Saturday, 23 July 2016

නිවාඩුවක් ...?? ඒ මොකටද ?

නිවාඩු දවසක් කියන්නේ සේවකයන්ට තියෙන වටිනා දවසක් නමුත් අපිට රාජකාරී දිනයන්වල වා නිවාඩුවක් ගන්න පුළුවන් ඒත් සමහර ‍ලොකු ලොක්කන්ට අනුව නිවාඩුව රදා පවතින්නේ තනිකරම ඒ අයගේ කැමැත්ත මත පමණයි, නිවාඩුවක් අරන් ඉන්න දවසක උනත් ඒ ඇයොන්ට ඕනි නම් නිවාඩුව අවලංගු කරලා වැඩට ගෙන්නවා ගන්න පුළුවන්, සරලව තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි ලෙඩ ඇදේ මැරෙන්න වැටිලා හිටියත් උන්ට ඕනි නම් ඇවිදින් කඹුරන්න ඕනි කියන එකයි ? සේවකයන් කියන්නේ මේ ඇයොන්ට අනුව වහල්ලු ටිකක් විතරයි වගේ කථා කරන්නේ හැබැයි ඔය හැම මහත්තයෙකුටම අමතක වෙලා තියෙන දෙයක් තමයි ඔය මිනිස්සුන්ගේ මහත්තයා කං රැදිලා තියෙන්නේ අපි වැඩකරන නිසා කියලා නමුත් අපි සේවකයෝ ඒ ගැන නිසි අවබෝධයක් නැති නිසා අපි කඹුරනවා උන් වැජබෙනවා සේවක අයිතින් හා වරප්‍රසාද බල්ලට යනවා

Saturday, 16 July 2016

ඒකනං එහෙම තමා



ප්‍රභාකරන් කියන්නේ පාදඩ අශිෂ්ඨ මිනීමරුවෙක් නමුත් මම මේ ප්‍රභා ගැන පුදුම වෙන දෙයක් තියෙනවා ලෝකේ තියෙනවා රටවල් වර්ග දෙකක් එකක් දියුණුරවල් අනික දුප්පත්රටවල් මේ දියණු රටවල සම්මතයෙන්ම  තියෙනවා හරි අපුරු දේවල් ඒ තමයි තමන්ගේම අවි ආයුධ තමන්ගේම කියලා යාන වාහන තමන්ගේම කියලා ලොකු කර්මාන්තශාලා නිෂ්පාදනාගාර ඒත් දුප්පත් රටවල මේවා නෑ දුප්පත් රටවල තියෙන්නේ පොසත් රටවලින් ගෙනල්ලා අටවපු දුප්පත් රටවල මිනිසුන්ගේ ශ්‍රමය සූරාකන ආකාරයේ ලොකු කර්මාන්තශාලා හා නිෂ්පාදනාගාර ඒත් මේ ප්‍රභාකරන් කියන ත්‍රස්ථවාදියා මාර බුලට් එකක් අර පෝසත් රටවලට පමණක් සම්මතයෙන් තියෙන දුප්පත් රටවල තියෙන්න බැරි තමන්ගේම අවි ආයුධ තමන්ගේම කියලා යාන වාහන තමන්ගේම කියලා ලොකු කර්මාන්තශාලා නිෂ්පාදනාගාර මූගේ බල ‍ප්‍රදේශයේ තියෙනවා ?? මෙතන මොක් හරි කුමන්ත්‍රණයක් ඇති නේද? ඒක නම් මම දන්නේ නෑ හැබැයි මම දන්වා අපි ප්‍රභාකරන්ව බල්ලෙක් වගේ මැරුවට පස්සේ ඒ සියළුම දේවල් අපිට අයිති උනා කියලා. 

අපිට කරන්න තිබුනේ මේ අයිතිඋන දේවල් තව දියුණු කරලා අපේ ප්‍රයෝජනයට භාවිතා කරන එක නේද? නමුත් අපි කරන්නේ මේ දේවල් දිරලා පොලොවට පස් වෙනකං ප්‍රදර්ශණය කර කර ඉන්න එක විතරයි නේද? ප්‍රභාකරන්ගේ බෝම්බ කම්මලේ තිබුන ජොනි බට්ටා, බබා මෝටාර්, මෙරට නිෂ්පාදිත උණ්ඩ හා අවි, සබ්මැරීන් ප්‍රභාකරන්ගේ ආයුධ නිෂ්පාදන ඉංජිනේරු ආයතන පතුරම් වර්ග නිෂ්පාදනාගාර, ප්‍රභාකරන්ගේ ජන මාධ්‍ය ජාලය මේ හැම දේම සමග අපිට ලැබුනා වෙනත් විදේශ ආධාර හෝ ණය නැතිව මේ සියල්ලම නිෂ්පාදනය කර ගත හැකි වූවාවූ ඉංජිනේරු යාන්ත්‍රණය අපිට ලැබුනා, කියලා වැඩක් නෑ අපිට හම්බ උනේ නිධානයක් ඒත් අපේ අවාසනාවට අපි ඒක නැති කරගන්නවා. දියුණු රටවල පමණක් තියෙන ආකාරයේ කර්මාන්ත නිෂ්පාදන හා කෘෂි ආර්ථික නිර්මාණ වලට හා ඒ දැණුම ලබාගැනිමට අපි කොච්චරනම් වියදම් කරනවාද? අඩුම තරමින් අපි දැන් ඉතිරිවෙලා තියෙන ටික වත් ප්‍රයෝජනයට ගනිමු.

අපිට අවශ්‍ය වන්නේ උත්සහය හා අධිෂ්ධානය විතරයි ප්‍රභා හදා ගත්තා වගේ සිස්ටම් එකක් අපිට හදා ගන්න බැරි ඇයි? එහෙම හදාගන්නම බැරිම නම් අපිට කරන්න තියෙන්නේ ප්‍රභාගේ සිස්ටම් එක අපිට ඕනි විදියට හරවා ගන්න එක හැබැයි ඒ තම තමන්ගේ සාක්කු විතරක් පුරවාගන්නා තම තමන්ගේ වාසියට නෙවෙයි. හැබැයි අපි එහෙම කලොත් අපිට තව අවුරුදු 20-30 ගියාම බටහිර යුරෝපීය රටක් වගේ ජීවන තත්ත්වයක් ලබන්නට පුළුවන් වෙන්නේ නෑ කියන්නේ කොහොමද? ඉන්දියාටයි චීනෙටයි අතපාන්නේ නැතිව ඉන්දියවට චීනෙට ආධාර ලබාදෙන රටක් බවට පත්වෙන්න බැ කියලා හිතන්නේ කොහොමද? 

අපි සතුරාටත් ගරුකල ජාතියක් සතුරාගෙන් පාඩම් ඉගෙන ගත්ත ජාතියක් සතුරා විසින් පෙන්වා දුන් අපේ වැරදි හදාගත්ත ජාතියක් ඉතිංඅපිට බැරි නෑ අවශ්‍ය වෙන්නේ පොඩි උත්සහයක් හා අධිෂ්ඨානයක් පමණි. අපිට දියුණු රටක් බවට පත්වෙන එක මහ දෙයක් නෙවෙයි මට ඒක 100%ක් ෂුවර්.

Wednesday, 13 July 2016

ආ... මං ඕක දන්නවා බං

දකුණු ආසියවේ රටවල නායකයන් එකතුවෙලා තම තමන්ගේ රටවල දියුණුව ගැන සාකච්ඡා කර කර ඉන්න කොට විවිධ අඩුපාඩු එලියට ඇවිත් සියට සියක් දියුණු රටක් වෙන්න කල් යන බව තේරුණා ඉතිං තමන්ගේ රට සීයට සීයක් දියුණු රටක් බවට පත්වෙන්නේ කවද්ද කියලා තීරණය කර ගන්න මහා බ්‍රහ්මයා හම්බවෙලා අහන්න තීරණය කලා. ඉතිං අපේ අය මහ බ්‍රහ්මයා ලග පොලිමේ ඉන්නවා ඉස්සල්ලම ගියේ ඉන්දියාව

මහබ්‍රහ්මයා කිවුවා අවුරුදු තිහයි ඉන්දියන් නායකයා අඩනවා ඒත් ඒ එක්කම හිනා වෙනවා මහබ්‍රහ්මයාට මල ඌ ඇහුවා

තොට අන්දකයිප්පු කැවිලද බොල මොන රෙද්දටද අඩ අඩ හිනා වෙන්නේ?

ඉන්දියන් කාරයා කිවුවා

නෑ මහ බ්‍රහ්මයාණෙනි තව අවු තිහකින් මම ජීවත් වෙන්නේ නෑ ඒ නිසයි ඇඩුවේ

එතකොට හිනා වුනේ මහබ්‍රහ්මයා මැදින් පැනලා ඇහුවා

නෑ තව අවු රුදු තිහකින් මගේ දරු මුණුබුරෝ සියට සීයක් දියණු රටක ඉන්න එකේ සතුටට තමයි හිනා වුනේ කියලා

ඊලගට පකිස්ථානේ අවුරුදු තිස්පහයි ඒත් ඉස්සල්ම කථාව තමයි අඩනවා හිනා වෙනවා බංගලාදේශය හතලිහයි භූතානය පනහයි නේපාලය පනහයි මාලදිවයින පනස් පහයි හැමෝටම අර කථාව තමයි අඩනවා හිනා වෙනවා අඩනවා හිනා වෙනා

ඔන්න ඉතිං අපේ රටේ චාන්ස් එක ආවා අපේ එකා බ්‍රහ්මයා ලගට ගියා විතරයි මෙන්න වැඩක් මහබ්‍රහ්මයා හිටු කියලා හොටු පෙරාගෙන අඩනවා අපේ එකාට හෙන අප්සට් ඇහුවා ඇයි කියලා මහබ්‍රහ්මයා කියපි

මනුස්සයෝ ජීවත් වෙන්නේ අවුරුදු එකසිය විස්සයි මම අවුරුදු කල්පගානක් ජීවත් වෙනවා ඒත් මට වත් ලංකාව දියුණු රටක් වෙන්නේ කවද්ද කියලා පෙන්නේ නෑ එකයි මම අඩන්නේ

හිනා වෙන්න ඒපා බං මේ කථා හැදිලා තියෙන්නේ අපේ රටට අපේ යුතුකම හා වගකිම වෙන්නේ මේවගේ කථා පට බැදෙන්නේ නැති වෙන්න අපේ රට දියුනු රටක් කරන්න මහන්සි වෙන එකයි.

Monday, 11 July 2016

එහෙ බැළුවත් විභාගේ මෙහෙ බැළුවත් විභාගේ

ලංකාවේ තරම් විභාග තියෙන රටක් තවත් නැති තරම්. අපි ඒ තරම් විභාග වලට ආසයි කියන්නත් පුළුවන් එක අතකට ඒක වැරදිත් නෑ විභාගයක් කියන්නේ අභියෝගයක් ඒ අභියෝගයට මුහුණ දෙන විදිය අනුව මම මුදුනා කියලා පෙන්නන්න පුළුවන් අවස්ථාවක් සැලසෙනවා ජිවිතේ හැම වෙලවෙම මුදුනා වෙන්න හදන අපේ අයට එක අතකට ඒකත් පෙරළුන පිට හොදයි කියනවා වගේ හොදය. 

ඒත් ඒක ඇත්තටම එහෙමමද ? 5 ශිෂ්‍යත්වේ ලියන ළමයෙකුට ඒ විභාගය වදයක් වන අවස්ථා එමටයි. යංතං හරි පාස් උනොත් කණක් ඇහිලා ඉන්න පුළුවන් හැබැයි වැරදිලා හරි ෆේල් උනොත් මුළු ජීවිතේම ඉවරයි මූට පන යන්නේ බැණුම් අහලම එපාවෙලා. 

වාර විභාග අත හරිමුකෝ. 

එතකොට ඔලෙවල් කියලා වැඩක් නෑ ඩී අටක් නැත්නම් ඒ 10 ක් නැත්නං ගංවතුරට අහු උන ආනාථයෙක් වගේ තමයි වැරදිලා හරි එස් එකක් ආවොත් 1 වසරේ ඉදන් ආපු ඉස්කොලෙත් නෑ. ඊලග ගේම ඒලෙවල් කරුමේ තමයි කොහොම හරි ඒලෙවල් කලාම හිතන්නේ ආයි විභාග නෑ කියලා. ඒත් කැම්පස් එකට ගියාම තමයි ඒලෙවල් මොනද ඒලෙවල් තව හොදයි කියලා. එහෙම ඉන්දිනම් හැමෝම හිතන්නේ රස්සාවකට ගියොත් මේ කරුම විභාග කෙරුවාව ඉවරයි කියලා. ඒත් අවු 4/5 ඉදලා රස්සාවකට ගියාම ඉස්සල්ලම කියන්නේ දෙමළ නැත්නම් වැටුප් වර්ධක නැ කියලා, ඊලගට කාර්යක්ෂමතා කඩයිම් විභාග ඒවා ලියලා පඩි හදාගත්තේ නැත්නම් කාලා බීලත් හමාරයි ඉගෙන ගත්ත සෙක්ෂන් එකෙන් ජොබක් සෙට් උනේ නැතිනම් ජොබට ඕනි කරන දැණුම ගන්න ගියාම තවත් විභාග මෙහෙම විභාග වලට ජීවිතය සින්න වෙද්දි තාමත් විභාග නැත්තේ වැඩ දෙකකට විතරයි කසාදෙටයි පැන්ෂන් යන එකටයි. හැබැයි කරුමට ඒවටත් විභාග එයිද කියලා හිතෙන වාර අනන්තයි. 

මේ විභාග ක්‍රමයට පිලියමක් ලෙස වෙනත් විසදුමක් හොයාගන්න බැරිනම් මේ විභාග කරන විදියවත් අඩුම ගානේ වෙනස් වෙන්න ඕනි. නැත්තං අනිත් උන්ට කෙසේ වෙතත් පැන්ෂන් යනකොට මටනං පිස්සු හැදෙයි ආයි දෙකක් නැ හොදටම ෂුවර්.

Sunday, 10 July 2016

එවපංකෝ, මොනාහරි කරලා ගමු



අළුතින් සේවකයන් බදවා ගැනීමේදී ඔවුනගේ සලකා බලන සුදුසුකම් අතර අ.පො.ස.සා/පෙ. (අපරාදේ පොත්වලටගිය සල්ලි සාමානයෙන් ෆේල්) සදහා ගණිතයට සම්මානයක් ඇත හෝ නැත යන්න ඉතාමත් තීර්නාත්මකය. මොකද ගණිතයට සම්මානයක් නැතිනම් අයදුම් පත්‍රය ප්‍රතික්ෂේපවන නිසාය.

නමුත් මේක ඇත්තමද? සම්මාන නැති කීදෙනෙක් අපේ අයතන වල සේවය කරනවාද? ලොකු ලොක්කන්ගේ දැන ඇදුනුම් කමට ලොකු ලොක්කන්ගේ ගොට්ටන්ගේ දැන ඇදුනුම් කම් වලට කීදේනෙක් අප අතර සේවය කරනවාද? මේ අගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිම අන්තිම ඉහලය.

නමුත් මෙහෙම පැමිනෙන හුරතලුන් තමන්ට ලැබුනු රැකියාවේ දිගටම රැදි සිටිනවාද?කරුමේ කියන්නේ එහෙම නෑ. මේ අය මාස හයක් හො අවුරුද්දක් වැඩ කරලා වෙන තැනකට පැනලා යනවා අපේ මුදලින් පුරුදු කරලා පුහුණුකරලා සහතික දිලා වෙන තැනකට සේවයට දානවා මේ වැනි හුරතලන් ආයතනයේ ප්‍රගතියට හා ඵලදායිතාවයට බාධාවක් නැතිනම් බාධකයක්.

මෙයට පිලයමක් විදියට අඩු සුදුසුකම් තියෙන සේවකයන් සේවයට බදවාගෙන ඔවුනගේ සුදුසුකම් හදාගන්න ආයතනය විසින් වියදම් දරලා ඔවුන් රදවා ගැනීමට පිලියමක් ආවත් ඒ අවස්ථාව බහුතරයක් ලැබෙන්නේ කාන්තාවන්ට පමණයි. මොකද අපේ රටේ චීත්තෙට තියෙන තැන කවදාවත් කලිසමට නැති නිසා, ටිකක් නැලෙවුවනම් ‍ජොබ් එක අතේ තමයි.

නමුත් දැන් මෙයම පාරාවලල්ලක්ව ඇත. තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අටවත් පාස් තැනි උන් දැන් දැන් සේවයට දාගන්න ලොකු ලොක්කෝ ට්‍රයි කරන්නේ මෙන්න මේ වරප්‍රසාදය ඉස්සරහට දාගෙනයි. “ඇයි කරන්න බැරි මොකද ගන්න බැරි මෙයාව කන්ට්‍රැක් වලින් අරන් සුදුසුකම් හදාගත්තට පස්සේ පස්සේ පර්මනට් කරන්න පුළුවන්නේ“

නමුත් මේ හැම දේකින්ම නහුත්තෙටම තැලෙන්නේ ආයතනයට ඇලුම්කරන ආයතනයේ සේවකයන් පමනි. මේ වැනි දේවට කථාකරෝත් අවවාද කිරිම් ලිපියක් විතරයි ලැබෙන්නේ. නමුත් මේවා රටක/ආයතනයක සංවර්ධනයට ඇති පිලිලයන් විතරයි. අපි ඉපදෙනකොටත් අපි ඇහුවේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින් රටක් දැනුත් අහන්නේ ඒකම තමයි මේ වැනි පිලිල වැලැක්වුවේ නැතිනම් අපි මැරෙනකොටත් අහන්න වෙන්නේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා විතරයි.

Friday, 8 July 2016

නිකං දුන්නම නිකම්මු වෙනවා මහත්තයෝ

 අපේ රටේ නිකං දෙන දේවල් ඕනවටත් වඩා වැඩි උදාහරණලෙස ගත්තොත් දිවිනැගුම සමෘද්ධි වැනි දේවල් ගන්න පුළුවන්, නමුත් රටේ පවතන ආර්ථික අපහසුතාවය මත මේවා නොදීත් බෑ ?.... නමුත් මෙහිදී අපිට පොඩි වැඩක් කරන්න පුළුවන් සාමානයෙන් පුද්ගලයෙක් පැය හතරක් කුලී වැඩක් කලත් අඩු ගානේ රුපියල් හත්සීයක් වත් දෙන්න ඕනි ඒ නිසා අපිට පුළුවන් ඒක ආදේශ කරගන්නට මේ වගේ දෙයකට උදාහරණයකට සමෘද්ධිය ගනිමු සමෘද්ධි නිලධාරියා තමන්ගේ බල ප්‍රදේශයේ ඉන්න සමෘද්ධිලාභීන් හා තමන්ගේ බල ප්‍රදේශය ගැන අධ්‍යනයක් කල හොත් ප්‍රදේශයේ පවතින් අඩුපාඩු හා තමන්ට ඇති ශ්‍රම බලය ගැන තක්සේරුවක් ලබා ගත හැකි වනු ඇත. අපි හිතමු පාරක් සුද්ධ කරන්න RDA එකෙන් එනකම්ම ඉන්නේ නැතිව ප්‍රදේශය භාර සමෘද්ධි නිලධාරියාට පුළුවන් තමා විසින් සමෘද්ධිලාභින්ගේ ශ්‍රමදානයක් සංවිධානය කරන්න. ඒත් අපේ රටේ ඉන්නේ අයිස් පප්පලා ඒ නිසා කරන්න තියෙන්නේ තමන් ශ්‍රමදානය පවත්වන්න හිතන් ඉන්න කොටස සමෘද්ධිලාභීන්ට කොටස්කරල ලබාදෙන එක මිටර් සියක් දිග පාරකට සමෘද්ධි ලාභීන් විස්සක් නම් ඉන්නේ එක්කෙනාට මීටර් පහක කොටසක් ලබාදෙනවා තමන්ගේ කොටස ඉවරයි නම් ගෙදර යන්න පුළුවන්. 

මෙතනදී ශ්‍රමදානයට පැමිනෙන සමෘද්ධිලාභින්ගේ නම් ලේඛණයක් ලබාගෙන සමාද්ධිය දෙන දවසට ශ්‍රමදානයට ආපු නැති අයට නොදිසිටින්නට පුළුවන්. ඒ වගේම අපේ අයකරන දෙයක් තමයි නම දාගෙන හිමිට මාරුවෙන එක පැමිනීමේ වෙලාව උදේ 8.00 නම් උදේ 9.00 වෙනකං නම් අරගෙන ඒ ලිස්ට් එක කාර්යාලයට යවන්න පුළුවන් ඒවගේම පැවරූ රාජකාරීය නිියාකාරව කරලා ඉවරද කියලා සමෘද්ධි නිලධාරියාට පරික්ෂාකරලා බලන්න පුළුවන් ඒ වගේම අදාල සමෘද්ධි ලාභියාට පැමිණිමට නොහැකිනම් තමා වෙනුවට වෙන කෙනෙක් යොදවන්නට සමෘද්ධිලාභියාට හැකියාව දියහැකී. සාමානයෙන් රුපියල් 500-1500 අතර ගන්න කොනෙකුට පැය 04 (වරු භාගයක්) රාජකාරී කාලයක් 1501-3000 අතර කෙනෙකුට පැය 06 (වරුවක්) රාජකාරී කාලයක් හා 3001ට වැඩියෙන් ප්‍රතිලාභ ගන්නා කෙනෙකුට පැය 08 (දවසක්) ලෙස රාජකාරී බෙදා දෙන්නට පුළුවන්


මේ ක්‍රමයෙන් සමෘද්ධිලාභින්ට ලබාදෙන මුදලට යම් රාජකාරියක් කරගන්නා අතර හැමදේම රජයෙන් කරදෙනකං බලං ඉන්නේ නැතිව තම තමන්ගේ දේවල් තමතමන් කරගන්නට කාලයක් යනවිට රටේ පුරවැසියන් පුරුදුවනු ඇත. එසේම මේ තුලින් ගම තුල කටයුතු ගම් වැසියාම ඉටුකරගන්නා අතර කරන්නම බැරිදෙයක් පමනක් රජයට දන්වනු ඇත එමගින් ගම් වැසියාට ස්වයං අභිමානයක් ලබාදිමටද හැකිය. උදාහරණයකට ගමේ පාරක් මේ ක්‍රමයෙන් හදාගන්නට හැකි උනොත් මේ තියෙන්නේ අපි හදපු පාර යැයි සමෘද්ධිලාභින්ට ප්‍රකාශ කල හැකිය. එමගින් රටේ සංවර්ධනයට සමෘද්ධිලාභින්ගේ දායකත්වය වැඩි වැඩියෙන් නිසියාකාරව හා ප්‍රෙයා්ජනවත් ලෙස ලබාගත හැකිය.

Thursday, 7 July 2016

අපේ ප්‍රජාතන්ත්‍රවාදය



නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි වෙනුවෙන් කෙනෙක් යම් තැනක අපි වෙනුවෙන් නියෝජනය කරන එකට ඒ සදහා මේ පුද්ගලයා අපිව හදුනාගත් පුද්ගලයෙක් වෙන්න ඕනි. ඒ කියන්නේ අපේ සිතුම් පැතුම් හා අපි ගැන අපි හිතන හැටි දැනගන්නට ඕනි කියන එකයි. නමුත් බහුතරයක සිද්දි තුල සිද්ද වෙන්නේ එයමද? කණ්ඩායමක් තුලින් පුද්ගලයෙක් ගොඩ නැගෙනවා වෙනුවට වර්ථමානයේ සිද්ද වෙන්නේ පුද්ගලයෙක් විසින් කණ්ඩායමක් ගොඩ නගා ගැනීම පමනි. උදාහරණයකට අපි මෙහෙම ගනිමු. යම් සභාවකට පුද්ගලයන් තෝරා ගැනීමේ දී පුද්ගලයන් දාහක් ඉන්නා තැනකින් දහයේ කණ්ඩායම් සෑදි පුද්ගලයන් සියයක් තේරී පත්වනු ඇත එයින් දහයේ කණ්ඩායම් සෑදී නැවතත් පුද්ගලයන් දහයක් තෝරාගනු ඇත එයිනුත් එක් පුද්ගලයෙක් සමස්ථ පුද්ගලයන් දහසෙම නායකයා වශයෙන් පත්කරගනී මෙහිදී නායකයා වනුයේ අර පුද්ගලයන් දහටසන්ම හොදම පුද්ගලයා වේ. නමුත් අපේ සමාජයේ සිදුවනුයේ එක් පුද්ගලයෙක් නායකයෙක් වූ පසු ඔහු දහයේ කණ්ඩායමක් සාදාගනී මේ දහයේ කණ්ඩායම නැවතත් දහයේ කණ්ඩායම් සාදාගනිමින් සියයක් සාදාගෙන දහස දක්වා පැතිරයාම නොවේද? මේ තුලින් සත්‍ය වශයෙන්ම අපේ හඩ පැතිර යනවාද? නැතිනම් සිදුවන්නේ අපිට අවශ්‍ය කරන්නා වූ ආකාරයේ පැකේජයක් දෙන පුද්ගලයාට අපි සහය ලබාදිම ද ? ප්‍රජාතන්ත්‍රවාදය තියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයවත් අපි ලග තිබෙනවාද?

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...