Friday, 15 December 2017

G 8 සමුළුවට ලංකාව එක්වේ........

සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා මධ්‍ය මහා විද්‍යාල අරඹා නොමිලේ අධ්‍යාපනය ලංකාවට ලබාදුනි. ජේ.ආර්. ජයවර්ධන මහතා ශිෂ්‍යන්ට නොමිලේ පාසල් පෙල පොත් ලබාදුනි ආර්. ප්‍රේමදාස මහතා නොමිලේ පාසල් නිල ඇදුම් හා පාසලේ දී ශිෂ්‍යන්ට ආහාර ලබාදුනි. ලලිත් ඇතුලත් මුදලි මහතා පාසල් හා විශ්වවිද්‍යාල ශිෂයන්ට ශිෂ්‍යාධාර ලබාදීම විදිමත් හා ශක්තිමත් කළහ. මේ මහත්වරුන් ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් කැප කිරීම් කිරිමට හේතුව මොකක් වෙන්න ඇතිද? ලංකාව ලෝකයේ බලවත් හා ගෞරවාන්විත රටක් බවට පත්කිරීමට ඔවුන් දුටු ලේසිම හා එකම මාර්ගය ප්‍රාඥයන් අති විශාල ප්‍රමාණයක් ලංකාව තුල බිහි කිරීම පමණයි යන්න ඔවුන් දැන සිටිම නොවේද? නමුත් ඇයි මේ ක්‍රමයම යැයි ඔබ සිතාවි එයට හේතුව ලංකාව පොඩි රටක් වීමයි, ජනගහනය, ස්වාභාවික සම්පත්, වැනි දේවලුත් ලංකාවේ නැත.(ඔබට අදහස් ඉදිරිපත් කල හැකිය නමුත් වසර හාරපන්සීයක් ආර්ථිකය රදා පවත්වා ගැනිමට ඔබ කියන උදාහරණ ප්‍රමාණවත් නොවේ) ප්‍රාඥයන් විශාල ප්‍රමාණයක් බිහිකිරීමට නම් අධ්‍යාපනයට ඇති අවස්ථාව හා අධ්‍යාපනය ලබන්නන්ට අධ්‍යාපනය අවසන් කිරීමට අතහිත ලබා දිය යුතුය. එසේ අත හිත ලබා දුන් අවස්ථාවන් තමයි මම ඉස්සල්ලා ප්‍රකාශ කලේ.

නමුත් අවුරුදු හැත්තෑවක් ගිහිල්ලත් අපේ රටට තාමත් බලා පොරාත්තුවන ආකාරයේ බලවත් හෝ ගෞරවාන්විත රටක් බවට පත්වීමට නොහැකි විය එයට හේතුව වන්නේ ලංකාවෙන් දැන් බිහිවෙන ප්‍රඥාවන්තයින්ට තමන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් පෙන්වීමට නොහැකි විමයි. මනදයත් එම හැකියාවන් හා දක්ෂතාවයන් ලංකාවට අනවශය දේවල් බවට පත්වීගෙන ඒමයි. රැකියා විරහිතව සිටින උපාධිධාරීන් ගණන බලන්න.

ලංකාවට හෙණ ගහන්න හේතුවක් ලෙස මම සලකන්නේ නිකං දෙන කොට කිසිම යෙක අගයක් හා වටිනාකමක් අපේ අයට නැතිවිමය. පාසලේ හා ටියුෂන් කඩයේ ළමයින්ගේ හැසිරීම අධ්‍යනය කර බලන්න ළමයි හොදට ඉගෙන ගන්නේ ටියුෂන් කඩේ මිසක් පාසලේ නෙවෙයි. බෞද්ධාගමේ අගයන් හා වටිනාකම් මත ලද නොමිලේ අධ්‍යාපනය, අධ්‍යාපනය ලබන ළමයින් එක එක සංවිධාන වල බළල් අත් බවට පත්වීම නිසා හා එම සංවිධාන වල බළල් අත් බවට පත්වීමට ප්‍රතික්ෂේප කිරීමට කොන්දක් නැති කම නිසා ක්‍රමාණුකූලව නොමිලේ අධ්‍යාපනය රටෙන් ඉවත් කිරීමට ගන්නා මූල බීජයන් යැයි සැක කල හැකි දේවල් දක්නට ලැබේ. (පාසල් නිල ඇදුම්, පෙළ පොත් වවුචර් මගින් ලබාදිම වැනි)
නමුත් තවත් හේතුවක් වනුයේ අපේ රටේ අධ්‍යාපන පද්ධතිය සැකසූයේ බ්‍රිතාන්‍යයන් රට පාලනය කරන සමයේ දීය. ඒ කාලයේ රටේ අවශ්‍යතාවය තිබුනේ වෛද්‍යවරුන්
, ඉංජිනේරුවන්, නීතිඥයන් වැනි රැකියා කේෂ්ත්‍රයන් පමණි. නමුත් දැන් අපේ රටේ එම කේෂ්ත්‍රයන්ට අමතරව නව රැකියා කේෂ්ත්‍රයන් දහස් ගණනක් ඇත. නමුත් අපේ රටේ අධ්‍යාපන පද්ධතිය රටේ අළුත් අවශ්‍ය තාවයන් සදහා රැකියා ලබාදීමට වෘත්තිකයන් බිහි කිරීමට අපොහොසත් වී ඇත. වර්ථමානයේ දී උසස් අද්‍යාපනය වසර 13ක් ලබාදීම සදහා වෘත්තීය පුහුණු රැකියා හැදැරීමට පාසලේදිම අවස්ථාව ලබා දී ඇතත් එය රටේ අවශ්‍යතාවයට වෘත්තිකයන් සැපයිමට එය පැලැස්තරයක් මිසක් ස්ථිර විසදුමක් නොවන බව මාගේ විශ්වාසයයි. 

No comments:

Post a Comment

මහන්සි වෙලා ඉගෙන ගෙන කාටද හරිගියේ?

මෙම ලිපිය අධ්‍යාපන අරමුණින් පමණක් පලකරන ලද්දකි. මෙහි තොරතුරු ඇසුරින් ඔබට සිදුවන හානි සදහා ලිපියේ රචකයා විසින් කිසිදු වගකීමක් නොදරන බවට අවධාර...