Sunday, 29 April 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 10


ආධ්‍යාත්මය හා මානසික මට්ටම

ඉහත පෝසට් වලින් මම දැක්වු ඕනැම කාරණයක් ඉටුකරගත හැකිවන්නේ මේ දෙක තිබුනොත් තමයි. රටේ ඉන්න මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕනි යන අදහස නැතිනම් රට දියුණු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බෑ තමයි.  (ඔළුවට තුවක්කුවක් තියලා කරවනවා හැර. නමුත් ඒ ක්‍රමයට මම කැමති නෑ) ඒවගේම තමයි දියුණු රටවල් මොනවා කිවුවත් තමන්ගේ ආගමික අනන්‍යතාවය නැතිකරගන්නේ නැනැ. නිරාගමිකයන් මාත් එක්ක විරුද්ධවෙයි නමුත් ලෝකයේ සියයට හතලිහකට වඩා වැඩි නිරාගමිකයන් ඉන්නා රටක් දැකගන්නට නැහැ. 

ඒ වගේම තමයි ලෝකයේ දියුණු රටවල දියුනු පුද්ගලයන් බොහෝම ආගමානුකුලයි. අසල්වැසියාට ප්‍රේම කිරීම, තමාලග වැඩියෙන් ඇති සළුව නැති තැනැත්තාට ලබා දීම වැනි කතෝලික ආගමික වටිනාකම් බිල්ගෙස්ට් තුලින් අපිට දැකිය හැකිය. (උදා බිල් හා මෙලින්ඩා ගේට් පදනම --- දන්නවාද දන්නේ නෑ)
ඒවගේම තමයි අපේ ඇයෝ බහුතරයක් කියන කතාව තමයි ලෝකේ තියෙනවා රටවල් වර්ග තුනක් දියුනු රටවල් දියුණුකල හැකි රටවල් හා කවදාවත් දියුණු කල නොහැකි රටවල් ලෙසට. අදාල පුද්ගලයන්ට අනුව මගේ රට වැටෙන්නේ කවදාවත් දියුණු කල නොහැකි රටවල් ගණයටය. එයින් අදහස් වෙන්නේ අපේ රටේ ජිවත් වෙන මේ පුද්ගලයන් රට දියුනු කිරීමට ඇති උනන්දුව උත්සහය අතහැර ඇති බවයි. එසේම අපේ රටට ඇති තවත් ප්‍රශ්ණයක් තමයි යැපුම් මානසිකත්වය. 

ඒ තමයි රජය විසින් හැම දෙයක්ම පිනට දියයුතු බව. සෞඛය, අධ්‍යාපනය, රැකියා, ඒ මදිවට  තමන් පෞද්ගලිකව කරන ආයෝජනයකට හෙණ ගැහුවොත් ඒකත් ලබාදිය යුතුයි කියලයි හිතන්නේ. ලංකාව කවදාවත් දියුණු කල නොහැකි රටක් යැයි කියන ඔස්තාර්ලා එක්කෙනෙක් වත් රජයෙන් පිනට දෙන සේවාවන් නවත්තන්න කැමති වෙන්නේ නෑ. මොකද ඉන්පසු ඒවා ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙන නිසා.

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 09


ඒක පුද්ගල හා ආයතන සදහා වන බදු ප්‍රමානය අඩු කිරීම/අඩුවීම

බදු ගැන මොනාහරි කිවුවොත් කියන්නේ අපිත් පැනක් පැන්සලක් ගන්න කොට ආණ්ඩුවට බදු ගෙවනවා තමයි යකෝ කියලා. මම මෙතන කතා කරන්නේ ඒ ගොන් බදු කාරයෝ ගැන නෙවෙයි, ඇත්තම බදු ගෙවන මිනිස්සු මම මේ කියන්නේ මොකක්ද කියා දන්නවා . 

මේ දවස්වල අපිට ස්තුතියි කියලා රුපවාහිනියේ දැන්වීම් යනවා ඇගටනම් මාර චිල්එකක් දැනෙනවා තමයි. නමුත් ඊට වඩා චිල් ටැක්ස් රිපෝට් එක දැක්කම. නමුත් ටැක්ස් ගෙවිය යුතු ප්‍රමානය සියයට 10 හෝ 15 දක්වා අඩුකර දැමුවිට බදු ගෙවන පුද්ගලයන්ට (ඇත්තටම රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට) සල්ලි හම්බකරන්න තවත් අවස්ථා ලැබෙනවා ඒ තුලින් රටේ ආදායම් ලබන ප්‍රමාණය වැඩි කරන්නට පුළුවන් (උදා නව ව්‍යාපාර - නව රැකියා) වැඩි බදු ප්‍රමාණයක් ගහලා ගන්න මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අඩු බදු මුදලක් යෝජනා කර පීදෙන්නට අවස්ථාව ලබා දුන්නොත් ලබාගන්න පුළුවන්

සාර්ථක ශ්රීග ලාංකිකයෙක් දියුණු රටක් 08


විශ්වාසදායි, බලාත්මක කල හැකි ගිවිසුම්

මෙහිදි අදහස් වෙන්නේ ගිවිසුමකට එලඹිමෙන් අනතුරුව එම ගිවිසුම අතර මගදි අවලංගු වීමේ අවස්ථාවක් නැති බවට වග බලා ගැනිමය. අපිට මේ ගැන හොද උදාහරණයක් තියෙනවා ඒ තමයි පෝට් සිටි වයාපෘතිය. චීනය විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පෙර මෙම ව්‍යාපෘතිය නවත්වනවානම් ව්‍යාපෘතියට වැයවෙන මුදල ව්‍යාපෘතිය කලත් නොකලත් ගෙවිය යුතුයි යන කොන්දේසිය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අපිට පෙනී යන්නේ ලංකාව පිලිබද ඇති අවිශ්වාසනීයත්වයයි.

එසේම මෙවැනි ව්‍යාපෘතියක් තුලට මේ වැනි වගන්තියක් ඇතුලත් නොවන ආකාරයට විශ්වාසය හා ගෞරවය දිනා ගැනීම අපි හැමෝගෙම වගකිමක් වනු ඇත.

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 07


සාධාරණ, විනිවිද භාවයෙන් යුතු , තරඟකාරි ව්‍යාපාරික අවස්ථා හා වෙළඳපොල

මෙයින් අදහස් වෙන්නේ නිදහස් වෙලදපොල සංකල්පයයි. එනම් ඔබට ඇති ව්‍යාපාරික ආස්ථාවම මටත් ඇත යන්නයි. එහිදි අදහස් වෙන්නේ ඔබ රෙදි වයාපාරයක් ආරම්භකලහොත් මා හටද රෙදි වයාපාරයක් ඇරඹිමට ඇති අවස්ථාව ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි යන්න වේ. 
 
එසේම සැම ආයතනයකට ටෙන්ඩර් සදහා තරග කිරීමට අවස්ථාව ලැබීම. ගුණාත්ම භාවයෙන් යුතු භාන්ඩ වෙලද පොලට ඉදිරිපත් කිරීමට හැකි වීම නව වෙලද අයිතම ඉදිරිපත් කිරීම පවතින අයිතමයන් වැඩි දියුනු කිරීමට අවස්ථාව ලබා දිම වැනි දේවල් වේ. 

උදා හරණයකට ලංකාවේ වර්ණ රූපවාහිනියක් මිට අවුරුදු විස්සකට පමන කලින් මිලට ගන්න සාමාන්‍ය සේවකයෙක්ගේ (රජයේ) වසරක වැටුපක් අවශ්‍ය උනා නමුත් දැන් අවශ්‍ය වෙන්නේ මාස දෙකක වැටුපක් පමනයි. 

Monday, 19 March 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 06

පස්වන කරුණ

උසස් තත්වයෙන් යුතු යටිතල පහසුකම් සපිරීම හා සන්නිවේදන් හැකියාව

යටිතල පහසුකම් යන්නේන අදහස් වෙන්නේ මාර්ග පද්ධතියම විතරක් නෙවෙයි රටේ හදාපු ශ්‍රම බලකායට වැඩ කරගෙන යන්න පහසුකම් හා ස්ථාන සලසා දිය යුතුයි යන්නේ මෙහි අදහසයි. එනම් හොද මාර්ග පද්ධතියක් මෙන්ම පවතින මාර්ග පද්ධතියේ මනා ලෙස නඩත්තු කිරීම (තාර පාරවල් හා රේල් පාරවල් යන දෙකම) මාර්ග නැති ප්‍රදේශ වල මාර්ග හැදීම. අපේ රටේ ප්‍රවෘත්ති වල පවා යනවා අපේ ගමට පාරක් දෙන්න අපේ ගමට පාලමක් දෙන්න වැනි යටිතල පහසුකම් දියුණු නොකිරීමේ ප්‍රතිවිපාකයන්.

එමෙන්ම මෙහි ඊගාව කොටස තමයි ආයතන සදහා ගොඩනැගිලි පහසුකම් ගුරුවරු ඉන්නවා පාසල් නැ, පසලට ගොඩනැගිලි නැ තියෙන ගොඩනැගිලි මේ දැන් කඩා වැටෙන තත්වයේ තියෙන අබලන් ගොඩනැගිලි රෝහල් ප්‍රාදේශිය කාර්යාල වාරාය හා ගුවන් තොටුපොලවල් වැනි ආයතන පවතින දේවල් නඩත්තුව හා අළුතින් ඉදිකිරීම.

ඊලග කොටස තමයි සන්නිවේදනය මීට අවුරුදු පහලවකට විස්සකට කලින් හැම කෙනාගෙම අතේ ජංගම දුරකතන තිබුනේ නැ ලියුම් තමයි ලියුවේ නැතින් කොමියුනුකේෂන් එකකින් හෝ ටෙලිෆොන් බූත් එකකින් කොල් ගත්ත එක තමයි කලේ. ඒ කාලේ ලියුමක් ලියුවම පහලින් ලියනවා **අම්මේ/අක්කේ/අයියේ/මල්ලි/ මා ප්‍රිය බිරිද, මම ලියමට කලින් ගෙදර ඒවි** කියලා අපේ තැපැල් සේවය ඒ තරමට හොද නිසයි අපි එහෙම ලියන්නේ. ඒව වගේම තමයි දැන් උනත් කොල් එකක් ගන්න සිග්නල් නැතිනම්, අන්තර්ජාල පහසුකම් නැතිනම්, මෙම පහසුකම් භාවිතා කරන්න දන්නේ නැතිනම් භාවිතාකරන්නේ දෙන්නේ නැතිනම් නවීන තාක්ෂන ක්‍රම ශිල්ප වලට යොමුවෙන්නේ නැතිනම් යොමු උනත් / යොමු වෙමු කියලා අදහස් දැක්වුවම ඕවා වැඩක් නැ තිබුනා කියලා මොනා කරන්නද? අතට ගන්න බැරි ෆයිල් එකකකින් වැඩක් තියෙනවද? වැනි අදහස් ලැබිම තුලින් අපිට මතුවෙන කාරනය තමයි ඒ රටේ ඇති දුප්පත් කම.

Thursday, 1 March 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 5


හතරවන කරුණ

උගත්, කාර්යශූර,නම්‍යශීලිත්ව‍යෙන් යුත් ශ්‍රම බලකායක්

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා අපේ මුතුන් මිත්තො කිවුවේ නිකමට නෙවෙයි කියලා හිතෙන්නේ දැන් තමයි. දියුණු රටක හොද උගත් පුද්ගලයකුට හොද ඉහල තැනක් ලැබෙනවා මන්ද යත් ඒ රටවල තිබෙන්නේ අධ්‍යාපනය තුලින් ඉහලටම ගිහින් නව රැකියාවන්  බිහිකිරීම හෝ පවතින රැකියාවන්ට අනුව අධ්‍යාපනය වෙනස් කිරීම යන ක්‍රම දෙක නිසා. ඒ වගේම තමයි සුදුස්සාට සුදුසු තැන ලැබුනේ නැති උනත් තුන්වන කරුනෙන් මම කියු විදියට කකුලෙන් අදින්නේ පෙත්සම් ගහන්නේ නැති නිසා වසරක් දෙකක් වැනි කෙටි කලකින් තමාට සුදුසු තැන ලබා ගත හැකිය.

එමෙන්ම නම්‍යශීලිවීම යනු බොසාට යස් බෝස් කියාගෙන ඉදිම, වැඩ වර්ජන, උද්ඝොෂණ කරන්නේ නැතිව ඉන්න එක නෙවෙයි, වැදගත් සාධාරණ හේතුන් මත මේ දෙවල් කල හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ශ්‍රම විභජනය නිසා යම් කොටසක නිපුණ‍යෙක් වන පුද්ගලයා හදිසියේ හරි නැති උනොත් එම නිෂ්පාදන දාමය ඇණ හිටිම නවත්වා ගැනීමට ක්‍රමයක් සැපයීමය. උදාහරණයක් ලෙස ලංකාවේ කර්මාන්තයක් තමයි ඇගළුම් කියන්නේ එම කර්මාන්තයේදි අත මහන්නේ එක්කේනෙක් සාක්කුව තව කෙනෙක් බොත්තම් ටවනම කෙනෙක් බොත්තම් කාස කොහේදෝ කෙනෙක් නමුත් පළමු තැනෙන් පටන් ගත්තම අවසානය දක්වා එක දම්වැලක පුරුක් වගේ එකට එක් සම්බන්ධයි මේ කොහෙන් හරි කෙනෙත් නැති නොත් කමිසය මහලා හමාරයි. මේ තත්වය ඇති නොවෙන්න අද සාක්කුව මහන කෙනා හෙට බොත්තම් මහනවා අනිද්දා බොත්තම් කාස මහනවා ඉන් අනිද්දා අත මහනවා වගේ කමිසයේ සැම කොටසක්ම මහන්න පුහුරු සේවකයෙක් හාගත්තම එක්කෙනෙක් නැති උනත් වෙන කෙනෙක් ආදේශ කරලා වැඩේ කරගෙන යා හැකි වෙනවා.

කෙසේ වෙතත් ඇදෙන් නැගිටිනවා වගේ උගතුන් බිහිවෙන්නේ නැ මෙහිදි උගතුන් කිවුවේ වැඩක් කරගන්න පුළුවන් දැණුමක් තියෙනවා කියන එකයි. උදාහරණයට දියුණු රටක ප්‍රමිතිය තමයි මිනිසුන් දහසකට වෛද්‍යවරුන් හයක් සිටීම. නමුත් අපේ රටේ මිනිසුන් දහසට වෛද්‍යවරු දෙදෙනාටත් අඩුයි රජයේ විශ්වවිද්‍යාල වලින් බැරිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් හෝ වෛද්‍ය වරුන් බිහිකල යුතුයි. සේවකයා කාර්යක්ෂම වන්නේ සෙවකයා තෘප්තිමත් වූ විටයි පුද්ගලයෙක් රස්සාවක් කරන්නේ ඉඩමක් අරන් ගෙයක් දොරක් හදලා වාහනයක් අරන් ළමයි හදලා ළමයින්ට උගන්නලා තමන්ට වඩා අඩියක් හරි ළමයි ඉහලින් තියන්න මිසක් තමාගේ තියෙන ගෙවල් දොරවල් විකුණලා ළමයින්ගේ අනාගතය විනාස කරන්න නෙවෙයි. තමාගේ බලාපොරොත්තු ඉටුවෙනවා දැනෙනවා නම් සේවකයා තෘප්තිමත්ව සිය කැමැත්තෙන්ම තම උපරිම මහන්සියෙන් හා කැපවිමෙන් වැඩ කරනවා, තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නෑ වගේ දැනෙනවා නම් යන්න වෙන රස්සාවක් ලැබෙනකම් පඩිය ගන්න විතරක් යන්තං සන්තං වැඩ කරනව.

Sunday, 25 February 2018

සාර්ථක ශ්‍රී ලාංකිකයෙක් දියුණු රටක් 4


තුන්වන කරුණ

රැකියා යෙදිමේදි, නීති සම්පාදනයේදි, බදු කරණයේදි කකුලෙන් ඇදීම් නැතිවීම.

මේ කාරණය සම්බන්ධයෙන් බොහෝදේවල් නැතත් සාමාන්‍ය ජීවිතයේදී අපේ පෞද්ගලික අත්දැකිම් බවට පත්වන්නේ මේවා යැයි කිවහැකි මට්ටමක ඇත. වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ එපාම වෙන තැනට කටයුතු කිරීම, රැකියාව කරන්න ගියාම රැකියාව එපාවෙන තැනටම කටයුතු කිරීමට, ආයතනයේ වැඩක් කරන්න ගියාම රෙගුලාසි, චක්‍ර ලේඛණ කන්දක් ඇද බෑම (අත්දැකීම් ඇති), ඒ සමගම පෙස්සම් ගැසීම, කේළම් කීම, වැනි දේවල්ද මෙයටම ඇතුලත් වේ.

නිතිය සැමට සමානව හා සාධාරණව ක්‍රියාත්මක වීම. නීති සම්පාදනය ගත් විට මට පුළුවන් අනිත් උන්ට බෑ තියරිය, නැතිනම් මට විතරයි අනිත් උන්ට නෑ තියරිය, තමාගේ පෝෂණ වර්ධනයට පමණක් නීති රිති ගෙන ඒම සේම වැඩක් නොකෙරෙන තැනටම නිති රීති නිෂ්පාදනය මෙන්ම එක එක දවසට එක එක නීතිය ක්‍රියාත්මක වීම/කිරිම වැනි කාරණා අදාළය, හොදම උදාහරණය ත්‍රිවිල් එකක් තියෙන මිනිහට ට්‍රැෆික් සලකන හැටියි කාර් එකක් ඇති මිනිහට සලකන හැටියි. එසේම නිතියෙන් රිංගා යැමට ඇති සිදුරු නැතිවෙන ලෙස නිති සම්පාදනය.

බදුකරණයේදී එක එක පුද්ගලයාට එක එක විදියට බදු ගැසීම හා බදු නිලධාරි අදුනන නැතිනම් පිදේණියක් දුන් පුද්ගලයාම එක බදු තියරියක් හා එසේ නොවන පුද්ගලයාට තවත් බදු තියරියක් ක්‍රියාත්මක වීම. බදු ගෙවීම් පැහැර හැරීම හා පැහැර හැරීමේදි නිතියෙන් රිංගා යාහැකි අවස්තා නැතිවීම, බදු පැහැර හරින්නන් එලවා අල්ලා ගැනීම හා සැමට සමානව හා සාධාරණව බදු නිතිය ක්‍රියාත්මක වීම, මෙහිදි බදු අඩු කිරීම ගැන ද කිවයුතුය, බදු අඩු කිරීමෙන් ධනවත් පුද්ගලයාගේ සල්ලි ඉතිරිවන අතර දුප්පත් පුද්ගලයාට සල්ලි නැති වේ යැයි ප්‍රකාශ කරණු ඇත. නමුත් ඇත්තම කතාව බදු අඩු කිරිමෙන් මුදල් ඉතිරිවෙන්නේ ධනවත් පුද්ගලයා සල්ලි හම්බ කරන නිසාය දුප්පත් පුද්ගලයා සල්ලි හම්බකරන්නේ නැති නිසා බදු අඩුකලත් වැඩි කලත් ඔහුට ප්‍රශ්ණයක් නැත.

මේ කරුණු වල ක්‍රියාකාරිත්වය නිසා දියුණු රටවල නිෂ්පාදන කරණය ඉහල තත්වයක පවතිනු ඇත. අපේ රටේ මේ කරණු පිලිබද ඇති තත්ත්වය මත අපි හිගන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්.

නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි

මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...