මට අහන්න ලැබුන චීන ජන කතාවක මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා, එක්තරා කාලෙක හිටියා කොටි ධේනුවක් මේ කොටි ධේනුව බොහොම සැර පරුෂ කොටි ධේනුවක් ඉතින් ඒ නිසා මේ කැලේට කවුරුවත් යන්නේ නැහැ. නමුත් එක දවසක් බෞද්ධ භික්ෂුවක් මේ කැලය මැදින් ගමනක් ගියා මේ භික්ෂුව දැක්ක කොටි ධේනුව බෞද්ධ භික්ෂුවක පස්සෙන් එළවාගෙන එන්න පටන් ගත්තා, බෞද්ධ භික්ෂුවක් දුවලා දුවලා බැරිම තැන මගේ අතේ තිබුණු පොතකින් දමලා ගහනවා දැක්කා විතරයි මේ කොටි ධේනුවක් කැලේ කඩාගෙන දුවන්න පටන් ගත්තා. අන්තිමේදි දුවලා දුවලා කැලේ මුල්ලකට ගිහිල්ලා හැංගිලා ඉන්නකොට කොටි දෙනගේ පැටියා ඇවිත් ඇහුවා අම්මේ අවි ආයුධ සහිත බොහොම දක්ෂ සැර පරුෂ මිනිස්සුත් ඔබ මැරුවා ඔබ මිනිසුන්ට බය නැහැ නමුත් මේ කිසිම ආයුධයක් අතින් ඇති මනුස්සයෙක් පොතකින් දමල ගැහුව විතරයි ඔබ මර බියේ දුවන්න පටන් ගත්තා ඇයි අම්මේ ඔබ දිවුවේ? පුතේ ඔබ දැක්කේ නැද්ද ඒ මනුස්සයාගේ අතේ තිබුනේ මොකක්ද කියලා ආධාර පොතක් මම ඒ භික්ෂුව අල්ල ගත්ත නම් අනිවාර්යෙන් මටත් ආධාර ගෙවන්න වෙනවා කියලා.
මේක ඇත්තටම හිනා වෙන්න කියන කතාවක් නමුත් වර්තමානයේ බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාකලාපය මේ ජනකතා වෙන් කියන බව හොඳට පැහැදිලි බව පේනවා නොවේද? බෞද්ධ භික්ෂුවක් ඉන්නේ ආධාර එකතු කරන්න විතරයි ද? බෞද්ධ භික්ෂුවක් කවදාවත් තම දායකයෙකුගේ ගෙදර මළාට එන්නේ නැහැ හැබැයි අාවොත් අනිවාරයෙන්ම අතේ ආධාර පොතක් නැතිනම් අධාර කොළයක් තියෙනවා මයි. ඔබ දැන් කියාවි මම බෞද්ධයෙක් වෙලත් බෞද්ධ භික්ෂුවකට ගරහණ එකෙක් කියලා. ඒ වගේම බෞද්ධ භික්ෂුන්ට ගරහන්නේ බෞද්ධයන්ම විතරයි කියලත්, වෙනත් ආගමක උන්ට එහෙම කරනවද කියලා ? නමුත් වෙනත් ආගමක පූජකයෙක් තමන්ගේ දායකයෙක් අසනීපයි එහෙම නැත්තං කරදරේක වැටිලා ඉන්න කියලා දැනගත්තහම ඒ ගෙදර එනවා ඇවිත් උදවු පදවු කරණවා තමන්ගේ අනුගාමිකයන්ට කියනවා ඒ ගෙදරට උදව් කරන්න කියලා නමුත් බෞද්ධ භික්ෂුවගෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ අඩුම තරමින් පිරිත් නූලක් වත් බදින්නේ නෑ ? ඒ වගේම තමයි තවත් කියන කතාවක් ආධාර නොකලොත් පාංශූකූලෙට එන්නේ නෑ කියලා තර්ජනය කරලා මාෆියා ක්‍රමයට ආධාර එකතුකර ගැනීම. ඇත්තටම බුදුහාමුදුරුවෝ හිටියානම් මේ භික්ෂුන්ගේ සිවුරු ගලවනවා ගොල් ෆේස් එකේ තියලා. වෙන දේකට නෙවෙයි කියන බොරු වලට හා මේ විදියට තර්ජනය කරලා ආධාර එකතු කරණ එකට. අපි කරණ දානමාන වලින් හා පින් අනුමෝදන් වලින් සුගතියට යන්න පුළුවන් පරදත්තෝපිත ප්‍රේත කියන කොටසට විතරයි අනිත් කිසිම සත්ත්ව කොටසක ඉපදුනු සත්ත්වයන්ට අපි කරණ පින් අනුමෝදන් කල නොහැකිය. බෞද්ධ භික්ෂූන් හට තමන්ගේ දායකයන් කියන්නේ ආධාර හා පිණ්ඩපාත මල්ල පුරවාගන්න ඉන්න කොටසක් විතරයි. (ඉස්සර පිණ්ඩපාතයේ ආවේ පාත්තරේ අරන් දැන් එන්නේ රුපියල් 30 ප්ලාස්ටීක් බෑග් මල්ල අරගෙන) ඒ වගේම අපි පගාව දීලා බණකට, පිරිත් ටිකක් කියා ගන්න ගෙදරට ගෙන්නවා ගත්තත් අපිට ඇහෙන්නේ කන්න සුත්තර කියනවා විතරයි, අහවල් දා අහවල් දානපතියා අච්චර දුන්නා අහවල් දාන පතිනිය මේච්චර දුන්නා අහවල් දායකයා ඔච්චර දුන්නා කියා විතරයි. බෞද්ධ භික්ෂුවට අනුව දායකයා තමන්ගේ ඉනේ තියෙන වස්තරේවත් කමක් නෑ විකුනලා සල්ලි දෙන්න ඕනි නැතිනම් භික්ෂුන්ව සුඛිත මුඛිත කරන්න වියදම් කරන්න ඕනි කියලා.
ඇතැම් විට ඔබ මා සමඟ එකඟ නොවනවා ඇති නමුත් මම ඉදිරිපත් කරපු කරුණු ඔබට ඇති අත්දැකීම් සමග හිතලා බලන්න මට හිතෙන්නේ අපේ සමාජය බෞද්ධ භික්ෂුවට බැනලා විතරක් නැවතුන එක ලොකු දෙයක් බවයි.
No comments:
Post a Comment