Saturday, 28 January 2017

කටවාචාල කමට එහෙම කියවනවා නෙවෙයි

පොත් කියවීම ඉතාමත් හොද පුරුද්දක් උනාට කාලය අනුව පොත් කියවන එක සැහෙන අමාරු දෙයක්. මම පාසල් ජිවිතයේදි වැඩිම උනොත් පොත් 50ක් කියවලා ඇති අවුරුදු 13ටම. ඒත් මට හොද පොටක් අහුඋනා දැන් මම අවුරුද්දකට පොත් 50 කියවනවා. ඇත්තටම කියවනවා කිවුවට කියවන්නේ නැ මම අහගෙන ඉන්නවා ඒ ඔඩියෝ බුක් කියන සංකල්පය අනුවයි. සංකල්පයක් කිවුවට ඒක පහසුකමක් වගේ සාමානයෙන් පිටු 1200ක් 1500ක් තියෙන පොතක් කියවන්න සැහෙන කාලයක් ගියත් ඒ පොතේ ඕඩියෝ බුක් එක ගත්තොත් පැය 10ක් 15ක් ඇතුලත කියවලා ඉවර කරගන්න පුළුවන්. (මම කිවුවේ අහලා ඉවර කරන්න පුළුවන් කියලා) සාමානයෙන් ඔඩබල් බුක්, ලිබ්රිවාක්ස් වගේ සයිට් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒත් හොද මට්ටමේ පොත් යු ටියුබ් එකෙන් උනත් ගන්න පුළුවන්.

Tuesday, 17 January 2017

දැන් ඉතිං මොකද කරන්න ඕනි

අපි සිතින් මවාගත්ත රටක් භාවිතා කරමු ඒ රටේ මුලික අවශ්‍ය තාවයක් ලෙස දෛණිකව පොල් පරිභෝජනය කරනවා යැයි සිතන්න ?.. මේ රටේ සැම මිනිසෙක්ම දවසකට අවම වශයෙන් එක පොල් ගෙඩියක් වත් භාවිතා කරනවා රටේ පොල් අවශ්‍ය තාවය ඒකක 100ක් වන අතර ඒ සදහා භාවිතා කරන මුදල ඒකක 200ක් වෙනවා එතකොට එක පොල් ඒකකයකට මුදල් එකක 2ක් වැයවෙනවා.

දැන් තමයි වැඩේ තියෙන්නේ රටේ සිදුවුන වෙනස්කමක් නිසා පාලන මණ්ඩලය තීරණය කරනවා ජනතාවගේ මුදල 10ගුණයක් වැඩි කරන්න ඒ කියන්නේ ජනතාවට පොල් සදහා යොදවන්න පුළුවන් මුදල් එකක ප්‍රමාණය 2000ක් වෙනවා හැබැයි පොල් නිෂ්පාදනය පවතින්නේ ඒකක 100ක්ම පමනයි එතකොට ඉල්ලුම වැඩිවෙලා සැපයුම අඩුවෙන තියරියට අනුව පොල් ඒකකයක මිල මුදල් ඒකක 20ක් වෙනවා ජනතාවගේ මුදල් ප්‍රමානය 10 ගුණයකින් වැඩිකලාට වැඩක් නෑ මොකද ඒ සමගම භාණ්ඩ සදහා වැයවෙන මුදලද 10 ගුනයකින් වැඩිවෙනවා

වෙච්ච වැරැද්ද තේරුම් ගත්ත නිසා පාලන මණ්ඩලය තීරණය කරනවා නැවතත් තිබුනු  මුදල් ප්‍රමාණයටම යන්න මුදල් ප්‍රමාණය 10 ගුණයකින් අඩු කරන්න ඒත් ජනතාවගේ සහය ලබාගැනිමට අවශ්‍ය නිසා පොල් නිශ්පාදන දෙගුණයකින් ඉහල දමනවා ඒ කියන් පොල් සදහා යොදවන මුදල් ප්‍රමාණය ඒකක 200ක් වන අතර නිශ්පාදනය කරන්නාවු පොල් ප්‍රමාණය ඒකක 200ක් දක්වා ඉහල දමනවා. සැපයුම වැඩි වෙලා ඉලලුම අඩුවෙන තියරියට අනුව දැන් පොල් ඒකකයක මිල වෙන්නේ ඒ රටේ මුදල් ඒකක 1ක් දක්වා අඩු වෙනවා නිශ්පාදකයාට නිසි ආදායමක් නොලැබීම නිසා ව්‍යාපාරය පාඩුවට ලක්වෙන අතර ඒ නිසා ඇතැම් ව්‍යාපාර බංකොලොත් බාවයට පත්ව සෘජු හා වක්‍ර රැකියා අහිමිවීම් හා නිශ්පාදනය අඩුවීම සිදුවෙනවා. සරළව කියනවානම් මිල අඩු උනාට ආදායම දෙගුණයකින් අහිමි වෙනවා.

දැන් දෙවරක්ම වැරදුන නිසා පාලකයන් නැවතත් පොල් නිශ්පාදනය මුලින්ම තිබු තත්ත්වයටම ගෙන එනවා ඒත් වසංගත රෝගයක් නිසා පොල් නිශ්පාදනය ඒකක 20ක් දක්වා අඩු වෙනවා මේ සමගම රටේ පොල් ඒකකය මිල නැවතත් මුදල් ඒකක 20ක් දක්වා දහගුණයකින් ඉහල යනවා. (දෙවන සිද්ධිය අනිත් අතට සිදුවීමක් තමයි මේ සිදුවෙන්නේ) තත්ත්වය මගහරවා ගැනීම මේ රට විදේශයෙන් පොල් ආනයනය කිරීම සිදුවෙනවා.

ක්‍රමයෙන් රටේ පොල් නිශ්පාදනය වර්ධනය උනත් රටේ පොල් අවශයතාවයෙන් තාමත් සියයට 50ක් ගෙන්වන්නෙ පිටරටින් ඒ කියන්නේ පොල් වෙනුවෙන් වැයකරන මුදල් ඒකක 200න් භාගයක් ඒ කියන්නේ මුදල් ඒකක 100ක්ම පිටරට යනවා කියන එකයි. රටේ තියන මුදල් සංචිත වලින් කිසියම් ප්‍රමාණයක් රටට නැවත නොඑන පදනමින් රටින් පිටට ඇදි යනවා එමගින් කිසිදු ප්‍රතිලාභයක් රටට නොලැබෙන අතර යම් අවස්ථාවක එම පොල් එකක වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකි වුවහොත් එම රට අදාල අනිත් රටට ණය වනු ඇත. එසේම පොල් ආනයනය නැවතුනහොත් රටේ පොල් හිගයක් ඇතිවන අතර එමගින් පොල්වල මිලද ඉහල යනු ඇත.

මෙතෙක් කථාවේ සාරාංශය ගත්තොත් නිශ්පාදනය ඒකාකාරී වෙලා මුදල් ප්‍රමාණය ඉහල ගියහොත් භාණ්ඩ මිල ඉහල යනු ඇත. මුදල් ප්‍රමාණ ඒකකාකාරී වෙලා නිශ්පාදනය ඉහල ගියොත් ආදායම අඩුවෙනු ඇත. නිෂ්පාදනය හානි උනොත් භාණ්ඩ මිල ඉහල යනු ඇත. භාණ්ඩ ආනයනය මගින් රටෙන් මුදල් පිටට යනු ඇත. කිසිදු නිශ්පාදනයක් සිදු නොවන බැවින් එමගින් කිසිදු ප්‍රතිලාභයක් රටට නොලැබෙනු ඇත.

Wednesday, 4 January 2017

හරි අමාරු ඇති නේ

චක්කරය පාඩම් කරන්න අමාරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගෙන් පොඩ් ට්‍රික් එකක් කියලා දෙන්න හිතුවා

මටත් පොඩි කාලේ චක්කරය පාඩම් කරන එක හරිම අමාරු වැඩක් ඒත් ගුණ කිරීම බෙදිම  වැනි වැඩ වලට චක්කරය අවශ්‍ය නිසා මම චක්කරය පාඩම් කරන් එක පැත්තකින් තියලා පොඩ් ට්‍රික් එකක යොදාගෙන ගනන් හදන්න පටන් ගත්තා

ඒකෙදි මම කලේ චක්කරයේ සැම ගුණාකාරයකම 2,5,8 කියන අවස්ථා මතක තබා ගැනීම විතරයි

උදාහරණයකට

8 වරක් චක්කරය ගනිමු එකෙදි 8වරක් 1 හා 8 වරක් 10 අනිවාරයෙන්ම දන්වානේ එතකොට මතක තියාගන්න ඕනි 8වරක් 2 දාසයයි 8 වරක් 5 හතලිහයි 8වරක් 8 හැට හතරයි කියන අවස්ථා විතරයි.
ඉතිං 8 වරක් 6 ඇහුවොත් 8 වරක් 5 හතලිහයි ඒකට අටක් එකතු කලාම 48යි 8වරක් 7 ඇහුවම 8 වරක් 5 හතලිහයි 8 වරක් 2 දාසයයි හතලිහයි දාසයයි 56යි.  නැතිනම් 8 වරක් 8 හැට හතරයි ඒකෙන් අටක් අඩු උනාම 56යි

සරලයි පැහැදිලි ලේසියි

ඉන්දියාවෙන් නේ

කවුද බං රෙදි හෝදන කුඩු දාලා ටොයිලට් එක හෝදන්නේ ? එහෙම දන්න කෙනෙක් උබ ඉන්නවද?

නෑ බං අනික එහෙම කරන්න කාටද පිස්සුවක් තියෙන්නේ කියපංකෝ?

නෑ බං අර ටිවි ඇඩ් එක නිසයි මම ඇහුවේ

ආ.....ඒ බංබුවද බං ඒ මෙහෙමනේ ඉන්දියානුජන විඥාණයට අනුව ලාංකිකයාව ගැන උපකල්පනය කරලා දාන ඇඩ් නේ බං

අනේ බං ඔක සිංහලෙන් කියපංකෝ

මෙහෙමනේ ඉන්දියන් කාරයෝ කරන වැඩ ලංකාවේ උන් කරනවා කියලා හිතාගෙන තමයි ඒ ඇඩ් ලංකාවේ දාන්නේ ඒ ඇඩ් එක ඉන්දියාවට හරි ගියාට ලංකාවට හරි යන්නේ නෑ හරියට දන්න උන්ට ඉතිං පු**නුත් හිනා
නිකමට හිතපං අර ඉන්දියන් ටෙලිෆොන් නෙට්වර්ක් එක ලංකාවට ආපු ගමන් ලංකාවේ නෙට්වර්ක් වලට වඩා සත ගානක් අඩුවෙන් කොල් එකක් ප්‍රයිස් කලා ඒත් ලංකාවේ වැඩි මාර්කට් එකක් එහෙම කලා කියලා ලැබුනේ නැ ගාන අඩු උනාට උන්ගේ සර්විස් එක අන්තිමයි, බින්දුවයි ලංකාවේ අපි බොහොදුරට බලන්නේ ගුණාත්මකභාවය මිසක් අඩුවට ලැබෙන ඕනි කුණු ගොඩක් ගෙට ගන්න එක නෙවෙයිනේ

ඕකම තමයි ගොඩක් විදේශිකයනුත් කරන වැරැද්ද උන් හිතන්නේත් අපි ඉන්දියන් කාරයෝ වගේ කියලයි ඒ නිසයි ගොඩක් අජපල් ආයෝජකයෝ වගේම අජපල් ප්‍රොජක්ට් අපේ රටට ලැබෙන්නේ

දැන්වීම්

ඔවු ඔවු FCID තමයි යන්නේ මොකක්ද අවුල?

ඔවු මහත්තයා ඔයාට ගොඩක් සල්ලි ඇති ඒත් අපි හැමෝටම සල්ලි ඕනි, හැමෝටම! ප්‍රශ්නේ තියෙන්නේ එකට පිටිපස්සෙන් බිංදු කීයද කියන එක විතරයි. (ඔවු ඒක...