රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ඒත් ඉරිසියාව ඇති
වෙන්නේ තමන්ගේ නොහැකියාව පදනම් කරගෙන කියන එක තමයි මගේ පුද්ගලික අදහස. උදාහරණයක්
ලෙස අපි මෙහෙම හිතමු ගමක පවුල් දෙකක් තියෙනවා එක පවුලක් දුප්පත් අනිත් පවුල පෝසත්
පොසත් පවුල තමන්ගේ ගමන් පහසුවට කාර් එකක් භාවිතා කරනවා දුප්පත් පවුල පයින් තමයි
ගාටන්නේ ඉතිං අර දුප්පත් පවුලේ අයට ඉරිසියාව ඇති වෙනවා මොකද තමන්ට කාර් ඒකක් ගන්න
බැරිනිසා තමන්ට කාර්එකක් නැති නිසා ඉතිං මෙන්න මෙහෙම තමයි ඒ ඉරිසියාව පිටවෙන්නේ,
ඔය කාර්එක වැඩක් නෑ පරණ ලඩයක් මග යනකොට කැලි හැලෙනවා, ඔකුන් ඔයිට ඉස්සර අපේ ගෙවල්
වලමයි හිටියේ උදේ වෙනකොට ගෙට රිංගනවා මහ රෑ තමයි අපේ ගෙදරින් යන්නේ මට ඒ දවස් වල
ගෙවල් දෙකකට උයලා අත්වල කරගැට ඇවිල්ලා තිබුනේ, ඔවු මම කියන්නේ ඇත්තමයි අනේ ඔකුන්ට
ඔය හිටියට කන්නවත් නැ නිකං ලෝකෙට පේන්න කාර් අරන් තියෙන්නේ, නැත්තං ආයි කියන ප්‍රසිද්ධම
එකක් තමයි ඔය කාර් තියාගෙන හිටියට ඔය මිනිහට යන යන තැන ගැනු මහ වලත්තයෙක්, නැත්තන්
ඔය කාර් තිබුනට වැඩක් තියෙනවයැ මිනිහා ගිය ගමන් තව මිනිස්සු ඔය ගෙට රිංගන හැටි
දන්නේ අපිනේ, වැරදිලා හරි කවුද එන්නේ කියලා ඇහුවොත්, එකෙක් කියලා නෑ ඔය ඕනිතරං
එන්නේ එක එක දවසට එක එකා,
ඔය වටේ පිටේ අයට කියන විදිය ගෙදර අයට කියන විදිය
මෙහෙමයි, අපිනං ඔය වාහන ගන්නේ නෑ නේ ඒ වගේ මාකට් බැහැලනේ, අනේ අපරාදේ නේ අයවැයෙන්
ගාන වැඩිකරානේ ඊට කලින් වාහනයක් ගන්න බැරිඋනානේ,
මේ දෙවල් වලින් තව තවත් මිරිකෙමින් හිටියම ඊට
පස්සේ පටන්ගන්නේ ඕපේ අරින්නයි චරිත ඝාතනයයි ඒක නං හරිම භයානක දෙයක් වෙන මොකවත්
නෙවෙයි ගොඩක් මිනිස්සු ඒවගේ දේවල් ඉවසන්නේ නෑ, මම වගේනං එකෙක් දෙන්නේක් මරලා මං
හිරේ දරුපවුල අනාථවෙලා යැයි එක වතාවක් මට මේ ගැන කථාකරන කොට මගේ මිත්‍රයෙක් මට
කිවුවේ, ඇත්තටම ඔපේ අරින ගෑනු මටත් පේන්න බැ සමහරු ඉන්නවා පවුල් පිටින් ඔපේ
අරින්නේ අම්මලා දුලා පුතාලා තරගෙට ඕපේ දෙසනවා නැත්තං චරිත සහතික දෙනවා තමන්ගේ
කුසින් වදාපු දරුවට වඩා අල්ලපු ගෙදර දරුව ගැන මේ මිනිස්සු හොදට දන්නවා අල්ලපු ගෙදර
ළමයා යන ක්ලාස්, අල්ලපු ගෙදර ළමයාගේ බොයි ෆෙරෙන්ඩ් / ගර්ල් ෆෙරෙන්ඩ්, නැගිටින
වෙලාව කන බොන වෙලාව නිදියන වෙලාව විතරක් නෙවෙයි යට ඇදුමේ පාට පවා දන්න අම්මණ්ඩිලා
තමයි ඉන්නේ, ඒත් තමන්ගේ දරුවා ඕලෙවල් ෆෙල්.
මේ හැම දෙයක්ම වෙන්නේ අල්පු ගෙදර එකා හෝ උන් තමන්ට
වඩා හොදට ඉන්නකොට එතකොට තමන් තුල නිකම්ම ගොඩනැගෙන හීන මානයෙන් ගොඩයන්න විදියක්
ලෙසට තමයි මට දකින්න ලැබෙන්නේ ඒ නිසා තමයි, ඔය කාර්බාර් වලට ගියාට එයාගේ පැටිකිරිය
අපි නොදන්නවායෑ වගේ දේවල් අපිට අහන්න ලැබෙන්නේ නමුත් ඒක ඇවිල්ලා සෑම දෙනා ලගම
තියෙන දුර්වල තාවයක් මේ මගේ ලගත් ඒක තියෙනවා ඇත්තම කියනවා නම් අඩු වැඩි වශයෙන් අපි
හැමෝම ලග විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් ඕක තියෙනවා
ප්‍රේමදාස ජනාධිපතිතුමා කිවුව කථාවකින් අවසන්
කරන්නම් (මතක හැටියට) “ඔබට අවශ්‍යනම් මාව ඝාතනය කරන්න නමුත් මාගේ චරිතය ඝාතානය
නොකරන්න, මා ඝාතනය කරන පුද්ගලයාට මා සමාව දෙමි නමුත් මාගේ චරිතය ඝාතනයකරන
පුද්ගලයාට මා සමාව නොදෙමි“