Saturday, 20 May 2017

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?



ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක නම් ඇත්ත කියලා මටත් හිතුනා) මේ කතාව මට කිවුවේ ඉන්ටර්වීව් එකකට යන්න සේව සහතිකයක් ගන්න පුළුවන්ද කියලා අහගෙන ආපු ළමයෙක්ගේ තාත්තා කෙනෙක්ගෙන් ඇත්තටම පගාව කියන්නේ කොච්චර බලයක් තියෙන දෙයක්ද කොච්චර වදින දෙයක්ද කියන එක ඒදා ඒ වචන ටික ඇහුවම මගේ හිතට පුදුම විදියකට කා වැදුනා, 

ඒත් වැදගත් මහත්මයෙක් කියන්නේ එකට පිටිපස්සෙන් වැටෙන බිංදු ගානට වහල් නොවී වැඩ කිරීම නේද කියන එක මගේ හිත කෑගහලා කියන්න පටන් ගත්තා. ඒත් ඇත්තටම මානුෂිය මට්ටමින් බැලුවම තාත්තයි දරුවයි දෙන්නම එලවන එක මට කරන්න පුළුවන් දෙයක්ද ළමයෙක්ගේ අනාගතය වෙනුවෙන් තාත්තා කෙනෙක් නොකරන දෙයක් නෑ මම උනත් එහෙමයි ඒත් එතකොට මම මහත්තයෙක් වෙන්නේ කොහොම කලොත්ද? ළමයට උදවු කලොත්ද? නැතිනම් ළමයවයි තාත්තවයි එළවලා දැම්මොත්ද? 

මම ළමයාගේ තාත්තවයි ළමයවයි ඇතුලට ගෙනනවා ගෙන දෙන්නම කරන වැඩේ බරපතල කම කියලා දුන්නා විශේෂයෙන් පගාව දීම හා ගැනීම දෙකම නීතියෙන් වරදක් නිසා. ඒත් අනිතිමේදි මම කලේ මගෙත් ඇග බේරාගෙන ළමයවත් ගොඩ යවන වැඩක් මම ඉස්සල්ලම ළමයට පුළුවන් වැඩ මොනාද කියලා බැළුවා බැරි වැඩත් මොනාද කියලා බැළුවා මෙහෙම බලලා මම මගේ යාළුවෙක්ට කතා කරලා ළමයෙක් එවනවා මේ මේ ටික පුළුවන් ඒවා දාලා සේවා සහතිකයක් දෙන්න පුළුවන්ද ඇහුවා. 

මෑන් හැබැයි බෑ කියන්නේ නෑ හේතුව තමයි මෑන් විශ්වාස කරන්නේ මේ වගේ දෙයකින් මහත්තයා කම ලැබෙන්නේ ළමයට උදවු කලාම කියලයි. කොහොම හරි මේ වැඩෙන් මගේ තත්වය (මොරාල් එක) ගැන විවෘත්තව බලන්න මට අවස්ථාවක් ලැබුනා වගේම ඒ ගැන මම පාඩමකුත් ඉගෙන ගත්තා.

Sunday, 14 May 2017

එහෙමද ආසා


අපි හැමෝටම ජිවිතයේ විවිධ අවස්ථාවල විවිධ දේවල් හිතිලා තියෙනවා විවිධ හේතු කාරනාමත, නමුත් මුලික වශයෙන් සරලව ගත් විට අපිට මේ හිතෙන දේවල් ඇත්තටම කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් කියලයි කියන්නේ

පලවෙනි එක තමයි

ඉස්සරත් නැ දැනුත් නැ එහෙම නැතිනම් ඉස්සර තිබුනා දැන් නැ අපිට යමක් ලගා කරගන්න බැරි උනාම නැතිනම් වෙන කෙනෙක් ගාව අපි ලගා කරගන්න උත්සහ කරපු දෙයක් තිබෙනවා දැක්කම අපිට තිබිලා මොනයම් හෝ හේතුවක් මත අහිමි වු දෙයක් දකින විට අපිට ඇතිවෙන ඉරිසියාව නිසා දුක වාවාගන්න බැරිව අපි අපිම සනසාගන්න කියන දේ තමයි මේ, නැතිනම් බිරිද සැමියට තමන්ගේ තරහා වේදනාව පිට කර ගන්න අපි කියන දේ තමයි මේ.

දෙවන කාරණය තමයි

එහෙ තියෙනවා මෙහෙ නැ නැතිනම් ඌට/ඒකිට තියෙනවා මට/අපිට නෑ අපි ගොඩක් වෙලාව අපේ උවමනාවන් පස්සේ පන්නාගෙන යන කොට අපි කියන දෙයක් තමයි මේ. ඇත්තටම මේ කථාව අපේ කාන්තා පිරිමි දෙපාර්ශවයම අතර තියෙනවා, ඉස්සර නම් කිවුවේ මේ කථාව තියෙන්නේ කාන්තා පාර්ශවය අතර විතරයි කියලා, නමුත් දැන් එක පිරිමි පාර්ශවයටත් ඇවිත්, නැතිනම් ඒ කාලේ ඉදන්ම පිරිමි තුල මේක තිබුනත් දැන් දැන් තමයි ඒ ගැන කථාකරන්න පටන්ගත්තේ.

තුන්වෙන කාරණය තමයි

දැන් නෑ ඒ උනාට ඉස්සරහට ලැබෙයි ඇත්තටම අපි හැම දෙයක්ම කරන්නේ මේ දෙය නිසා තමයි. ණයක් ගන්නේ, රස්සාවක් කරන්නේ, මැරිගෙන හම්බ කරන්නේ, බැංකු පොත බිංදු වලින් පුරවන්නේ දැන් නැති උනාට ඉස්සරහට තියෙයි කියලා හිතාගෙන. උදාහරණයකට කිවුවොත් තව අවුරුදු දහයකින් කාර් එකක් ගන්නවා ඒ නිසා දැන් දවසකට පැය තුන ගානේ අම්මා, තාත්තා, ගෑනි, දරුවෝ, යාළුවො හැමෝම අතහැරලා ඕටී කරනවා, නැතිනම් දැන්ම දෙන්න බෑ ඒත් තව අවුරුදු පහකින් ප්‍රමෝෂන් එක දෙන්නම් ඒ නිසා දැන්ම ඉදන් හැම දෙයක් ම අමතක කරලා එක ගැම්මට දවල් රෑ නැතිව වැඩ කරන්න ඕනි, ඇත්තටම ටිකක් වෙලාව අරන් හිතුවොත් අපි හැමෝම හිර වෙලා ඉන්නේ මේ මායාවේ නේද? දැන් නැ ඒත් ඉස්සරහට ලැබෙයි කියන එකේ.

අපේ සිතිවිලි වල ප්‍රධානම කොටස් තුන තමයි මේ (දන්න තරමින් මම සියල්ලදත් නෙවෙයි නේ සමහර විට වැරදිත් ඇති එහෙම උනොත් කියන්න වෙනස්කරලා හදාගමු, සහයෝගයෙන්) ඒත් ඇත්තටම මේ කොටස් තුන ගැන හිතන කොට අපි කොච්චර ගොන්නු ද කියලා මට හිතෙනවා අප්පා.....

මිෂන් ෆේල් වගේද?



අපි හැමෝම සාර්ථක ජීවිතයක් ගත කරන්න ආසයි, මොකා මොන බයිලා ගැහුවත් අපි හැමෝම සාර්ථක ජිවිතයකට හීන දකිනවා, බලා පොරොත්තු වෙනවා එක විදියකින් හෝ තව විදියකින්, ඉතිං අපිට අනුව සාර්ථක ජිවිතයක් කියන්නේ තට්ටු දෙකේ ගෙයක් (අඩුම තරමින්) කාර් එකක්, කොටියක්වත් වියදම් වෙච්ච වෙඩින් එකක්, සුපර්මෑන් වගේ දරුවෙක් හැබැයි අපි කාටත්, මම කියන්නේ හැමෝටම මේ දේවල් නෑ ඇත්තම අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි සාර්ථක නෑ කියලයි. අපි ඇවිල්ලා අසාර්ථක රටක ජීවත් වෙන අසාර්ථක කාළකණ්නි මිනිස්සු ටිකක් කියලා, ඒත් මම කිවුවොත් අපි හිතාගෙන ඉන්න විදිය වැරදී අපි හැමෝම නැතිනම් බහුතරයක් සාර්ථකයි කියලා? ඔබ මගෙන් අහයි හා එහෙමනම් මොකක්ද සාර්ථකයි කියන්නේ කියලා ඇත්තටම සාර්ථකත්වය මොකක්ද කියලා මට නිර්වචනය කරන්න බෑ (ඇත්තම කිවුවොත් සාර්ව සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ) ඒත් මම දන්නවා සාර්ථක වෙන්න ඕනි කරන අවම සුදුසුකම් නැතිනම් සාර්ථකත්වයේ බේස් ලයින් එක. (Who’s laughing now, Bill Gates?) සරළයි කොටස් තුනක් තියෙනවා

පළවෙනි කොටස

අධ්‍යාපනය අවසන් කිරීම, ඒ කියන්නේ විධිමත් අඛණ්ඩ අධ්‍යාපනය නිසියාකාරයෙන් අවසන් කිරීම, ගොඩක් අයට අ.පො.ස උ/පෙළ වගේම තවත් පිරිසකට උපාධිය, නැතිනම් බාහිර උපාධිය, නැතිනම් එච්.එන්.ඩී ය, ටෙක්නිකල් කොලීජියේ උපාධිය කොහොම හරි ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ඒත් වඩා වැදගත් අධ්‍යාපනය අවසන් කිරීම නිසායාකාරයෙන්

දෙවන කොටස

අධ්‍යාපනය අවසන් කිරිමට පෙර හා රැකියාවක් ලබා ගැනීමට පෙර විවාහ නොවීම හා දරුවන් බිහි නොකිරීම (අපේ භාෂාවෙන් කියනවානම් බඩ දරු නොවීම) කාන්තා පිරිමි දෙපාර්ශවයටම අදාළයි, අපේ රටේ අධ්‍යාපනය නිමා කරන්න කලින් කොච්චරනම් ගැණු ළමයි පැනලා යනවද? මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව අපේ පන්තියේ ඉස්සල්ලම ගැණු ළමයෙක් පැනලා ගියේ 8 වසරෙන්, එතැන්නි පටන් ගත්තම 12 වසරෙන් තමයි අවසන් උනේ 12ට ආවමත් කෙල්ලෙක් පැනලා ගියා, ඒවගේම තමයි පාසල් සමගේ ගැබ් ගැනීම්, මේ දෙත් උනා, අනිත් කාරණය තමයි අධ්‍යාපනය අවසන් නොකර රැකියා සදහා යොමු වීම (ගොඩක් වෙලාවට අපේ ගුරුවරුන් ඒකට වග කියන්න ඕනි කියලයි මම කියන්නේ, මගේ පෞද්ගලික අත්දැකිම් අනුව) අධ්‍යාපනයට ඇති අදක්ෂකම නිසා හෝ පවුලේ අග හිගකම්, තමයි අපිට ඇයි කියලා ඇහුවොත් ලැබෙන ප්‍රධානම පිලිතුරු. කෙසේ නමුත් අධ්‍යාපනය අවසන් කිරිමට පෙර හා රැකියාවක් ලබා ගැනීමට පෙර විවාහ නොවීම හා දරුවන් බිහි නොකිරීම ජිවිතයේ ඉතා වැදගත් දෙයක් වනු ඇත.

තුන්වන කාරණය තමයි

රැකියාවක් ලබා ගැනීම, රැකියාව මොකක්ද කියන් එක නෙවෙයි ප්‍රශ්ණය, වයිට් කොළර්, බ්ලු කොලර්, නොන් කොළර් ද කියන එක නෙවෙයි ප්‍රශ්ණය රැකියාවක් ලබා ගැනීම හා රැකියාවේ රැදිසිටිම, එම රැකියාවේ නිපුණ ශිල්පියකු නැතිනම් වෘත්තිකයකු වීම (ප්‍රොපෙෂනල් වීම) ඇත්තටම කිවුවොත් රැකියාවක් ලබා ගැනීම ලේසි උනාට රැකියාවෙ රැදිසිටිම අමාරුයි, ඔය හැම එකටම වඩා අමාරුයි රැකියාවේ ප්‍රොපෙෂනල් වීම.

කොහොම හරි දැන් හැමොටම වගේ හිතෙයි යකෝ අපිට මේ කියන දේවල් ඉහටත් උඩින් තියෙනවනේ කියලා........ ඒ නිසා තමයි මම කිවුවේ සාර්ව සාර්ථකත්වය මොකක්ද කියලා නොදන්නවා උනාට අපි සාතිශය බහුතරයක් සාර්ථකයි, නැතිනම් සාර්ථක ජිවිතයක් ගත කරනවා කියලා, ඇත්තටම අපි අවමය සම්පුර්ණ කරගත්ත නිසා, අමාරුවෙන් කට්ට කාලා පස්සේ මදේ කනවා අයිසේ කියලා අර පොල් ගෙඩිය කන රිලවා කිවුවා වගේ දැන් ඉතිං හිත හදාගෙන කට්ට කන එක තමයි ඇත්තේ.

Saturday, 13 May 2017

කවුන්සිලිං

අනේ අයියේ ඔයා වැඩක්ද?

ඇයි මොනාද ඕනි?

නෑ එහෙම මුකුත් නෙවෙයි,

එහෙනම් පලයං මට වැඩ තියෙනවා

නෑ අයියේ මේ.....

මොන මගුලක්ද? කියනවා ඕයි කියන්න තියෙන දෙයක්

නෑ මගේ බොයි ......

ඇයි උබේ බෝයියා ගගේ ගියාද?

නෑ නෑ මට කියනවා රූම් එකකට යමු කියලා ඒකයි.

ඇයි දැන් උඹට බෑ වගේද?

නෑ එහෙමත් නෑ

එහෙනම් මොන මගුලටද මෙතන ඉන්නේ පලයං බං මට වැඩ තියෙනවා

නෑ ඒත් මට බයයි වගේ

ආ..... ඇත්තද හොදයි ඒක වත් එහෙම උන එක

දැන් මොකද වෙන්න ඕනි

මම මොකද කරන්නේ අයියේ

නංගි මම දන්න සෑස්තරෙන් අවවාදයක් දෙන්නනම්, ඊට කලින් මට කියපං කෝ ඇයි ඔය රූම් ගානේ ගාටන්න බෝයියට ගායක් ගහලා තියෙන්නේ

නෑ නිකං ලු මාව කිස් කරන්න ඕනි ලු ඒකයි.

හා ඒකනම් කමක් නෑ ඉතිං මොකො මෙහෙ කිස් කරගන්න වැටකේ පදුරක් වත් නෑනේ
නංගි ඒක නෙවෙයි අහපංකෝ

කියන්න අයියා

නංගි හදා ගන්න බැරි දේවල් කඩා ගන්නේ නැතිව හිටපං තේරුනාද?

හ්ම්...

හරි හරි දැන් පලයං උඹට කවුන්සිලිං කලා කියලා මගේ වැඩ ටික අහවර වෙන්නේ නෑනේ

Friday, 28 April 2017

හදුන් පොත්ත කී ගානවා බං



ඇත්තටම කැතටම නෝන්ඩි උන සිද්ධියක් තමයි මේ. අපි ඉස්කෝලේ යන කාලේ මුලින් මුලින් ලව් කලේ ලියුම් වලින් උනාට පස්සේ ජංගමයේ ආගමනයත් එක්ක ජංගමයට මාරු උනා අපි ඉතිං අපේ දෙමාපියන්ට ගල්යුගේ ඉන්න ඇයෝ ලියුම් වලින් නේ ලව් කලේ කියලා නෝන්ඩියට හිතාගෙන හිටියා. ඇත්තටම ජංගමේට මාරු උන එකෙන් ගොඩක් වාසි සිද්ධ උනා දැන් ඉතිං ඕනි වෙලාවක කතා කරන්න පුළුවන් ෆෝටෝ ගන්නවා, එස්.එම්.එස්. එවනවා ඇයි ඒ විතරක් නෙවෙයි ඒ එක්කම ආපු ඉන්ටර්නෙට් පහසුකම නිසා මැසෙන්ජර් (යාහු එකේ අයිටම් එකක්) එම්.එස්.එම්. චැට් රෑම් යනවා කියලා වැඩක් නැ. අපි ඉංග්‍රිසියෙන් ලව් කරනවා සමහර වෙලාවට අම්මා තාත්තා බැලුවත් ඇතින්ම දකින්නේ ඉංග්‍රිසිනේ ඉංග්‍රිසි හදා ගන්න වැඩ කරන්නේ කිවුවම පිලි ගන්නවා. සරලවම කිවුවොත් අපේ දෙමාපියන් ගල්යුගයෙනේ. 

ඒත් ඉතිං ගමනක් බිමනක් යනකොට විතරක් නෙවෙයි දොට්ට පිලට ගියත් ෆෝන් එක නම් අතහරින්නේ නැ අනිවාරයෙන්ම කොහෙ ගියත් අරගෙන යනවා මොකද ඕකේ තියෙන ඒවා දැක්ක ගමන් ගෙදරින් බත් කාලත් ඉවරයි. විශේෂයෙන්ම කෝල්, එස්.එම්.එස්., ගමනක් යද්දි ෆෝන් එක ගෙනියන්න බැරිනම් බැටරිය හරි ගෙනියනවා. නැතිනම් අකමැත්තෙන් උනත් කොල් මැසෙජ්, ටික මකලා තමයි යන්නේ. 

කොහෙම හරි මම දවසක් ගෙදර ඉන්න කොට සාලේ ෆෝන් එකක් තියෙනවා කාගෙද කියලා බැලින්නම් මලයාගේ මට ඉතිං  ආයි කියලා වැඩක් නැ ඉතිං වග කිවයුතු වැඩිමල් සහෝදරයා වශයෙන් මම මුගේ ෆෝන් එක චෙක් කලා. කොහේ කොල්ස් මුකුත් නැ හදිස්සියකට ගෙදරින් ගත්ත ආපු කෝල් විතරයි, මැසේජ් තියෙනවා කොම්පැනියේ ඒවා පුරවලා, මම මොකටත් කියලා අම්මගෙන් ඇහුවා අම්මා ඇයි මේ මූ ෆෝන් එක දාලා ගිහින් කියලා. එහෙම තමයි ඉස්කොලේ යනකොට ගෙනියන්නේ නැ නේ. කියලා අම්මා කියපි. මට විලි ලැජ්ජාවේ බෑ ඇයි ඉතිං අපි ඉස්කොලෙට ෆෝන් අරන් ගිය හැටි මතක් වෙනකොට අම්මපා දැන් හැදෙන උන් හරි හොදයිනේ කියලා මට අපි ගැන සැහෙන්න දුක හිතුනා තියලා වැඩක් නැ. කොහොම හරි ලැබුන චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන මම මල්ලි ගේ ෆෝන් එකෙන් ගෙම් එකක් ගහ ගහ හිටියා ඒකත් එපා වෙලා නිකමට ෆෝන් එකේ ඇප් ටික එහෙ මෙහෙ යව යව ඉන්න කොට ඉමෝ ඇප් එක දැක්කා කොයිකටත් ඇගිලි ගහන පුරුද්ද නිසා ඉමෝ එකටත් ගියා අම්මපා මම ඉස්සල්ලා මුන් ගැන හිතාගත්ත සියල්ල ඉල්ලා අස්කරගත්තා. කියලා වැඩක් නැ මුගේ මුළු චරිත සහතිකේම තියෙනවා මේ ඇප් එකේ. 

මම අම්මගෙන් ආපහු ඇහුවා අම්මා මුගේ ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා බලනවාද කියලා. බලන්න දෙයක් නැ කෝල් එකක තිබුනත් තියෙන්නේ අපි ගත්ත ඒවා විතරයි නේ. මට ඉතිං හරී සන්තෝසයි කියලා වැඩක් නැ කොහොම හරි ඒ එක්කම මගේ හිතට ආවා අපි අම්මා තාත්තා ගැන හිතාගෙන හිටිය විදිය. ගල්යුගේ අම්මපා මමත් දැන් ගල්යුගේ නේද ? අපි ෆෝන් එකේ ඩයල් කරලා කෝල් එක ගන්නකොට මුන් ඉමෝ, වයිබර්, වට්ස් ඇප් වලින් පිංතුරත් එවනවා. අපි ඉදහිට පිට රට කෝල් එකක් ගන්න ඕනි උනාම විතරනේ ඕවා පාවිච්චි කරන්නේ ඒත් මුන්නේ මේවයින් වැඩ කරගන්නේ. අපි මෙච්චර ඉගෙන ගෙන පොර වගේ ටෝක් දී ගෙන හිටියට අපේ මල්ලිත් එක්ක බලනකොට මම අම්මපා ගල්යුගේ නේද කියලා මටම හිතුනා.  කියලා වැඩක් නැ අප්පා ඒ හිතේ අමාරුව තාමත් තියෙනවා වගේ.

Sunday, 23 April 2017

අහපු කථාවක්

මේක මම අහපු කථාවක් ඒත් කරුමෙට අල ගිය තැන් මුල් ගියතැන් අමතකයි. හේතුව ගොඩක් ඉස්සර මම අහපු එකක් වගේම මට දේවල් මතක තියාගන්නඑක ටිකක් අමාරු වැඩක්.

කොහොම හරි අපේ ඇම්ඩන් බස් කොන්දොස්තර කං කරපු කාලේ වෙච්චි වැඩක්, ඒ දවස්වල මෑන් හරි ආසයි ලු ඇන්ටන් ජෝන්ගේ සින්දුවලට කොහොම හරි දවසක් මැන් බස් එකේ කැසට් එකක් දාගෙන යනකොට පිස් එකේ පටිය ඇඹරුනාලු මිනිහා පට ගාලා බස් එකෙන් බැහැලා කඩේකට දුවලා පිස් එක අැඹරුණ තැන්වලින් කපලා අරන් අලවලා පිස් එක ආපහු දැම්මලු දැන් ඉතිං සින්දු ටික නැගලා යනවා ඔහොම ගිහින් මෙහෙම වැඩක් උනා.

පිස් එකේ එක තැනක ‘‘ ප්‍රේමවති මනම්පේරි තරුණිය ... කතරගමට හිටිය රූප රැජිණිය පතිවත කෙසෙලා අයියෝ මරාදැමුවා ඈ .. ශාන්ත අන්තොනි මුණිතුමා ‘‘

මුළු බස් එකම එක හඩින් හු කියන්න පටන් ගත්ත පාර ඇම්ඩට බස් කෙරුවාව එපා වෙලා ගියා.

Wednesday, 19 April 2017

ඔවු ඔවු බටහිර ඇමරිකන් යුරෝපිය අධිරාජයවාදී කුමන්ත්‍රණයක් තමයි



පරිසර උෂ්ණත්වය (Global Warming) ඉහල යෑම ඇත්තටම තර්ජනයක් වෙන්නේ පාථිවියටද ? පරිසරයටද? අපිටද? ඇත්තටම අපි හිතනවා පරිසර උෂ්ණත්වය ඉහල යැම නිසා පාථිවිය විනාශ වෙනවා කියලා අපි විසින් පරිසරය විනාශ කරනවා කියලා නමුත් මිට වසර මිලියන කිහිපයකට පෙර අපේ පාථිවිය දැනට පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්ලියස් අංශක හයකින් (6) උෂ්ණත්වය වැඩි වෙලයි තිබුනේ ඒ කියන්නේ අපිට තිබෙන අයිස්කාන්තාරය නැතිනම් දන්න සිංහලෙන් කියනවානම් ඇන්ටාර්ටිකාව සම්පුර්ණයෙන්ම අයිස් වලින් තොරව ගස්වැල් සතුන් ගෙන් පිරි පැවති ප්‍රදේශයක්ව පැවති කාලයේදි. ඇත්තටම ඇන්ටාර්ටිකාව අයිස් කාන්තාරයක් බවට පත්වුයේ ලෝක උෂ්ණත්වය සෙල්ලියස් අංශක හයකින් පහල බැසිම නිසාය.

ඒ විතරක් නෙවෙයි රෝම අධිරාජය බිද වැටි යුරෝපය අදුරු යුගයකට වැටිමටද හේතුඋයේ ක්ෂුද්‍ර අයිස් යුගයක් නිසාය. හරියටම කිවුවොත් සෙල්සියස් අංශකයකින් පමණ ලෝක උෂ්ණත්වය පහල බැසිම නිසාය. කාෂිකර්ම බිම්වල ඵලදායිතාවය නැතිවගොස් ආහාර නිෂ්පාදනය අඩුවිමනිසා ශරීර ශක්තිය හා පෝෂණයෙන් දුර්වලඋනු මිනිසුන්, වසංගත රෝග ආදිය පිරි පැවති කාලයක් තමයි මේ කාලය. නමුත් ඔබට කියන්න පුළුවන් මම කියන්නේ පචයක් කියලා මොකද පුනරුදයෙන් වසර ගනනාවකට පසුත් යුරෝපයේ කොළරාව වැනි වසංගත පැතිරගියේ අදුරු යුගයට වඩා හතර පස් ගුණයකින් ආහාර නිෂ්පාදන ඉහල ගියපසු කියලා ඔබට මා හට උදාහරණ සැපයිය හැකි. නමුත් පුනරුදයෙන් පසු වසංග රෝග පැතිර ගියේ අධික ජන ඝනත්වය නිසයි, පුනරුදයෙන් පසු යුගයට වඩා ජන ඝණත්වය අඩු අදුරු යුගයේදි වසංගත පැතිරගියේ ඇයි කියන එකට හේතුවක් තමයි මම කලින් ප්‍රකාශ කල ශරීර ශක්තියෙන් හා පෝෂණයෙන් දුර්වලඋනු මිනිසුන්, ඇත්තටම පාරිසරික සාධක නිසා මහා ශිෂ්ඨාචාර, රට රටවල ස්වර්ණමය ඉතිහාසයන් අහිමි විම සුලභ දෙයක් උදාහරණයකට ඇන්කෝරා වොට්, චිනයේ මින් අධිරාජ්‍ය වැනි ස්වර්ණමය යුගයන් ආසියාවේත්, ඇමරිකාවේ මායා ශිෂ්ඨාචාරය, ලොව පුරා පැතිරි පොදු ලක්ෂණයන්ට උදාහරණයි.

කෙසේ හෝ අප විසින් මේ කෘත්‍රිමව ඇති කරණ පරිසර උෂ්ණත්වය ඉහල යැම ඇත්තටම පෘථිවි පද්ධතියට මහ දෙයක් නෙවෙයි අපේ මැදිහත් වීමෙන් අපි විසින් පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පමණ ඉහල දමා ඇතත් පෘථිවිය විසින් ස්වාභාවිකවම තම උෂ්ණත්වය සෙල්සියස් අංශක හයකින් ඉහල දමාගෙන නැවත එය අංශක හයකින් අඩුකර ගෙන ඇත. අපිට මේවා මැජික් උනාට පෘථිවියට මැජික් නෙවෙයි මොකද පාථිවියට මේ පිළිබදව අත්දැකීම් ඇති බැවිනි. අවංකවම කියනවා නම් පෘථිවියේ උෂ්ණත්වය ඉහල යැම ඇත්තටම බල පාන්නේ අපිට විතරයි, අපේ පැවැත්මට විතරයි, ඉතිං කවුරුහරි ඔබට කියනවානම් අපි විසින් පාථිවි උෂ්ණත්වය ඉහල දමා පෘථිවිය විනාශ කරනවා කියලා ඔහුට ඇහුම්කම් දීමෙන් ඔබේ වටිනා කාලය නාස්ති කරගන්න එපා, ඇත්තටම වෙන්නේ ගොලිය උෂ්ණත්වය ඉහල දමාගැනීමෙන් අපි අපේ බෙල්ලට තොණ්ඩුව දමා තද කරගැනිම විතරයි, පාථිවිය විනාශවීමක් සිදුවන්නේ නැ.

දැන් ටිකක් මගේ පඬිකම ප්‍රදර්ශණය කරන්න දෙන්නකො, මම ඔබෙන් ඇසුවොත් කොහොමද පරිසර උෂ්ණත්වය අපි ඉහල දාන්නේ කියලා ඔබ දෙන පිලිතුර පරිසර දූෂණය මගින් ඒ කියන්නේ පොසිල ඉන්ධන දහනය, වනාන්තර විනාශය වැනි දේවල් වලින් කියා මම කියන්නේ දෙන්න තියෙන සරලම පිළිතුර, නමුත් ටිකක් හිතන්න අපි ඒ කියන්නේ හෝමෝ සේපියන් සේපියන් මේ ලෝකෙට පහල වෙලා අවුරුදු ලක්ෂ දෙකක් පමණ වෙනවා ඒකෙන් අවුරුදු පනස් දාහකට පස්සේයි මුළු ලෝකයම ගින්දර සම්පුර්ණයෙන්ම භාවිතයට ගත්තේ කියමුකෝ සැකයේ වාසියටත් එක්කම. ඉතිං එදා ඉදන් මේ ලගක් වෙනකම් ඒකියන්නේ 1850 ගණන්වල ස්කොට්ලන්තයෙන් බොරාතල් සොයාගන්නා තාක්කල් අපි කලේ පුච්චපුඑක තමයි, වෙන මොනාවත් නෙවෙයි පරිසරයේ තිබෙන කාබන් ප්‍රතිචක්ක්‍රිකරණය කල හැකි එකම පද්ධතිය තමයි අපි පිච්චුවේ වෙන මොනාවත් නෙවෙයි ගස්, රැට එලිය ගන්න, ආයුධ හදන්න, නැවු හදන්න, බෝට්ටු හදන්න, එතකොට ගෙවල් හදන්න තව මොන මොනවට අපි එය ගස් ගන්න ඇද්ද පුච්චන්න ඇද්ද කෙසේ හෝ මේ කියන් ගෝලිය උෂ්ණත්වය එතකොට ඇති වුනේ නැ, මම කියන්නේ මේ අවුරුදු සීයක් දෙසියක් ගැන නෙවෙයි අඩුම තරමින් අවුරුදු එක්ලක්ෂ පනස් දහසක් අපි ගස් පුච්චපු එක ගැන. අවුරුදු එක්ලක් පනස්දහසක් අපි කාබන් මේ පෘථිවියට නිකුත් කරපු එක ගැන, ඒත් කිසිදු වෙනසක් සිදු වුනේ නැ එයට හේතුව තමයි මේක,
අපි හිතමු අපේ පෘථිවියේ තිබෙන කාබන් ප්‍රමාණය 10% කියලා උදාහරණයක් වශයෙන්, ඉතිං මේ 10%යෙන් 5% තියෙන්නේ පොලොවෙන් උඩ ඒකියන්නේ පිච්චුවම අගුරුවෙන ඒවා හා අපි පිටකර හුස්ම වගේ දේවල්, ඉතිරි 5% තියෙන්නේ පොලොව යට ඒ කියන්නේ බොරතෙල්, ගල්අගුරු වගේ ඉතිං අපේ කාර්මික විප්ලවයට කලින් හිටිය මුතුන් මිත්තො කොච්චර කාබන් භාවිතයට ගත්තත් ඒගොල්ලෝ භාවිතා කලේ අර පොලොවෙන් උඩ තියෙන 5% ප්‍රමාණය විතරයි. ඒකියන්නේ අවුරුදු අඩුම ගානේ එක්ලක්ෂ පනස් දහක්ම පුච්චලා තියෙන්නේ අර පොලොවෙන් උඩ තියෙන 5% විතරයි. නමුත් අපි දැන් කරන්නේ අර පොලොවෙන් උඩ තියෙන කාබන් ටික පුච්චනවා මදිවට පොලොවෙ යට තියෙන කාබන් ටිකත් පුච්චන එකයි. මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි අපි පොලොවෙන් උඩ තියෙන් කාබන් 5% ප්‍රමාණය කොහොමට පාවිච්චි කලත් පොලොවෙන් උඩ තියෙන පරිසර පද්ධතියේ කාබන් ප්‍රමානය වැඩි විමක් හෝ අඩු විමක් සිදුවෙන්නේ සිදු වෙන්නේ එක් ස්වරුපයකින් තවත් ස්වරූපයකට මාරුවිම පමණයි ඒක බැලන්ස් කරගන්න මහ කාලයක් ගතවෙන්නේනෑ. නමුත් අපි පොලොවේ යට තියෙන කාබන් ටික පොලොව උඩට අරන් පුච්චනකොට වෙන්නේ අර කලින් තිබුනු 5% සමබර තාවය නැතිව යන එකයි, පොලොව යට තියෙන කාබන් අඩුවෙන අතර පොලොව උඩ තියෙන කාබන් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඇත්තටම පොලොවෙන් උඩ තියෙන කාබන් ප්‍රමාණය වැඩිවෙනවා නමුත් දැන් තමයි නියම ප්‍රශ්ණය මතුවෙන්නේ පොලොව උඩ තියෙන කාබන් ටික ආපහු පොලොව යටට යවන්න ඇත්තටම අවුරුදු මිලියන ගණනක් යනවා ඒක තමයි රියල් ප්‍රශ්ණය, ඉතිං කාබන් ප්‍රමානයේ සමබරතාවය ගිලිහියනවා ඒ එක්කම ගොලිය උෂ්ණත්වයඉහල යනවා.

දැන්වීම්

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?

ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක...