ආධ්‍යාත්මය හා
මානසික මට්ටම
ඉහත පෝසට් වලින්
මම දැක්වු ඕනැම කාරණයක් ඉටුකරගත හැකිවන්නේ මේ දෙක තිබුනොත් තමයි. රටේ ඉන්න
මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕනි යන අදහස නැතිනම් රට දියුණු කරන්න සක්කරයාගේ පුතා
වයිමා ආවත් බෑ තමයි. (ඔළුවට තුවක්කුවක්
තියලා කරවනවා හැර. නමුත් ඒ ක්‍රමයට මම කැමති නෑ) ඒවගේම තමයි දියුණු රටවල් මොනවා
කිවුවත් තමන්ගේ ආගමික අනන්‍යතාවය නැතිකරගන්නේ නැනැ. නිරාගමිකයන් මාත් එක්ක
විරුද්ධවෙයි නමුත් ලෝකයේ සියයට හතලිහකට වඩා වැඩි නිරාගමිකයන් ඉන්නා රටක් දැකගන්නට
නැහැ.
ඒ වගේම තමයි ලෝකයේ දියුණු රටවල දියුනු පුද්ගලයන් බොහෝම ආගමානුකුලයි.
අසල්වැසියාට ප්‍රේම කිරීම, තමාලග වැඩියෙන් ඇති සළුව නැති තැනැත්තාට ලබා දීම වැනි
කතෝලික ආගමික වටිනාකම් බිල්ගෙස්ට් තුලින් අපිට දැකිය හැකිය. (උදා බිල් හා මෙලින්ඩා
ගේට් පදනම --- දන්නවාද දන්නේ නෑ)
ඒවගේම තමයි අපේ ඇයෝ බහුතරයක් කියන කතාව තමයි ලෝකේ
තියෙනවා රටවල් වර්ග තුනක් දියුනු රටවල් දියුණුකල හැකි රටවල් හා කවදාවත් දියුණු කල
නොහැකි රටවල් ලෙසට. අදාල පුද්ගලයන්ට අනුව මගේ රට වැටෙන්නේ කවදාවත් දියුණු කල
නොහැකි රටවල් ගණයටය. එයින් අදහස් වෙන්නේ අපේ රටේ ජිවත් වෙන මේ පුද්ගලයන් රට දියුනු
කිරීමට ඇති උනන්දුව උත්සහය අතහැර ඇති බවයි. එසේම අපේ රටට ඇති තවත් ප්‍රශ්ණයක් තමයි
යැපුම් මානසිකත්වය. ඒ තමයි රජය විසින් හැම දෙයක්ම පිනට දියයුතු බව. සෞඛය, අධ්‍යාපනය, රැකියා, ඒ මදිවට තමන් පෞද්ගලිකව කරන ආයෝජනයකට හෙණ ගැහුවොත් ඒකත් ලබාදිය යුතුයි කියලයි හිතන්නේ. ලංකාව කවදාවත් දියුණු කල නොහැකි රටක් යැයි කියන ඔස්තාර්ලා එක්කෙනෙක් වත් රජයෙන් පිනට දෙන සේවාවන් නවත්තන්න කැමති වෙන්නේ නෑ. මොකද ඉන්පසු ඒවා ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙන නිසා.
No comments:
Post a Comment