට ජනගහනය අඩු වෙනවා. (වර්තමානයේ ඇමරිකාව තුල මෙය දැකිය හැකි ය.) ඒවගේම තමයි උසස් අධ්‍යාපනය ලබා ගන්නා කාන්තාවක් අධ්‍යාපනය අවසන් කරන විට අවුරුදු 26ක් පමණ වෙනවා උසස් අධ්‍යාපනය නොලබන වයස අවුරුදු විසිදෙකෙන් (22) වගේ කසාද බදින කාන්තාවක් ළමයි තුන් හතර දෙනෙකුගේ මවක් වුවත් උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන් බොහෝ විට ළමයින් දෙනෙක්ගේ පමණක් මවක් වනු ඇත. (මන්දයත් එම කාන්තාවන් වයසට යාම නිසයි) විධායක මට්ටමේ හෝ ඉහළ මට්ටමේ රැකියාවල නිරත වන කාන්තාවන් ගැන ද කතා එසේමය.

ඒ සමඟම සිංහලයාට වඩා දෙමළ මුස්ලිම් අය ළමයි හදනවා යන්න මගින් පැහැදිලි වන්නේ කාන්තාවක් පිරිමි භේදයකින් තොරව උසස් අධ්‍යාපනය හා ඉහල/ විධායක මට්ටමේ රැකියාවන් ඔවුනට අහිමි වී ඇති බව හා ඔවුන් දුප්පත් බවයි. දුප්පත් පවුල්වල දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින අතර පොහොසත් පවුල්වල අඩු දරුවන් ප්‍රමාණයක් සිටි. දෙමළ, මුස්ලිම් පවුල්වල ළමයි අඩු කරන්න ඕනේ නම් ඔවුන්ට උසස් අධ්‍යාපනය හා විධායක/උසස් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කළ යුතුය. එවිට දරුවන් ලැබිමට ගතවන කාලය ඔවුන් උසස් අධ්‍යාපනය අවසන් කිරීමට හා උසස් රැකියාවල නියත විමට (උසස්වීම් ලබා ගැනිමට) යොදවන බැවින් දරුවන් ප්‍රමාණය අඩුවනු ඇත. (බංගලාදේශයේ මෙන්)

සිංහලයාට දරුවන් අඩු වන්නට හේතුව වනුයේ සිංහලයන් උසස් අධ්‍යාපනයට හා විධායක/උසස් මටටමේ රැකියා සදහා තම කාලය හා ශ්‍රමය යොදවන බැවිනි.

එසේම ගොවිතැන් කටයුතු වලට ශ්‍රම දායකත්වය වැඩි වශයෙන් අවශ්‍යය, (අවම වශයෙන් පුද්ගලයන් පහක් වත්) ඒ නිසා අතීතයේ ජනයා කාෂිකර්මයෙන් ජීවත්වූ නිසා සිය පවුලේ වැඩි වශයෙන් දරුවන් හැදීමට පෙළඹුණහ. නමුත් ගොවිතැන් කටයුතු අවදානම් වැඩි රැකියාවක් වන අතර, ගොවීන් වර්ථමානයේ දීත් දියුණු රටවල දුප්පතුන් පිරිසකි.


තවත් කාරණයක් නම් යම් ජන කොට්ඨශයක සාඵල්‍ය අනුපාතය 2 ට වඩා අඩුයි නම් අනිවාරයෙන්ම ඉක්මනින් හෝ හිමීට ඔවුන් වද වන බවයි. මේ සාඵල්‍ය අනුපාතය බලනුයේ ප්‍රදේශයේ/ජන කොට්ඨාශයේ සිටින පවුල් සංඛ්‍යාවට අනුව සිටින දරුවන් ගණන බෙදිමෙනි උදාහරණයකට යම් ජන කොට්ඨශයක පවුල් 100ක් සිටින අතර එම ජන කොට්ඨාශයට සිටින දරුවන් ගණන 200කි දරුවන් /පවල් ගනණ=සාඵල්‍ය අනුපාතය සූත්‍රයට අනුව 200/100=2  එම ජන කණ්ඩායමේ පැවැත්ම ස්ථිරය නමුත් 2ට අඩු වුනාත් ඔවුන් වද වන අතර 2ට වැඩි උනොත් ඔවුන්ගේ ජන ගහණය වර්ධනය වනු ඇත.

No comments:

Post a Comment

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...