Friday, 22 December 2017

පෙරදිනයක මා පෙම් කල යුවතිය

වසර දොළහකට පස්සේ මම ආදරය කරපු මගේ පළමු පෙම්වතියව හමු උනා. හමු උනා කිවුවට ඇත්තටම මම ඇයව දැක්කා විතරයි. ඉස්සර වගේ නෙවෙයි දැන ඔයා ගොඩක් වෙනස් වෙලා කියලයි දැක්ක ගමන්ම හිත

කිවුවේ .


ඇත්තටම ඇය ඉස්සර ගොඩක් ලස්සනයි. හරියට චීන බෝනික්කියක් වගේ, පන්තියේ ළමයි ඇයට කිවුවේ පොල් බෝනික්කි කියලා. හිතට අමුතුම හැගීමක් ආවේ මම ඒක විස්තර කරන්න විදියක් දන්නේ නෑ.

ඒත් මම දැක්ක ලොකුම වෙනස තමයි ඇය වයසට ගිහින් කියන එක. මාත් වයසට ගිහින් තමයි ඒත් ඇය වයසට වඩා වයසට ගිහින් කියලයි දැක්ක ගමන් මට හිතුනේ. ඉස්සර වාගේ ලස්සන රෝස පාටට නෙවෙයි හිටියේ තාමත් ඇය සුදුයි. ඒත් ඉස්සර රෝස පාටට ලස්සනට තිබුනු කම්මුල් එහෙම දැන් දුඹුරු පාට ගැහිලා. හුගක් කෙට්ටු වෙලා, ඇදිලා ගිහිල්ලා. (ඇත්තටම මට අදහගන්න බැරි උනා මේ ඇයමද කියලා) මට අහන්නත් හිතුනා ඇයි නැන්දම්මා උඹට කන්න දෙන්නේ නැද්ද කියලා? ඒත් දරුවයි මහත්තයයි හිටිය නිසා මුකුත් ඇහුවේ නෑ. ටික වෙලාවක් මුණට මූණ ලබාගෙන ඉදලා කරගන්න දෙයක් නැති නිසා මම එතනින් ආවා එන්න.

කාලය මැවු වෙනසක අරුමය කියලා මට හිතුනා, ඒවගේම තමයි මම ගොඩක් ආසයි මාව දැක්කම ඇයට මොනාද හිතුනේ කියලා දැනගන්න.

No comments:

Post a Comment

මහන්සි වෙලා ඉගෙන ගෙන කාටද හරිගියේ?

මෙම ලිපිය අධ්‍යාපන අරමුණින් පමණක් පලකරන ලද්දකි. මෙහි තොරතුරු ඇසුරින් ඔබට සිදුවන හානි සදහා ලිපියේ රචකයා විසින් කිසිදු වගකීමක් නොදරන බවට අවධාර...