Monday, 18 June 2018

දේශපාලනය මත්ද්‍රවය හා අපි

කරුණු දෙකක් ගැන මම ලියන්න හිතුවා පලවෙනි කරුණ තමයි මත්ද්‍රව්‍ය දෙවැනි කරුණ තමයි දේශපාලනය

මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නැවැත්වීමට නොහැකි දෙයක් නමුත් අපිට පුළුවන් දේ තමයි එක පාලනය කරන්න
එක උදාහරණයක් වශයෙන් අපිට පුලුවනි නිශ්චිත වයස් සීමාවක් පනවන්න, මත්ද්‍රව්‍ය භාවිතයට නිශ්චිත
ස්ථානයක් පනවන්නට එන්නත් කටු පිරිසිදු හා අලුත් දේවල් ලබා දෙන්න, අධි මාත්‍රා ගැනිම වැලැක්විමට
සුපරීක්ෂකයෙක් යටතේ මත්ද්‍රව්‍ය එන්නත් කිරිම වැනි දේවල් වලට යෙදෙන පුළුවනි. නමුත් ඔබ හිතුවොත්
මේ කරන දේ වැරදි මේ කරන්න යන්නෙ මත්ද්‍රව්‍ය භාවිතයට උඩගෙඩි දෙන එකක් කියලා, ඒවගේම තමයි
අපි කරන්න ඕනේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් එයින් වළක්වන එක කියලා ඇත්තටම ඒක තමයි
වෙන්න ඕනේ. ඒ උනාට ඒ දේ කරන්නත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා පණපිටින් ඉන්න ඕනෙ නේද?
මොකද වැරදීමකින් හෝ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගත්තොත් ඒ පුද්ගලයා මිය යනවා එතකොට කවුද අපි
පුනරුත්ථාපනය කරන්නේ, කවුද මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කරලා නිවැරදි මාර්ගයට යවන්නේ?
මළ මිණියද?

ඒ වගේම තවත් දෙයක් තමයි ඒ මත්ද්‍රව්‍ය වලින් අපේ ළමයි ආරක්ෂා කරගන්න ඕන කියන එක, නමුත්
අපි හැමෝටම අමතක වෙන දෙයක් තමයි අද මත්ද්‍රව්‍ය භාවිතා කරන වැඩිහිටියා මීට වසර 5කට කලින්
ළමයෙක් කියන එක, ඉතිං අපි සාර්ථකද? අනිත් කාරණය තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක් හම්බ
වෙච්ච ගමන් අපි අහන්නේ තමුසේ හිරේ ගියාද? හිරේ ගිය නැද්ද?  කොහොමද මෙච්චර කල් මේ දේවල්
හොරෙන් කරගෙන ගියේ වැනි පෞද්ගලික ප්‍රශ්න. ඒ වගේම තමයි ඒ හැම පුද්ගලයාම උත්සාහ කරන්නේ
ඕක එපා යකෝ කියලා කෑ ගහන්න විතරයි. ඒ උනාට කවුරුවත් අහන්නේ නෑ ඇයි උඹ ඕක ගන්නේ
කියලා, ඕක ගන්න තරම් මොකක්ද වෙච්ච ප්‍රශ්නේ කියලා කවුරුත් දන්නෙ නෑ අහන්නේත් නෑ මත්ද්‍රව්‍ය
යන කාරනයේ දී වඩාත්ම හොඳ ක්‍රමය විදිහට මම නම් දකින්නේ වැලැක්වීමය. නමුත් එය බැරිනම් පාලනය
කරන එක තමයි

*********************************************************************************************************

දෙවෙනි කාරණය තමයි දේශපාලනය, දේශපාලඥයන් සංවර්ධනයට යොදා ගන්නේ කොහොමද කියන එක
ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇවිල්ලා ලෝකයේ දූෂිතම රටවල් 20 අතරින් එක රටක්
ලෝකයේ දූෂිතම රටවල් වලින් ඉහළින්ම ඉන්න රටක්. ඉතිං මම මේ ගැන හොයද්දි කරුණු තුනක් දැනගන්නට
ලැබුනා අපි ඒ ගැන බලමු.

පළවෙනි කාරණය තමයි දේශපාලනඥයන්ට වැටුපක් ලබා නොදී ඔවුන්ට දීමනාවක් ලබාදෙන එක. ඒ වගේම
මෙහිදී දේශපාලඥයන් වෙනුවෙන් ලබාදෙන පහසුකම් නිවාස වාහනයේ හැමදෙයක්ම ඔවුන්ට දෙන්න ඕනි
දීමනාවක් විදිහට. (එනම් පෞද්ගලික සේවා අංශයේ මෙන් ඔවුනගේ ප්‍රතිඵල වලට ගෙවීම සිදුකිරීම) මේ ක්‍රමය
යොදාගන්න රටක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවේ මැතිඇමතිවරුන්ට වැටුප් ගෙවන්නේ ඔවුන්ගේ ප්‍රතිඵලවලට
ඒ කියන්නේ සිංගප්පූරු වැසියන්ගේ ආයු අපේක්ෂාව, සිංගප්පූරුවේ යටිතල පහසුකම් වර්ධනය, අධ්‍යාපනය,
සෞඛ්‍යය, උද්ධමනය, GDP මේ වගේ දේවල් අඩු වැඩි වෙනකොට සිංගප්පූරු දේශපාලනඥයන්ගේ වැටුප් අඩු
වැඩි වෙනවා

ඊගාව කරුණ තමයි දේශපාලනයට අවම ගුණාත්මක භාවයක් ගෙන එන එක. මං මේ කියන්නෙ දේශපාලඥයන්
අඩු තරමේ සාමන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ එහෙම නැත්නම් උපාධියක් තියෙන ඕනි වගේ කතා නෙවෙයි.
ලංකාවේ වගේ නෙවෙයි පාකිස්තානයේ සියලූ දේශපාලනඥයන්ට උපාධියක් තියෙනවා නමුත් පාකිස්ථානය
ශ්‍රී ලංකාවට වඩා දූෂිත රටක්. මෙතන උදාහරණය තමයි ඒ දහස් නවසිය පනහ - හැට දශකය තුළ බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුවට හිටිය සියලුම මැති ඇමතිවරු වයස අවුරුදු 60ට වැඩි, වගේම ඔවුන් විවිධ පසුබිම් වලින්
දේශලානයට පැමිණි අය වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු, ගොවියෝ, නීතිඥයෝ ලෙසට දේශපාලනයට
ආවේ රැකියාවක් කරලා විශ්‍රාම ගියාට පසුවයි. නමුත් වර්ථමානයේ බොහොමයක් ඇමතිවරුන්ට ඔවුන්ගේ
එකම රක්ෂාවෙන් දේශපාලනය විතරයි. වෙනස් රැකියා අත්දැකීමක් නැහැ.

තුන්වන කරුණ තමයි දේශපාලනඥයකුගේ දේශපාලන ජීවිත කාලය සීමා කිරීම. උදාහරණයකට මෙක්සිකෝවේ
ජනාධිපතිවරයෙකු වසර හයකට එක්වරක් වරක් තමයි පත් වෙන්නේ. ඒ වගේම තමයි බ්‍රසීලයේ පාර්ලිමේන්තුවට
පත්වෙන මැති ඇමති ඇමතිවරයෙක් තමන්ගේ දේශපාලන ජීවිතය වසර අටක් නමයක් එක දිගටම පවත්වාගෙන
පැමිණියහොත් එම වසර අට හෝ නවයට පසුව නැවත දේශපාලනයට එන්න බැහැ. මේ රටවල් තමන් ගේ රටේ
දේශපාලනඥයන්ට උපතේ සිට මරණය දක්වාම දේශපාලඥයන් ලෙසට රැදී සිටීම නවත්තලයි තියෙන්නේ.

මෙම දේශපාලනය පිළිබඳ අදහස් (දෙවන කොටස) ‘‘Edge of Chaos“ පොත රචනා කල
“ලෝක ආර්ථික විශේඥවරියක්“ වන “Dambisa Moyo“ නම් මහත්මියගේ අදහස් වේ.

Sunday, 29 April 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 10


ආධ්‍යාත්මය හා මානසික මට්ටම

ඉහත පෝසට් වලින් මම දැක්වු ඕනැම කාරණයක් ඉටුකරගත හැකිවන්නේ මේ දෙක තිබුනොත් තමයි. රටේ ඉන්න මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕනි යන අදහස නැතිනම් රට දියුණු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ තමයි.  (ඔළුවට තුවක්කුවක් තියලා කරවනවා හැර. නමුත් ඒ ක්‍රමයට මම කැමති නෑ) ඒවගේම තමයි දියුණු රටවල් මොනවා කිවුවත් තමන්ගේ ආගමික අනන්‍යතාවය නැතිකරගන්නේ නැනැ. නිරාගමිකයන් මාත් එක්ක විරුද්ධවෙයි නමුත් ලෝකයේ සියයට හතලිහකට වඩා වැඩි නිරාගමිකයන් ඉන්නා රටක් දැකගන්නට නැහැ. 

ඒ වගේම තමයි ලෝකයේ දියුණු රටවල දියුනු පුද්ගලයන් බොහෝම ආගමානුකුලයි. අසල්වැසියාට ප්‍රේම කිරීම, තමාලග වැඩියෙන් ඇති සළුව නැති තැනැත්තාට ලබා දීම වැනි කතෝලික ආගමික වටිනාකම් බිල්ගෙස්ට් තුලින් අපිට දැකිය හැකිය. (උදා බිල් හා මෙලින්ඩා ගේට් පදනම --- දන්නවාද දන්නේ නෑ)
ඒවගේම තමයි අපේ ඇයෝ බහුතරයක් කියන කතාව තමයි ලෝකේ තියෙනවා රටවල් වර්ග තුනක් දියුනු රටවල් දියුණුකල හැකි රටවල් හා කවදාවත් දියුණු කල නොහැකි රටවල් ලෙසට. අදාල පුද්ගලයන්ට අනුව මගේ රට වැටෙන්නේ කවදාවත් දියුණු කල නොහැකි රටවල් ගණයටය. එයින් අදහස් වෙන්නේ අපේ රටේ ජිවත් වෙන මේ පුද්ගලයන් රට දියුනු කිරීමට ඇති උනන්දුව උත්සහය අතහැර ඇති බවයි. එසේම අපේ රටට ඇති තවත් ප්‍රශ්ණයක් තමයි යැපුම් මානසිකත්වය. 

ඒ තමයි රජය විසින් හැම දෙයක්ම පිනට දියයුතු බව. සෞඛය, අධ්‍යාපනය, රැකියා, ඒ මදිවට  තමන් පෞද්ගලිකව කරන ආයෝජනයකට හෙණ ගැහුවොත් ඒකත් ලබාදිය යුතුයි කියලයි හිතන්නේ. ලංකාව කවදාවත් දියුණු කල නොහැකි රටක් යැයි කියන ඔස්තාර්ලා එක්කෙනෙක් වත් රජයෙන් පිනට දෙන සේවාවන් නවත්තන්න කැමති වෙන්නේ නෑ. මොකද ඉන්පසු ඒවා ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙන නිසා.

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 09


ඒක පුද්ගල හා ආයතන සදහා වන බදු ප්‍රමානය අඩු කිරීම/අඩුවීම

බදු ගැන මොනාහරි කිවුවොත් කියන්නේ අපිත් පැනක් පැන්සලක් ගන්න කොට ආණ්ඩුවට බදු ගෙවනවා තමයි යකෝ කියලා. මම මෙතන කතා කරන්නේ ඒ ගොන් බදු කාරයෝ ගැන නෙවෙයි, ඇත්තම බදු ගෙවන මිනිස්සු මම මේ කියන්නේ මොකක්ද කියා දන්නවා . 

මේ දවස්වල අපිට ස්තුතියි කියලා රුපවාහිනියේ දැන්වීම් යනවා ඇගටනම් මාර චිල්එකක් දැනෙනවා තමයි. නමුත් ඊට වඩා චිල් ටැක්ස් රිපෝට් එක දැක්කම. නමුත් ටැක්ස් ගෙවිය යුතු ප්‍රමානය සියයට 10 හෝ 15 දක්වා අඩුකර දැමුවිට බදු ගෙවන පුද්ගලයන්ට (ඇත්තටම රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට) සල්ලි හම්බකරන්න තවත් අවස්ථා ලැබෙනවා ඒ තුලින් රටේ ආදායම් ලබන ප්‍රමාණය වැඩි කරන්නට පුළුවන් (උදා නව ව්‍යාපාර - නව රැකියා) වැඩි බදු ප්‍රමාණයක් ගහලා ගන්න මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අඩු බදු මුදලක් යෝජනා කර පීදෙන්නට අවස්ථාව ලබා දුන්නොත් ලබාගන්න පුළුවන්

සාර්ථක ශ්රීග ලාංකිකයෙක් දියුණු රටක් 08


විශ්වාසදායි, බලාත්මක කල හැකි ගිවිසුම්

මෙහිදි අදහස් වෙන්නේ ගිවිසුමකට එලඹිමෙන් අනතුරුව එම ගිවිසුම අතර මගදි අවලංගු වීමේ අවස්ථාවක් නැති බවට වග බලා ගැනිමය. අපිට මේ ගැන හොද උදාහරණයක් තියෙනවා ඒ තමයි පෝට් සිටි වයාපෘතිය. චීනය විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර මෙම ව්‍යාපෘතිය නවත්වනවානම් ව්‍යාපෘතියට වැයවෙන මුදල ව්‍යාපෘතිය කලත් නොකලත් ගෙවිය යුතුයි යන කොන්දේසිය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අපිට පෙනී යන්නේ ලංකාව පිලිබද ඇති අවිශ්වාසනීයත්වයයි.

එසේම මෙවැනි ව්‍යාපෘතියක් තුලට මේ වැනි වගන්තියක් ඇතුලත් නොවන ආකාරයට විශ්වාසය හා ගෞරවය දිනා ගැනීම අපි හැමෝගෙම වගකිමක් වනු ඇත.

දේශපාලනය මත්ද්‍රවය හා අපි

කරුණු දෙකක් ගැන මම ලියන්න හිතුවා පලවෙනි කරුණ තමයි මත්ද්‍රව්‍ය දෙවැනි කරුණ තමයි දේශපාලනය මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නැවැත්වීමට නොහැකි දෙයක...