Monday 2 September 2019

චන්ද්‍රමොගන්

චන්ද්‍රමොගන් උපන්දාසිට හැදි වැඩුනේ තම මව සමගය. ඔහුගේ දෙමාපියන් කොළඹ දිවි ගෙවුවද 1983 කලබල සමග
යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔහු ගේ පියා බැදුනු දිනයේ සිට ඔහු ගේ මවත් පියාත් නිතරම
රණ්ඩු වු අතර අවසානෙය්දි ඇය චන්ද්‍රමොගන් රැගන කඩවත පදිංචියට පැමිණි යේය. 

චන්ද්‍රමොගන්ට තම පියා වන සුබ්‍රමනියම් ගැන ලොකු මතකයක් නැතත් තමා ඔහුගෙන් පියා වෙන්කළේ
කොටි සංවිධානය බව හා මව ගේ නිතර නිතර වූ අඩා වැටීම් මත ඔහු කොටිසංවිධානය ගැන වෛරයකින් පසුවිය.
චන්ද්‍රමොගන් උසය නමුත් ඊට සරිලන ලෙස මහත නැති නිසා කෙට්ටු පුද්ගලයකි. ඔහු ගේ දකුණු උරහිසේ පිළිස්සුම්
පැල්ලමක් මෙන් ඇති උපන් ලපය නිසා ඔහු කඩාකළ අවට ළමයින් කිවේ ලපයා කියාය. ස්වභාවෙයන්ම තළෙලු
පැහැ වූ ඔහුගේ මුහුණ සිහින් හා දිගැටි ආකාරයක් ගැනීය. කෙස් නමුත් ඔහු ශක්ති සම්පන්නය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනෙයන් පසු චන්ද්‍රමොගන් කෙළින්ම ගියේ හමුදා මුලස්ථානයටය. එහි දී හමුදාවට ඒකතු වු ඔහු
තම දමිළ භාෂා දැණුම මත කොටි සංවිධානයේ හුවමාරුවන පණිවිඩ සිංහළට පරිවර්ථනය කරන්නට විය. නමුත් ඔහු
රාජකාරියට බැදුනු දිනයේ සිටම ඉල්ලා සිටියේ ක්‍රියාන්විත රාජකාරි වලට යෑම සදහාය. කොළඹ සිට පුටුවක වාඩිවී
යුද්ධ කිරීම ඔහුට ප්‍රිය නොවීය. 

කෙසේ නමුත් අද දින රාජකාරියට වාර්තා කරනවිට ඔහුට “රහසිගතයි” සදහන් ලිපියක් අණ දෙන නිලධාරි තුමා ගෙන්
ලැබී තිබුණි.

* * * * * * * * * * * * *

මනිබාලන් කොටිසංවිධානයේ ඉහල මධ්‍යම මට්ටෙම් තනතුරක් හොඹවන නායකයෙකි. බොහෝ නායකයන්ට
මෙන් මනිබාලන්ද භාවිතා කරන මෙම නාමය ව්‍යාජ එකක් විය. කොටි සංවිධානයේ ආරම්භයේ සිටම එහි සිටි
සාමාජිකයෙකි. එම සංවිධානයේ මෙහෙයුම් රාශියකට සහභාගී වී ඇති ඔහු දැන් මහළු වියට පා තබා ඇතත් තවමත්
තරුණයන් දෙදෙනෙකු උවත් පොරබදා බිම දැමීමට සමත් කම් ඇති ශක්තිමත් පුද්ගලයකි. 

මනිබාලන් හා ඔහුගේ සගයන් පිරිසක් අත්තඩංගුවට පත්ව ජිවිතාන්තය තෙක් සිර දඩුවම් නියමව සිටියදි හදිසියේ
ආ සුනාමි රළ පහර නිසා සිපිරි ගෙයි හි බිත්ති විනාශව ගිය අයුරුත්, මුහුදු ජලය සමග පිහිනමින් දිවි ගලවා ගෙන දින
ගනනාවක් තිස්සේ කැළය තුළින් ගමන් කරමින් අඩනිරැවතින් හා අප්‍රාණිකව කදවුර වෙත ලගා වු ආකාරය කොටි
සංවිධානයේ කා අතරත් ප්‍රසිද්ධය. මේ නිසා මනිබාලන් සංවිධානයේ ජනප්‍රිය තරුවක් බවට පත්වී සිටියහ. 

නමුත් දැන් ඔහු ඇවිත් සිටින්නේ මෙහෙයුමකටය. තම සංවිධානයේ හදවත් බදු මුලතිව් කැළයට විත් තම ඉහල පෙලේ
නායකයන් මරා දමන භුතයන් පිරිසක් සැරිසැරීම තම සංවිධානයේ නායකයන් නැට්ට කකුල් දෙකේ ගසාගාත් නරි
මෙන් බියෙන් දිවිගලවා ගැනීමට පැන යාමට සලස්වා ඇත. සංවිධානයේ බාෙහෝ පිරිස් මේ භූතයන් චීනයේ හෝ
ඉන්දියානු හමුදාවේ සෙබළුන් යැයි කීවද මනිබාලන් විශ්වාසයෙන්ම කියා සිටියේ මෙලෙස පහර දෙන්නේ ලංකාවේ
හමුදාව බවයි. එකෙක් හෝ පණ පිටින් අල්ලා ගත්තානම් තමා නිවරදි බව පෙන්විිය හැකි බව ඔහු සෑම විටම
විශ්වාස කළහ. නමුත් දැන් මාසය දෙකක් පමණ ඔවුන් මුලතිව් කැළය පීරමින් මෙම භූතයින් සෙවුවද මෙම භුතයන්ගේ
ඒක මයිල්ගහක් වත් සොයාගැනීමට නොහැකි විය. 

ඇතැම් නායකයන් මරා දමාතිබු ආකාරය මතක් වන විට මනිබාලන්ගේ පිට කොන්ද දිගේ සීතල විදුලියක් ගමන් කරන
ආකාරයක් දැනී ඔහු දාඩියෙන් තෙත්ව යයි. මනිබාලන්ව දන්නා කියන සංවිධානෙය් ඉහල පෙළේ නායකයන් පවා මේ
ගැන කථා කලේ ඉතාමත් රහසිගතව හා භය භීතවයි. ඒ් නිසාම මනිබාලන් වැනි අත්දැකීම් සපිරි දක්ෂ පුද්ගලයෙක් මෙම
කර්තව්‍යට යෙදවීමට සංවිධානයේ නායකත්ව තීරණය කර තිබුණි. 
දැණුනු විඩාව සංසිදුවා ගැනීමට මනිබාලන් අසල තිබු ගසකට නැග ගස උඩ නිදාගන්නට උත්සහ දැරීය.
තමා මේ මෙහෙයුමට පැමිණිමේදි බල්ලෙකු කණ්පොට ගැහිම පිළිබද මදක් චකිතයකින් ඔහු සිටියද දැන් ඔහුට
සිතෙනුයේ එතුලින් මෙම මෙහෙයු මේ අසාර්ථකත්වය කියා පැ බවයි.

* * * * * * * * * * * * *

‘’චන්දේ අර බලපං’’, චන්ද්‍රමොගන් තම සගයා පෙන්වු දිශාව දෙස බැලුහ. ගඟින් ඒ තෙර පෙනෙන්නේ ආලෝකයකි.
හොදින් අවාරණය කර දැල් වු ගිනි ගොඩකි එය ආලෝකයක් බව කීමට හැක්කේ පුරුදු වූ දෙනෙතකට පමණි. 

‘’ඒතන විස්සක් තිහක් වගේ ඉන්නවා, හොද ටාගට් ඒකක්” 
“කොහොමද ඇටෑක් කරන්නේ?”
“අපි ක්ලේමෝ දෙකක් දෙපැත්තෙන් තියමු. පස්සේ ඉතිරි වෙන උන්ව ඉවර කරමු”

චන්ද්‍රමොගන් හා ඔහු ගේ සගයන් ගඟ අසබස කුඹුක් ගහ පල්ලේ තිබු මඩ වලෙන් එළියට කෙමෙන් කෙමෙන් පැමිණ
ගඟ හරහා ගොස් පහර දීමට සුදානම් විය. 

* * * * * * * * * * * * *

උදෑසන හිරු එළිය පොලොව සිප ගනිද්දි මහා හඩක් නගමින් එක් බොම්බයක් පුපරා ගිය අතර ඊට සුලු වේලාවකට
පසු තවත් බෝම්බයක් පුපුරා ගියහ. මරලතෝනි හා වෙඩි වරුෂා මැද සතර අත පිලිස්සි වැටුනු මස් හා රුධිරය
පොලොව තෙත් කිරිමට සමත්විය. 

හදිසියේම එල්ලවු ප්‍රහාරය නිසා මනිබාලන් කලබල වුවත් තමා දෙසට දිමියෙකු මෙන් දණ ගාමින් ඒන තම සගයෙකු
දුටු ඔහුට මද අස්වැසිල්ලක් විය. නමුත් වල්හාවෙක් මෙන් ඒක වරම වම් පැත්තෙන් පැන ආ සතුරා ඔහුට වෙඩි තැබීය.
මනිබාලන් තම පිස්තෝලය රැගෙන ගසින් බිමට පැන්නේ සතුරාට පයින් පහරක් දෙමිනි. 

හදිසි ප්‍රහාරය වලක්වාගත නොහැකි වු සතුරා බිම ඇද වැටුණි ඒ් අවසරෙයන් මනිබාලන් ඔහු ගේ මුහුණට වෙඩි තැබීය.
සටන අවසන් වීමට මිනිත්තු තුනක් පමණ ගත විය. මනිබාලන්ගේ පිරිසෙන් අට දෙනෙක් ජිවත්ව සිටි අතර
තිදෙනෙකුට තුවාල වී ඇත. සතුරන් හතර දෙනාගේ ඇදුම් හා තුවක්කු ගැලවිමට මනිබාලන්ට මෙවර ද ඉදිරිපත්වීමට
සිදුවිය. 

හදිසියේම ඔහු දුටු දෙයින් ඔහුව ඉද්ද ගැසුවාමෙන් පැත්තකට විසි වී ගියේය. තමා විසින් ෂර්ට් එක ගැලවූ සතුරා ගේ
දකුණු උරහිසේ පිලිස්සුනු පැල්ලමක්සේ ඇති ලපයකි. මනිබාලන්ගේ ඉහ මොළ රත් විය. ඔළුව ගිනිගන්නට විය.
වසර ගණනා වකට පෙර තම බිරිඳ තමාගෙන් වෙන්කර රැගෙන ගිය තම දරුවා මරාදැමු ආකාරය ඔහුට මැවි මැවි
පෙනෙන්නට විය. දෙනෙතින් කදුළු රූරා යද්දි මනිබාලන් තම පිස්තෝලය සිය මුවට ඔබාගත්තේය.

Tuesday 12 March 2019

Sunday 10 March 2019

අපේ හැටි, වර්තමාන හා අනාගත

අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට වත් හිතුවාද යම් දෙයක් නිකං ගන්නවා කියන්නේ එම නිෂ්පාදනය කල පුද්ගලයාට සිදුකරණ අසාධාරණයක් බව? 

මෙහෙම හිතමු අපි හාල් කිලෝ 10ක් ගත්තම කිලෝ දෙකක් නිකං දෙනවා කියලා ඒ නිකං ලැබෙන කිලෝ දෙක වෙනුවෙන් ගොවියා, හාල් සකසන්නා, වෙළෙන්දා වුන මහන්සිය වෙනුවෙන් අපි කිසිම මුදලක් ගෙවන්නේ නෑ. එතකොට ඒ සදහා වැය වුන කාලය, ශ්‍රමය, ධනය වැනි දෙවල් නිකංම නාස්ති වෙනවා එක ඇත්තටම බල පාන්නේ අපිටමයි මොකද නිකං දෙන දේටත් අපි සල්ලි දෙන කොටසට අල්ලලා සල්ලි දෙන්න ඕනි නිසා.

ඒ වගේම තමයි ඔබ ජීවිතේට කිසිම දෙයක් නිකං ගන්න එපා මොකද, ලාබ බඩුවේ හිලක් තියෙනවා නම් නිකං දෙන බඩුවේ කොහොමට ඇත්ද? ඒ වගේම කිසිම සෙයක් ණයට ගන්න එපා, නිසි වටිනාකම තමන්ගේ මහන්සියෙන් නොගෙවා කිසිම දෙයක් ගන්න එපා. 

අපේ රටේ තව තියෙන ප්‍රශ්ණයක් තමයි පුද්ගලයකුගේ වෙනස්වීම පිළිගැනීමට අකමැති බව, අපේ සමාජයේ පුද්ගලයකුට වෙනස් වීමට ඇති අවකාශය ඉතාමත් සීමිතය. 

ඉදිරි අනාගත වසර 50ක කාලය තුල ලංකාව වෙලාගන්නා ප්‍රධාන ගැටළු තුනක් වන්නේ මානසික ඒකාග්‍රතාවය ඇති පිරිසක් බිහිකිරීම, ළමා රැකවරණය සැලසීම, හා ලෙඩ වූ හා වැඩිහිටි රැකවරණය සැලසිමය. ළමා රැකවරණය සැලසීමට ඇති ඩේ කෙයාර් වල ඇති ප්‍රශස්තභාවය හා දරුවෙක් හදා වඩා ගැනීමට දෙමව්පියන්ට ඇති අවිවේකය (දෙමාපියන් දෙදෙනාම රැකියාවට යෑම, විදේශගත විම වැනි) කරුණු සරළව දැක්විය හැකිය.

එමෙන්ම මේ හේතු නිසාම තම දෙමාපියන් හෝ දරුවන් රෝගී වූ විට රෝහලේ නැවැත්වීමට උපස්ථායකයන් සෙවීමට සිදුවිම හා දින වැටුපට මුදල් පදනම මත ඔවුන්ව සේවයට යොදා ගැනීමට සිදුවීම දැකිය හැක. විශේෂයෙන් දරුවන් රෝහල් ගත වූ විට රැක බලා ගැනීමට දෙමාපියන් ඉදිරිපත් වූවද දෙමාපියන් රෝහල් ගතවූවිට ඔවුන් ලග නැවතීමට දරුවන් ඉදිරිපත් නොවීම සාධාරණව පෙනෙන කාරණයකි. එයට හේතුව වනුයේ දරුවන් රැකියාව ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන බැවිනි. 

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...