Saturday 27 October 2018

Golden boy syndrome

Golden boy syndrome යන මානසික රෝගය වැඩිහිටි යන්ගේ ළමා කාලයේ දී ඔවුන්ට සිදුවූ අපචාරයන් නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම අපචාරාත්මක ක්‍රියාවලිය නැතිනම් ක්‍රියාව වනුයේ වැඩි සෙනෙහෙ පෑම හා වැඩි ආරක්ෂාව සැපයීම තුලිනි. ඔබ බලනවා ඇති මේ මොකක්ද කියා, සාමාන්‍යයෙන් වැඩිහිටියකුගේ මනෝ මට්ටම පිරිහෙනුයේ ඔහු ළමා කාලයේ ශාරීරික මානසික ව ඉතා දැඩි පීඩනයට පත්වූ විටය. එය අපි දන්නා දෙයක් වේ, නමුත් ළමයෙකුට කුඩාම අවදියේ පටන් දැඩි ලෙස ආදරය හා දැඩි රැකවරණය ලබා දීමෙන් දරුවා වැඩිහිටියකු වූ පසු ඔහුට වැලඳෙන රෝගයක් පිළිබඳවයි මා මෙහි සඳහන් කරන්නේ. අපි ළමයි හදද්දි උගන්වන්නේ ළමයාගේ හිත රිද්දන්න එපා කියා ඒ නිසා දෙමාපියන් වශයෙන් අපි ළමයාට සියල් සම්පත් ලබාදෙන අතර ඔහුට වඩා කෙරුමෙක් නැතැයි ප්‍රකාශ කරනු ඇත.

යම් අවස්ථාවක ඔහුගේ වාර විභාග ලකුණු අඩු වුවහොත් දෙමව්පියන් ගුරුවරයා හමුවට ගොස් ගුරුවරයාගෙන්  පිළිබඳ ප්‍රශ්න කරනු ඇත. ජය පරාජය නොවේ සහභාගී වීමයි වැදගත් කියා ඔහුට සහතිකයක් ලබා දෙවනු ඇත. ළමයින් අතර රණ්ඩුවක් ඇති වුවහොත් එය ළමයින්ට විසඳා ගැනීමට ඉඩ නොදී දෙමව්පියන් මැදිහත්වී වැරැද්ද කෙසේ වෙතත් තමාගේ ළමයාට ජයග්‍රහණය ලබා දෙනු ඇත. මෙම දෙමව්පියන්ගේ වැරදි හැසිරීම නිසා ළමයා වැඩිවියට පැමිණෙන විට ඔහුට අනවශ්‍ය අවධානයක් හා අනවශ්‍ය ඔලුව ඉදිමීමකට ලක් ව ඇත. සමාජයට ඔවුන් පැමිණි විට පළමුව ප්‍රකාශ කරනුයේ ‘‘තමුසේ දන්නවද මම කවුද කියලා?‘‘ මෙහිදී සමාජය විසින් ඔහුට නිවෙසේ දී ලැබෙන ඉතාමත් දැඩි හා අනවශ්‍ය අවධානයක් නො ලැබෙනු ඇත. මෙහිදී වැඩිහිටියන් බවට පත් වූ මෙම ළමයින් දැඩි ලෙස කෝපයට පත්වෙයි. යම් අවධානයක් ලැබුණ ද එම අවධානය ඔහුට නොසෑහෙන ඇත.

මම තමයි පොර ලෙස සිතා ගෙදරින් එලියට බහින ඔහු මගදී පොරක් නොවනු ඇත. මෙහිදී ඇතිවන විපර්යාසයක් වනුයේ ඔහු විසින් සමාජයෙන් තමාට අවධානයක් ලැබෙන ලෙස තම චරිතය මාරු කිරීමට උත්සාහ කිරීමය, එනම් මැරයෙක්, ඒකාලයේ සිට ම පොරක්, සල්ලි විසිකර න ඩයල් එකක්, ලිංග මාරු වූ ශ්‍රේෂ්ඨ පොරක්, නිරාගමිකයෙක්, සමලිංගිකයෙක්, සිස්ටම් එක වෙනස් කරන කෑගහන විප්ලවවාදීයෙක් යන ආදී චරිත වීමට උත්සාහ කරනු ඇත.

අනිත් කරුණ වනුයේ මෙම රෝගය වැළඳුණු පුද්ගලයන් ගේ දැකිය හැකි ගති පැවතුම් ලක්ෂණ අතර දැඩි මුරණ්ඩු කම, බුද්ධිමය සංවාදයකට තමාගේ දැනුම ප්‍රමාණවත් නොවේ නම් අතින් පයින් සංවාදයට යෑම, තමාට සිදුවන ඇනුම් බැනුම් සිත් රිදවීම් වලට පළි ගැනීමට උත්සාහ කිරීම, තම මතයට විරුද්ධ වන්නන් හා තම මතයට විරුද්ධ මතයක් ඇසුණු විගස කෝපයට පත්වීම, රැවටීම, වංචා කිරීම, මෙන්ම බොරු පැමිණිලි කිරීම, චරිත ඝාතන, මඩ ප්‍රහාර එල්ල කිරීම වැනි පෞද්ගලික හැසිරීම් රටා දැකිය හැකිය, හිතාමතා සිදුකරන කුමන්ත්‍රණ මගින් සමාජයේ ස්ථාවරය විනාශයට පත් කිරීම යනාදිය ද උදාහරණ වේ.


මෙම රෝගී තත්වය අනාගතයේදී තම දරුවාට වැළඳීම වැළැක්වීම වර්තමාන දෙමව්පියන් හා භාරකරුවන් වගබලාගත යුතුය. මන්ද මානසික රෝග වලදි ක්‍රියාව වර්තමානයේ වුවද ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයේ නිසාය. වඩාත් සරලව කිවහොත් මෙහිදී ලබාගත හැකි හොඳම ක්‍රියාමාර්ගය නම් දරුවාට තම වැඩ කිරීමට භාරදීමය. (මා මෙහිදී ප්‍රකාශ කරනුයේ සමාජානු කූලවය.) සීමා රහිත වීම හෝ දැඩි සීමා සහිත වීම මානසික රෝග වල දීමට හේතුවක් වනු ඇත මධ්‍යම ප්‍රතිපදාව ඉතා අගනේය. අතීත මුතුන්මිත්තන් ප්‍රකාශ කරන ලද හැදි නොගා හදන හොද්දේ ගන්න හොඳම උදාහරණයයි. එමෙන්ම ජයග්‍රහණය හා පරාජය රස විඳීමට ඉඩ දීම ජයග්‍රහණයට උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය, පුහුණුව අවශ්‍ය බවත්. මෙවැනි දේවල් තමන්ට වඩා වැඩියෙන් ප්‍රතිවාදියා කැප කර ඇත්නම් ප්‍රතිවාදියා දිණන බවද, ප්‍රතිවාදියාට වඩා තමන් කැප කර ඇත්නම් තමන් දිණන බව ද පහදා දෙන්න. දරුවාට සමාජය තැලෙන පොඩිවෙන ඉඩදෙන්න, නමුත් ඕනවට වඩා හෝ ඕනෑවට වඩා අඩුවෙන් එය සිදුවීමට ඉඩ ලබා නොදෙන. ඒ පිලිබඳ පරීක්ෂාකාරී වන්න. තමා විශේෂ නොවන බව තමාගේ විශේෂත්වය තමා විසින් කැපකිරීමෙන්, මහන්සියෙන් උපයා ගත යුත්තක් බවත් දරුවාට වටහා දිය යුතුය.


මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...