Thursday, 31 August 2017

ලොක්කාගෙන් ඇප්රුවල් ලැබුනා බං

බදවා ගැනීම් වලට දවස් දෙකක් ඉන්ටර්වීව් තිබුනා මේ දවස් දෙකටම ගොඩක් අය ඉදිරිපත් වුනා බහුතරයක් කෙල්ලෝ දවස් දෙකටම කොල්ලෝ ආවේ හතරයි අතේ ඇගිලි ගානටත් අඩුයි. ඉතිං හැත්තෑවක් කෙල්ලෝ ඉන්ටර්වීව් එනකොට කොල්ලෝ හතරක් ආවම ආයතනයට දෙයියන්ගේ පිහිටයි. කියලා වැඩක් නෑ. කොහොම හරි මේ ආපු කොල්ලොන්ගෙත් සහතිකේකට කියලා තිබුනේ සා/පෙල, උ/පෙල, උප්පැන්නේ, චරිතසහතික දෙකයි, ග්‍රාමසේවක සහතිකයයි. හැබැයි ආපු කෙල්ලෝ ඔක්කොටම අඩුම තරමේ සහතික පහලවක් වත් තිබුනා (ඔවු අඩුම පහලවක්).

මම ජී.එම්. ගෙන් ඇහුවා කොහොමද කට්ටිය ගන්න සුදුසුකම් මට්ටම කියලා. ජීඑම් කියපි අප්පා මේක කරන්න බෑ බං සුදුසුකම් තියෙනවා අහසටත් උඩින්, මම ඇහුවා ජී.එම් ගෙන් කොල්ලෝ හතර දෙනා කොහොමද කියලා ගත්ත කටටම ජී.එම්. කියාපි උන්ට තියෙනවා ඇ* දෙක කියලා. 

කොහොම හරි අපේ පියනුත් මෙතන හිටියා පියන් කිවා මේකන් මල්ලි කෙල්ලො මොනා කරන්නද? කොල්ලෝ වගේ අඩියක් ගහන්නද? බඩුවක් ගහන්නද? වලියක් දාගන්නද? උන්ට ඉතිං ඔච්චර තමයි. 

ඒකනම් එහෙම තමයි අප්පා කියලා ජී.එම් මුත් ඒ කථාව අනුමත කලා.

No comments:

Post a Comment

මහන්සි වෙලා ඉගෙන ගෙන කාටද හරිගියේ?

මෙම ලිපිය අධ්‍යාපන අරමුණින් පමණක් පලකරන ලද්දකි. මෙහි තොරතුරු ඇසුරින් ඔබට සිදුවන හානි සදහා ලිපියේ රචකයා විසින් කිසිදු වගකීමක් නොදරන බවට අවධාර...